Total Pageviews

Wednesday, February 28, 2018

සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-07




හිට්ස්ලක්ෂ ගණනින්!



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ග‍්‍රාහකයෙක්, යම් බ්ලොග් අඩවියකට පිවිසුණු අවස්ථා සංඛ්‍යාව, බ්ලොග් ලෝකයේ දී හැඳින්වෙන්නේ  හිට්ස්යනුවෙනි. එය යාවත්කාලීන කෙරෙන්නේ ගූගල් සේවාවමගින් ස්වයංක‍්‍රීයවය ය. 2009 වසරෙන් පසුව ආරම්භකර සාර්ථක ලියැවිලි පළකරමින් අඛණ්ඩව පවත්වා ගෙන යන බ්ලොග් අඩවි සහා හිට්ස්ලැබී ඇත්තේ ලක්ෂ ගණනිනි. නිදසුනක් ලෙස අජිත් පැරකුම් ජයසිංහ මහතාගේ  w3lankaනම් බ්ලොගයට ලැබී ඇති හිට්ස්සංඛ්‍යාව, (2017 දෙසැම්බර් 19 වන දින වන විට) 51,38,644කි. එහි තේරුම, එය වසරකට අඩු තරමින් 6,42,036ක් දෙනා බැගින්් එය කියවා ඇති බවයි. එයට පිවිසී ඇති බවයි. එසේම රුලියන හිස් අහසබ්ලොග් අඩවියට (2017 දෙසැම්බර් 19 වන දින වන විට) ලැබී ඇති හිට්ස්සංඛ්‍යාව 17,89,277කි. ඒ අනුව ඉකුත් අට වසර තුළ එය, වසරකට 2,23,659ක් බැගින් පාඨක ග‍්‍රහණයට ලක්වී තිබේ. මේවා පමණක් නොවේ. අන්තර්ජාලයේ සජීවීව පවත්වා ගෙන යන බ්ලොග් අඩවි රාශියකටම ඉතා ඉහළ පාඨක සංඛ්‍යාවක් සිටිනු දැකගත හැකි ය. ඒවාට ලැබෙන සජීවී ප‍්‍රතිචාර (Comments) මෙන්ම, ලැබී ඇති හිට්ස්සංඛ්‍යාව ද එයට සාක්ෂි දරයි.

2017 දෙසැම්බර් 15, 19 සහ 20 වැනි දින වන විට ජනප‍්‍රිය සිංහල බ්ලොග් අඩවි කිහිපයකට ලැබී තිබුණු පිවිසුම් (හිට්ස්) සංඛ්‍යා මෙසේ ය.
x    කතන්දරකාරයා-25,24,398,
x    මාරයාගේ හෝරාව-10,45,524,
x    අටම්පහුර-9,12,698 (atampahura.blogspot.com),
x    යාංහෑල්ල (yanhella.blogspot.com)-2,19,841,
x     ට‍්‍රාන්ස්සිල්වේනියා (Transyl2014.blogspot.com)-8,27,615,
x    කොළඹ ගමයා (kolambagamaya.blogspot.com)-1,97,563,
x     අන්සතු දිනපොත (ansathudinapotha.blogspot.com)-7,25,727

2017 දෙසැම්බර් 31 වැනි දින වන විට තවත් ජනප‍්‍රිය සිංහල බ්ලොග් අඩවි කිහිපයකට ලැබී තිබුණු පිවිසුම් (හිට්ස්) සංඛ්‍යා මෙසේ ය.
x   w3lanka -51,51,024,
x  මාතලන් (maathalan.blogspot.com)-25,43,948,
x   හැලප කඩේ (helapakade.blogspot.com)-4,39,939,
x අම්බලංගොඩ කතා (ambalangodakatha.blogspot.com)-2,31,267,
x බස්සිගේ නවාතැන-( bassigenawathana.blogspot.com ) 4,59,175
x   අසමි, දකිමි, සොයමි (විචාරක)-3,27,209
x   රොටියා-65,841,

මෙහි තේරුම, දැන් දැන් අන්තර්ජාලය ඔස්සේ සිංහලෙන් කියවන පිරිස ඉහළ අගයක් ගන්නා බවයි. අතිශයින්ම ජනප‍්‍රිය බ්ලොග් අඩවි ගත් කල, ඉන් සෑම බ්ලොගයකටම පාහේ  දිනකට අඩු තරමින් 700-1500ක පමණ පාඨක පිරිසක් පිවිසෙන බව පෙනී යයි. බ්ලොග් කියැවීම, දැන් අන්තර්ජාලයේ සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව තිබේ.

සිංහල බ්ලොග් අඩවි බොහොමයක රචකයන්සැවී සිටින්නට කැමැත්තක් දක්වන සෙයකි. වැඩි දෙනෙක් බ්ලොග් ලියන්නේ තම නම හෙළිදරව් නො කරමිනි. එක්කෝ අන්වර්ථ නම්හෝ කෙටි නම්භාවිත කරමිනි. එසේ වුව ද ඇතැම් ජනප‍්‍රිය බ්ලොග්කරුවන්, බ්ලොග්කරණයේ යෙදෙන්නේ සිය නමින්ම ය. තමන්ගේ පින්තූර ද පළකරමිනි. අජිත් පැරකුම් ජයසිංහ (www.w3lanka.com), ප‍්‍රියන්ත හේවගේ (මාතලන්- maathalan.blogspot.com), අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා- kolambagamaya.blogspot.com), තිලකසිරි ඒකනායක (තිලක සිත- thilakasitha.blogspot.com), කාංචනා අමිලානි කරුණාමුනි (හිතනලන්තය-www.thinkland.net), අමිල චතුරංග (අන්සතු දිනපොත- ansathudinapotha.blogspot.com), වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර (යසනාත් සිතුවිලි- yasanathsithuwili.blogspot.com) සහ වෛද්‍ය රුවන් එම්. ජයතුංග (ට‍්‍රාන්ස්සිල්වේනියා- transyl2014.blogspot.com), ‘අනිත් කොනබ්ලොගය (anithkona.blogspot.com .blogspot.com) ලියන වෛද්‍ය බෝධිනී සමරතුංග වැනි රචකයන් ඒ අතර වෙති.  සතර දිගන්තයබ්ලොගය (satharadiganthaya.blogspot.com) ලියන කරුණාරත්න පරණවිතාන මහතා වත්මන් යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකි.

බ්ලොග්කරුවන් අතර පත්තර ලෝකයේ දීහුරුපුරුදු අය ද හමු වෙති. මතුගම සෙනෙවිරුවන් (සෙනෙවිරුවන්- seneviruwan.blogspot.com), අජිත් පැරකුම් ජයසිංහ, ප‍්‍රකට විද්‍යා ලේඛකයෙකු සහ සමාජ මාධ්‍ය ජාල ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරිකයෙකු වන නාලක ගුණවර්ධන (සිවු මංසල කොලූ ගැටයා- nalakagunawardene.com), තරිඳු උඩුවරගෙදර (උඩුවාගේ සටහන්- uduwaage.blogspot.com), නලීන් දිල්රුක්ෂ (සමකය වටේ- samakayawate.blogspot.com), නිලූක කදුරුගමුව (පරිවර්තන- nilukakadurugamuwa.blogspot.com), මංජුල වෙඩිවර්ධන (මෝසම් සඳ- monsoonmoon.wordpress.com), සහන් කසීර වික‍්‍රමසිංහ (කසීර- sahankaseera.blogspot.com) ආදීහු ඉන් කිහිප දෙනෙකි. සිංහල බ්ලොග් ලෝකයෙහි සැරිසරන විට හමුවන දිසාපති පන්හි’ (sunilkanngara.wordpress.com) බ්ලොගයෙහි රචකයා මහ දිසාපතිවරයෙකි. කලක් අම්පාරේ සේවය කළ ඔහු නමින් සුනිල් කන්නන්ගර ය. හෙතෙම දැන් කොළඹ දිස්ත‍්‍රික් ලේකම්වරයා ය.

කුරුටු ගෑ ගි පවුර  (kurutugegeepawra.blogspot.com) නූතන කවි සමය පෙරටුකර ගත් සිංහල බ්ලොග් අඩවියකි. එය අන්තර්ජාලයට එක් කරන්නේ රචකයන් කණ්ඩායමකගේ සම්මාදමෙනි. බ්ලොගයේ දී ඔවුන් හැඳින්වෙන්නේ කුරුටුගාන අයයනුවෙනි. ඔවුන් නම්, හසිත හර්ෂණ වීරසිංහ, තුෂාර විතාරණ, කාංචනා චන්ද්‍රසේකර, සුරංග එස්. විජේසුරිය, අසංක ගයාන් අබේසිංහ, ඩබ්ලිව්. ටී. වීරසිංහ, කසුප් අනුරාධ, චතුරිකා චන්ද්‍රසේකර, මෙත්මල් සුබසිංහ, ඉසුරිකා උත්පලානි සහ වික්මල් සුබසිංහ යන කුරුට්ටන්.
(මතු සම්බන්ධයි)
2018/01/17.

4 comments:

  1. අනගි ලිපි පෙලක්!

    ReplyDelete
  2. නියමයි අයියේ මම ලග්බිම පත්තරෙත් ඔයාගේ ලිපි කියවනවා

    ReplyDelete
  3. /*
    2017 දෙසැම්බර් 15, 19 සහ 20 වැනි දින වන විට ජනප‍්‍රිය සිංහල බ්ලොග් අඩවි කිහිපයකට ලැබී තිබුණු පිවිසුම් (හිට්ස්) සංඛ්‍යා මෙසේ ය.
    x කතන්දරකාරයා-25,24,398
    */

    මා දන්නා තරමින් ඉහත "කතන්දර" බ්ලොගයේ අවසන්වරට ලිපියක් පළවූයේ 2014 ජූලි 11 දින ය. ඒවන විට එහි "හිට්ස්" තිබුණේ ලක්‍ෂ විස්සක් පමණි. අලුතෙන් ලිපි පළ නොකළ ද සෑහෙන පිරිසක් තවමත් පරණ ලිපි කියවන බව පෙනේ!


    ReplyDelete