Total Pageviews

Thursday, September 21, 2017

උමා ඔය ව්‍යාපෘතිය පොළොවේ අභ්‍යන්තරයට අවදානමක් ද?


උමා ඔය ව්‍යාපෘතිය
ලංකා පොළොවේ අභ්‍යන්තරයට අවදානමක් ද?


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
රටට මහ විපතක් ගෙන එමින් සුනාමියආවේ 2004 වසරේ දෙසැම්බරයේ ය. එයට හේතුකාරකය වූයේ, ලංකාවෙන් බොහෝ ඈත ඉන්දුනීසියාව ආශ‍්‍රිතව හට ගත් සාගර භූමි කම්පාවකි. එහි කම්පනය ලංකාවට ද දැනුණි. සුනාමියෙන් හට ගත් විපත් ගැන තවම කාහටත් අමතක නැත. මෙම සටහන ලියන්නේ ඒ ගැන කියන්නට නොවේ. සුනාමි තත්ත්වයත් සමගම ලංකාවට දැනුණු භූමි සංඥා කිහිපයක් ගැන කතා කරන්නට ය. ඒ ඇසුරෙන් උමා ඔය ව්‍යාපෘතියපිළිබඳ කිසියම් කතිකාවක යෙදෙන්නට ය.

පහළ ඌව ඔස්සේ, එනම් තණමල්විල සිට වැල්ලවාය දෙසට ගමන් කරන කෙනෙකුට, හො දින් මතක හිටින වතුර බුබුළක්තිබේ. එය පිහිටා ඇත්තේ මහ පාර අයිනේ ය. එහි පොළොව යටින් නො කඩවා ජලය ගලා එයි. පාරේ යන නොයෙක් හුදී ජනයින් එයින් පැන් සනහා ගැනීමට ද අමතක නො කරති. ඇතැමෙක් සිය රථවාහන ද සෝදා ගනිති. ප‍්‍රදේශවාසීන්ට අනුව නම්, එය කවරදාකවත් ඉවර වෙන්නේ නැතිජල උල්පතකි. එය මතු පිටට ගලන්නේ පොළොව අභ්‍යන්තරයෙනි.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සුනාමි භූමි කම්පාව අවස්ථාවේ, එහි ජල දහර අතිශයින්ම වේගවත් වූ බවත්, ඒ සමගම බොර වතුර ගැලූ බවත් වාර්තා විය! එය උන්හිටි ගමන් සිදු වූවකි. එපමණක් ද නොවේ. පහළ ඌවට මදක් ගිනිකොණ දෙසින් පිහිටි, සූරියවැව, ‘මදුනාගල උණුදිය උල්පත්වලපවා වෙනස්කම් සිදුව තිබේ. මාතලේ දිස්ත‍්‍රික්කයේ මඩවල උල්පතනම් ස්වාභාවික වතුර බුබුළෙන් ද එදා අධික ලෙස ජලය පිටවූ තිබිණි. ඉන්දුනීසියාව ආශ‍්‍රිතව හටගත් සුනාමි භූමි කම්පාවත් සමගම, ලංකාවේ මධ්‍යම කඳුකරය පාමුල පොළොව අභ්‍යන්තරයෙන් ගලන උණු දිය උල්පත් සහ ජල දහරාවල පවා වෙනස්කම් ඇති වීමේ අරුත කුමක් ද? එහි තේරුම, ඒවා භූ පැලූම්’පද්ධතියකට සම්බන්ධ බව ය!

පොළොව අභ්‍යන්තරයෙහි ඇති උණුසුම, භූගත ජලධර ඔස්සේ පොළොව මතුපිටට පැමිණීම, උණුදිය උල්පත්වල සිදුවන ක‍්‍රියාවලියයි. ඒවා බොහෝවිට, ‘භූ පැලූම්ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වේ. මදුනාගල උණුදිය උල්පත් ද, තණමල්විල සහ වැල්ලවාය අතර ඇති වතුර බුබුළ ද, එබඳු භූ පැල්මකනිර්මාණයක් බව බැහැර කළ නො හැකි අදහසකි. වඩා වැදගත් කාරණය වන්නේ, මේ ඉසව්ව රටේ මධ්‍යම කඳුකරයේ දකුණු සහ ගිනිකොණ දිග පෙදෙසට සමීපයෙන් පිහිටා තිබීමයි. වර්තමානයේ, ‘උමා ඔය ව්‍යපෘතියපිණිස උමං කැණීම් සිදු වන්නේ ඊට සමීපයෙනි!

පිදුරුතලාගල කඳු වැටි වලින් උපත ලබන උමා ඔය, කිලෝමීටර් 25ක් පමණ දිග ගංගාවකි. එය වැලිමඩ ඔස්සේ පැමිණ, ‘රන් ටැඹේජලාශය ඔස්සේ මහවැලි ගඟට එකතු වේ. උමා ඔය ද්‍රෝණිය වර්ග කිලෝමීටර් 720ක් පමණ විශාල ය. ඉන් වැඩිහරිය ඌව පළාතට ද, ඉතිරි කොටස මධ්‍යම පළාතට ද අයත් වෙයි. උමා ඔය සිය යෞවන අවධිය ගෙවන්නේ සුප‍්‍රකට වැලිමඩ සානුවතුරුල්ලේ  .

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක‍්‍රමයයනු ඉතා පුළුල් ව්‍යපෘතියකි. එයින් ජල විදුලිය නිපදවයි. අනෙක් අතින් පහළ ඌව (වැල්ලවාය) සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වාරි ජල හිඟයට පිළියම් ලබා දෙයි. මේ සඳහා වැලිමඩ, පුහුල්පොළ දී උමා ඔය හරස්කර නව ජලාශයක් ඉදි කෙරේ. එය පුහුල්පොළ ජලාශයයි’. ඒ සමගම, ඩයරබා ප‍්‍රදේශයේ තවත් ජලාශයක් ඉදි කෙරේ. එය ඩයරබා ජලාශයයි’. පුහුල්පොළ ජලාශයේ ජලය, ඩයරබා ජලාශයට ගෙන එන්නේ උමගක් මගිනි. ඉන් පසුව, ඩයරබා ජලාශයේ සිට ඉදිවන තවත් උමං පද්ධතියක් මගින්, ජල කඳ වැල්ලවායේ, අලිකොට ආර ප‍්‍රදේශයේ ඉදිවන භූගත ජල විදුලි බලාගාරයට යොමු කෙරේ. එයින් පිට කෙරෙන දියවර ගොවි බිම්වලට නිකුත් කෙරෙන්නේ ද අලිකොට ආර ඔස්සේ ය. උමා ඔය ව්‍යාපාරයේ භූගත උමං පද්ධතියට, උමං මාර්ග හතක් අයත් වේ. ඒවායෙහි සමස්ත දිග, කිලෝමීටර් 26ක් පමණ වෙයි. මෙය ලංකාවේ මෙතෙක් ඉදි කෙරුණු දිගම භූගත උමං පද්ධතියයි.

උමං ඉදි කිරීමේ කටයුත්ත දැන් මහත් ආන්දෝලනයක් මතුකර තිබේ. බණ්ඩාරවෙල සහ ඒ අවට ප‍්‍රදේශවල භූමිය, එහි ගෙවල් දොරවල් ද සමගින් ගිලා බසින්නට වීම සහ ජල උල්පත් ද සිඳී යන්නට වීම, ඊට හේතුවයි. එයින් පීඩාවට පත් දහස් ගණන පිරිස් පාරට බැස විරෝධය පළකරන ආකාරය ඉකුත් දිනවල මාධ්‍ය මගින් විදාරණය කෙරිණි. මෑත කාලයේ උකුවෙල (උමගේ දිග කිලෝමීටර් 8.6යි), සමනල වැව (උමගේ දිග කිලෝමීටර් 05යි),  කුකුළේ ගඟ (උමගේ දිග කිලෝමීටර් 5.71යි) සහ ඉහළ කොත්මලේ (උමගේ දිග කිලෝමීටර් 13යි) ආදී දිගු භූගත උමං සහිත ජල විදුලි බලාගාර ව්‍යාපෘති ද රට තුළ ක‍්‍රියාත්මක විය. එහෙත් මේ තරම් ගැටලූ මතු වූයේ නැත. උමං මාර්ග දිවෙන භූමිභාග මේ තරම් ගිලා බැසීම්වලට ලක් වූයේ ද නැත. එහෙත් උමා ඔය ව්‍යාපාරයසම්බන්ධයෙන් පෙර නොවූ විරූ යමක් සිදු වෙමින් පවතී. ඉන් පිළිබිඹු වන්නේ, එහි උමං කැනීම්වල යම් දෝෂ සහගත තත්ත්වයක් ඇති බවයි!

සාමාන්‍යයෙන්  භූගත උමං කනින විට, ඊට ඉහළ පෙදෙස්වල ජලය සිඳී යාම් සහ ජල උල්පත් පොළොව යටට කාන්දු වීම් සිදුවේ. ලක්ෂපාන ව්‍යාපාරයේ මෙන්ම සමනල වැව ව්‍යාපාරයේ උමං කනිද්දී ද එවන් තත්ත්වයන් ඇති විය. එහෙත් උමග කොන්ක‍්‍රීට් ආස්තරණය කිරිමෙන් පසුව ඒවා නතර විය. ඇතැම් ස්ථානයක් පෙර පැවති තත්ත්වයට පත් වන්නට සෑහෙන කලක් (වසර කිහිපයක්) ගත විය. එසේ වුවත් උමා ඔය ව්‍යාපාරයේ හට ගත් තත්ත්වය අසාමාන්‍ය ය.  එහි වැඩිපුරම ඇති වූයේ ගිලා බැසීම් ය.


උමා ඔය ව්‍යාපෘතියේ ඉදි කිරීම් සිදු වන භූමියෙන් වැඩි හරිය බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් ය. එය ලංකාවේ මධ්‍යම ක`දුකරයේ නැගෙනහිරට වන්නට පිහිටා තිබේ. ඇතැමුන් එය බදුලූ ද්‍රෝණිියවශයෙන් ද හඳුන්වයි. එහි ඇති හපුතලේ කඳු වැටිය, බදුලූ ද්‍රෝණියේ නිරිත දිග මායිමේ පිහිටා තිබේ. මේ ඉසව්ව රටේ මධ්‍යම කඳුකරයට පරිවාරව,  එහි දකුණු හෝ ගිණිකොණ දිග කෙළවරින් පිහිටියකි. බදුලූ ද්‍රෝණියේ බොහොමයක් ප‍්‍රදේශ උස් කඳු මුදුන් සහ දැඩි බෑවුම්වලින් සමන්විත ය. බදුලූ ද්‍රෝණිියටඅයත් සමස්ත භූමිය, රටේ මධ්‍යම කඳුකරය සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් ඉසව්වක් වේ. උමා ඔය ව්‍යාපාරයේ ආන්දෝලනාත්මක කැනීම් කෙරෙන්නේ එවන් සංවේදී භූමියක ය!

ලියුම්කරුට වැටහෙන ආකාරයට, ‘උමා ඔය ව්‍යාපාරයයනු කිසිසේත්ම නො කළ යුතුව තිබුණු දෙයකි. එය ඉදි කිරීම පිණිස, රටේ මධ්‍යම කඳුකරයේ, නැගෙනහිර පෙදෙස් සහ වැලිමඩ සානුව ඇතුළු පරිවාර මහා කඳුවැටි ඇතුළතින් දීර්ඝ උමං පද්ධති තනන්නට සිදු වීම, ඊට හේතුවයි. මධ්‍යම කඳුකරයේ පරිවාර කඳුවැටි ඇතුළතින් උමං කැනීම, එහි භූමි ස්ථාවරත්වය සහ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ගැටලූ මතු කරයි. එය ඇත්තටම මධ්‍යම කඳුකරයේ තිර පැවැත්ම අරභයා බරපතල සැකසංකා පවා ඇති කරන්නේ ය! සමනල වැව ව්‍යාපාරයේ ද භූගත ජල කාන්දුවක් ඇති විය. යම් ප‍්‍රමාණයකට පාලනය කෙරුණ ද එය තවමත් සිදු වේ. සමනල වැව ව්‍යාපාරයේ උමං කැනීම් කෙරුණේ ද මධ්‍යම කඳුකරයේ පරිවාර කඳු වැටි යටිනි. එය සිදුවූ ඉසව්ව, වර්තමානයේ උමා ඔය උමං කැනීම් කෙරෙන භූමියට ද ආසන්න ය. උමා ඔය ව්‍යාපෘතියේ බලධාරීන් සිය දීර්ඝ උමං කැනීම් සැලසුම් කරන්නට පෙර, සමනල වැවේ අත්දැකීම් හෝ සැලකිල්ලට ගත්තා දැයි සැක සහිත ය!

අනෙක, අපි දැන් කලක් තිස්සේ මධ්‍යම කඳුකරය පුරා මහා ජලාශ ගණනාවක්ම ඉදිකර ගෙන හමාර ය. කොත්මලේ (ඝන මීටර් මිලියන 172.9), පොල්ගොල්ල (.මී.මි. 4.1), වික්ටෝරියා (.මී.මි. 721.2), රන්දෙණිගල (.මී.මි 861.4), රන්ටැඹේ (.මී.මි. 22), බෝවතැන්න (.මී.මි. 52), කාසල්රී (.මී.මි. 48.3), මාඋස්සාකැලේ (.මී.මි. 123.6) සහ සමනළවැව (.මී.මි. 278.00 යනු එම මහා ජලාශ වේ. මේ සියල්ලෙහිම රඳවා ඇති ජලස්කන්ධය සාමාන්‍යයෙන්, ඝන මීටර් මිලියන 2283.5ක් පමණ වෙයි! කඳුකර මහා ජලාශ ආශ‍්‍රිතව මහාවේලි, ඇල මාර්ග, ජලය ගෙන යන උමං මාර්ග සහ විදුලිබලාගාර ද පිහිටා තිබේ. මෑතක ඉහළ කොත්මලේ ව්‍යාපාරය (ජල ධාරිතාව ඝන මීටර් ලක්ෂ 08යි) ද බිහි කෙරිණි. මේවා බිහි කෙරුණේ උමා ඔය ව්‍යාපාරය ඉදි කරන්නට ද ඉහත කාලයේ ය. ඉතින් මධ්‍යම කඳුකරයේ භූමියට තවත් ජලාශ සහ දීර්ඝ උමං පද්ධතියක් දරා ගන්නට හැකි වේ ද? යන්න, මෙහි දී මතුවන ප‍්‍රශ්නයයි. එය ඔස්සේ රටේ භූමියටයම් අවදානමක් ජනිත වන බව බැහැර කළ නො හැකි කාරණයකි!


අපේ මධ්‍යම කඳුකරය භූ පැලූම්සහිත භූමියකි. එබැවින් භූගත උමං කැනීම් බොහොම පරිස්සමින් කළ යුත්තකි. භූ විද්‍යාඥයෝ ශ‍්‍රී ලංකාවේ භූමිය කොටස්  තුනකට බෙදා දක්වති. , වන්නි සංකීර්ණය ( WVC), උස් බිම් සංකීර්ණය ( HC&  සහ විජයානු සංකීර්ණය ( VC HC) වශයෙනි. මේ සමස්ත භූමියෙහි ස්වාභාවික පැලූම් 80,000ක් පමණ ඇති බවත්, ඉන් 09ක් ප‍්‍රධාන පැලූම් බවත්, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු වන මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතා 1965 වසරේදී සොයා ගත්තේ ය. ඉන්දියානු ප්ලේටයෙන්වෙන්වී ගිය ලංකා භූමිය, වසර මිලියන 126ක් මුළුල්ලේ වයඹ සිට ගිනිකොණ දෙසට (යාල-කිරින්ද දෙසට) පාවී යන බවත්, එයින් හට ගන්නා භූ විපර්යාස නිසා රටේ මධ්‍ය කඳුකර භූමිය ඉහළට එසවෙමින් ( UPLIFT) යන බවත් ඔහු හෙළි කළේ ය. ඔහු කියන හැටියට, වසරකට මිලිමීටර් 01-02 පමණ ප‍්‍රමාණයකින් ලංකා භූමිය ගිනිකොණ දෙසට පාවී යමින් තිබේ.

ලංකාවේ විශාලතම භූ පැලූම, ත‍්‍රිකුණාමලය වරාය ප‍්‍රදේශයෙන් පටන් ගෙන, මහවැලි ගඟ, මහියංගණය සහ මොණරාගල ඔස්සේ විහිදී ගොස්, හපුතලේ, වලවේ ගඟ සහ හම්බන්තොට දෙසින් මුහුද දෙසට දිවෙයි. මාතලේ, උකුවෙල, වත්තේගම, තෙල්දෙණිය, දිගන, අධිකාරිගම, කිඹුලන්තොට සහ නිල්දණ්ඩාහින්න දෙසට තවත් පැලූමක් විහිදෙයි. ලංකාවේ වයඹත් ගිනිකොණත් අතර කඳුකරය මැදින් වැටී ඇති පැලූම් ගණන 11කි. මේවා මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතාගේ වාර්තාවල සඳහන් පැලූම් අතරින් කිහිපයක් පමණි.

මහාචාර්ය විතානගේ මහත්තයාගේ සොයා ගැනීම ඉතා වටිනා එකක්. මේ භූ පැලූම් රටේ මධ්‍යම කඳුකරය පුරා හරියට මකුළු දැලක් වගේ පැතිර පවතිනවා. දවස් 3-4ක් වැස්සොත් බෑවුම් සහිත භූමියක නාය යාම් ඇතිවෙන්න පුළුවන්. ඒක සුලභ සිද්ධියක්. ඒත් භූ චලනයක් බඳු බාහිර ක‍්‍රියාවලියක් මගින් තල්ලූවක්ඇතිකරනවා නම්, ස්ථාවර පස් හෝ පාෂාණ තට්ටු පවා භූ පැලූම් දිගේ නාය යන්නට පුළුවන්. භූ පැලූම් සහිත කඳු කරයේ අපි මහා ජලාශ රාශියක් ඉදිකරලා තියෙනවා. ලංකාවට බලපාන යම් භූමි කම්පාවකදී භූ පැලූම් ඔස්සේ එන පීඩනය නිසා ඔය ජලාශ පවා නාය යාමට ඉඩ තිබෙනවා. එහෙම දෙයක් වුණොත් ඇති විය හැකි විනාශය හිතාගන්නත් බෑ. ඒක හින්දා අපි සෑම කඳුකර ජලාශයකම භූ කම්පන මාන සවිකරලා, ඇතිවන සුළු භූ කම්පන පවා අධ්‍යනය කළ යුතුයි. අපි මේක හැමදාමත් කියනවා. ඒත් කෙරෙන්නේ නෑ’.

සුප‍්‍රකට භූ විද්‍යාඥයෙකු වන, මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී.බී. දිසානායක මහතා එසේ පැවසුවේ, කලකට ඉහත ලියුම්කරු සමග කළ දුරකතන කතාබහක දී ය!.

මෙබඳු භූ විද්‍යාත්මක කරුණු කෙසේ වෙතත්, ආණ්ඩුව උමා ඔය ව්‍යාපාරය ඉදි කරන්නට තෝරා ගත්තේ, මහා ජලාශ උපරිමයෙන් බැඳ ඇති, ඒවාට සම්බන්ධ භූගත උමං පවා ඉදිකර ඇති, භූ පැලූම් සහිත මධ්‍යම කඳුකරයයි! එය දැන් කලක් තිස්සේ නාය යාමේ තර්ජනයට ද ලක්ව ඇත්තේ ය.

එය ද තැනවෙන්නේ මහ අමුතු විදිහකට ය. හේතුව ලෝකයේ ප‍්‍රකටතම ටනල්කාරයාහෙවත් උමං කනින්නා  අත්හැර දමා, වැඩි ප‍්‍රසිද්ධියක් නැති ඉරාන සමාගමක් මගින් උමං හෑරීම ය!

ස්වීඩනයේ ස්කන්ස්කා සමාගම ලෝකයේ ප‍්‍රකටතම උමං කනින්නා ය. කොත්මලේ සහ කුකුළේ ඇතුළු ලංකාවේ භූගත විදුලි බලාගාර ව්‍යාපෘති බොහොමයක උමං කනින්නාවුයේ ද ඔවුන් ය. එහෙත් ලංකාවේ දීර්ඝතම භූගත උමං පද්ධතිය ඉදි වන උමා ඔය ව්‍යාපෘතියේ උමං කනින්නා’, උමං සම්බන්ධයෙන් වැඩි ප‍්‍රසිද්ධියක් නැති ඉරාන සමාගමකි!

උමා ඔය ව්‍යාපෘතිය  යනු, පොළෝ අභ්‍යන්තරය සම්බන්ධයෙන් රටේ අතිශයින්ම සංවේදී භූමි කලාපයක ඉදිවන නිර්මිතයකි. එවන් ව්‍යාපෘතියක් අරභයා උසස් මට්ටමේ පාරිසරික බලපෑම් වාර්තාවක්සකස් කෙරී නැති බව ද දැන් හොඳින්ම පැහැදිලි ය!

කොත්මලේ යනු ලංකාවේ ඉදි කෙරුණු ප‍්‍රථම භූගත ජල විදුලි බලාගාරයයි. එහි උමං කනින්නා වූ ස්වීඩන් ස්කන්ස්කාසමාගම, එකල මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ සහ ආචාර්ය කේ. එන්. එස්. කුලසිංහ (කොන්ක‍්‍රීට් කුලසිංහ) යන දේශීය විද්වතුන්ගේ ද උපදේශකත්වය ලබා ගත්තේ ය. එදා එසේ වුව ද වර්තමානයේ උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දේශීය විද්වතුන්ගේ සහායක් ලබන බවක් පෙනෙන්නට ද නැත. රටේ මධ්‍යම කඳුකරයට අයත් පොළොව අභ්‍යන්තරයේ  යම් කොටසකට බලපෑමක් ඇති වන්නේ නම්, අනාගතයේ රටට කුමන ප‍්‍රතිඵලයක් අත් වේ ද? යන්න, උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කල්පනා කළ යුතු වැදගත්ම කාරණයයි!
(පින්තූර-අන්තර්ජාලයෙනි)
2017/07/29.