Total Pageviews

Friday, February 16, 2018

සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-04




බ්ලොග් සින්ඩිකාරයෝ




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
සිංහල බ්ලොග් අඩවි, පාඨකයා වෙත ගෙන යන්නට උර දෙන්නේ (ප‍්‍රවර්ධනය කෙරෙන්නේ) බ්ලොග් සින්ඩිමගිනි. සින්ඩියක්යනු අන්තර්ජාලයේ ඇති බ්ලොග් ගොනුවකි. ඇතැම් බ්ලොග්කරුවෙකු දක්වන ආකාරයට, ‘වියුණු එකතුවකි’. මෙය Syndicate’ (සම්මේලනය) යන ඉංග‍්‍රීසි වදනින් බිඳී අන්තර්ජාල සිංහල වහරට පැමිණියකි. එයට (සින්ඩියට) පිවිසීමෙන්  ඕනෑම කෙනෙකුට (පාඨකයෙකුට), ‘සින්ඩියේලියාපදිංචිය ඇති  ඕනෑම බ්ලොගයකට ඉක්මණින් පිවිසීමේ පහසුව ලැබේ. සින්ඩියක් විවෘත කළ විට බ්ලොග් විශාල සංඛ්‍යාවක හෙඩ්පීස්දැකගත හැකි ය.  ඕනෑම සින්ඩියක්’, තමන්ගේ ගොනුවේ ඇති බ්ලොග්වල නම් සහ අලූතින්ම පළ කෙරුණු පොස්ටුවලසිරස්තල පෙන්වයි. ඒවාට කෙටීමෙන්තමන් කැමති බ්ලොගයකට පිවිසීමට පුළුවන. මේවා බ්ලොග් රෝල්’ (Blogroll) නමින් ද ව්‍යවහාර වේ. බ්ලොග්කරුවන් බොහොම දෙනෙක්, තම බ්ලොග් අඩවි සින්ඩි කිහිපයක ලියාපදිංචි කරන්නට ද කටයුතුකර ඇති බව පෙනෙයි. බ්ලොග් පාඨකයන් ද පුරුදුව සිටින්නේ සින්ඩියකටපිවිස බ්ලොග් කියවන්නට ය.

බොහොමයක් අවස්ථාවල අලූතින් පළ කෙරෙන බ්ලොග් සහ ඒවායෙහි එන අපූර්ව පෝස්ටු පිළිබඳ පාඨකයන්ට හඳුන්වා දෙන්නේ සින්ඩිඔස්සේ ය. බ්ලොගයෙහි පළ කරන අලූත්ම පෝස්ටුවේ හෙඩිම’ (සිරස්තලය) සහ පොස්ටුවෙන් යම් කොටසක් සින්ඩියේ (සින්ඩි එකක හෝ කිහිපයක) යාවත්කාලීන (Update) වෙයි. එසේම බ්ලොගයට එක්ව සිටින Followersහෙවත් පසු හඹන හෝ පස්සෙන් පන්නන අයගේ බ්ලොග් ලින්කුවලට ද එහි හෙඩිමලැබෙයි. එවිට බ්ලොග් පාඨකයෝ අලූත් පෝස්ටුව ගැන දැන ගනිති. ඇතැම් බ්ලොග් අඩවි, තම අලූත් පොස්ටු ඊමේල් මගින් ඔවුන්ගේ පාඨකයන් වෙත යැවීමේ සේවාවන් පවා පවත්වා ගෙන යයි.

ඒ අතින් බලන කල බ්ලොග් සින්ඩිමගින් කෙරෙන මෙහෙවර ඉතා විශාල ය. එය හරියට පුවත්පත් ලෝකයේ අලූත් ලේඛකයන් හඳුන්වාදෙන අවස්ථාවකට ටිකක් සමාන ය.


ලංකා බ්ලොග් කියවනය’ (lankabloggers.com), ‘ලාංකීය සිතිවිලි’ (www.lankeeya.lk), ‘විකසිත සින්ඩිය’ (syndi.wikasitha.com), ‘මාතලන්ගෙ සින්ඩිය’ (maathalangesindiya.blogspot.com), ‘අටම්පහිය සින්ඩිය’ (atampahiya.blogspot.com), ‘කමත සින්ඩිය’ (k-matha.blogspot.com), ‘විගස පුවත් සින්ඩිය’ (vigasapuwathsyndy.blogspot.com), ‘සින්ඩි ලංකා’ (sindilanka.blogspot.com)  කොත්තු සින්ඩිය’ (kottu.org),  ලීෂාන්ගේ බ්ලොග් රෝල’, ‘අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය’ (blogdharshakaya.blogspot.com), ‘සිංහලයා සින්ඩිය’ (sinhalayasindiya.blogspot.com), ‘අපි අපිට බ්ලොග් කියවනය’ (api-apita.blogspot.com),  අඹගහයට’ (ambaghayata.blogspot.com), සහ කුරුටු සින්ඩිය’ (kurutugegepawra.blogspot.com)  යනු එබඳු සජීවී බ්ලොග් සින්ඩි ගණනාවක් අතුරෙන් කිහිපයකි.

මින් ලංකා බ්ලොග් කියවනයසඳහන් කරන්නේ තම සින්ඩියෙහි සජීවී බ්ලොග් අඩවි 428ක් ලියාපදිංචිව ඇති බව ය. එසේම ඒවායෙහි සජීවී පොස්ටු 20,558ක් පළ කෙරී ඇති බව ය. තම සින්ඩියෙහි බ්ලොග් අඩවි 3307ක් ලියාපදිංචිව ඇති බව, ‘ලාංකීය සිතිවිලිසින්ඩියෙහි සඳහන්කර තිබිණි. සිංහලයා සින්ඩියෙහි බ්ලොග් අඩවි 569ක් ලියාපදිංවිව තිබේ. අපි අපිට බ්ලොග් සින්ඩියෙහිබ්ලොග් අඩවි 424ක් ලියාපදිංචිවී ඇති බව සඳහන් ය. මින්, දෙසැම්බර් 22 වැනි දා වන විට මාතලන්ගේ සින්ඩියටලැබුණු පිවිසුම්’ (හිට්ස්) සංඛ්‍යාව 7,55,283ක් විය. මෙයින් පෙනෙන්නේ විශාල පිරිසක් සිංහලෙන් බ්ලොග් ලියන බවයි. එසේම ඔවුන් තම බ්ලොග් අඩවි, ‘සින්ඩිවලලියාපදිංචිකර ගන්නට ද උනන්දු වන බවයි. බ්ලොග් කියවන්නන් ද විශාල පිරිසක් සිටින බවයි.

ඇතැම් සින්ඩිකරුවෝ, හොඳ අලූත් බ්ලොගයක් දුටුව හොත් එය ඉල්ලීමකින් තොරවම තම සින්ඩියට එක්කර ගැනීමට කටයුතු කරති. එසේම බ්ලොග් කලාවේදීහු ද තමන් එක්ව සිටින්නේ කිනම් සින්ඩිවලට ද යන්න, මුල් පිටුවේම ප‍්‍රදර්ශනය කරන්නට පුරුදුව සිටිති.

අටම්පහියසින්ඩිය, ‘අටම්පහුරබ්ලොග්කරුවාගේ නිමැවුමකි. අටම්පහුර බ්ලොගයේ මුල් පිටුවේ, එම  සින්ඩියටපිවිසීමට ලින්කුවක්යොදා ඇත. එය දක්වා ඇත්තේ, ‘අටම්පහුරේ සින්ඩිකේටරයක් වගේ මෙව්වා එකකියා ය. අටම්පහිය සින්ඩිය, තමන්  අලූතින් එක්කර ගත් බ්ලොග්කරුවන් හඳුන්වන්නේ, ‘බ්ලොගර් දෙව් වරම් ලැබූ තවත් පිරිසක්යන යෙදුමෙනි!

කියවිය යුතු බ්ලොග් අඩවි මොනවා ද? යන්න නො දන්නා කෙනෙකුට වුව ද, ‘සින්ඩියකටපිවිසිමෙන් සුදුසු බ්ලොග් අඩවි හඳුනා ගැනීමට පුළුවන. එසේම, ඒවායෙහි අලූත්ම අලූත් පෝස්ටු’ (ලිපි) ද දැකගත හැකි ය. තෝරා ගන්නා බ්ලොග් අඩවිවලට ඉක්මණින් පිවිසීමට ද හැකි වේ. එය අන්තර්ජාල පාඨකයන්ට මහත් පහසුවකි.

වර්තමානයෙහි අන්තර්ජාලය තුළ සිංහල බසින් පළ කෙරෙන විවිධ ලියැවිලි දිනෙන් දින වැඩි වෙමින් තිබේ. ඒවා වෙබ් අඩවි, ‘ෆේස් බුක්ජාල සහ බ්ලොග් අඩවි මුල්කර ගෙන පැතිර පවතියි. එයින් බ්ලොග් අඩවි,  ඒවාටම අනන්‍ය වේදිකාවක් නිර්මාණයකර ගෙන ඇති බවක් පෙනී යයි. බ්ලොග් අඩවිවල අන්තර්ගතය, භාෂාව, ඉදිරිපත් කරන විලාශය, විචාරාත්මක ස්වරය සහ නාමකරණයන් පවා, ‘මුද්‍රිත කඩදාසි ලෝකයේමෙතෙක් පැවති සාහිත්‍ය හෝ සන්නිවේදන ස්වරූපයන්ට වඩා වෙනස් ය! පොත් පත් (මුද්‍රිත මාධ්‍ය) කියවන්නන් ක‍්‍රමයෙන් අඩු වෙමින් යන බවටත්, දැන් පොත් පත් අලෙවිය පවා පල්ලම් බැස ඇති බවටත් අප නිතර මැසිවිලි නගන්නෙමු. එය ඇත්තකි. එහෙත් අන්තර්ජාලය නම් මෑතක සිට කියවන්නන් ගෙන් පිරී පවතිනු පෙනෙයි! එසේම තවදුරටත් පිරී යමින් පවතිනු පෙනෙයි!

සර්වර්වලටමුදල් ගෙවා පළකළ යුතු වෙබ් අඩවිපසෙකින් තබමු. දැන් නො මිලේ පරිශීලනය කළ හැකි ෆේස් බුක්ජාල ඔස්සේ, මනා සංයමයෙන් යුතුව තොරතුරු හුවමාරුකර ගන්නා අය (සන්නිවේදකයන්?) එමට සිටිති. ඔවුන්ගේ ලියැවිලි හෝ නිර්මාණ ආකෘතික වශයෙන් යම් කෙටි හැඩයකට පෙළගස්වනු ද දිස්වෙයි. ඒවායෙහි තේමාවන් ද විවිධ ය. විචිත‍්‍ර ය. අලංකාරවත් ය. ෆේස් බුක්ජාල තරම් පෘථුල නො වුව ද, ‘බ්ලොග් රචනාඔස්සේ සිංහල බසින් සන්නිවේදනයෙහි යෙදීම ද වර්තමාන ජන සමාජයෙහි ඉහළ කියැවීම් පරාසයක් අත්පත්කර ගෙන සිටිනු දැකිය හැකි ය. බ්ලොග්ලියන්නට මෙන්ම කියවන්නට ද අන්තර්ජාල සේවා ගාස්තුවසහ ශ‍්‍රමය හැරෙන්නට වෙන යම් මූල්‍යමය වියදමක් දරන්නට සිදු වන්නේ නැත.
(මතු සම්බන්ධයි)
2018/01/17

2 comments: