Total Pageviews

Thursday, August 29, 2019

බොබැල්ලේ බිනරමලීලාගේ ලොකු අම්මා



බොබැල්ලේ බිනරමලීලාගේ ලොකු අම්මා

 
බොබැල්ලේ බිනර මල

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-ප්‍රදීප් සමරවික්‍රම)
නාඋල, ‘බොබැල්ලේදී හමුවන බිනර ශාක විශේෂයවැවෙන්නේ ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ විතර ය. ලංකාවේ කීවාට, මෙතෙක් එය හමුවී තිබෙන්නේ මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් නාඋල බොබැල්ලනම් ගම් පියසෙන් පමණකි. එය ද, අක්කර භාගයකට පමණ සීමාවූ භූමියක ය. ලා නිල් පැහැති පෙති හතරේ අලංකාර මලක් පුබුදන බොබැල්ලේ බිනර විශේෂය, කොපමණ වෙහෙස  වුව ද බොබැල්ල ගමෙන් පිටත කිසිදු ස්ථානයක පැලකර ගන්නට ද නුපුළුවන. එය සෙන්ටිමීටර් 30ක් පමණ උස (අඩියක් පමණ) කුඩා සපුෂ්පික ශාකයකි. සාමාන්‍යයෙන් ලංකාවේ අනෙකුත් බිනර ශාක විශේෂවල මල් පිපෙන්නේ බිනරහෙවත් සැප්තැම්බර් මාසයේ ය. එහෙත් බොබැල්ලේ බිනර, මලින් පිරී යන්නේ සාමාන්‍යයෙන් අප‍්‍රියෙල් මාසයේ අග භාගයේ පටන්, මැයි සහ ජූනි මාසවල ය.

ලංකාවෙන් ද බොබැල්ලගමට පමණක් සීමාවූ මෙම බිනර ශාකය, මුල්වරට දැන හඳුනා ගෙන ඇත්තේ 1986 වසරේ දී ය. ඒ, අපේ රටේ සුප‍්‍රකට උද්භිද විද්‍යාඥයෙකු වන ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසිනි. එවකට ඔහු නුවරඑළියේ, ‘හග්ගල උද්භිද උද්‍යානයේසේවය කරමින් සිටියේ ය. ඔහුගේ හඳුනා ගැනීම අනුව, බොබැල්ලේ බිනර ශාකය උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන්නේ Exacum pedenculataයනුවෙනි. එය ශ‍්‍රී ලංකාවෙන් හමුවන බිනර ශාක විශේෂ අටෙන් එකකි.



ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂවරයා ය. ඔහු පවසන අන්දමට, බොබැල්ලේ බිනර ශාකය මේ තරමින් හෝ සුරැුකී තිබෙන්නේ, එහි වෙසෙන ගෙවිලියක නිසා ය. ඇය නමින්, ඊ. ඩබ්ලිව්. ජී. ලීලාවතී (60) ය. ඇගේ කුඹුරේ ද, නිවස අවට පරිසරයේ මෙන්ම අසල්වැසි ඉඩම්වල ද බිනර ශාකය හොඳින් වැවෙන්නේ ය. එය අලංකාර ශාකයක් බැවින් මල් සහ විසිතුරු ශාක එකතු කරන්නන් මෙන් ම, ජාන හොරුන් ගෙන් ද ගෙන් බේරුමක් නැත. ඔවුහු බිනර පැල උදුරා ගන්නට ද මල් නෙලන්නට ද වරින් වර පැමිණෙති. එහෙත් ලීලාවතී මහත්මිය ඔවුන්ට ඉඩ දෙන්නේ නැත. ජාන හොරුන් යයි සැකයක් දැනුණ හොත් බිනර මල්පෙන්වන්නේ ද නැත. බොබැල්ලේ බිනර යාය ගැන කරුණු සොයන්නට විශ්වවිද්‍යාල සිසුන් පවා එහි එති. එවිට ඇය කරන්නේ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාට දුරකතන ඇමතුමක් දී උපදෙස් ගැනීමයි. ඒ අනුව, බිනර ශාක පෙන්වීම හෝ නො පෙන්වීම සිදු වේ. බිනර ගැන පර්යේෂණ කරන්නට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අය ද වරින් වර බොබැල්ලට එති. ඇය ඔවුන් හඳුනන්නී ය. එබැවින් ඔවුන්ට නම් තහංචියක් නැත්තේ ය. බොබැල්ලේ බිනර සාවිය රැුක ගැනීම සහා ඇය ඉදිරිපත්ව සිටින්නී, ස්වේච්ඡාවෙනි.


බිනර වැවෙන භූමියට පස් දමා ඇති ආකාරය


මෙහෙම මල් තිබුණාට අපි මේක මේ තරම් දුර්ලභ පැලැටියක් කියලා දැන ගෙන හිටියේ නෑ. පේරාදෙණිය මල් වත්තේ සිරිල් විජේසුන්දර සර් තමයි ඒවා අපට කියලා දුන්නේ. එදා ඉන් මං මේක ආරක්ෂා කරනවා’, ලීලාවතී මහත්මිය කියන්නී ය. ඇය, බොබැල්ලේ වැවෙන සියලූම බිනරමලීලාගේ ලොකු අම්මාවැන්න!

උද්භිද විද්‍යාඥයන් පවසන අන්දමට, ශ‍්‍රී ලංකාවෙන් බිනර විශේෂ අටක් හමු වේ. ‘2012 ජාත්‍යන්තර රතු දත්ත වාර්තාවෙහිපළකර ඇති පරිදි, එයින් හයක් ම වවී යාමේ තර්ජනයට ලක් වුණු ශාක විශේෂයෝ ය. බොබැල්ලේ බිනර විශේෂය ද එලෙස වවී යාමේ අවදානමට ලක් වූවකි.
උද්භිද විද්‍යාත්මක විවරණයන්ට අනුව, ‘බිනරඅයත් වන්නේ Gentianceaeනමැති ශාක කුලයට ය. එම කුලයට අයත් ශාක විශේෂ,  මැඩගස්කරය, ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව සහ අග්නිදිග ආසියානු රටවල පැතිර පවතියි. බිනර ශාකයෙහි ගණනාමය Exacumවන අතර, ලොව එයට අයත් ශාක විශේෂ 1550ක් පමණ වෙතැයි උද්භිද විද්‍යාඥයෝ පවසති. ලංකාවෙන් ද බිනරවිශේෂ අටක් හමු වේ. එයින් විශේෂ හයක් ම, අපේ රටට ආවේණික ය.



ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා සතිඅග අරුණටපැවසූ අන්දමට, බොබැල්ලේ බිනර යාය ඔවුන්ට හමුවී ඇත්තේ අහම්බෙනි.

ඕක සිද්ධ වුණේ 1980 දශකයේ මුල් භාගයේ දි විතර. ඔය කාලේ ලංකාවේ විද්වතෙක් බිනර ශාක ගැන ආචාර්ය උපාධියක් කරමින් හිටියා. මම තමයි ඒකට බිනර ශාක සොයලා උදව් කළේ. දවසක් අපි යම් කටයුත්තකට සීගිරිය ප‍්‍රදේශයට ගිහින් එනවා. ඒ ගමන්, ටිකක් ගිමන් හරින්න කියලා ඔය නාඋල හරියේ වාහනේ නතර කළා. එතැන ඇතුළට පොඩි අඩි පාරක් තිබුණා. එතෙන් දී තමයි ඔය බිනර යාය දැක්කේ’, ඔහු කියයි.  ඒ වන විට, පැවති පිළිගැනීම වූයේ  Exacum pedenculataබිනර විශේෂය අපේ රටෙන් වඳවී ගොස් ඇති බවයි. එබැවින් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා දුටු බිනර යාය අතිශයින් ම වැදගත් විය.



බොබැල්ලවු කලී, ‘මහනුවර-යාපනය ඒ 9’ මාර්ගයේ දඹුල්ල සහ නාඋල අතර (නාඋලට නුදුරින්) පිහිටි ගමකි. ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ ඇස ගැටෙන අවස්ථාවේ දී, බොබැල්ලේ බිනර යාය පැවති ඉසව්ව දිය සීරා සහිත, ‘පිටවල පතනමෙන් තෙතමනයෙන් යුතු  පරිසරයකි. එහි එක් තැනක ගල් තලාවක් ද විය. බිනර යාය ඇසට ලක් වුයේ  අලංකාරව මල් පිපී තිබුණු නිසා ය. එකල එහි නිවාස ආදිය නො තිබිණි.
 
බොබැල්ලේ බිනර
පසුව ඔහු වර්ෂ 1986 දී පමණ වැඩිදුර පර්යේෂණ සහා බොබැල්ලට ගියේ ය. බිනර ශාක තිබුණු ඉසව්වට ළඟින් ම දරුවන් දෙන්නෙක් සිටින පවුලක්  ඔහුට මුණගැසුණි. එහි සැමියා ටී. එම්. ඉලංගරත්න ය. බිරින්දෑ ඊ. ඩබ්ලිව්. ජී. ලීලාවතී ය. ඔවුන් බොබැල්ල ගමේ වාසයට පැමිණ ඇත්තේ එක්දහස් නමසිය අසූ ගණන්වල ය. ඒ, රජයේ ඉඩමකට බලපත‍්‍රයක් ලබා ගනිමිනි. ඔවුහු ගොවිතැන් කරමින් ජීවත් වූහ.

ඒ වන විට බිනර යාය පැවති භූමියේ නිවාස ආදිය ඉදිවී තිබිණි. එහි කොටසක කුඹුරක් ද විය. බිනර ශාක ද තැනින් තැන තිබුණේ ය. එය හරියට ම Exacum pedenculataනම් බිනර විශේෂය බව ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා සිය පර්යේෂණ  ඔස්සේ තහවුරු කර ගත්තේ ය.



බිනර ශාක තිබුණු ඉසව්වට ළම තිබුණු ගෙදර ඉලංගරත්නටත්, ඔහුගේ බිරි ලීලාවතීටත්, මං මේ පැලෑටියේ වටිනාකම කියලා දුන්නා. මේක ආරක්ෂාකර ගන්න කියලාත් කිව්වා. මුළු ලංකාවෙන් ම, මේ පැලෑටිය තියෙන්නේ මෙතැන විතරයි කියලා කිව්වාම, ඔවුන් පුදුමයට පත් වුණා’, සිරිල් විජේසුන්දර මහතා අතීත මතකයන් දිග හරිමින් කියයි.

පස්සේ කාලෙත් මං ඔය පාරේ යන කොට, බිනර යාය බලන්න යනවා. ඒ වෙද්දී ලීලාවතීගේ දරුවෝ පවා මට බිනර මල් පෙන්වනවා. මේ වටිනා ශාකය ගැන ඒ අය දැනුවත් කරපු එක කොච්චර වැදගත් ද කියලා සිතෙනවා’, ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා එසේ පැවසුවේ සතිඅග අරුණසමග කතාබහට එක් වෙමිනි.

ලීලාවතී මහත්මියගේ සැමියා කලකට ඉහත දී මියගියේ ය. දැන් ඇගේ දරුවන් ද විවාහවී ගොසිනි. ඇය ද දැන් හැට හැවිරිදි ය. එහෙත් බොබැල්ලේ බිනර යාය සුරකින සටන අත් හරින්නේ ඇය නොවේ!

ලියුම්කරුගේ පෞද්ගලික මිතුරෙකු වන ඩබ්ලිව්. එම්. එස්. විජේතුංග මහතා ද, නාඋල, බොබැල්ලට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි කරවිලහේන ගමේ පදිංචිකරුවෙකි. ලියුම්කරුගේ ඉල්ලීම පරිදි ඉකුත් සෙනසුරාදා (අගෝස්තු-17) පෙරවරුවේ ඔහු බොබැල්ල ගමට ගොස් ලීලාවතී මහත්මිය මුණ ගැසුණේ ය. ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගේ හඳුන්වා දීමකට අනුව පැමිණියා යයි කීව ද, ඇය විජේතුංග මහතාට එකවර ම තොරතුරු කියන්නට මැළි වූවා ය. ලියුම්කරු ද මිතුරාගේ ජංගම දුරකතනය ඔස්සේ ඇය අමතමින් කරුණු පැහැදිලි කළ පසුව, ඇය බොහෝ තොරතුරු අනාවරණය කරන්නට එකතාවය පළ කළා ය.

කොයිහැටි වෙතත්, මේ වකවානුවේ ලීලාවතීලාට ගොවිතැන් බතක් ද නැත. දැඩි ඉඩෝර ස්වභාවය නිසා මෙවර බිනර මල් පිපුණේ ද නැත. මේක ඉතින් පැල හැදෙනවා, ඊට පස්සේ මල් පිපෙනවා. ඇට හැදිලා බිමට වැටෙනවා. ටික කලකින් පැලේ මැරිලා යනවා. ඒක ආයෙමත් පැල වෙන්නේ ඊළ අවුරුද්දේ තමයි’, ඇය දුරකතනයට පිළිතුරු දෙමින් කීවා ය. උද්භිද විද්‍යාඥයන්ට අනුව එය වාර්ෂික ශාකයකි’.

වියලි කාලගුණය නිසා බොබැල්ල ගමේ ජීවිතය කොතෙක් කටුක වුව ද, ලීලාවතී මහත්මිය බිනර මල්වලට ආදරේ ය. එක එක අය මල් පෝච්චි අරන් එනවා, පොලිතීන් උර අරන් එනවා. බිනර පැල ඉල්ලනවා. ඒත් අපි දෙන්නේ නෑ. පැල ගලවන්න දෙන්නෙත් නෑ. පැල ඇරන් ගියත්, ඒවා පිට පළාතක පැල කරන්නත් බෑ’, ඇය කියන්නී ය.

බොබැල්ලේ බිනර සාවිය, ස්වාභාවික කාලගුණික තත්ත්වයන් ඔස්සේ ද, මිනිස් ක‍්‍රියාකාරකම් ඔස්සේ ද තර්ජන එල්ල වන තැනකි. එයට එල්ල වුණු මුල් ම මිනිස් තර්ජනය, 1980 දශකය අග භාගයේ සිට මානව ජනාවාසයක් සහ කෘෂිකාර්මික භූමියක් බවට පත් වීමයි.  එහෙත් මෑතක් වන තුරු ම, බිනර ශාක සහ ගම්වාසීන් බොහොම සහජීවනයෙන් කල් ගෙවූහ. ලීලාවතී මහත්මිය ඒ බැඳීම වචනයට නංවන්නේ මෙ පරිද්දෙනි.

අපි කුඹුරු කරනවා. මේක ගොයම් ගස් එක්කම පැල වෙනවා. බිනර පැලවලට ගොයම් ගස්වලින් බාධාවක් නෑ. බිනර පැලවලින් ගොයමට බාධාවකුත් නෑ. සමහර අවුරුදුවල ගොයම් කැපෙන කාලයටත් මල් දකින්න පුළුන්. හැබැයි මම නම් මගේ කුඹුරට වල් නාශක ගහන්නේ නෑ. මේක වෙල් ඉපනැල්ලේත් හැදෙනවා’, ඇය කියන්නී ය.

බොබැල්ලේ බිනර යායට එල්ලවූ ලොකු ම තර්ජනය හට ගත්තේ 2013 වසරේ දී ය. ඒ් බිනර යායට නුදුරු උස් භූමියක හුණු ගල් (ඩොලමයිට්) කොරියක්ආරම්භ වීමයි. එයින් බිනර ශාකවලට හානිවන බව දුටු ලීලාවතී මහත්මිය ප‍්‍රදේශයේ බලධාරීන්ට ද පැමිණිලි කරමින් ඊට එරෙහිව සටනට බැස්සා ය. එයට මාතලේ සහ මහනුවර පරිසරවේදීන්ගේ ද උදව් ලැබිණි. අවසන හුණු ගල් කොරිය වසා දමන්නට සිදු විය. එහෙත් මෑතක පටන් රාත‍්‍රී කාලයට යළි එහි හුණුගල් කඩන බවට, ‘සතිඅග අරුණටතොරතුරු ලැබී තිබේ!

බොබැල්ලේ බිනර විශේෂයෙහි ඇති විශේෂතාවක් වන්නේ, එය බොබැල්ලෙන් පිටත කිසිදු තැනක රෝපණය කළ නො හැකි වීමයි. එබැවින් මෙම ශාකය සංරක්ෂණය කිරීම ද අසීරු බව ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා ද පවසයි. පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතා පවසන අන්දමට, බිනර වැවෙන පරිසරයේ පොළොව යටින් ඇත්තේ හුණුගල්ස්තරයකි.  බොබැල්ලේ බිනර ශාකයේ පැවැත්මට හුණුගල් ඔස්සේ එන දිය සීරාවන් ද හේතුවිය හැකි බව, ඔහුගේ අදහසයි. ශාකයේ වර්ධනය ස`දහා හුණුගල් ආශ‍්‍රිත යම් ප‍්‍රතික‍්‍රියාවක් බලපානවා වියහැකි බව ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා ද අනුමාන කරයි. යම් හෙයකින් හුණුගල් සහිත දියසීරාවන් නැතිව ගියහොත් ශාකයේ පැවැත්මට හානි විය හැකි බව ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතා ද කියන්නේ ය.

ඔය හුණුගල් කොරියෙන් ගල් කඩලා ඉවත් කළාම, දිය සීරාවන් වෙනත් පැත්තකට ගලා ගෙන ගිහින් බොබැල්ලේ බිනර ශාකයේ පැවැත්මට හානි වෙන්න පුළුවන්’, ඔහු පවසයි. පරිසරවේදීන් පවසන අන්දමට, මෙම ශාකය වවී යාමට ඉඩ නො දී සංරක්ෂණය කළ යුත්තේ ද බොබැල්ල භූමියේ ම ය. එය අන් තැනක රෝපණය කරන්නට නො හැකි වීම, ඊට හේතුවයි.

ඉකුත් ජූලි මාසයේ පමණ බොබැල්ලේ බිනර යායට තවත් මිනිස් තර්ජනයක් එල්ල විය. දැනට පුළුල් කෙරෙමින් පවතින ඒ-9’ මාර්ගයෙන් ඉවත් කෙරෙන පස් ටොන් ගණනක් බිනර යායට බැහැර කිරීම, ඒ තර්ජනයයි. එයින් බිනර ශාක පැවති ප‍්‍රදේශය පසින් වැසී යන්නට විය. ලීලාවතී මහත්මිය ඇතුළු ප‍්‍රදේශවාසීන් ද, පරිසරවේදීන් ද ඊට එරෙහිව හ නැගූහ. පසුව නාඋල ප‍්‍රාදේශීය ලේකම් ආත්මා දිලූක්ෂි ජයරත්න මහත්මියගේ මැදිහත් වීමෙන් පස් දැමීම නතර කෙරිණි. එතෙක් දැමූ පස් තොගය ඉවත්කර බිනර යාය බේරා ගැනීම ද දැන් විශාල ප‍්‍රශ්නයක්ව තිබේ.

බොබැල්ලේ බිනර යාය සම්බන්ධයෙන් සතිඅග අරුණකළ විමසුමක දී, පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සහන් කළේ බොබැල්ල බිනර ශාක ගහනය සහිත භූමියවහාම පාරිසරික ආරක්ෂණ කලාපයක්බවට පත් කළ යුතු බවයි.

එහෙම කරන්න කියලා අපි බොහොම කාලෙකට ඉස්සරත් යෝජනා කළා. ඒත් තවම වැඩේ කෙරුණේ නෑ. පාරිසරික ආරක්ෂණ කලාපයක් කළා ම, මේ ශාකය ඔය ගමේ ම, ගමේ ජන ජීවිතයට හානි නො වන ආකාරයට සංරක්ෂණය කරන්න පුළුවන් වේවි’, ජගත් ගුණවර්ධන මහතා පැවසී ය.

වියලි කාලගුණය නිසා මේ දවස්වල ඔය ශාකය පේන්න නෑ. ඉතින් පරිසර ආරක්ෂණ කලාපයක් කරන්න නම්, ඔය බිනර වැවෙන භූමිය මායිම් සලකුණු  කරන්න  ඕනෑ. ඒක  කරලා දෙන්න කියලා අපි පේරාදෙණියේ උද්භිද උද්‍යානයෙන් ඉල්ලීමක් කළා. තවම ඒක කෙරුණේ නෑ. ඔවුන් ඒක සකස් කළ ගමන් ම, අපි මේක පාරිසරික ආරක්ෂණ කලාපයක් කරන්න කටයුතු කරනවා’, එසේ කියන්නේ නාඋල ප‍්‍රාදේශීය ලේකම් ආත්මා දිලූක්ෂි ජයරත්න මහත්මියයි.

මේ සම්බන්ධයෙන් විමසූ විට, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, බොබැල්ලේ බිනර සම්බන්ධයෙන් වාර්තාවක් සැකසීමට දැනටමත් යම් යම් පියවර ගෙන ඇති බවයි

කෙසේ වෙතත්, ඉඩෝරය නිසා ලීලාවතීලාට වසර දෙකකින් කුඹුරු කරන්නට හැකි වූයේ නැත. අනෙක, කිසියම් හේතුවක් නිසා මේ අවුරුද්දේ බිනර මල්පිපුණේ ද නැත. එය ඉඩෝරයේ බලපෑම නිසා සිදු වූවක් ද, නැතිනම් වෙනත් කාරණයක් ද යන්න ගැන කිසිවෙකුත් නො දනිති.
(මෙම ලිපිය 2019/08/25 සතිඅග අරුණ පුවත්පතේ පළවිය)

උරුලෑවා ගිය පාර දිගේ අරුවක්කාලූවට ගියෙමු!


උරුලෑවා ගිය පාර දිගේ 
අරුවක්කාලූවට ගියෙමු!

කුණු ලොරිවලට පොලිස් ආරක්ෂාව

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර සහ ජූඩ් සමන්ත)

 කොළඹ සිට පුත්තලමට දිවෙන ප‍්‍රධාන මහා මාර්ගය වැටී ඇත්තේ බස්නාහිර සහ වයඹ වෙරළ තීරය සමීපයෙනි. එයින් කොළඹ සිට පුත්තලමට ඇති දුර කිලෝමීටර් 135ක් පමණ වේ. පුත්තලමේ සහ වනාතවිල්ලූවේ මිනිස්සු පවසන අන්දමට, මේ මහා මාර්ගය දැන් හරියට, ‘උරුලෑවා ගිය පාර වාගේ ය. කොළඹ කුණු ටොන් ගණන් පටවා ගත් ට‍්‍රක් රථ විස්සකට වැඩි සංඛ්‍යාවක්, මධ්‍යම රාත‍්‍රියේ මුළු පුත්තලම් පාර ම ග`දගස්වමින් අරුවක්කාලූ ප‍්‍රදේශය දක්වා ප‍්‍රවාහනය කිරීම ඊට හේතුවයි. කොළඹ කුණුවල ගන්ධය මග දෙපස වැස්සන්ට උදේ කාලයටත් ඔක්කාරය හැදෙන තරම් ය!

කොළඹ එකතු වන කුණු තොග, පුත්තලම සිමෙන්ති කම්හලට අයත් අරුවක්කාලූ නම් ප‍්‍රදේශයට බැහැර කිරීමේ කටයුත්ත දැන් මහත් අර්බුදයක් බවට පත්ව තිබේ. පරිසරවේදීන් මෙන් ම,  පුත්තලමේ මහජනයා ද එයට එරෙහිව උග‍්‍ර විරෝධයක් පළ කිරීම ඊට හේතුවයි. කුපිත වුණු පිරිස් කුණු ගෙන යන ට‍්‍රක් රථවල ගමන අවහිර කරන්නට ද ගියහ. මේ තත්ත්වය නිසා කොළඹ කුණු රැගෙන යන ට‍්‍රක් රථ, පුත්තලම් යන්නේ දැඩි පොලිස් ආරක්ෂාව ද ඇතිව ය. මැදියම් රැයේ රහසින් ධාවනය කෙරුණ ද, පුත්තලම් පැත්තේ දී ඒවාට ගල් ප‍්‍රහාර ආදියෙන් ගරු සැලකිලි කෙරෙන බව ද වරින්වර අසන්නට ලැබේ!

පැරණි වහරේ එන හැටියට, ඔක්කොම කුණු බේරුවල් බොක්කට ය. එසේ වුවත් අරුවක්කාලූ කුණු ප‍්‍රශ්නයත් සමගම දැන් ඒ කතාව වෙනස්කර ගන්නට කාලය පැමිණ ඇති බවක් පෙනී යයි. ඒ අනුව ඔක්කොම කුණු අරුවක්කාලූවට කියා අලූත් කතාවක් හදා ගැනීමටත් පුළුවන!

කසල රඳවනය ඉදි වෙමින්

පුත්තලම කර්කශ ය. කල්පිටිය දෙසින් හමා එන සුළ පවා වියලි ය. නොරච්චෝලේ තාප විදුලි බලාගාරය සහ සුළං බලාගාර පද්ධතිය ද බොහෝ ඈතින් දිස් වෙයි.  පුත්තලමේ නාගරික කලබලයෙන් මිදී තවත් කිලෝමීටර් දහයක් පමණ දුර ගෙවා අපි ඉකුත් අහරුවාදා (අගෝස්තු-21)  ‘අරුවක්කාලු‘ ප‍්‍රදේශය සොයා ගියෙමු. කසල බැහැර කිරීමට එරෙහිව පැන නැගී ඇති උග‍්‍ර මහජන විරෝධය සහ එහි පසුබිමේ පවතින කරුණු පිළිබ`දව කරුණු අධ්‍යයනය කිරීම ගමනේ අරමුණ විය.

මහජනතාවගේ වහරෙන් ‘කුණු‘ යයි කීවාට, ආණ්ඩුවේ අය ඒවා හඳුන්වන්නේ ‘ඝන අපද්‍රව්‍ය‘ නමිනි.  ඒ අනුව, කුණු ඉවත් කිරීම යනු ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමයි. අලූත් වැඩ පිළිවෙලේ හැටියට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙන්නේ පුත්තලමේ දී ය. එනම්, බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් ‘අරුවක්කාලූ‘ ප‍්‍රදේශයේ ඉදිකර ඇති  විද්‍යාත්මක කසල රවනයේ ය! එයට කුණු ප‍්‍රවාහනය ඇරඹුණේ ඉකුත් ජූලි මාසයේ ය. ඒ කුලියාපිටියෙන් ගෙනා කුණු ලොරියක් බැහැර කිරීමෙනි.

ඔවුන් මහජනයාට පොරොන්දුවී ඇති ආකාරයට, කොළඹ කසල අරුවක්කාලූවට ප‍්‍රවාහනය කෙරෙන්නේ බොහොම ක‍්‍රමානුකූලව ය. ඒ අනුව කොළඹ කසල, කැලණිය වනවාසල ප‍්‍රදේශයේ දී  ‘දිරා යන කසල‘ සහ ‘දිරා නො යන කසල‘ යනුවෙන් වර්ගීකරණය කෙරේ. ඉන් පසුව දිරා යන කසල, වත්තල ‘කෙරවලපිටිය‘ අංගනයට යැවේ. දිරා නො යන කසල ඇසුරුම්කර දුම්රිය මගින් පුත්තලමේ අරුවක්කාලූවට යැවේ. කරුණු මෙසේ වුව ද, දැන් පුත්තලමට ප‍්‍රවාහනය කෙරෙන්නේ ගන්දස්සාර, කලවම් කසල ය. ඒවා ප‍්‍රවාහනය  ‘උරුලෑ ගමනක්‘ යයි මහජන කතාබහක් හට ගෙන ඇත්තේ ඒ හින්දා ය!

‘ග උහුලන්න බෑ. කුණු ලොරි ආපු වෙලාවේ ගමේ සමහර අය වමනේ දැම්මා‘ ප‍්‍රදේශවාසීහු කීහ.

කොළඹ නගරයේ එකතු වන කුණු කසල, බැහැර කරන්නට තැනක් නැති වීමේ ප‍්‍රශ්නය දැඩි කතාබහට ආවේ, 2017 වසරේ අලූත් අවුරුදු දවසේ (අප‍්‍රියෙල් 14) මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමගිනි. එයින් කඳු පාමුල විසූ  33 දෙනෙක් මියගියහ. ඒ  සමගම, කොළඹ කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් අලූත් සංවාදයක් හට ගත්තේ ය.

කොළඹට එකතු වන කුණු බැහැර කිරීම, කොළඹ මහ නගර සභාවේ රාජකාරියකි. බොහෝ කලකට ඉහත ඔවුන් කොළඹ කුණු කසල බැහැර කළේ ‘බ්ලූමැන්ඩල්‘ ප‍්‍රදේශයට ය. එයින් ‘බ්ලූමැන්ඩල් කුණු කන්ද‘ බිහිවිය. ඉන් පසුව මීතොටමුල්ල ප‍්‍රදේශයට කුණු බැහැර කෙරිණි. එයින් මීතොටමුල්ල කුණු කන්ද බිහිවිය. එයින් පසුව කොළඹ කුණු බැහැර කෙරුණේ පිළියන්දල ‘කරදියානට‘  කරදියාන කුණු කන්ද‘ එයින් නිර්මාණය විය. කල් යාමේ දී මෙම ස්ථානවලට කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් දැඩි මහජන විරෝධතා එල්ල විය. මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය වන කාලයේ කොළඹ නගරයට දිනකට එකතු වුණු කසල ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 800ක් බව කියැවිණි. වර්තමානයේ එය මෙටි‍්‍රක් ටොන් 1200ක් දක්වා වැඩිවී ඇති බවට ගණන් බලා තිබේ. ඒවා බැහැර කරන්නට තැනක් හෝ නිසි ක‍්‍රමවේදයක් නැතිකම, කලක් තිස්සේ පවතින ගැටලූවකි. 
කලවම් කසල

කොළඹ කුණු පුත්තලමේ අරුවක්කාලූවට බැහැර කිරීම, මේ සම්බන්ධයෙන් සකස් කෙරුණු අලූත් ම ව්‍යාපෘතියයි. එය මහින්ද රාජපක්ෂ රජය පැවති සමයේ, ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවකි. එහි සහන් කෙරුණු ආකාරයට, කසල රවනය ඉදි කිරීමට යෝජිතව තිබුණේ ‘අරුවක්කාලු‘ ඉසව්වේ  ගඟේවාඩිය ප‍්‍රදේශයට අයත්, කලා ඔයට ආසන්න භූමියක ය. එහෙත් ‘පාරිසරික බලපැම් අධ්‍යයන වාර්තාව‘ මගින් යෝජනාව ප‍්‍රතික්ෂේප කෙරිණි. යෝජිත භූමිය විල්පත්තුව වනෝද්‍යානයට ආසන්නයෙන් පිහිටා තිබීම, ඊට හේතුව විය. දැන් ක‍්‍රියාත්මක වෙමින් යන්නේ,  ඒ යෝජනාවේ තිබුණු සැලසුම නොවේ. වත්මන් යහපාලන රජයේ බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය මගින් සැකසූ අලූත් ව්‍යාපෘතියකි.

‘අරුවක්කාලූව‘ ගමක් නොවේ. පුත්තලම දිස්ත‍්‍රික්කයේ වනාතවිල්ලූව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එය, ස්වභාවික  ‘හුණුගල්‘ නිධියකි. පුත්තලම සිමෙන්ති කම්හල, සිය නිෂ්පාදන සදහා හුණුගල් හාරා ගන්නේ එයිනි. ආණ්ඩුව  රටට කියා ඇති ආකාරයට, කොළඹින් ගෙන යන කසල තොග බැහැර කරන්නේ හුණුගල් හාරා ගැනීමෙන් පසුව අත්හැර දැමුණු භූමියකට ය. එහි ඉදිකර ඇති  ‘විද්‍යාත්මක කසල රවනය‘ ය. එම භූමිය අරුවක්කාලූ හුණුගල් ප‍්‍රදේශයට අයත් ය.

‘අරුවක්කාලූ කසල රවනය‘ නිසා ප‍්‍රදේශයේ ගම්මාන ගණනාවකට බලපෑම් ඇති විය හැකි යයි, ඊට එරෙහිව හ නගන අය සහන් කරති. සේරක්කුලිය, කරතිව්, ග‍ෙඟ්වාඩිය, රාල්මඩුව, සින්න නාගවිල්ලූව, මංගලපුර, අලූත් එළුවන්කුලම සහ පරණ එළුවන්කුලම යන ගම්මාන ඒ අතර වේ. මේ කියන ඉසව්වේ පවුල් 5000ක් පමණ පදිංචිව සිටිති. ඔවුන් ගෙන් ඇතැමෙක් ධීවරයන් ය. ඇතැමෙක් ගොවීන් ය.

කුරුණෑගල පැත්තේ සිට මන්නාරම දක්වා විහිදෙන විශාල භූගත ජල නිධියක් අරුවක්කාලූව ඔස්සේ පැතිර ඇති බව පරිසරවේදීහු කියති. බැහැරලන කුණුවලින් වැසි කාලයට වහනය වන අප ජලය,  ඒවාට හෝ ප‍්‍රදේශයේ ජල උල්පත්වලට මුසු වුව හොත් මුළු වයඹ පළාතට ම මහත් ව්‍යසනයක් හට ගනිතැයි ඔවුහු බිය පළ කරති. එය සේරක්කුලිය කලපුවට  සහ එහි මත්ස්‍ය සම්පතට බලපාන බව ප‍්‍රදේශවාසීන්ගේ අදහසයි.

 ‘මේකේ හැමදාමත් හුණුගල් පුපුරුවනවා. හුණුගල් කඩනවා. ඉතින් පොළොව ඉරිතලනවා. මේ කාරණය නිසා කුණුවලින් එන අප ජලය භූගත ජල උල්පත්වලට කවලම් වීමේ අවදානමක් තියෙනවා‘ වනාතවිල්ලූව, ශාන්ත ජූඞ් දේවස්ථානයේ ක‍්‍රිස්ටි පෙරේරා පියතුමා කියන්නේ ය.

සේරක්කුලිය, අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඇති විශාලතම කලපුවයි. පවුල් 500ක් පමණ ඊට යාබද කරතිව් සහ සේරක්කුලිය යන ගම්මානවල ජීවත් වන්නෝ ය. ඔවුහු ධීවරයෝ ය. සේරක්කුලියට ගිය අපට, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී බුද්ධික ගිහාන්, එම්. ජෝර්ජ් සහ ඩබ්ලිව්. යූ. ඞී. ප‍්‍රනාන්දු යන මහත්වරු ද හමු විය. ඔවුහු, තමන් ඇතුළු ප‍්‍රදේශවාසීන් ‘අරුවක්කාලූ කසල රවනයට‘ එරෙහි වන්නේ මන්දැයි අපට පැහැදිලි කළේ කලපුව අයිනේ ඇති මාළු වාඩියකට කැවා ගෙන යමිනි.

‘අර බලන්න, ඔවුහු  කලපුවට එපිටින් පිහිටි අරුවක්කාලූ භූමියේ කසල රවනය ඉදිකර ඇති ස්ථානය අපට පෙන්වූහ.

ඔවුන්ගේ නිවාසවල සිට එතැනට ඇති දුර ප‍්‍රමාණය මීටර් 250ක් 300ක් පමණ වන බව අපට ද පෙනුණි. අනෙක, කසල  වනය ඉදිකර ඇති ස්ථානය, සේරක්කුලිය කලපුව සහ ජනාවාසය පිහිටි භූමියට වඩා උසින් වැඩි ය.

‘ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ හොට ම වැස්සා. මේ කලපුව එක පාරට ම රතුපාට වුණා. හුණුගල් හාරන තැනින් සේදිලා කලපුවට ආපු පස් නිසා තමයි එහෙම වුණේ. ඉතින් වැහි කාලෙට කුණුත් හේදිලා කලපුවට එන එක වළක්වන්න බැරි වේවි‘, ඩබ්ලිව්. යූ. ඞී. ප‍්‍රනාන්දු මහතා පැවසී ය.

බස්නාහිර සහ මහා නගර සංවර්ධන අමාත්‍යංශය පවසන පරිදි, ඔවුන් කොළඹ කසල බැහැර කිරීම සහා ‘විද්‍යාත්මක කසල රවනයක්‘ ඉදිකර ඇත්තේ  ‘අරුවක්කාලූ‘ නම් භූමියේ ය. එය ජන ශූන්‍ය භූමියකි. එබැවින් ජන ජීවිතයට බලපෑම් ඇති කරන්නේ නැත. එය ව්‍යාපෘතිය පිළිබව සැකසූ, ‘2017 අගෝස්තු  පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවේ‘ 27 වැනි පිටුවේ ද සහන්කර තිබේ.

‘ඔය කතාව පට්ටපල් කෙප්පයක්. මහජනතාව නො මග යැවීමක්‘ යයි, සේරක්කුලිය ගමේ දී අපට හමු වුණු අය චෝදනා කළහ.

‘කසල රවනය හදාපු ඉසව්ව පොදුවේ අරුවක්කාලූව තමයි. ඒක හුණුගල් හාරන භූමිය බවත් ඇත්තයි. ඒත් මේක අයිති වෙන්නේ, ‘සේරක්කුලිය‘ ග‍්‍රාම නිලධාරී වසමටයි. අපි ඉන්න ‘සේරක්කුලිය‘ ග‍්‍රාම නිලධාරී වසමට අයත් භූමියේ. සේරක්කුලියේ විතරක් පවුල් 500කට වැඩිය ඉන්නවා. කුණු දාන තැන තියෙන්නේ, අපේ ගමේ කෙළවරේ ගෙදර ඉලා මීටර් 250ක් විතර දුරින්. ඒ කියන්නේ, කසල රවනයේ ඉලා මීටර් 250ක් දුරින් ගෙවල් තියෙනවා, මිනිස්සු පදිංචිවෙලා ඉන්නවා කියන එකයි. ඉතින් කොහොම ද ජන ශූන්‍ය වෙන්නේ, සේරක්කුලියේ ඩබ්ලිව්. යූ. ඞී. ප‍්‍රනාන්දු මහතා විමසයි!

කසල රවනය ඉදිකර ඇත්තේ ‘සේරක්කුලියේ බව‘ පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවේ තවත් තැනක  සහන්කර තිබේ. එහෙත් ආණ්ඩුව රටට කියන්නේ එය ජන ශුන්‍ය අරුවක්කාලූවේ ඉදිකර ඇති බවයි. එය සත්‍යයක් නොවේ!

ප‍්‍රදේශවාසීන් පවසන අන්දමට, කොළඹින් ගෙන එන කසල ‘කලවම් කසල‘ ය. ඒවා දුර්ගන්ධයෙන් අනූනය. දියර ද වෑහෙයි. ගෙන එන කසල කෙලින් ම හුණුගල් හෑරූ වලවල් සහිත භූමියට බැහැර කෙරේ! කසල රවනය පිහිටි භූමියට පිටස්තර කිසිවෙකුට ඇතුළු වීමට අවසර නැත. ට‍්‍රක් රථ පවා එහි ඇතුළුකර ගන්නේ රිය සහායකයා පවා එළියේ රවමිනි. ඒ ඉසව්වේ දැඩි පොලිස් ආරක්ෂක මුරකාවල් යොදා තිබේ.

‘මේ ගොල්ලෝ මුලින් කියපු කතාවල හැටියට, කුණු ටික ගෙවල් පිටුපස්සට දමා ගත්තත් හොයි වගේ කියලයි අපට හිතුණේ. ඒත් දැන් ගේන්නේ ග ගහන කුණු. දැන් බලන්න අර පේන නොරච්චෝලේ බලාගාරේ හදන කොටත් ඔය වගේ සුරංගනා කතා කිව්වා. දැන් අළු කඳු ගණන්. අපේ අය කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි‘ කරතිව් ගමේ වැසියෙක් කීවේ ය.

ප‍්‍රදේශයේ පැතිර ඇති ආරංචි අනුව, ව්‍යාපෘතිය සහා ප‍්‍රදේශයේ මහජනයාගේ කැමැත්ත ලබා ගෙන ඇත්තේ, ඔවුන් නො මග යවමිනි. වැරදි තොරතුරු ඉදිරිපත් කරමිනි. එසේම, පාරිසරික ඇගයීම් වාර්තාව සකස්කර ඇත්තේ ද, වැරදි තොරතුරු ඉදිරිපත් කරමිනි.

මේ පිළිබ කළ විමසුමකට පිළිතුරු දෙමින්, වනාතවිල්ලූව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතා පැවසුවේ, ‘මේක කියපු විදිහට කරනවා නම් ප‍්‍රශ්නයක් නෑ. ඒත් මේ අය කරන්නේ ඒ කියාපු විදිහට නෙවෙයි. දැන් ඔන්න කලවම් කුණු ගේනවා. ඒක හානිදායකයි‘ යනුවෙනි.

අරුවක්කාලූවේ කුණු ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඉකුත් ජූලි 31 වැනි දා කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැත් විණි. එහි මුලසුන හෙබවූයේ රටේ ඉහළම තලයේ දේශපාලනඥයෙකි. වනාතවිල්ලූවෙන් ගිය සිවිල් නායකයෝ එහි දී ව්‍යාපෘතියෙන් සිදුවන හානි ගැන දීර්ඝ ලෙස පැහැදිලි කළහ. සියල්ල අසා ගෙන සිටි ඉහළම තලයේ දේශපාලනඥයා කියා සිටියේ, මට  ඕවා පිළි ගන්න බෑ. අපට මේ වැඬේ කරන්න ඉඩ දෙන්න‘ යනුවෙනි!

(පින්තූර - ජූඩ් සමන්ත)


(මෙම ලිපිය 2019/08/25 වැනි දා සතිඅග අරුණ පුවත්පතේ පළවිය.)