‘ස්මාර්ට් පෝන්’ භාවිතය ඉහළ
නංවමින් කෙරෙන
නව යොවුන් පරපුරේ අන්තර්ජාල ආක‍්‍රමණය
(ක‍්‍රිෂ්ණ
විජේබණ්ඩාර)
‘කොමියුන්කේෂන්
එකක්’ හෙවත් නූතන
ලෝකයේ ‘සන්නිවේදන
වෙළෙඳසැලක්’ පවත්වා ගෙන යන
මිත‍්‍රයෙක් වරක් අපූරු කතාවක් කීවේ ය.
‘මචං ඉස්සර
මිනිස්සු නම් හවසට ගෙදර යන කොට ඉතින් එළවළු ටිකක්, හාල්-පොල් ටිකක්, පාන් ගෙඩියක්
අරගෙනයි ගෙදර ගියේ. දැන් ඉන්න මිනිස්සු හවසට ගෙදර යනකොට අරන් යන්නේ ටෙලිපෝන් කාඩ්.
දැන් හුඟ දෙනෙක් හවසට ‘ඩේටා කාඞ්’ අරන් යනවා.
ඉස්සර විදිහට නම් ඉතින් උයාපිහා ගෙන කාලා, ටී. වී.ත් බලලා නිදා ගන්නවා. දැන් ඉතින් මේ
ගොල්ලෝ ? එළිවෙනකම්
එක්කෝ ඉන්ටර්නෙට් යනවා ඇති. නැතිනම් කාටහරි කතාකරනවා ඇති!’, ඔහු පැවසුවේ
තම වෙළෙඳසැලෙහි හැන්දෑ අත්දැකීම් ගැන සිහිපත් කරමිනි.
මේ වෙනෙකක් නොව, කාලය විසින්
මැව් අරුමයයි. දැන් එළඹ තිබෙන්නේ ‘ඉන්ටර්නෙට්’ හෙවත් ‘අන්තර්ජාල’ සමාජයකි. ජන
හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2017 වසරේ මුල් මාස හය සම්බන්ධයෙන් නිකුත් කළ ‘පරිගණක
සාක්ෂරතාවය’ පිළිබඳ
වාර්තාවට අනුව, 2016 වසරේ දී
ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 27.5කි. 2017 වසරේ මුල් මාස හයේ දී
එය සියයට 28.3ක් දක්වා ඉහළ
ගොස් තිබේ. වර්තමාන ලංකාවේ අන්තර්ජාල භාවිතය සියයට 21.3කි. එය පෙර වසරට (2016) වඩා සියයට හයක
පමණ වැඩිවීමකි. මින් පෙනී යන්නේ ලංකාවේ මිනිසුන් ඉතා වේගයෙන් නවීන ‘ඊ සමාජය’ වැළඳ ගනිමින්
සිටින බවයි.
2000 වසරෙන්
ඇරඹුණු දශකයේ මුල් භාගයේ පටන් ලංකාවේ පරිගණක භාවිතාව සහ අන්තර්ජාල භාවිතාව අතිශය
වේගයෙන් ඉහළ ගියේ ය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවල සඳහන් වන ආකාරයට, 1998 වසරේ ලංකාවේ
සිටි අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 18,984ක් විය. 2016 වසර නිම වන
විට ලංකාවේ අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 49,20,554ක් තරම් ඉහළ තත්ත්වයකට
වර්ධනය විණි! එයින් කියැවෙන්නේ, 2016 වසරේ රටේ සමස්ත ජනගහනයෙන් සෑම පුද්ගලයන් 4.3කින්ම එක් අයෙක්
අන්තර්ජාල ග‍්‍රාහකයෙකු බවට පත්ව ඇති බවයි.
එසේම ජංගම දුරකතන භාවිතය ද වේගයෙන් ඉහළ
ගොසිනි. 2016 වසරේ ලංකාවේ
භාවිත කෙරුණු ජංගම දුරකතන සංඛ්‍යාව 2,62,27,631කි. එය එම වසරේ රටේ
සමස්ත ජනගහනය (2,12,03,000) ද ඉක්මවා
යාමකි. දැන් එක් පුද්ගලයෙක්, ජංගම දුරකතන කිහිපයක් භාවිත කරන්නට පෙළඹී
සිටීම ඊට හේතුවයි. 2016 වර්ෂය හමාර
වන විට ලංකාවේ භාවිතයේ පැවති ජංගම දුරකතන සංඛ්‍යාව ජනගහනය සමග ගැලැප්පූ විට, එක්
පුද්ගලයෙකු සාමාන්‍යයෙන් ජංගම දුරකතන
හතරක් පමණ භාවිත කරන බව පෙනී යයි! බිල්පත් ද ගෙවමින් ජංගම දුරකතන කිහිපයක් පාවිච්චි
කිරීමට තරම්, ඔවුන්ගේ
ගෘහස්ථ සහ සමාජීය අවශ්‍යතා ද වැඩිවී ඇති බව මෙයින් හෙළි වන කාරණයයි.
තොරතුරු තාක්ෂණය පිළිබඳ කාරණා දිනෙන් දින
අලූත් වන බව කවුරුත් දනිති. සෑම මොහොතක් පාසාම අලූත් අලූත් මෙවලම් භාවිතයට එයි.
කලකට ඉහත නම් අපේ රටේ අන්තර් පුද්ගල දුරස්ථ සන්නිවේදන කිරුළ හිමිකර ගෙන සිටියේ ‘ස්ථාවර දුරකතන’ විසිනි. දැන්
ඒවා භාවිතය අඩු වෙමින් යයි. ‘ස්ථාවර දුරකතනයට’ තිබුණු ‘තැන’ දැන් ජංගම
දුරකතන විසින් හිමිකර ගෙන තිබේ. එහි අලූත්ම පියවර ‘ස්මාර්ට් පෝන්’ (ස්මාර්ට් ජංගම
දුරකතන) ය. එය දුරකතන සබඳතාව පමණක් නොව අන්තර්ජාල සන්නිවේදනය ඇතුළු බහුවිධ ක‍්‍රියාකාරකම්
වෙනුවෙන් නිපැයුණකි. ‘ස්මාර්ට් පෝන්’ දැන් ඉතා
වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබේ.
කලකට ඉහත නම් ‘ඊ සමාජය’ අරා සිටියේ ‘මේසය මත තබන’ යන අරුත් ඇති ‘ඩෙක්ස්ටොප්’ පරිගණක ය. ඉන්
පසුව ‘උකුල මත තබා
ගෙන වැඩ කළ හැකි’ සංයුක්ත ‘ලැප්ටොප්’ පරිගණක
භාවිතයට ආවේ ය. ඉතා පහසුවෙන් තැනින් තැන ගෙන යාමට හැකිවීම නිසා, ඒවාට වැඩි
ආකර්ෂණයක් ලැබිණි. ඉන් පසුව ඊටත් වඩා හුරුබුහුටි ‘ටැබ්ලට් පරිගණක’ පැමිණියේ ය. ප‍්‍රමාණයෙන්
ඉතා කුඩා වන නිසා ඒවා ජනප‍්‍රිය වන්නට විය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ
‘පරිගණක
සාක්ෂරතාවය’ පිළිබඳ අලූත්ම
වාර්තාවට අනුව, දැන් තත්ත්වය
ඊටත් වඩා වෙනස් ය. අන්තර්ජාලයට පිවිසීම සම්බන්ධයෙන් මෙතෙක් ‘ඩෙක්ස්ටොප්’, ‘ලැප්ටොප්’ සහ ‘ටැබ්ලට්’ පරිගණකවලට
තිබුණු තැන, දැන් ‘ස්මාර්ට්
දුරකතන’ (ස්මාර්ට් පෝන්)
විසින් උදුරා ගනිමින් තිබේ. එහි සඳහන් වන අන්දමට, දැන් අන්තර්ජාලයට
පිවිසීමේ ජනප‍්‍රියම ක‍්‍රමය වන්නේ ‘ස්මාර්ට් පෝන්’ ය!
ඔවුන් කියන හැටියට, 2016 වසරේ දී අපේ
රටේ උදවිය අන්තර්ජාලයට පිවිසීම පිණිස වැඩිපුරම භාවිත කළ මෙවලම වූයේ ‘ඩෙක්ස්ටොප්’ හෝ ‘ලැප්ටොප්’ පරිගණකයන් ය. එහි
භාවිතය සියයට 48.3ක් විය. ඊළඟට
වැඩියෙන්ම භාවිත කළ මෙවලම වූයේ, ‘ස්මාර්ට්’ දුරකතනයයි. එහි භාවිතය
සියයට 43.4ක් විය.
ටැබ්ලට් පරිගණකවලින් අන්තර්ජාලයට ගිය පිරිස සියයට 2.8ක් වූ අතර අනෙකුත්
මාදිලියේ ජංගම දුරකතන මගින් අන්තර්ජාලයට ගිය පිරිස සියයට 5.5ක් විය.
2017 වසරේ මුල්
මාස හය වන විට මේ තත්ත්වය එහැමපිටින්ම වෙනස්වී තිබේ. දැන් අන්තර්ජාලයට පිවිසීමේ
ජනප‍්‍රිය ම ක‍්‍රමය වන්නේ,
‘ස්මාර්ට්’ දුරකතනයයි! එම වකවානුව තුළ අන්තර්ජාලයට
පිවිසුණු අය අතුරින් සියයට 56.9ක් දෙනා භාවිත කළ මෙවලම වූයේ, ‘ස්මාර්ට්’ දුරකතනයයි. 2016 වසරේ ‘ස්මාර්ට්
දුරකතන’ භාවිතය සමග සසඳන විට, එය පෙර වසරට වඩා සියයට
13ක පමණ වැඩි
වීමකි.
2017 වසරේ මුල්
මාස හය තුළ, ‘ඩෙක්ස්ටොප්’ හෝ ‘ලැප්ටොප්’ පරිගණකවලින්
අන්තර්ජාලයට ගිය පිරිස සියයට 38.1ක් විය. 2016 වසර සමග සසඳන විට, එය පෙර වසරට
වඩා සියයට 13ක පමණ අඩු
වීමකි. 2017 වසරේ මුල්
මාස හය තුළ ටැබ්ලට් පරිගණකවලින් අන්තර්ජාලයට ගිය පිරිස සියයට 2.1ක් වූ අතර
අනෙකුත් මාදිලියේ ජංගම දුරකතන මගින් අන්තර්ජාලයට ගිය පිරිස සියයට 2.9ක් විය. එයින්
ද පෙන්නුම් කෙරෙන්නේ, අන්තර්ජාලයට
පිවිසීම සම්බන්ධයෙන් ‘ඩෙක්ස්ටොප්’ හෝ ‘ලැප්ටොප්’, සහ ‘ටැබ්ලට්
පරිගණක’ මෙන්ම සහ අනෙකුත් මාදිලියේ ජංගම දුරකතනවලට ද පැවති
ඉල්ලූම වේගයෙන් පහත වැටෙමින් යන බවයි. අලූත්ම තොරතුරු, අනුව බලන විට, ‘ස්මාර්ට්
දුරකතන’ ව්‍යාප්තිය
අතිශයින්ම ආක‍්‍රමණශීලී බව පෙනී යයි.
අපේ රටේ අන්තර්ජාල භාවිතය දෙස බලන විට පෙනී
යන සුවිශේ්ෂ කාරණයක් තිබේ. එනම්, එය දැඩි ලෙස තරුණ සහ ගැටවර වයස් කාණ්ඩවල
අයගේ ග‍්‍රහණයට හසුව තිබීමයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 වසර සඳහා
නිකුත් කළ දත්ත අනුව, අද අන්තර්ජාල
භාවිතයේ ‘කප් ගසා ඇත්තේ’ අවුරුදු 15ත් 29ත් අතර වයස්
කාණ්ඩවල පසුවන අයයි! වයස අවුරුදු 15-19 කාණ්ඩයේ අන්තර්ජාල
භාවිතය සියයට 28.2කි. 20-24 වයස් කාණ්ඩයේ
එය සියයට 40.1කි. 25-29 වයස් කාණ්ඩයේ
එය සියයට 35.9කි. ‘ෆේස් බුක්’, ‘ඉන්ටර්ග්‍රෑම්’ සහ ‘ට්විටර්’ ආදී සමාජ මාධ්‍ය
ජාලා ඔවුන්ගේ ජනප‍්‍රියම අන්තර්ජාල සන්නිවේදන මෙවලම් වෙයි.
පරිගණක සාක්ෂරතාවයේ ඉහළින්ම වැජඹෙන්නේ ද, අ. පො. ස.
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපන මට්ටමේ සිසු සිසුවියෝ ය. එසේම ‘ඩිජිටල්
සාක්ෂරතාවය’ (Digital
Literacy) අතින් ඉහළම තලයේ සිටින්නේ ද ඔවුන්ගේ අධ්‍යාපන
මට්ටමේ අයයි. වයස අවුරුදු 05-19 අතර කාණ්ඩයේ
පිරිස් අතර ‘ස්මාර්ට් පෝන්’ භාවිතය ද අධික
ය!
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ, ‘2016 වසරේ ලංකාවේ
ළමා ක‍්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණ වාර්තාව’ දක්වන ආකාරයට, තොරතුරු තාක්ෂණ විෂය
වර්තමානයේ ළමයින් අතර බොහෝ ජනප‍්‍රිය ය. වයස අවුරුදු 5-11 අතර වයස්
කාණ්ඩයේ පාසැල් දරුවන් ගෙන් සියයට 81.3ක් ද, වයස අවුරුදු 12-14 අතර වයස්
කාණ්ඩයේ පාසැල් දරුවන් ගෙන් සියයට 72ක් ද, වයස අවුරුදු 15-17 අතර පාසැල් දරුවන්
ගෙන් සියයට 45.3ක් ද තොරතුරු
තාක්ෂණ විෂය හදාරමින් සිටින්නෝ ය!
වර්තමාන ගැටවර සහ තරුණ පරපුර හැදී වැඩෙන්නේ ‘ඩිජිටල්’ සමාජයක ය.
එබැවින් ඔවුන්ට පරිගණක, ලැප්ටොප්, ටැබ්ලට් හෝ
ස්මාර්ට් පෝන් අරුමයක් නොවේ. ඔවුන් බහ තෝරන්නේ ද තාක්ෂණ ලෝකයක හෝ තාක්ෂණ පරිසරයක
ය. එහෙත් වර්තමාන වැඩිහිටි පරපුරට, එවන් දියුණු තාක්ෂණික පහසුකම් නො තිබිණි.
ඔවුන්ට අලූත් තාක්ෂණය ‘අල්ලා ගන්නට’ ඉඩකඩක් නො
වීය. එබැවින් දෝ, වයස අවුරුදු 40න් ඔබ්බට අපේ
රටේ අන්තර්ජාල භාවිතාව බොහොම අඩු ය. වයස අවුරුදු 40-49 කාණ්ඩයේ එය සියයට 13.2කි. ඉන් ඔබ්බට
එය සියයට තුනක් හෝ දෙකක් තරම් පහළ අගයක් ගනියි.
ලාංකේය ජන සමාජය ඉතා වේගයෙන් ‘ඊ සමාජයක්’ වෙත ගමන්
කරමින් සිටින බව මෙම තොරතුරුවලින් පෙනී යයි. එය හොඳ දෙයකි. වසර 2000න් ඇරඹුණු
දශකයේ පටන්, පැවති ආණ්ඩු
විසින් රටේ තොරතුරු තාක්ෂණ ධාරාවට අතිශයින්ම පුළුල් ලෙස යටිතල පහසුකම් සැපයීම, මෙම වර්ධනීය
තත්ත්වයට ප‍්‍රබල හේතුවක් විය. එසේ වුව ද, අපේ රටේ උදවිය,
අන්තර්ජාල සහ පරිගණක සාක්ෂරතාව නිසි පරිදි, එනම් යහපත් සහ
සාධනීය සන්නිවේදන භාවිතාවකට හසුරුවා ගෙන තිබේ ද? යන්න මෙහි දී පැන නගින
ගැටලූවයි!
(කාටුන් අන්තර්ජාලයෙනි)
2018/02/03.
(මෙය 2018/02/04 දින ඉරිදා රිවිර
පුවත්පතේ පළ විය.)
කිසිම ආණ්ඩුවක් මේසඳහා කරපු දෙයක් නැහැ. ආන්ඪුඅව කලානම් කල එකම දේ රජය සතුව තිබූ ටෙලිෆෝන් ඒකාධිකාරය නැටිකල එක පමණයි. යටිතල පහසුකම් එනම් අන්තර් මහද්වීපික කේබල්, දුරකථන කුළුණු, රට තුල කේබල්, බේස් ස්ටේශන්, සඳහා ආයෝජනය කලේ පෞද්ගලික දුරකථන සමාගම්. අද සමාගම් කිහිපයක් මුල්‍ය අතින් අවදානම් තත්ත්වයට එන්න ඒක එක හේතුවක්. විශාල වේගයකින් වෙනස්වන තාක්ෂණය සඳහා අයෝජනය කලත් ඒවායින් අයෝජනය කල මුදල හොයා ගන්නවත් ආදායමක් එන්නේ නැහැ. ඒ මදිවට එම ආදායමෙන් 40% පමණ බදු අය කරනවා.
ReplyDeleteඉයන් ඔබ හරියටම හරි. අද පෞද්ගලික අංශය උනත් අදික මිලට අන්තර්ජාල පහසුකම විකුනන්නෙ රාජ්‍ය අංශය විසින් ඔවුන්ට කිසිම සේවයක් ඉටු නොකරන නිසා. මම අන්තර්ජාලයට එන්නෙ බ්ලොග් එක නොලිව්වොත් ඇර ෆෝන් එකෙන් විතරයි. ආදායමේ හැටියට සුළු මිලක් මම ෆෝන් එකට ගෙවන්නෙ සීමාවක් නැති අන්තර්ජාල සේවයකුත් ඇතුළුව. මේ රජයේ ඩිජිටල් ඇමති කෙනෙක් ඉඳලත් අපි තවම ගල් යුගයේ..!! දුකයි 😡
Deleteමෙහේ ලොකු පුටුවල ඉන්නෙම වගකීමක් ගන්න බය,නිර්මාශීලීත්වයෙන් තොර දුර්වලයෝ.අහංකාරකම,කුහකබව තමයි ඔවුනගේ සුදුසුකම්.ඒ වගේම වන්දිහට්ටකම.බොලාට හතරවරන් දෙවි පිහිටයි!
ReplyDeleteරජය දන්නෑ වගේ ලෙසටම හම්බ කරනව
ReplyDelete