Total Pageviews

Saturday, February 11, 2017

නවතම ග‍්‍රන්ථය දොරට වැඩුම් කයිය

වස නුමුසු බතක් වළඳනු රිසි හුදී ජනයිනි,
පොතක් දොරට වැඩුම් කයියකට කෙරෙන ආරාධනයයි`
මහසෙන් මහ නිරිඳුන් විසින් දියවර පොවා සාර කළ මින්නේරි ගොවි ජනපදයේ පිහිටි ‘හිඟුරක්ගොඩ’
එම්. පී. දාවිත් සිංඤ්ෙඤ්, එම්. කේ. සී. අප්පුහාමි, සොලමන් සිංඤ්ෙඤ්, විජේරත්න සභාපතිතුමා, ජෝන් එදිරිසූරිය, කුලරත්න වික‍්‍රමසිංහ, සහ ජී. ජී. හරමානිස් ඇතුළු
සටන්කාමී ගොවි සජ්ජනයින් රැසකගේ දහඩියෙන් සරුසාරවූ පීතෘ භූමියයි!
මා විසින් ලියා ප‍්‍රකාශයට පත් කළ එකොළොස් වැනි කෘතිය
‘වස නුමුසු බතක අරුමැසි වරුණ’
නවතම ග‍්‍රන්ථය දොරට වැඩුම් කයිය,
මාස් කන්න මාර්තුවේ, පොළොන්නරුවේ හිඟුරක්ගොඩ දී පැවැත්වෙනවා.
එදිනට සහභාගි වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමි.
දිනය-2017 මාර්තු 04 (සෙනසුරාදා)
ස්ථානය-හිඟුරක්ගොඩ, ගුවන් තොටුපොළ පාරේ, අංක-54 දරණ ස්ථානයේ පිහිටි
ගෝල්ඩන් ෆ්ලවර් හෝටලය
වේලාව-පස්වරු 2.00

හිතමිතුරු සජ්ජනයිනි, හරිත විප්ලවය ලොවට පිළිසිඳෙන්නට පෙර ලංකාවේ පැවති දේශීය පාරම්පරික වී වගා භාවිතය සහ ඉන් නිපැයුණු බතෙහි ගුණ වරුණාව, නව ග‍්‍රන්ථයේ කතිකාවතයි!
දොරට වැඩුම් කයියේ සංවිධාන සත්කාරය-මින්නේරි සහෘදයන් සහ ධරණීය කෘෂි සංස්කෘතියක් සඳහා වන උතුරු මැද  පළාත් ජනතා සංසදයේ ගොවීන් ගෙනි.
ස්තුතියි.
මෙයට හිතවත්, කි‍්‍රෂ්ණ විජේබණ්ඩාර.
මගමුලන වත්ත. මැද කීඹිය, ගාල්ල.


ÿrl;k- 072-3402691$091-5676083$Bfï,a-krishnawijebandara@gmail.com/Blog-walaspathi.blogspot.com