Total Pageviews

Saturday, May 26, 2018

අනුන්ගේ කන්ටේනර් සුරතල් කිරීමේ න්‍යාය!

අනුන්ගේ කන්ටේනර් සුරතල් කරමින්
ආතල් එකක් ගැනීමේ න්‍යාය!





(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පසුගිය කාලයේ, ‘නැව් එන්නේ නැති වරායක්යයි අනේක විධ ගැරහුම් ලැබුවේ හම්බන්තොට ඉදි වුණු මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායයි’. එහෙත් දැන් දැන් කොළඹ වරායට එන නැව් සංඛ්‍යාව ද අඩු වෙමින් යන බවක් පෙනී යයි. කාරණය සඳහන් වන්නේ 2017 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ ය.

එහි සඳහන් වන අන්දමට, 2016 වර්ෂයේ කොළඹ වරායට පැමිණි නැව් සංඛ්‍යාව 4405කි. 2017 වසරේ දී එය නැව් 76කින් පහත වැටී, සමස්ත නැව් සංඛ්‍යාව 4329ක් බවට පත්ව තිබිණි. කොළඹට පමණක් නොවේ. රටේ සියලූම වරායවලට එන නැව් සංඛ්‍යාව ද දැන් දැන් අඩුවී යමින් තිබෙනු පෙනෙයි. 2016 වසරේ දී ලංකාවට පැමිණි සමස්ත නැව් සංඛ්‍යාව 4998කි. 2017 වසරේ එය 4879ක් දක්වා (නැව් 119කින්) පහත වැටී තිබේ!

තත්ත්වය එසේ වුව ද, ‘ප‍්‍රති නැව්ගත කිරීම් (Transhipment)සම්බන්ධයෙන් නම් කොළඹ වරාය 2017 වසරේ ලබා ඇති ප‍්‍රගතිය සියයට 8.8කි. එම වසරේ ඔවුන්  කන්ටේනර් (බහලූ) 48,26,000ක් ප‍්‍රති නැව්ගතකර ඇත. එය 2016 වර්ෂයට වඩා කන්ටේනර් 3,91,000ක වැඩි වීමකි. කොළඹ වරායේ දී ප‍්‍රති නැව්ගත කිරීම්යයි කියන්නේ, ‘අනුන්ගේහෙවත් ලංකාවට යාබදව පිහිටි ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ මියැන්මාර් ආදී රටවලට යන-එන කන්ටේනර් හුවමාරු කිරීම ය. තවත් ආකාරයකට කිව හොත් අනුන්ගේ කන්ටේනර් සුරතල් කිරීමෙන්ආතල් එකක් ගැනීම ය. ඒවායෙහි එන්නේ ද, යන්නේ ද ඔවුන්ගේ රටවල  ආනයන හෝ අපනයනනැව් බඩු ය.

මහ බැංකු වාර්තාවේ දැක්වෙන අන්දමට, 2017 වසරේ කොළඹ වරායෙන් මෙහෙයවා ඇති සමස්ත කන්ටේනර් සංඛ්‍යාව 62,09,000කි. එයින් කන්ටේනර් 48,26,000ක් ම ප‍්‍රති නැව්ගත කිරීම්හෙවත් අනුන්ගේ කන්ටේනර්ය. ඒ අනුව බලන විට, 2017 වර්ෂයේ හුවමාරුවූ අපේ රටට අයත්කන්ටේනර් සංඛ්‍යාව 13,83,000ක් පමණ වේ. වර්ෂ 2015 දී නම්, ‘අපේ රටට අයත්කන්ටේනර් සංඛ්‍යාව 19,22,000ක් තරම් ඉහළ අගයක් ගත්තේ ය. දැන් එය කෙමෙන් පල්ලම් බසින බවක් පෙනී යයි!


අනුන්ගේ කන්ටේනර් මෙහෙයවීම, කොළඹ වරායට නම් රට සල්ලි යහමින් උනන’, ආකර්ෂණීය වැඩකි. එහෙත් එයින් පමණක් අපේ රටේ පුළුල් ආර්ථික වර්ධනයක් පිළිබිඹු වන්නේ නැත. ලංකාවේ නැව් බඩු ඇතුළත්, ‘ලංකාවට එන-යන කන්ටේනර් සංඛ්‍යාව ක‍්‍රමයෙන් අඩුවී යනවා යයන්නෙහි යටි පෙළ අරුත අතිශයින් ම බරපතල ය.  එහි තේරුම, ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත‍්‍රයවිශාල බිඳ වැටීමකට ලක්ව ඇති බවයි! අපේ ම කියා කටක් ඇර කිවහැකි අපනයනඅඩුවී ඇති බවයි! එසේ ම, අපේ ම කියා කන්ටේනර් සුරතල් කරන්නට තිබෙන අවස්ථා වේගයෙන් ගිලිහෙමින් යන බවයි!

කොළඹ වරාය ඔස්සේ ලංකාවට අයත් කන්ටේනර්විශාල ලෙස හුවමාරු වන්නට නම්,  අපේ රට තුළ අපනයනය මුල්කර ගත් නිෂ්පාදන බහුලව තිබිය යුතු ය. ලංකාවේ කන්ටේනර් සංඛ්‍යාව අඩු අගයක් ගැනීමෙන් පෙන්නුම් කෙරෙන්නේ, වර්තමාන ලංකාව නිෂ්පාදන කර්මාන්තක්ෂේත‍්‍රයෙන් දුරස් වෙමින් යන බව ය. වාර්ෂිකව කොළඹ වරායට  කන්ටේනර් ලක්ෂ ගණන් ලැබුණ ද, ලංකාවට අයත්  කන්ටේනර් ගණන අඩු අගයක් ගෙන ඇත්තේ ඒ හින්දා ය!

මෑත කාලීන ප‍්‍රවණතාවයන් ගත් කල, ලංකාවේ ආර්ථිකයට රට සල්ලි’ (ඩොලර්) ලැබෙන ප‍්‍රධාන මාර්ග කිහිපයක් හඳුනාගත හැකි ය. ඉන් ඉහළම තැනක් ගන්නේ, ‘ඇඟළුම් නිෂ්පාදනකර්මාන්තයයි. එයින් රටට ලැබෙන ආදායමයි. ඊළඟට එන්නේ තේ, පොල්, රබර්, කුරුඳු සහ ගම්මිරිස් ආදී කෘෂිකාර්මික භෝග අපනයනය කිරීමේ ක්ෂේත‍්‍රයයි. විදේශගත ශ‍්‍රමිකයන් ද විශාල වශයෙන් රටට විදේශ විනිමය ගෙන එන්නෝ ය. මැණික් ඇතුළු ඛණිජ ද්‍රව්‍ය අපනයනය මෙන් ම, සංචාරක කර්මාන්තය ද රටට හොඳ ආදායමකි. රට කරවන උදවිය නම් හැමදාමත් කියන්නේ, මේ හැම දෙයක් ම යහපත් තත්ත්වයෙන්පවතින බවයි. ඔවුන් එසේ කීව ද, ඇත්ත කතාව එහැමපිටින් ම වෙනස් ය. එය ලංකාවට අයත්කන්ටේනර් සංඛ්‍යාව අඩුවී යාමෙන් ම, පෙන්නුම් කෙරේ!
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, 2012 වසරේ දී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9774කි. 2014 වසර වන විට එය ඩොලර් මිලියන 11,130ක් දක්වා වැඩි විය. 2016 වසර වන විට එය ටිකක් පහත වැටී, ඩොලර් මිලියන 10,310ක් විය. 2017 වර්ෂයේ ලංකාවේ සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 11,360ක් දක්වා යළි මදක් ඉහළ නැගුණේ ය.

2012 වසරේ සිට, 2017 වර්ෂයේ අවසානය දක්වා ලංකාවේ අපනයන ආදායමේ වර්ධනය ඇමරිකානු ඩොලර් මිලියන 1586කි. එහි තේරුම ගෙවුණු වසර හයක කාලය තුළ රටේ අපනයන ආදායම වසරකට ඩොලර් මිලියන 264.33ක් බැගින් ඉහළ ගොස් ඇති බවයි. 2015 සිට, 2017 වර්ෂය අවසානය දක්වා ලංකාව ලබා ගෙන ඇති අපනයන ආදායමේ වර්ධනය ඩොලර් මිලියන 814කි. ගෙවී ගිය වර්ෂ තුනක කාලය තුළ ලංකාවේ අපනයන ආදායම,  වසරකට ඩොලර් මිලියන 271.3ක් බැගින් ඉහළ ගිය බව එයින් පෙනේ. එහෙත් මෙයට සාපේක්ෂව රටේ ආනයන වියදමඅධි වේගයෙන් ඉහළ නැග තිබේ. 2012 වසරේ දී ලංකාවේ සමස්ත ආනයන වියදම, ඇමරිකානු ඩොලර් මිලියන 19,190කි. 2017 දී එය ඩොලර් මිලියන 20,980කි. එය කොතෙක් බරපතල ද යත්, 2017 දී ඩොලර් මිලියන 9619සෘණ වෙළෙඳ ශේෂයක්හට ගෙන ඇති බව ද මහ බැංකු වාර්තාව කියයි. 2015 වසරේ සිට 2017 වසර දක්වා බලන කල, අපේ රටේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 2045කින් පමණ ඉහළ ගිය බව පෙනී යයි. ඉන්ධන ගෙන්වීම සඳහා දරන්නට වන වියදම, එයින් විශාල කොටසකි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිනෙන් දින අවප‍්‍රමාණ වීම, රටේ මිල මට්ටම් දිනෙන් දින ඉහළ යාම ආදී අහිතකර තත්ත්වයන් රැසක් උද්ගත වන්නේ ද මෙම තත්ත්වය හේතුවෙනි. ඉහළ යන ආනයන වියදමට කර දෙන්නටතරම් ශක්තිමත් අපනයන ආදායමක් නැතිකම වර්තමානයේ දැකිය හැකි ලොකුම ගැටලූවයි. රටේ අපනයන ආදායම් වර්ධනය වීම, එක තැන පල්වෙන ස්වභාවයක් ඇති බව සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.

විදේශගතව සිටින ශ‍්‍රමිකයන් ද, අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන පිරිසකි. මෑතක පටන් විදෙස් රැකියාවලට යන ශ‍්‍රමිකයන් සංඛ්‍යාව ද බෙහෙවින් අඩුවී ගොස් තිබේ. 2014 වර්ෂයේ විදෙස් රැකියාවලට ගිය සමස්ත පිරිස 3,00,703කි. 2017 වසරේ එම සංඛ්‍යාව ද 2,12,162ක් දක්වා 88,542කින් පහත වැටී තිබේ. එය ද රටට ලබෙන විදෙස් විනිමය අඩු වීමට එක් හේතුවකි.

පසුගිය කාලයේ අපට ජී. එස්. පී. ප්ලස්සහනය ද අහිමිව තිබිණි. රටේ අපනයන ආදායම් අඩුවී යාමට එය ද ලොකු හේතුවක් වූයේ ය.

ගෙවී ගිය කාලය තුළ, අපනයන වෙළෙඳපොළ පුළුල්කර ගැනීම හෝ රට තුළ රැකියා ජනනය ආදී අරමුණු ඉටුකර ගැනීම පිණිස කිසිදු අලූත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වුණු බවක් අසන්නට නො ලැබිණි. මහත් ප‍්‍රසිද්ධියක් ලබා ආරම්භ කළ කුලියාපිටියේ වොක්ස්වාගන් මෝටර් රථ කම්හල, හොරණ ටයර් කම්හලද ඵල නො දැරුවේ ය!

අපනයන සම්බන්ධයෙන් වන එක තැන පල්වෙන, නිද්‍රාශීලී ස්වභාවය ඉවත්ව යන බවක් දකින්නට ද නැත. එබැවින් කොළඹ වරාය ඔස්සේ අනුන්ගේ කන්ටේනර් හුවමාරු කරමින් රට සල්ලියක් උපයා ගැනීම විනා, තමන්ගේ ම කන්ටේනර් සම්භාරයක් සුරතල් කරන්නටහැකි සමයක්

ළඟදී එතියි සිතන්නටවත් නුපුළුවන!



(පින්තූර අන්තර්ජාලයෙනි)

2018/05/17

Thursday, May 17, 2018

‘කැටලිනාවුන්ගේ’ කොග්ගල-05-අවසන් කොටස


කැටලිනාවුන්ගේකොග්ගල-05-අවසන් කොටස
කොග්ගල හරහා ලන්ඩන් ගමන් වාර 271ක්!



(රිෂ්ණ විජේබණ්ඩාර)
කොග්ගල ඔස්සේ කෙරුණු පර්ත්, කරච්චි සහ ලන්ඩන් ජාත්යන්තර ගුවන් ගමන් පුරා වසර දෙකකුත් මාස පහක් පමණ පැවතිණි. මුළු ලෝකයට මහත් අස්වැසිල්ලක් ගෙන එමින් දෙවැනි ලෝක යුද්ධය හමාර වූයේ, වර්ෂ 1945 සැප්තැම්බර් 02 වැනි දා . එයින් පසුව පර්ත්, කොග්ගල හා කරච්චි ඔස්සේ කෙරුණු ලන්ඩන් ගුවන් ගමන් නතර කෙරිණි. යුද බිය පහව ගියෙන්, බිරතාන්යය හා  ඕස්ටේරලියාව අතර පියාසර කිරීම හා ඊට වඩා පහසු ගුවන් මාර්ග විවෘත වීම ඊට හේතුවයි. පර්ත්නුවර සිට කොග්ගලට, අවසන් වරට කැටලිනාවක්පැමිණ ඇත්තේ 1945 වසරේ ජූලි මස 18 වැනි දා . එය කොග්ගල ඔස්සේ කෙරුණු ලන්ඩන් ගුවන් සේවාවේ අවසන් ගුවන් ගමනයි.

 ඕස්ටේරලියාවේ පර්ත්නුවර සිට කොග්ගල සහ කරච්චිය හරහා ලන්ඩනය දක්වා කෙරුණු සමස්ත ගුවන් ගමන් වාර සංඛ්යාව 271කි. ගමන්වාර සියල්ලේ , මුල් අදියරේ අතරමැදි ගුවන් තොටුපොළ වූයේ කොග්ගල යි. එම කාලය තුළ  කොග්ගල ඔස්සේ මගීන් 860 දෙනෙක් ගමන් කළ බව, අන්තර්ජාලයේ එන පැරණි වාර්තාවල හන් වේ. සමස්ත කාලය තුළ කිලෝ රෑම් 51,600 පමණ තැපැල් මළු රවාහනයකර ඇත. කොග්ගල හරහා කෙරුණු ගුවන් ගමන් වාර සියල්ලෙහි සමස්ත දුර රමාණය, කිලෝ මීටර් 15,39,546කි!

පර්ත් නුවර කැටලිනා සිහිවටනය
කොග්ගල ගුවන් තොටුපොළ, එවකට ලොව දීර්ඝතම නො නවතින ගුවන් ගමන සම්බන්ධයෙන් ඉතිහාසගත වුණු ස්ථානයකි. ඔස්සේ, ‘දෙවරක් හිරු නැගෙනගුවන් ගමන් පැවති වකවානුව ලංකාවට බොහොම වැදගත් . කොග්ගල, ලොව නො නවතින ගුවන් ගමන් ඉතිහාසයට එක් වීම ඊට හේතුවයි. එසේම එය ක්වන්ටාස් එම්පයර් ගුවන් සමාගමට අතිශයින් වැදගත් . ඊට හේතුව වන්නේ, ලොව රථම නො නවතින සහ දීර්ඝතම ගුවන් ගමනඕස්ටේරලියාවේ පර්ත් නුවරසහ ලංකාවේ කොග්ගලඅතර පැවැත්වීමේ කටයුත්ත ඔවුන් අතින් සිදු වීමයි. එය සිදු වූයේ කැටලිනාවුන්අතිනි.


ක්වන්ටාස් එම්පයර් ගුවන් සමාගම මේ කාරණය සම්බන්ධයෙන් ඉදි කළ විශේෂ සිහිවටනයක් පර්ත් නුවර, ‘ස්වාන් ඉවුරේ පිහිටි ජලචර ගුවන් යානා තොටුපොළෙහි අදත් දක්නට ලැබේ. එය සංචාරකයන් අතර ජනපරිය තැනකි.

දෙවැනි ලෝක යුද්ධය හමාර වූයේ, වර්ෂ 1945 සැප්තැම්බර් 02 වැනි දා . එම වසරේ දී බිරතාන්යයේ ගුවන් සමාගමක් ලැන්කැස්ටිරයන් ගුවන් යානා’  ( Avro Lancastrian Air Craft) යොදා ගෙන, ඉන්දියන් සාගරය ඔස්සේ, ‘කොළඹ ගුවන් තොටුපොළ’ (රත්මලාන) හරහා  ඕස්ටේරලියාව සහ බිරතාන්යය අතර ගුවන් ගමන් ආරම්භ කළහ. කෙසේ වෙතත්, වර්ෂ 1946 වන විට සිංගප්පූරුවයළිත් බිරතාන්යය සහ  ඕස්ටේරලියාව යා කළ ගුවන් ගමන්වල අතරමැදි කේන්ද්රස්ථානය බවට පත් විය. එකල සිඞ්නි අගනුවරසිට ලන්ඩනය දක්වා පියාසර කිරීමට පැය 77 කාලයක් (දින තුනක පමණ) ගත විණි!

එයින් පසුව 1949 වසරේ දී බිරතාන් රාජකීය ගුවන් හමුදාව, කොග්ගල ගුවන් තොටුපොළ යළි රී ලංකාවට භාර දුන්නෝ . එකල ලංකාවේ රාජ් ගුවන් සේවය Air Ceylon. ඔවුහු 1964 වසරේ සිට කොග්ගල ගුවන් තොටුපොළ භාවිත කරන්නට පටන් ගත්හ. පසුව වර්ෂ 1978 දී එය රී ලංකා ගුවන් හමුදාවට  පැවරිණි.


කටුනායක ගුවන් තොටුපොළ , දෙවැනි ලෝක යුද සමයෙහි පැවතියේ බිරතාන් රාජකීය ගුවන් හමුදාව යටතේ . ඔවුහු 1957 වර්ෂයේ එය නැවත රී ලංකා රජයට භාර දෙන ලදී. වර්ෂ 1959 සිට, ‘කටුනායකරී ලංකාවේ රධාන ජාත්යන්තර ගුවන් තොටුපොළ බවට පත් විය.

අපේ කාලයේ කැටලිනාවෝ


දැන් කොග්ගල ගුවන් තොටුපොළට හිට හෝ එන්නේ සී ප්ලේන්යයි ඳුන්වන නවීන ජලචර ගුවන් යානා. ඒවා පැමිණෙන්නේ කොග්ගල ඔයෙහි ජල තලයට . හැරෙන්නට දැන් කැටලිනාවුන්නම් කොග්ගලට එන්නේ නැත. කොග්ගලින් නික්ම ගිය , ලෝකයට නම් කැටලිනාවුන් පිළිබ මතකය තවමත් අලූත් එකකි! පැරණි කැටලිනාවුන් සමූහයක් තවමත් පියාසර තත්ත්වයෙන් යුතුව ඉතිරිව තිබීම ඊට හේතුවයි.

මඩකලපුවට නුදුරින් කල්කුඩා මුහුදේ කිමිදුණු දර්ශන ජයවර්ධන මහතා ඇතුළු ගවේෂකයන් පිරිසකට, 2013 වසරේ දී මුහුදු පත්ලේ තිබුණු අමුතු වස්තුවක් හමුවී තිබිණි. වැඩිදුරටත් කළ ගවේෂණයේ දී අනාවරණය වුයේ, එය දෙවැනි ලෝක යුද්ධ සමයේ  එල්ලවුණු රහාරයකින් මුහුදට ඇද වැටුණු කැටලිනාවක්බව . යානයේ සැකිල්ල මෙන් එන්ජින් සහිත කොටස් ගවේෂකයන්ට හමු විය.

දැනට මාධ් මගින් හෙළිදරව්වී තිබෙන තොරතුරු අනුව, එය දෙවැනි ලෝක යුද්ධ සමයේ ලංකාවට ඉහළ අහසේ දී ජපන් හමුදාවේ රහාරයට ලක්ව විනාශ වුණු එකම කැටලිනා යානාවයි. දෙවැනි ලෝක යුද්ධ සමය හැරුණු විට, ලංකාවේ අවශ්යතා හා කැටලිනාවුන් භාවිත කළ බවක් අසන්නට නො ලැබේ! දෙවැනි ලෝක යුද්ධය පැවති වකවානුවේ පවා කැටලිනාවුන් දුර්ලභ .

කැටලිනා පේරමියෝ
ඇමරිකානු නාවික හමුදාවේ රයෝජනය පිණිස කැටලිනාවුන්මුලින්ම නිපදවූයේ වර්ෂ 1935 දී . බව මීට පෙර සාකච්ඡා කළෙමු. එකල නිපදවුණු සමස්ත කැටලිනාවුන්සංඛ්යාව 3305ක් පමණ වෙතැයි කැටලිනා පේරමීන්ගේවෙබ් අඩවිවල හන්ව තිබේ. ඉන් 2661ක් ඇමරිකාවේ දී නිපැයිණි. කැනඩාවේ දී තවත් 620ක් , සෝවියට් සමූහාණ්ඩුවේ දී  තවත් යානා 24ක් නිපදවිණි. කාලයේ, ඇමරිකාවට අමතරව බිරතාන්යයඕස්ටේරලියාව, කැනඩාව, සෝවියට් සමූහාණ්ඩුව, නෙදර්ලන්තය සහ නවසීලන්තය යන රටවල් කැටලිනාවුන්භාවිත කළහ. මුල් නිපදවීමෙන් වසර 22 දී පමණ, එනම් 1957 වසරේ දී කැටලිනා යානාභාවිතයෙන් ඉවත් කරන ලදී. වර්ෂ 1979 දී යානා යම් සංඛ්යාවක් ඉවත් කෙරිණි.

මුල් නිපැයුමෙන් වසර 83ක් පමණ ගෙවී ගිය , ‘කැටලිනාවුන්සැලකිය යුතු සංඛ්යාවක් තවමත් නිරුපද්රිතව ඉතිරිව තිබෙන බව පෙනේ. වර්ල්ඞ් නැටලිනා නිව්ස්(World Catalina News Magazine) යනු කැටලිනාවුන් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළ කෙරෙන රාවකි. එහි කර්තෘ ඬේවිඞ් ලෙග්(David Legg)   විසින් 2017 වසරේ සකසා ඇති ලයිස්තුවකට අනුව, දැනට ලොව ඉතිරිව ඇති කැටලිනාවුන්සංඛ්යාව 95කි. ඉන් 21ක් පමණ තවමත් පියාසර කළ හැකි හො තත්ත්වයේ පවතී. ඉතිරි යානා කෞතුකාගාරවල , අලූත්වැඩියා කරමින් පවතින බව ඔහු කියයි. පියාසර තත්ත්වයේ පවතින යානා, නිරුපද්රිතව ලොව පුරා භාවිතයේ පවතින බව   පෙනී යයි.

දැන් කැටලිනාවුන් වැඩිහරියක් භාවිත කෙරෙන්නේ සංචාරක කර්මාන්තය සහ කැටලිනා පේරමීන්වෙනුවෙනි. කැටලිනා පේරමීන්යනු ගුවන් යානා විෂයෙහි දැනුවත්කම් ඇති, ‘කැටලිනාවුන්ටආදරය කරන සහ දෙවැනි ලෝක යුද සමයෙහි එයින් සිදුවුණු සේවාව වීරත්වයෙන් අගයන උදවියට ඕස්ටේරලියාවේ ක්වන්ටාස් ගුවන් සමාගම , සිය කීර්තිමත් ගුවන් ගමන් ඉතිහාසයෙහි කැටලිනාවුන්වෙනුවෙන් විශේෂ පිටුවක්වෙන්කර තිබේ. නවසීලන්තයේ කැටලිනා පේරමීන් පිරිසක්, ‘කැටලිනා සංරක්ෂණාගාරයක්(The Newzealand catalina preservation society) පවත්වා ගෙන යයි.

එයට අමතරව කැටලිනාවුන් සංරක්ෂණය වෙනුවෙන් වැඩ කරන ආයතන, සංවිධාන සහ කෞතුකාගාර මෙන් ම වෙබ් අඩවි ද බොහෝ . ඉන් කිහිපයක් පහත දැක්වේ.

01-PBY Catalina International Association (www.pbycia.org)

02-PBY Memorial Foundation  (Oak Harbor, Washington, USA)

03-Aviation Heritage Museum-West Australia

04-Rathmines Catalina Memorial Park-Macquarie  Lake, Melbourne, Australia

05-Rathmines Catalina Festival- Macquarie  Lake, Melbourne, Australia

06-Catalina Flying Memorial Ltd,  Bank stown Air port-Sydeny, Australia


08-World Catalina News Magazine-by David Legg (From 1987)

09-Canada Aviation and Space Museum,Canada

10-Lake Boga Flying boat Museum, Victoria, Australia

11-PBY Naval Air Museum, Washington, USA

12-www.seaplanenagozine.com

13-www.pbycatalina.com



 ඔවුන් පැරණි කැටලිනා යානා නිසි පරිදි අළුත්වැඩියා කොට, පියාසර තත්ත්වයෙන් යුතුව පවත්වා ගෙන යති. වාර්ෂිකව කැටලිනා රදර්ශන හා සන්දර්ශන ආදිය පවත්වති. කැටලිනාවුන්සම්බන්ධයෙන් වෙබ් අඩවි 6,40,000ක් පමණ අන්තර්ජාලයෙහි එයි! අන්තර්ජාලයේ කැටලිනාවුන් ගැන දැක්වෙන වීඩියෝ ක්ලිප්සංඛ්යාව 50,000ක් පමණ වේ! ඒවා දැනුදු එතරම් ජනපරිය . 2018 වසරේ අපරියෙල් 11 වැනි දා අන්තර්ජාලයේ Catalina aircraft koggalaයයි සෙවුම් කළ විට, ‘ගූගල් අඩවියේ ගැන පෙන්නුම් කරන පිටු 12,800ක් ඇති බව දක්නට ලැබිණි!

කැටලිනාවුන් පිළිබපුරාවෘත්තයන් කරපින්නා ගෙන ලෝකයට ගෙන යන්නේ කැටලිනා යානා සංරක්ෂණය කරන සමාජ’ (කැටලිනා සමාජ) සහ ගුවන් යානා කෞතුකාගාර විසිනි. ඔවුන් අන්තර්ජාලයේ පළ කරන වෙබ් අඩවිවල, ගැන තොරතුරු රාශියක් හන්කර තිබේ. ඉන් ලොකුම ආයතනය වන්නේ නවසීලන්තයේ කැටලිනා සංරක්ෂණ ආයතනයයි’. අන්තර්ජාලය තුළ www.nzacatalina.orgයන ලිපිනයෙන් පෙනී සිටින ඔවුහු පැරණි කැටලිනා යානා සංරක්ෂණාගාරයක් පවත්වා ගෙන යතිඕස්ටේරලියාවේ ක්වන්ටාස් සමාගම සිය පැරණි ගුවන් යානා කෞතුකාගාරයේ දී කැටලිනාවුන්ට පිරිනමා ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. ඇතැම් කැටලිනා සංගම් විසින් වාර්ෂිකව කැටලිනා යානා පියාසර කරවීමේ උත්සව සහ සැණකෙළි පවත්වයිඕස්ටේරලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන Rathmines Catalina Festivalඑයට නිදසුනකි.

කැටලිනාවුන්සිය දස්කම් පෙන්වූයේ දෙවැනි ලෝක යුද්ධය පැවති සමයේ . එකල ඒවා මුලින් භාවිත කෙරුණේ සමුද් ආරක්ෂක සහ බෝම්බ හෙළන රහාරක ගුවන් යානයක් වශයෙනි. දැන් ලෝකයෙහි එවන් යුද්ධයක් නැත. මුහුදු ආරක්ෂාව පිණිස ගුවනින් බෝම්බ හෙළීමේ තත්ත්වයක් නැත. එහෙත් කැටලිනා යානා තවමත් ගුවන අරා අභිමානවත්ව පියාසර කරයි! කැටලිනාවුන් අත්පත්කර ගෙන සිටින වර්තමාන පරපුර ඒවා ආදරයෙන් රැුකබලා ගන්නා බව හො පැහැදිලි . කොටින් වර්තමානයේ ඒවාට යම් වෙළෙපොළක් සහ ඉල්ලූමක් තිබේ! කැටලිනාවුන් විකිණීම හා පළ කෙරෙන දැන්වීම් පවා අන්තර්ජාලයෙහි වරින්වර හමු වෙයි. ඉන් එක් දැන්වීමක හන්ව තිබුණේ, සම්පූර්ණයෙන් අලූත්වැඩියා කෙරුණු පියාසර තත්ත්වයේ ඇති පැරණි කැටලිනාවක් ඇමරිකානු ඩොලර් 6,75,000කට විකිණීමට තබා ඇති බව !

කොග්ගලට අලූත් ජාත්යන්තර අවධානයක්
 මේ අතර, 2018 වසරේ මාර්තු මාසය අග භාගයේ දී කැටලිනාවුන්සහ ලංකාවේ කොග්ගලගැන ජාත්යන්තර මට්ටමෙන් අවධානයක් හට ගත්තේ . එය සිදු වූයේ ලෝකයේ දෙවැනි අන්තර් මහද්වීපික දීර්ඝ ගුවන් ගමනටමුල පිරීම නිමිත්තෙනි. ගමන සිදු වන්නේ  ඕස්ටේරලියාවේ පර්ත් නුවර සහ බිරතාන්යයේ ලන්ඩන් අගනුවර (හීත්රෝ ගුවන් තොටුපොළ) අතර . එය මෙහෙය වන්නේ   ඕස්ටේරලියාවේ සුපරකට ක්වන්ටාස්ගුවන් සමාගමයි. එය නො නවතින තනි ගුවන් ගමනකි. ගමන් දුර කිලෝමීටර් 14,498කි. මෙතෙක් සිඞ්නි සහ ලන්ඩන් අතර ගුවනින් යන්නට, අතරමග නැවතෙමින් දින හතරක් ගත විණි. එහෙත් නව ගුවන් ගමන හා ගත වන්නේ පැය 17 කාලයක් පමණකි. ක්වන්ටාස් සමාගම එයට යොදවා ඇත්තේ බෝයිං-787’ වර්ගයේ නවීන ගුවන් යානා . එහි මංගල ගමන පැවති 2018 මාර්තු 25 වැනි දා එයින් ලන්ඩනයට ගිය මගීන් සංඛ්යාව 200 දෙනෙකි. හා තනි ගමනකට ගාස්තුව (සාමාන් පන්තියේ) ඇමරිකානු ඩොලර් 2270 කි. නව ගුවන් ගමන සම්බන්ධයෙන් ක්වන්ටාස් සමාගම කළ රචාරක කටයුතුවල, පැරණි ඩබල් සන්රයිස් ගුවන් ගමනලංකාවේ කොග්ගලට පැමිණි ආකාරය ගැන හන්කර තිබිණි.

ලෝකයේ දැනට තිබෙන ගුවන් ගමන් තත්ත්වයන්ට අනුව දීර්ඝතම ගුවන් ගමන මෙහෙයවන්නේ කටාර් එයාවේස්ගුවන් සමාගමයි. එය පියාසර කරන්නේ කටාරයේ දෝහාගුවන් තොටුපොළේ සිට නවසීලන්තයේ ඕක්ලන්ඞ්නගරයට . එහි ගමන් දුර කිලෝමීටර් 14,535කි. ගමන් කාලය පැය 16කි. කටාර් ගුවන් සමාගම එයට යොදවා ඇත්තේ බෝයිං 777’ වර්ගයේ නවීන ගුවන් යානා . ලොව ඊළ ඇති දීර්ඝතම ගුවන් ගමන වන්නේ ක්වන්ටාස්ලාඉකුත් මාර්තුවේ ආරම්භ කළ සිඞ්නි-ලන්ඩන්චාරිකාවයි.


 ඕස්ටේරලියාවේ ක්වන්ටාස් ගුවන් සමාගම, සිය නව දීර්ඝතම ගුවන් ගමන හැඳින්වීමේ දී පැරණි කොග්ගල ගමනාන්තයගැන සිහිපත් කළේ මහත් අභිමානයෙනි. එහෙත් ලංකාවේ පාලකයන්ට නම් කොග්ගල හරහා කෙරුණු ජාත්යන්තර ගුවන් ගමන් ගැන වගේ වගක් නැත. දෙවැනි ලෝක යුද සමයේ පෙරදිග ලෝකයේ පැවති රධාන ජලචර ගුවන් තොටුපොළපිහිටියේ කොග්ගල බව ඔවුන්ට මතක නැත. කොග්ගල ගුවන් තොටුපොළ සහ ජලචර ගුවන් පථය තවමත් එලෙස තිබේ. එසේ වුව සංචාරක ව්යාපාරය හා හෝ එහි පැරණි යශෝකීර්තියෙන් වාසියක් උදාකර ගන්නට ඔවුන්ට කල්පනාවක් නැත. කොටින් , දැනුදු දෙස්-විදෙස් සංචාරකයන් නිතර ගැවසෙන වර්තමාන කොග්ගලට සිය පැරණි කැටලිනා උරුමයෙන්ඉතිරිව ඇත්තේ  කැටලිනායන නාම ශේෂය පමණකි. එය භාවිත කෙරෙන එක් තැනක් වන්නේ, නමින් පවත්වා ගෙන යන සංචාරක හෝටලයකි. අනෙක කොග්ගල ගුවන් තොටුපොළ අසල (පංච මාර්ග හමුවන ස්ථානයේ) රී ලංකා ගුවන් හමුදාව මගින්  පවත්වා ගෙන යන කැටලිනා රිල්අවන්හලයි. එතැන මහජන ආකර්ෂණය හා වා ඇත්තේ කැටලිනාවක්නොවේ. පැරණි ඇව්රෝගුවන් යානයකි!

එතැන කැටලිනාවකආකෘතියක් හෝ ඉදිකර තබන්නට, අපේ රටේ සංචාරක කර්මාන්ත ක්ෂේතරයට සම්බන්ධ රාජ් බලධාරීන්ට කල්පනා නො වන හැටි! තවමත් කැටලිනාවුන්භාවිත කරන විදෙස් සමාගමක හෝ සහායෙන්, කොග්ගල ජල තලයෙන් ගමන් අරඹා දකුණු පළාතේ වැව් සහ සමීප මුහුදේ තල්මසුන් නැරඹීමේ ජලචර සංචාරක ගුවන් චාරිකාවක්හෝ ආරම්භ කරන්නට කල්පනා නො වන හැටි!

(පින්තූර-ක්වන්ටාස් සමාගම සහ කැටලිනා වෙබ් අඩවිවලිනි)
 

(සමාප්තයි)

2018/04/10