Total Pageviews

Monday, August 13, 2018

ආණ්ඩුවේ වකුගඩු රෝග විසඳුම අනාගත දරු පරපුර මාරයාට බිලි දීමක් ද?


ආණ්ඩුවේ වකුගඩු රෝග විසඳු
අනාගත දරු පරපුර මාරයාට බිලි දීමක් ?



(රිෂ්ණ විජේබණ්ඩාර)
උන්හිටි ගමන් අසාමාන් ලෙස මහන්සිය දැනෙනවා . අතර නින්ද නො යාමේ තත්ත්වයන් ඇති වෙනවා . හේතුවක් නැතිව කකුල්-පතුල් ඉදිමෙනවා . මුහුණ තඩිස්සි ගැහී ලෙඩ ගතියකුත් ඇති වෙනවා . මුතරා කිරීමේ අපහසුතාවයන් දැනෙනවා . ඊට පස්සේ කෙරෙන ලේ පරීක්ෂණවලින් හෙළිදරව් වන්නේ, එහෙව් කෙනා මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයටබිලිවී ඇති බව ! ඔහොම යද්දී, බොහොම කෙටි කාලයක් තුළ ඔත්පලවී මියෑදෙනවා . නිදන්ගත වකුගඩු රෝගය සැවුණු මාරයෙකි. තමන්ට වකුගඩු ලෙ‍ෙඩ්වැළඳී ඇති බව, රටේ වියලි කලාපීය කෘෂිකාර්මික රදේශවල වෙසෙන වැඩි දෙනෙකු නො දනිති!

ලංකාවේ කෘෂිකාර්මික රදේශ හැටියට ගණන් ගැනෙන දිස්තරික්ක එකොළහක් පුරාවට පැතිර ගොස් ඇති නිදන්ගත වකුගඩු රෝගයමහ අමුතු එකකි. එය මුලින් වාර්තා වූයේ 1990 දශකය මැද භාගයේ අනුරාධපුර දිස්තරික්කයට අයත් පදවිය රදේශයෙනි. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ආදී එළිපිට පෙනෙන හේතුවක් නැතිව, වකුගඩු අකර්මන් වීමෙන් ලෙඩවී මිනිසුන් මියෑදීම රෝගයේ සාමාන් ස්වභාවය විය. එකල එය ඳුන්වා දෙනු ලැබුවේ රජරට නිදන්ගත වකුගඩු රෝගයනමිනි. පසුව එය ඳුනා නො ගත් හේතු නිසා හට ගන්නා කෘෂිකාර්මික වකුගඩු රෝගයයනුවෙන් ඳුන්වන්නට යෙදුණි. රෝගය වැළඳුණු උදවිය ඉක්මණින් මියෑදුණු බැවින්  වැඩිකල් නො ගොස්  එයට මාරාන්තිකයන විශේෂණය එක් විණි. ඉන් පසුව එය මාරාන්තික නිදන්ගත වකුගඩු රෝගයහෝ මාරාන්තික නිදන්ගත කෘෂිකාර්මික වකුගඩු රෝගයයනුවෙන් රචලිත විය.

2017 වර්ෂයේ රී ලංකා මහ බැංකු වාර්තාවෙන් දැන් එයට තවත් නමක් පටබැ තිබෙනු පෙනෙයි. මහ බැංකු වාර්තාවේ පළවැනි වෙළුමේ 104 වැනි  පිිටුවේ එය, ‘අවිනිශ්චිත සම්භවයක් සහිත වකුගඩු රෝගයයනුවෙන් ඳුන්වා දී තිබේ! රෝගය මගින් අඩු ආදායම් ලාභී පවුල්වලට අහිතකර සමාජ-ආර්ථික බලපෑම් ඇති කරන බව එහි හන්ව තිබේ. රෝගයට හේතු සොයා පර්යේෂණ කළ , තවම තීරණාත්මක රතිඵලයක් නැති බව මහ බැංකු වාර්තාව කියයි. එය නිදන්ගත වකුගඩු රෝගයසම්බන්ධයෙන්  රජයේ නිල මතයයයි සැලකිය හැකි .

රෝගය හැඳින්වීම හා ගෙවී ගිය කාලය පුරාවට විවිධ නාමකරණයන් භාවිත කෙරුණ , තවමත් එය හරිහැටි පාලනය කිරීමට නො හැකිවී තිබේ. දැනුදු ගොවි ජනපදවල පියවරු මව්වරු මෙන් , තරුණ වයසේ අය දිගින් දිගටම එයින් අකාලයේ මියෑදෙමින් සිටිති. 2017 රී ලංකා මහ බැංකු වාර්තාවේ හන්වන අන්දමට, දැනට අපේ රටේ දිස්තරික්ක එකොළහක රෝගය පැතිර ගොස් හමාර . 2017 දී එම දිස්තරික්කවලින් ඳුනා ගෙන ඇති නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්යාව 25,512කි. ඔවුන් අතරින් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ  අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්තරික්කවලිනි. එයට අමතරව බදුල්ල සහ අම්පාර යන දිස්තරික්කවල රෝග ව්යාප්තිය ඉහළ මට්ටමක පවතින්නේ !

මහාචාර්ය චන්න සුදත් ජයසුමන මහතාගේ වකුගඩු සටනරන්ථයේ හන් වන ආකාරයට, නිදන්ගත වකුගඩු රෝගය නිට්ටාවට   සුව කළ හැකි ඔසුවක් බටහිර වෛද් ශාස්තරයේ නැත. දැනට කෙරෙන රතිකාර මගින් සිදු වන්නේ, රෝගියාගේ ජීවිත කාලය තව ටිකක් දිගු කිරීම පමණි! රෝගය එතරම් බරපතල එකකි.

වර්තමානය වන විට, අනුරාධපුරය, පොළාන්නරුව, මඩකලපුව යන දිස්තරික්කවල , බදුල්ල සහ මොණරාගල යන දිස්තරික්කවලට අයත් හම්බෙගමුව, වැල්ලවාය, බුත්තල, තණමල්විල, ගිරාඳුරුකෝට්ටේ යන රදේශවලින් , යාපනය දිස්තරික්කයෙන් , කුරුණෑගල දිස්තරික්කයට අයත් නිකවැරටිය, මහව, යාපහුව යන රදේශවලින් , පුත්තලම දිස්තරික්කයේ සමහර පෙදෙස්වලින් , මාතලේ දිස්තරික්කයට අයත්  විල්ගමුව සහ හෙට්ටිපොළ යන රදේශවලින් , හම්බන්තොට දිස්තරික්කයට අයත් ලූණුගම්වෙහෙර සහ තිස්සමහාරාමය යන රදේශවලින් නිදන්ගත කෘෂිකාර්මික වකුගඩු රෝගය වාර්තා වේ.

2017 වසරේ වාර්තා වූහයි මහ බැංකු වාර්තාවේ දැක්වෙන රෝගීන් 25,512 සංඛ්යාව මගින් පෙන්වන්නේ, අතිශයින් බරපතල තත්ත්වයකි. එය මාසයකට රෝගීන් 2126ක් , දිනකට රෝගීන් 71ක් වාර්තා වීමකි! පොළොන්නරුව දිස්තරික් වකුගඩු රෝග නිවාරණ ඒකකයේ රධානි, වෛද් මලිත් මෙත්තසූරිය මහතා උපුටා දක්වමින් ඉකුත් මැයි මාසය අග භාගයේ පළවුණු මාධ් වාර්තාවකට අනුව, දිස්තරික්කයෙන් වසරකට හමුවන අලූත් වකුගඩු රෝගීන් සංඛ්යාව 1600ක් පමණ වේ. එහි තේරුම, පොළොන්නරුව දිස්තරික්කයෙන් මසකට අලූත් රෝගීන් 100-150ක් පමණ වාර්තා වන බවයි.
 
(daily mirror)
රජරට විශ්ව විද්යාලයේ මහාචාර්ය චන්න සුදත් ජයසුමන මහතා පවසන අන්දමට, 2017 වර්ෂයේ දී අනුරාධපුර දිස්තරික්කයෙන් වාර්තාවූ අලූත් වකුගඩු රෝගීන් සංඛ්යාව 3800ක් පමණ වේ. එහි තේරුම, අනුරාධපුර දිස්තරික්කයෙන් දිනකට අලූත් රෝගීන් දස දෙනෙක් පමණ ඳුනා ගැනෙන බවයි. ඔහු පවසන අන්දමට,  මේ වන විට ලංකාවේ වෙසෙන සමස්ත නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්යාව 80,000ක් පමණ වෙතියි ඇස්තමේන්තුකර තිබේ!


මේ තරම් බරපතල තත්ත්වයක් පැවතිය , රටේ පාලකකාරකාදීන් කටයුතු කරන්නේ වගේ වගක් නැතුවාක්පරිද්දෙනි. මහාචාර්ය චන්න සුදත් ජයසුමන මහතා රමුඛ  කණ්ඩායමක් , ලෝක සෞඛ් සංවිධානය පසුගිය කාලයේ මේ සම්බන්ධව පර්යේෂණ කළහ. කෘෂි රසායන සහ නිසි රමිතියෙන් තොර රසායනික පොහොර ඔස්සේ පොළාවට සහ ජලයට එකතු වන ආසනික්, කැඩ්මියම් ඇතුළු බැර ලෝහ, රෝගය හට ගැනීමට හේතු වන බව එයින් සොයා ගැනුණි. රෝගය හට ගැනීම හා ග්ලයිපොසේට්වල් නාශක රසායනය හේතුකාරක වන බව චන්න ජයසුමන මහතා දෙවනුව කළ පර්යේෂණයෙන් අනාවරණය විය. ඔවුන්ගේ පර්යේෂණවල විස්තර එකල ජාත්යන්තර වෛද් පර්යේෂණ රාවල පළ කෙරිණි. තත්ත්වය එසේ වුව , අපේ රටේ සමහර උදවියට එය තවමත් හේතු ඳුනා නො ගත් නිදන්ගත වකුගඩු රෝගයයි’!

ආණ්ඩුවේ , වගකිවයුතු සෞඛ් හා වෛද් අංශවල ඇතැම් උදවිය වඩාත් කැමති, එය තවම හේතු ඳුනා නො ගත් රෝගයක්යයි ඳුන්වන්නට . රෝගය ඇති වීමට සහ ව්යාප්ත වීමට විෂ සහිත කෘෂි රසායන බලපාන බව පිළි නො ගෙන ඉන්නට . රජයේ නිල මතයයයි සිතිය හැකි 2017 රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ එබඳු අදහසකි. එහි දැක්වෙන ආකාරයට එය, ‘අවිනිශ්චිත සම්භවයක් සහිතවකුගඩු රෝගයකි.

වර්තමාන යහපාලන ආණ්ඩුව 2015 වසරේ බලයට පැමිණියේ, ලංකාව වස-විස නැති රටක්බවට පත් කරන්නෙමැයි ශපථ කරමිනි. එහෙත් කිසිවක් කයිවාරුවේ තරමට සාක්ෂාත්කර ගැනීමට ඔවුන්ට නුපුළුවන් විය. කාරණය කොතෙක් අපූරු යත්, මුළු රටට තහනමක් පනවා සිවු වසරක් ගෙවෙද්දී ග්ලයිපොසේට් වල් නාශකයතහනමෙන් මුදා හරින්නට යහපාලකයෝ කටයුතු කළහ.



දැන් ඔවුන් උත්සාහ කරන්නේ, ‘නිදන්ගත වකුගඩු රෝගයඇති වීමට බලපාන හේතූන්ඉවත්කර, රට එයින් සදහට මුදා ගන්නට නොවේ. රතිකාර පහසුකම් වැඩි කිරීම ඔස්සේ, දැනටමත් රෝගය වැළඳී ඇති තැනැත්තන්ගේ ජීවිත කාලය තවත් ටිකක්  දිගුකර දෙන්නට . හා ඔවුහු දැන්, චීනයේ ආධාර ඇතිව ජාතික වකුගඩු රෝහලපොළාන්නරුවේ ඉදි කරමින් සිටිති. ඊට අමතරව යාපනය සහ මඩකලපුව යන ශික්ෂණ රෝහල්වල , හම්බන්තොට මූලික රෝහල, රිකුණාමලය දිස්තරික් රෝහල සහ බදුල්ල පළාත් මහ  රෝහල යන රෝහල්වල නව වකුගඩු රතිකාර ඒකක තනවමින් සිටිති. 2017 වසරේ දී, නිදන්ගත වකුගඩු රෝගය පැතිර ඇති පෙදෙස්වල රෝහල් හා රුධිර කාන්දුකරණ යන්ත 278ක් ලබා දී ඇතැයි මහ  බැංකු වාර්තාවේ හන් වේ. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ බහු මහල් වකුගඩු රතිකාර ඒකකයක් ඉදි කෙරෙමින් තිබේ. රතිකාර පහසුකම් වැඩි කිරීමෙන්, රෝගය හට ගැනීම කෙරෙහි බලපාන හේතුකාරකඉවත් වන්නේ නැත. එබැවින්, එයින් අලූත් රෝගීන් වාර්තාවීමනතර වන්නේ යයි සිතිය නො හැකි .

නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවූ ගොවීන් ඇතුළු රට වැසියන්ගේ සුවය හා රෝහල් පහසුකම් නැංවීම, බොහොම හො දෙයකි. එහෙත් රෝගය වැළඳීමට බලපාන හේතූන්උදුරා දමන්නේ නැතිව, රෝහල් හැදීම පමණක් හරි හමන් පිළිවෙතක්නොවේ. එය, රෝගය තවදුරටත් පවත්වා ගෙන යාමේ උත්සාහයක් ? කියා සැකයක් මතු වේ. ආණ්ඩුව, රෝගයට රතිකාර පහසුකම් වැඩි කිරීමට පමණක් කටයුතු කිරීමෙන් පෙනෙන්නේ කුමක් ?, ඔවුන්ට ලංකාවේ අනාගත දරු පරපුර රෝගයෙන් ගලවා ගැනීම කෙරෙහි කිසිදු උවමනාවක් නැති බවයි!

(පින්තූර-අන්තර්ජාලයෙනි)
(මෙය 2018/08/12 දින සැබෑ පුවත්පතෙහි පළවිය.)