Total Pageviews

Friday, February 9, 2018

සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-03



සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-03
සිංහලෙන් තමන්ගේම කියා බ්ලොගයක්




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
2000 වසරෙන් ඇරඹුණු දශකයේ මුල් භාගයේ පටන් ලංකාවේ පරිගණක භාවිතාව සහ අන්තර්ජාල භාවිතය වේගයෙන් ඉහළ ගියේ ය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවල සඳහන් වන ආකාරයට, 1998 වසරේ ලංකාවේ සිටි අන්තර්ජාල ග‍්‍රාහකයන් සංඛ්‍යාව 18,984ක් විය. 2016 වසර නිම වන විට එය, ග‍්‍රාහකයන් 49,20,554ක් තරම් ඉහළ ගොස් තිබිණි. අන්තර්ජාල ග‍්‍රාහක සංඛ්‍යාව ඉහළ යාමත් සමගම සිංහලෙන් බ්ලොග්කරණය’ (Sinhala Blogging) ද පුළුල් පරාසයකට විසිරුණු-පැතිරුණු බව පෙනී යයි. සිංහලෙන් බ්ලොග්කරණයඅද වෙනම සන්නිවේදන, කලා සහ සාහිත්‍ය ධාරාවකි. වින්දනාත්මක කියැවීම් ධාරාවකි.

පටන් ගැන්මේ දී නම්, අන්තර්ජාලයෙහි සිංහලෙන් සන්නිවේදනය යෙදීම තරමක් කටුක තාක්ෂණික හරඹයකි. ඉංග‍්‍රීසි මෙන් නොවේ, සෑම අකුරු මාදිලියකින්ම (Fronts) අන්තර්ජාලයෙහි සිංහලෙන් ලියන්නට පුළුවන්කමක් නැත. එය කළ හැක්කේ සිංහල යුනිකෝඩ්නමැති සිංහල අක්ෂර මෘදුකාංග පැකේජයතම පරිගණකයට ඇතුළුකර ගැනීමෙනි. නැතිනම් ඉස්කෝල පොතනමැති සිංහල අකුරු මෘදුකාංග පැකේජය පරිගණකයට ඇතුළුකර ගැනීමෙනි. සිංහල අකුරු භාවිතයට ගැලපෙන ආකාරයට පරිගණකය සකසා ගැනීම ද වෙනම වැඩකි!
කෙසේ වෙතත් ගූගල් සමාගමදැන්, අන්තර්ජාලයෙහි සිංහල බසින් ලියන තවත් විවිධ මෙවලම් ද, ‘බ්ලොගයක්හැඩ-වැඩ ඇතුව සකස් කිරීමේ තාක්ෂණික සහාය සේවා ද හඳුන්වා දී තිබේ. එසේම කොළඹ විශ්වවිද්‍යාලය මගින්, වෙනත් සිංහල අක්ෂර මාදිලි, ‘යුනිකෝඩ් අකුරුවලටහරවන එසැණ අන්තර්ජාල පරිවර්තකයන් (ucsc.cmb.ac.lk) ද හඳුන්වා දී තිබේ. සිංහල බ්ලොග් රචනයට එයින් මහත් පහසුවක් ඇතිවී ඇති සෙයකි.

බ්ලොග් අඩවිසාදා ගැනීම පිණිස, ප‍්‍රධාන වෙබ් අඩවි ද්විත්වයක් අන්තර්ජාලය විසින් අපට හඳුන්වාදී තිබේ. ඉන් එකක් වන්නේ www.bloggers.com. අනෙක, https://wordpress.com . අන්තර්ජාලයේ මෙම අඩවිවලටගිය විට බ්ලොගයක්සාදා ගැනීමට හැකි ය. හදාගත් බ්ලොගය අලංකාර එකක් බවට පත්කර ගැනීම සඳහා ද එයින් උපදෙස් දෙනු ලබයි. ‍ෙඩ්ටා ගාස්තුවහැර, ඒ සඳහා මුදල් අය කරන්නේ නැත. මුද්‍රිත හෙවත්, කඩදාසි මාධ්‍ය ලෝකයේ හෝ විද්‍යුත් මාධ්‍ය ලෝකයේ (රූපවාහිනී සහ ගුවන්විදුලි) නම් තමන්ටම කියා සන්නිවේදන මාධ්‍යයක්හෝ මෙවලමක් සාදා ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. ඒ සඳහා දැරිය යුතු පිරිවැය ඉතා ඉහළ ය. දැන් අන්තර්ජාලයතිබෙන නිසා ඒ බාධක ඉවත්ව ගොසිනි.  ඕනෑම අන්තර්ජාල ග‍්‍රාහකයෙකුට අද තමන්ගේම කියා බ්ලොගයක්හදා ගෙන, පහසුවෙන් සන්නිවේදනයෙහි යෙදීමට පුළුවන.  ඒ සඳහා අවශ්‍ය වන්නේ, තමන්ට ඊමේල් ගිණුමක්තිබීම පමණකි.

සිංහල බසින් බ්ලොගයක්හදා ගැනීමට සහ එය පවත්වා ගෙන යාමට උදව් කරන බ්ලොග් සහ වෙබ් අඩවි ද දැන් බොහොමයකි. අන්තර්ජාල ගූගල්සෙවුමෙහි How sinhala blog makingයනුවෙන් පිරික්සූ විට එබඳු අඩවි විශාල සංඛ්‍යාවක් හමු වේ. එයින් මාතලන්’ (maathalan.blogspot.com) සුවිශේෂ ය. ඔහුගේ බ්ලොගයෙහි මුල් පිටුවේම සිංහල බ්ලොග්කරණයනමින් සිරස්තලයක් දක්වා තිබේ. එයින් පිවිසෙන අයට මාතලන්ගේ බ්ලොග් පාඩම් මාලාවඉගෙන ගන්නට පුළුවන.

බ්ලොගයක හැඩතල
බ්ලොග් අඩවියක් සාමාන්‍යයෙන් පත්තර පිටුවකටහෝ පත්තරයක විශ්ෂාංග පිටුවකටමදක් සමාන ය. පත්තරයක හෝ පත්තර පිටුවක, එහි තේමාවන්ට ගැලපෙන  ඕනැම දෙයක් (ප‍්‍රවෘත්ති, ලිපි හෝ ජායාරූප) පළකිරීමට පුළුවන. බ්ලොගයක ද එසේම ය. එහෙත් බ්ලොගයක අපට ඉඩ දී ඇත්තේ පෙර නිමි (හෙවත් රෙඩිමේඩ්) පිටු සැලැස්මකට. පත්තරයක නම් අපට  ඕනෑ හැටියට පිටු ලේඅවුට්දමා ගැනීමට පුළුවන. එහෙත් බ්ලොගයක දී කළ හැක්කේ අන්තර්ජාලය අපට සපයා තිබෙන පිටු සැලසුමකටඅනුව ලිපි හෝ පින්තූර බැස්සීම ය.


 ඕනෑම බ්ලොගයකට නමක්’ (පත්තර කන්තෝරු භාෂාවෙන් නම් හෙඩ් පීස්එකක් හෝ මාස්ටර් හෙඞ් එකක්) සහ අන්තර්ජාල ලිපිනයක්මෙන්ම යම් තේමාවක්ද තිබේ. එසේම ඒවායෙහි පළ කෙරෙන ලිපි (පොස්ටු) ආදිය ක්ෂේත‍්‍රවලට’ (Label) වශයෙන් ගොනුවලට වර්ග කළ හැකි ය. පළ කෙරෙන ලිපි, පාඨකයාට පෙනෙන සේ වර්ෂ සහ මාස වශයෙන් අනුපිළිවෙලින් ගොනුකර තැබිය හැකි ය. ලිපිවල අලූත්ම සිරස්තලද පාඨකයාට පෙන්නුම් කෙරේ.   එය Blog Archiveහෙවත් බ්ලොග්වල පොස්ටු ගොනුව. සිංහල බ්ලොග්වල එය විවිධ නම්වලින් දැක්වෙයි. දේශනා ගොනුව’ (දේශකයා බ්ලොගය), ‘මගේ සැට් එක’ (සජ්ජාගේ පඩංගුව බ්ලොගය), ‘ගස් ලබු ගෙඩි හැදුණු හැටි’ (ගස්ලබ්බා බ්ලොගය),  පරණ බඩු’ (අන්සතු දිනපොත බ්ලොගය) ලිපි පෙළගැස්මආදී වශයෙනි. එක් එක් බ්ලොග්කරුවන් සිය බ්ලොගය හැඩ වැඩ කිරීමට වචන යොදා ගෙන ඇත්තේ බ්ලොගයෙහි තේමාවට අනුරූප වන ආකාරයෙනි.

ඊට අමතරව තමන් නිතර කියවන බ්ලොග් අඩවිවල නම් (ලින්කු ද සහිත හෙඞ්පීස් හෝ ලේබල්)  , ඒවායෙහි හැඩරුවින්ම එහි ඇතුළු කළ හැකි ය. බ්ලොග් වහරින් කියනවා නම්, ‘එල්ලා ගත හැකි. සමහර බ්ලොග් අඩවිවල ඒවා මම යන එන තැන්. නැතිනම් මම ගොඩවදින තැන්. තවත් සමහර බ්ලොගයක ඒවා, ‘බොක්කටම වදින බ්ලොග්. ඇතැම් සිංහල බ්ලොග් අඩවිවල ඒසේ අනුන්ගේ බ්ලොග්වල ලේබල් විශාල සංඛ්‍යාවක්   එල්ලා ගෙන සිටිනු පෙනෙයි.

අන්තර්ජාලයේ සිටිය ද බ්ලොග් කලාවේදීන් බොහොම දෙනෙක් දරුණු කියවන්නන්බව, ඔවුන් ලියන දෙයින් මෙන්ම සංවාදයේ යෙදෙන දෙයින් ද පෙනී යයි. එබැවින් ඔවුන් අනුන්ගේ බ්ලොග් බහුල ලෙස කියවන බවට විවාදයක් නැත. ඇතැමෙක් අනෙක් බ්ලොග්කරුවන්ට සපෝට් එකක් පිණිසද ලේබල් එල්ලා ගෙන සිටිති. වැඩි දෙනෙක් බ්ලොග් මෙන්ම පොත්පත් ද කියවන බව පෙනේ.
About meයන්න ද බ්ලොගයක මුල් පිටුවේ ඇති වැදගත් අංගයකි. එතැනින් කොටා ගෙන ගිය විටබ්ලොගය රචකයාගේ පැටිකිරිය දැක බලා ගැනීමට පුළුවන. එය හැඳින්වෙන්නේ, ‘View my complete profileකියා ය. මුල් පිටුවේ Followersයනුවෙන් හැඳින්වෙන්නේ, තමන්ගේ බ්ලොගයට නිතර පිවිසෙන අයයි! ඇතැම් බ්ලොගයක ඔවුන් පස්සෙන් පන්නන අයහෝ පසු හඹන අයයනුවෙන් හඳුන්වන අයුරු පෙනෙයි. තවත් බ්ලොගයක දී ඔවුන්, ‘පිටුවට ගොඩ වදින මගේ නඩයවෙයි. ගෙවී ගිය සතියක හෝ මාසයක කාලය තුළ ජනප‍්‍රිය වුණු (වැඩියෙන්ම කියැවූ) තම  පෝස්ටු’, ‘ලින්කුද සහිතව වෙනම දැක්විය හැකි වීම බ්ලොග් අඩවිවල විශේෂත්වයකි. දේශකයාබ්ලොගය ඒවා හඳුන්වන්නේ කප් ගැසූ දේශනායනුවෙනි!

හිට් කවුන්ටරේයන්න බ්ලොග් අඩවිවල ඇති අතිශයින්ම වැදගත් අංගවලින් එකකි. Hitsයනු යම් බ්ලොගයකට එහි ආරම්භයේ සිටම ලැබුණු පිවිසුම්සංඛ්‍යාවයි. එනම් බ්ලොගය කියවන්නට පැමිණි සමස්ත පාඨක සංඛ්‍යාවයි. සිංහල බ්ලොග් ලෝකයෙහි ඉතා ජනප‍්‍රිය මාතලන්, ඔහුගේ බ්ලොගයෙහි හිිට් කවුන්ටරේහඳුන්වා ඇත්තේ මිතුරන්ට ප‍්‍රීති වන්නට-කුහකයන්ගේ පපු පැලෙන්නට!යන අපූරු වචන පෙළ ද සමගිනි. හිට් කවුන්ටරේවූකලී, යම් බ්ලොගයක ජනප‍්‍රියතාව මනින ප‍්‍රබල සාධකයකි. මාරයාගේ හෝරාවබ්ලොගයෙහි එය, ‘මාර දැක්මයනුවෙන් හඳුන්වයි! යමෙකු බ්ලොගයට පිවිසීමේ දී එහි හිට්සංඛ්‍යාව යාවත්කාලීන කිරීම ගූගල් යාන්ත‍්‍රණයේසිරිතයි. කවර බ්ලොගයක වුව, හිට් සංඛ්‍යාව සකසන්නේ ඔවුන් ය.

සිංහල බ්ලොග්වල අන්තර්ගතය
සිංහල බ්ලොග්වල අන්තර්ගතය විවිධාකාර ය. ඉන් බොහොමයක් දේශපාලනය, සාහිත්‍යය, තම අත්දැකීම් සහ ගමන් විත්ති යන ක්ෂේත‍්‍රයන්හි පෝස්ටු පළ කරනු පෙනෙයි. පොදුවේ ගත් කල සිංහල බ්ලොග් අඩවිවල, දේශපාලනය, ආර්ථික තොරතුරු, සංචාරක සටහන්,  කවි සහ කෙටි කතා,  සාහිත්‍ය විචාර, විදෙස් සාහිත්‍යය, ආරක්ෂක හමුදාවල කතා, ඉතිහාසය, පුරාවිද්‍යාව, විහිළු කතා, නව තාක්ෂණය පිළිබඳ තොරතුරු සහ පෞද්ගලික අත්දැකීම් ආදී අතිශයින්ම පුළුල් පරාසයක සන්නිවේදන කටයුතු කරනු දැකිය හැකි ය. ඇතැමෙක් ලියන දෙයින් එදිනෙදා ගෙදර දොර ජීවිතයට ලැබිය හැකි  දැනුම් සම්භාරය විශාල ය. රැුකියා සහා හෝ පදිංචිය සඳහා විදෙස් රටවලට ගිය, ලිවීමේ බුහුටිකම් ඇති ලාංකිකයන් පිරිසක් ද එතෙර සිට සිංහලෙන් බ්ලොග් ලියති. ඔවුන් ගෙන එන විදෙස් විත්ති අතිශයින්ම අධ්‍යාපනික බව කිව යුතු ය.

අජිත් පැරකුම් ජයසිංහගේ w3lankaබ්ලොගයෙහි පළවෙන දේශපාලනික පොස්ටු හැමවිට ම  දැඩි සංවාදවලට මුල පුරයි. ඉකොනොමැට්ටා’ (economatta.blogspot.com) ලියන ආර්ථික කාරණා ද මහත් සම්භාවනාවට පාත‍්‍ර වනු පෙනෙයි. කොළඹ ගමයා’ (kolambagamaya.blogspot.com) ද නිරන්තරයෙන් කාලීන සමාජ සංසිද්ධීන් අළලා ලියන බ්ලොග්කරුවෙකි. තිස්ස දොඩන්ගොඩ ලියන, ‘හද ගී පොත’ (hadageepotha.blogspot.com), ‘ගී පැදුර’ (geepadura.blogspot.com), ප‍්‍රභාත් රාජසූරිය ලියන එදා ඇසුණු ගී’ (geemuthumala.com),  සහ සින්දු ඇනෝ’ (sinduano.blogspot.com) යනු සිංහල සංගීතය හා ගීත රසවින්දන ක්ෂේත‍්‍රය පිණිස වෙන් වුණු බ්ලොග් අඩවි කිහිපයකි. ඒවාට පිවිසෙන අයට, හරසුන් හෝ කඨෝර ගීත රැල්ලෙන් මිදුණු උසස් රසවින්දනයන් හුරුකරනු පෙනෙයි. යසනාත් සිතිවිලි’ (yasanathsithuwili.blogspot.com) ද එයට ම එක් කළ හැකි බ්ලොගයකි. බූන්දි  (boondionline.blogspot.com) යනු නිර්මාණ සාහිත්‍යය පිණිස වෙන් වුණු බ්ලොග් අඩවියකි. උත්පල දිල්හාන් අතාවුද ගෙන එන ශ‍්‍රී ලංගම බස්නම් (sltbbus.blog spot.com) බ්ලොගය අපේ රටේ ලංගම බස් සැරිය ගැන සැකසූ අන්තර්ජාල පුස්තකාලයක් වැන්න. තරිඳු ශ‍්‍රී ලොකුගමගේ ලියන කාර් පිස්සුව’ (carpissuwa.blogspot.com) සහ අලූත් කාර්’ (aluthcar.blogspot.com) නම් බ්ලොග් අඩවි ද්විත්වය ලංකාවේ මෝටර් රථ භාවිතය සහ එහි සංස්කෘතිය ගැන දැනුම් ගබඩාවක් යයි කිවහොත් නිවැරදි ය. ඉන් මෝටර් රථ පිළිබඳ සාහිත්‍යයක් ගොඩනගනු පෙනෙයි. පාඨ යකාහෙවත් පාඨ යකාගේ පිටුවනම් බ්ලොගය (patayakagepituwa.blogspot.com), සිංහල බ්ලොග් ලෝකයේ සිටින විචාරකයා ය. එය උසස් සාහිත්‍ය රසවින්දනයට බර තබමින් රචනා කෙරෙන බ්ලොග් අඩවියකි. ඒ අතර, තමන්ගේ සිත් ගත් සිංහල බ්ලොග් ගැන විචාර පළ කිරීම ද ඔහුගේ කටයුතු අතර වෙයි.

මෙහි සඳහන් කළේ සිංහල බ්ලොග් ලෝකයෙහි ඇති අනේකවිධ විචිත‍්‍රතාවලින් කිහිපයක් පමණි.


තේමා පාඨ
බ්ලොග් අඩවි බොහොමයකට ම තේමා පාඨයක්එකතුකර තිබෙනු දැකිය හැකි ය. එය සකස්කර ඇත්තේ බ්ලොග් කලාවේදියා සිය බ්ලොගය මගින් කතිකා කරන්නට යන විෂය පථය අනුව ය. එනම් ඔහුගේ වින්දනය, රසඥතාව සහ සිතුම් පැතුම් අනුව ය. විශේෂයෙන්ම කිවයුතු කාරණය වන්නේ, ඇතැම් සිංහල බ්ලොග් අඩවිවල නාමකරණය මෙන්ම තේමා පාඨ ද වෙනස් හැඩයක් ගැනීමයි!


එබඳු තේමා පාඨ කිහිපයක් මෙසේ ය.

x   බූන්දි-ඇවිත් ඇබ්බැහි වෙන්න
x   කතන්දරකාරයා-ජීවිතයම කතන්දර ගොඩක්
x මාරයාගේ හෝරාව-තනිකම ආත්මයකර ගත්, වින්දනීය මනසක උරුමය ඇතුව උපන් තවත් එක් කරුමක්කාරයෙක්
x  හිස් අහස- කතා නො කරන හදවතක් තුළ කොයිතරම් නම් කතන්දර වේ ද?
x මාතලන්- හොරෙක්, මංකොල්ලකාරයෙක්, මංපහරන්නෙක්, දේශපේ‍්‍රමියෙක් මෙන්ම විශ්වයේ ජීවියෙක්
x හැලපයා- ජීවන ගමන පුරා හැලප කඬේ දාපු තැන්වල ආගිය කතා
x බස්සිගෙ නවාතැන-රැය පුරාම ඇහැරගෙන ඉන්න ලෝකය දකින කිරිල්ලියක්
x  රොටියා-සයිබර් අවකාශයේ පුච්චන රොටී
x යාං හෑල්ල-පොහොර බෙහෙත් නැති කාබනික ජීවිතයක, අක්මුල් අතුපතර ස්පර්ශ කළ මතකයන්
x  ගස් ලබ්බ- නිකං ම නිකම් ලබු නෙවෙයි මෙයා, මේක ඝස් ලභ්භක්
x   කාර් පිස්සුව-කාර්වලට සිංහලෙන් ආදරය කරන පරපුර

(මතු සම්බන්ධයි)
2018/01/17.

7 comments:

  1. බ්ලොග් සම්බන්ධයෙන් ඔබගේ දැනුම ඉතා අගය කරමි

    ReplyDelete
  2. අපත් සමග බ්ලොග් ලෝකයෙ සැරිසරන
    පුවත් පතට ඒ දේ ගැන දැන් ලියන
    නුඹත් කරන සේවය හැමටම වටින
    මමත් මෙලෙස කවි සුපැතුම් දෙමි තුටින.....

    ජයවේවා!!!

    ReplyDelete
  3. //සිංහල අකුරු භාවිතයට ගැලපෙන ආකාරයට පරිගණකය සකසා ගැනීම ද වෙනම වැඩකි!// අලුත් ජනේල වල මේ කරදරේ නැත.
    බ්ලොග් ලොකෙට බ්ලොග් ගැනම සිංහලෙන්.

    ReplyDelete
  4. දැනුයි මේ පොස්ටුව දැක්කේ. මේ වගේ මූලාශ්‍රයක් ගොඩනැංවීම අගය කළ යුතුයි. ඒ වගේම අප ගැන කරලා තියන සඳහන් වලටත් බොහොම ස්තූතියි. කාර් පිස්සුවෙ අරමුණ මේ විදිහට හරියටම හඳුනාගෙන තියෙනවා දැකීම ලොකු සතුටක්...

    ReplyDelete