Total Pageviews

Thursday, October 19, 2017

ලංකාවේ ලොකුම ළමා කටයුත්ත  නිවස සහ ගෙවත්ත පිරිසිදු කිරීමයි!


ළමයින් පූර්ණකාලීනව පාසැල් යාම කෙරෙහි කැමැත්තක් දක්වන්නේ 
මව්පියන් ගෙන් සියයට 39.0ක් පමණයි!
ලංකාවේ ලොකුම ළමා කටයුත්ත 
නිවස සහ ගෙවත්ත පිරිසිදු කිරීමයි!
ඊළඟට කඩේ යාමයි!
-ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ‘2016 ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාව

ලෝක ළමා දින සැමරුමට පසුවදනක්


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
2017 වසරේ ලෝක ළමා දින උත්සවය, අපේ රටට ගොඩ වැදී ගියේ ඉකුත් සතියේ යළමා දින සැමරුම් සමය ඇරඹුණේ, මහනුවර ප‍්‍රදේශයේ එක්තරා පාසැලක සිසුවියන් 250ක් යොදවා, ‘මනාලියකගේසාරි පොටක් ඔසවා ගෙන යාමේ ආන්දෝලනාත්මක සිද්ධිය ද සමගිනි. එය ගිනස් වාර්තාවක් තැබීම ස`දහා දෑරූ උත්සාහයක් බව ද මාධ්‍ය ඔස්සේ කියැවිණි! දැරිවියන් පිරිස අලූයම 2.00 සිට දහවල දක්වා එයට යොදවා ගෙන තිබුණු බව අසන්නට ලැබිණි. එය දැන් මහත් කලබැගෑනියක් බවට පත්ව ඇත්තේ ය. දැරියන් එයට සහභාගි කරවා ඇත්තේ මධ්‍යම පළාත් ප‍්‍රධාන ඇමති සරත් ඒකනායක මහතාගේ ඉල්ලීමක් හෝ නියෝගයකට අනුව යයි ද චෝදනා නැගේ! ජාතික ළමාරක්ෂක අධිකාරිය ද සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන බව ද කියැවේ.

කෙසේ වෙතත් එක් අතකින් මෙය, ‘එතරම් ගණන් ගතයුතු දෙයක් නොවන බවකියන්නට ද පුළුවන! 2016 අවුරුද්දේ 
ලංකාවේ ළමයින්ගේ දෙවැනියට ලොකුම ගෘහ කටයුත්ත කඩේ යාමබව හෙළිදරව් වීම, ඊට හේතුවයි! කාරණය සඳහන් වන්නේ, අපේ රටේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ලංකාවේ ළමා ක‍්‍රියාකාරකම් පිළිබඳව 2016 වසරේ කළ අලුත්ම සමීක්ෂණයේ තොරතුරු ඇතුළත්  වාර්තාවේ ය.

ඒ අර්ථයෙන් ගත් කල, මහනුවර පාසැලේ දැරිවියන් එක් අතකින් පළාත් දේශපාලන අධිකාරියට ද, අනෙක් පැත්තෙන් ගිනස් වාර්තාලෝලී මනාලියකට ද කඩේ ගිහිල්ලා!

මෙවර ළමා දිනයේ දී ද ළමයින් ගැනබොහෝ දේ කතා කෙරිණි. ළමයින්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය සහ සෞඛ්‍යය සහ තවත් කාරණා ගැන පෙර වසරටත් වඩා උනන්දුවකින් කටයුතු කරන බව ද කියනු, ළමා දින උත්සවශ‍්‍රීය අතරේ අසන්නට ලැබිණි.

රටේ පාලකකාරකාදීන් සහ ළමා බලධාරීන් එසේ කීව ද, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ‘2016 ළමා ක‍්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාවඔස්සේ පිළිබිඹු වන්නේ වෙනස් කතාවකි!
ඒ අනුව, ලංකාවේ වයස අවුරුදු 05-17 අතර ළමා ජනගහනය මිලියන 4.6කි. ඉන් වැඩි පිරිසක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල පදිංචිකරුවන් ය. ළමයින් ගෙන් සියයට 90.1ක් පාසැල් අධ්‍යාපනය ලබති.
සමස්ත ළමා ජනගහනයෙන් සියයට 2.27ක් හෙවත්, ළමයින් 1,03,704ක් ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලීළමුන් ය. පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව, එසේත් නැතිනම් සතියකට පැයක් හෝ, වැටුප් ලබන හෝ නො ලබන, වෙළෙ`දපොළ වටිනාකමක් ඇති යම් කටයුත්තක නිරත වන ළමුන්ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලී ළමුන් ලෙස සැලකෙයි. ඔවුන් ගෙන් බහුතරය අවුරුදු 15-17 වයස් කාණ්ඩයට අයත් ය. ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලී ළමයින් ගෙන් සියයට 61ක් පාසැල් නො යති. ඉතිරි පිරිස පාසැල් යමින් ආර්ථික කටයුතුවල නියැලෙති. ඔවුන් අතරින් බොහොම දෙනෙක් ළමා ශ‍්‍රමිකයන්ලෙස කටයුතු කරති. ඒවා වැටුප් ලැබෙන හෝ නො ලබන කටයුතු විය හැකි ය! ආර්ථික වශයෙන් ක‍්‍රියාශීලී ළමයින් ගෙන් සියයට 59.3ක් පමණ, වැටුප් නො ලබා පවුලේ ආර්ථික කටයුතුවලට දායක වන්නන් ය. ඊට අමතරව සියයට 36.2ක පමණ පිරිසක් සේවකයන්වශයෙන් ආර්ථික කටයුතුවල නියැලෙන්නෝ ය.

පාසැල් යන ළමයින් ගෙන් සියයට 65ක් පමණ ගෘහ කටයුතුවල’ (ගෙදර දොරේ වැඩෙ) නියැලෙති. එසේම, එම වයස් කාණ්ඩයේ පාසැල් නො යන ළමුන් ගෙන් ද සියයට 6.9ක් ගෘහ කටයුතුවල නියැලෙති. ළමයින්ට යෙදීමට සිදුව ඇති ගෘහ කටයුතුවලින් ලොකුම ගෘහ කටයුත්ත වන්නේ නිවස සහ ගෙවත්ත පිරිසිදු කිරීමයි’. ළමයින් ගෙන් සියයට 58.2ක පමණ පිරිසක් ඊට දායක වන්නෝ ය. දෙවැනියට ලොකුම ගෘහ කටයුත්ත කඩේ යාමයි’. ළමයින් ගෙන් සියයට 40.3ක් පමණ එහි නියැලී සිටිති. ආහාර පිසීමඊළඟට ලොකුම ගෘහ කටයුත්තයි. එහි නියැලෙන ළමා පිරිස සියයට 30.9කි. මල්වලට වතුර දැමීමහතරවැනියට ලොකුම ගෘහ කටයුත්තයි. එහි යෙදෙන පිරිස සියයට 30.6කි. රෙදි සේදීම, දරුවන්, වැඩිහිටියන් මෙන්ම රෝගීන් බලා ගැනීම, දර සහ වතුර ගෙන ඒම ආදිය ඔවුන්ට පැවරී ඇති අනෙකුත් ගෘහ කටයුතු අතර වේ.

රටට, ලෝකයට හුරු පුරුදු වීම සඳහා ළමයින් යම් යම් ගෘහ කටයුතුවල හෝ ගෘහ ආර්ථික කටයුතුවල යෙදීම නරක දෙයක් නොවේ. ඔවුන්ට එයින් විශාල විනෝදයක්, සතුටක්, අත්දැකීමක් සහ වැඩ හුරුවක් ලැබීම, ඊට හේතුවයි. අනෙක, කිසියම් තරමකට කය වෙහෙසීම සෞඛ්‍යයට ද හිතකර ය. එය ළමයින්ගේ පෞරුෂය වර්ධනයට ද හේතුවක් වෙයි. එහෙත් ළමයින්ගේ ප‍්‍රධාන කටයුත්ත විය යුත්තේ අධ්‍යාපනය ලැබීමයි. එසේ නැතිව ගෘහස්ත කටයුතුවලට පමණක් මුල් තැන දීම යහපත් දෙයක් නොවේ. ඉන් අධ්‍යාපනය ගිලිහී යාමට ද ඉඩ තිබේ. සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන අන්දමට, අවුරුදු 5-14 වයස් කාණ්ඩයේ දරුවන් අවම වශයෙන් සතියකට පැය 33.7ක් පමණ ගෘහ කටයුතුවල යෙදී තිබේ! සමස්ත ළමා ජනගහනයෙන් සියයට 59ක පිරිසක්, වැටුප් නො ලබමින්  සිය පවුලේ ආර්ථික කටයුතුවල නියැලී සිටිති. (එසේම සමස්ත ළමා ජනගහනයෙන් සියයට 24ක පිරිසක් කරන්නේ පාසැල් යාමවිතර ය!)

සමීක්ෂණයට දත්ත රැස් කෙරුණු 2016 වසරේ, වයස අවුරුදු 05-17 අතර ළමා ජනගහනය මිලියන 4.6ක් බව කලින් ද කීවෙමු. ඉන් සියයට එකක්, එනම් ළමයින් 43,714 දෙනෙක්ම, ළමා ශ‍්‍රමිකයන් ය! ඔවුන් අතරින් බහුතරයක් අකාලයේ පාසැල් හැර ගිය අයයි. ළමා ශ‍්‍රමිකයන් අතරින් සියයට 19.9ක්, පාසැල් එමින්ම ශ‍්‍රමික කටයුතුවල නියැලී සිටියෝ ය. එසේම, ළමා ශ‍්‍රමිකයන් අතරින් සියයට 89ක්ම (ළමයින් 39,007) යෙදී සිටියේ අන්තරායකාරීශ‍්‍රමික කටයුතුවල ය. ඔවුන් ගෙන් වැඩි පිරිස පිරිමි ළමුන් ය.

අපේ රටේ විභාග ප‍්‍රතිඵල රටාව මගින් ද, ළමා ලෝකයේ ඇති බිඳ වැටීම පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් වසරකට ළමයින් පන් ලක්ෂයක් පමණ අ. පො. . සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිති. එහෙත් ඉන් සමත් වන්නේ, සියයට 60ක් (ලක්ෂ තුනක්) තරම් පිරිසකි. ගණනින් දෙලක්ෂයක් පමණ වන අසමත් පිරිසෙන් බහුතරයක් පාසැල් හැර යති. සාමාන්‍ය පෙළින් තුන් ලක්ෂයක පමණ පිරිසක් සමත් වුව ද, උසස් පෙළ විභාගයට ඒ සැවොම ඉදිරිපත් වන්නේ ද නැත. එතැනින් ද යම් පිරිසක් පාසැල හැර යාම සිදු වෙයි. මෙසේ පාසැලෙන් පිටමං වන ළමයින් බහුතරයක් ළමා ශ‍්‍රමිකයන් බවට පත් වේ. ළමා ශ‍්‍රමිකයන් වැඩිම සංඛ්‍යාව  (9371ක්) වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි.

සමීක්ෂණයෙන් අනාවරණය වුණු අන්දමට, ළමා ශ‍්‍රමිකයන් බහුතරයකට විනෝද වීමේ අවස්ථා ද නො තිබුණේ ය. වයස අවුරුදු 5-11 කාණ්ඩයේ ළමා ශ‍්‍රමිකයන් ගෙන් සියයට 6.9ක් ද, 12-14 වයස් කාණ්ඩයේ ළමා ශ‍්‍රමිකයන් ගෙන් සියයට 20.9ක් ද, 15-17 වයස් කාණ්ඩයේ ළමා ශ‍්‍රමිකයන් ගෙන් සියයට 22.9කට ද විනෝද වීමේ කටයුතුවලට කිසිදු කාලයක් තිබී නැත. ළමා ශ‍්‍රමික දිවිය අතිශයින්ම පීඩාකාරී අත්දැකීමක් බව එයින්ම පෙනී යයි!

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියටඅනුව, අවුරුදු 18ට අඩු අය ළමයින් ය. එසේම ලෝක කම්කරු සංවිධානයේ නියමයන්ට අනුව, යම් පුද්ගලයෙකුගේ රැුකියා ප‍්‍රවේශ වයස අවුරුදු 15කි. සැහැල්ලූ වැඩසඳහා ළමයින් යොදවා ගැනීමේ දී අවම වයස් මට්ටම අවුරුදු 12කි. ලංකාවේ ද මෙම නීති ක‍්‍රියාත්මක වේ. එහෙත් තම පවුලඇතුළේ වුව ද, ළමයින් ශ‍්‍රමිකයන්බවට පත්ව ඇති බව සමීක්ෂණ තොරතුරුවලින් පෙනෙයි!

ළමයින් සම්බන්ධයෙන්  අපේ කාලයේ මව්පියන්ගේ කැමැත්තද පුදුමාකාර ය. ඔවුන් ගෙන් සියයට 13ක්ම, තම දරුවන් වෙනත් කිසිවක් නො කරමින්, ‘ආදායම් ලබන වැඩකපමණක් නිරතවනවා නම් කැමති ය! සියයට 6.0ක්, තම දරුවන් පවුලේ ආර්ථික කටයුතුවලට සහාය වෙනවාට කැමති ය. තවත් සියයට 21.5ක්, තම දරුවන් පාසැල් යන අතරතුර පවුලේ වැඩට උදව් වෙනවාට කැමති ය. තවත් සියයට 8.2ක් තම දරුවන් වෘත්තීය පුහුණු කටයුත්තකට සම්බන්ධ වෙනවාට කැමති ය. තම ළමයින් පූර්ණකාලීනව පාසැල් යාම කෙරෙහි කැමැත්තක් දක්වා ඇත්තේ, සියයට 39.0ක් පමණි!

සමස්තයක් වශයෙන් ගත් කල, මව්පියන් ගෙන් සියයට 36 දෙනෙක්, තම දරුවන් පවුලේ ආර්ථික කටයුත්තකට සහායකර ගැනීමට කැමති ය. ඉන් සියයට 19.2ක් දෙනා, දක්වා ඇත්තේ, තම පවුලේ ආදායම ශක්තිමත්කර ගැනීම සඳහා එසේ කළ යුතු බවයි. මෙසේ සිතන වැඩිම පිරිස වාර්තා වන්නේ වතුකරයෙනි. ඊළඟට නාගරික ප‍්‍රදේශවලිනි. ළමයින්ගේ ආර්ථික දායකත්වය නො ලැබුණහොත් තම පවුලේ ජීවන තත්ත්වය පහත වැටෙන බව පැවසූ පිරිස සියයට 18ක් විය.

අපේ කාලයේ ළමයින්ට, ළමා කාලයේදීම ශ‍්‍රමිකයන්බවට පත් වන්නට සිදු වීම අතිශයින්ම ඛේදජනක ය! රට වැසියන් මුහුණ දෙන දරිද්‍රතාවය’, එය පිටුපස ඇති සැඟවුණු කාරණය යි!

2017/10/02.