Total Pageviews

Sunday, January 28, 2018

සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-01

සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-01

අන්තර්ජාලයේ සිංහල බ්ලොග් අඩවි 4000-5000ක්!




(රිෂ්ණ විජේබණ්ඩාර)
අන්තර්ජාලයෙහි එන හැලප ඩේ’, හරි අපූරු . එහි අයිතිකාරයා, ‘හැලපයා. ඔහුගේ රිය බිරින්දෑ, ‘හැලපි. අන්තර්ජාල හැලප කඩේ (helapakade.blogspot.com) වූකලී, ලංකාවේ රකට දේශීය රස කැවිල්ලක්වූ හැලපවිකුණන තැනක් නම් නොවේ. එය අන්තර්ජාලය තුළ සිංහලෙන් පළ කෙරෙන බොහොම ජනපරිය  බ්ලොග් අඩවියකි’.
ඉකුත් (දෙසැම්බර්) 29 වැනි දා ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමිය යනුවෙන් පොස්ටුවක්’ (බ්ලොග්කාරයන්ගේ වහරෙන් පොස්ටුවක්’ (Post)යනු පත්තර භාෂාවෙන් ලිපියක්යන තේරුමයි. සිය බ්ලොගයෙහිපළ කරන හැලපයා, බොහොම අපූරු කතාවක් කියා තිබේ. ලක්බිම පත්තරය නිසා තමන්ට අන්තර්ජාල බ්ලොග්කරණයටමග පෑදුණේය යන්න, කතාවයි!

බ්ලොග්කාරයෙකුවීම හා ඟිලි ගනිමින් සිටින අතරවාරයේ, තමන්ට හිස් අහසබ්ලොග් අඩවියෙහි පළ වුණු රසවත් සටහනක් ලක්බිමපත්තරය ඔස්සේ කියවන්නට ලැබුණු බවත්, එයින් පසුව ඇතිවුණු උනන්දුව නිසා බ්ලොග් රචකයෙකු බවට පත් වූ බවත්, ඔහු හන්කර තිබිණි. හැලපයා, ‘හිස් අහස  ගැන පළවූ ලක්බිමලිපිය කියවා ඇත්තේ 2012 වර්ෂයේ  ඕමාන් රටේ දී . එනම් ඔහු,  ඕමාන් රටේ රැකියාව කරන කාලයේ . හැලපයා  ඇරියස් කතාවක් සහ සුද්දාගේ අන්නාසි සොමියයනුවෙන් පොස්ටුව පළකර තිබුණේ, සිය බ්ලොග් අඩවියට පස් වසරක් පිරීම නිමිත්තෙන් එහි මතක සටහන් අවුස්සමිනි.

ඔහු කියන හැටියට, ඉකුත් පස් වසර තුළ හැලප ඩේබ්ලොග් අඩවියෙහි පළකර ඇති පොස්ටු’ (ලිපි) ගණන 250කට අධික . පස් වසර සමරන අවස්ථාව වන විට, ‘හැලප ඩේපිවිසි (බ්ලොග් වහරෙන් හිට්ස්) පාඨක සංඛ්යාව හාර ලක්ෂ පණස් දහසකට වැඩි !

හැලප කඩේඅන්තර්ජාල බ්ලොග් අඩවියේ පළ කෙරුණු මේ විස්තරය මෙහි හන් කළේ හැලපයාගැන ලියන්නට නොවේ. මෑතක පටන් අන්තර්ජාලය ඔස්සේ රචලිත වෙමින් යන සිංහල බ්ලොග් සංස්කෘතියගැන සටහනක් ලියන්නට . අන්තර්ජාලයෙහි සැරිසරන විට දැන් විවිධාකාර සිංහල බ්ලොග් අඩවි හමු වෙයි. ඉන් බොහොමයක් ඉතා විශාල පාඨක පරාසයක් හිමිකර ගෙන සිටිනු පෙනෙයි. සිංහල බ්ලොග් අඩවි, දැන් දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික, සාහිත්්‍ය, කලා, තාක්ෂණ සහ සංචාරක ආදී විෂය ක්ෂේත ගණනාවකම පැතිර පවතියි.

බ්ලොග්යනු, අන්තර්ජාලය මුල්කර ගත් සමාජ මාධ්මාදිලියකි. අන්තර්ජාල සේවා සපයන ගූගල් සමාගමවිසින්, නො මිලේ ලබා දෙන සයිබර් අවකාශයක්වශයෙන් මූලිකව ඒවා ැඳින්විය හැකි . දැනට වසර දහයක පමණ කාලයක් තිස්සේ විවිධ ක්ෂේත අරභයා සන්නිවේදන මෙවලමක් වශයෙන් ලෝකය පුරා බ්ලොග්භාවිත කෙරෙයි. පරිගණකයක් ඔස්සේ අන්තර්ජාලය පරිශීලනය කළ හැකි  ඕනෑම කෙනෙකුට, ‘බ්ලොග් අඩවියක්සාදා ගනිමින්, එය පෞද්ගලිකව නිදහසේ හසුරුවමින්  සන්නිවේදනයෙහි යෙදිය හැකි වීම, විශේෂත්වයකි. වාණිජ අරමුණුවලින්, සදාචාර විරෝධී සන්නිවේදනයෙන් හෝ අපරාධමය ලියැවිලිවලින් බැහැරව, අන්  ඕනෑම කාරණයක් ඒවායෙහි ඇති පදම් අකුරු කරන්නට පුළුවන. ලොව කවර බසක වුව, අන්තර්ජාලයට ගැලපෙන  ඕනෑම අකුරු මාදිලියකින් බ්ලොග් ලියන්නට පුළුවන. ඒවා හරියට, සයිබර් අවකාශයේ පළ වෙන විශේෂාංග පත්තරවැනි . සයිබර් අවකාශයට එන  ඕනෑම කෙනෙකුට නො මිලේ කියවිය හැකි .



සන්නිවේදන රියාවලියේ දී බ්ලොගයක්’, වෙබ් අඩවියකට වඩා වෙනස් . එසේම මුද්රිත මාධ්යයකට හෝ රූපවාහිනී සහ ගුවන් විදුලි වැනි සෙසු විද්යුත් මාධ්යයකට වඩා වෙනස් . ඒවාට හිමිකරුවන් හෝ හිමිකාර ආයතන සිටිති. එබැවින් ඒවා රියාත්මක වන්නේ සිය ස්වාමිවරුන්ගේ අණ දීම්හෝ අරමුණුඅනුව . එහෙත් බ්ලොග් අඩවි `දහා හිමිකාරිත්වය දරන්නේ, එය ලියා අන්තර්ජාලයේ පළ කරන කවර හෝ තැනැත්තා . බ්ලොගයෙහි පළ කෙරෙන සියල්ලේ අයිතියමෙන්ම වගකීම පැවරෙන්නේ ඔහුට . බ්ලොගයට කුමන පෝස්ටුවක් ලියන්නේ දැයි තීරණය කරන්නා , පොස්ටුව ලියන්නා , එය සකසන්නා , එය පළ කරන්නා ඔහු ! බ්ලොග්කරුවා . අර්ථයෙන් ගත්කල බ්ලොග් යනු පුරවැසි මාධ්යයක්යයි පිළි ගැනේ.

දැනට ලෝකය පුරා ඇති සමස්ත බ්ලොග් අඩවි සංඛ්යාව මිලියන ගණනක් වනවාට නිසැක . එසේම, වර්තමානයේ සිංහල බසින් පළ කෙරෙන බ්ලොග් අඩවි 4000-5000ක් පමණ ඇතැයි යන්න, ලියුම්කරුගේ විශ්වාසයයි. ඉන් ඇතැම් බ්ලොග් අඩවි විදෙස් රටවල සිට සිංහලෙන් පළ කරන ඒවා !

විකිපීඩියා අන්තර්ජාල විශ්වකෝෂයෙහිදැක්වෙන අන්දමට බ්ලොග්’ (Blog) යනු තනි පුද්ගලයෙකු විසින් පවත්වා ගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. එය Blogබවට පත්ව තිබෙන්නේ, ‘Web-logයන්න Blogයයි සම්පිණ්ඩනය වීමෙනි. ලොව මුල්ම බ්ලොග් අඩවිය වර්ෂ 1997 දී Jorn Barger නමැති අයෙකු විසින් සැකසූ බව කියැවේ. බ්ලොග්  යනු සිංහල බසින් වියුණු සටහනයි’.


සිංහල බ්ලොග් රවර්ධනය සම්බන්ධයෙන් කටයුතු කරන, ‘නෙලූම්යායවෙබ් අඩවියේ (www.nelumyaya.com),  සංස්කාරක අජිත් ධර්මකීර්ති මහතා පෙන්වා දී ඇති ආකාරයට, සිංහල බසින් බ්ලොග් ලිවීමේ ඉතිහාසය වසර 14ක් පමණ පැරණි . එනම් ඒවායෙහි ඇරඹුම 2004 වසර දක්වා දිව යයි. මුල් කාලයේ බ්ලොග් අඩවි බිහිව ඇත්තේ, රටේ පැවති දේශපාලනය විමර්ශනය කිරීම තේමාකර ගනිමිනි. යම් යම් තර්ජන නිසා පසුව ඉන් බොහොමයක් නතර විය. ඇතැම් බ්ලොග් අඩවි අන්වර්ථ නම්යොදා ගනිමින් විදෙස් රටවල සිට පවත්වා ගෙන යනු ලැබිණි. කෙසේ වෙතත්, 2010 වසර පමණ වන විට සිංහල බ්ලොග් අඩවි බහුල වන්නට පටන් ගත් බව ඔහු පවසයි. (නෙලූම්යාය සම්මාන උළෙලේ දී කළ හැඳින්වීම/කොළඹ ගමයාබ්ලොග් අඩවිය-2015/04/03)
  


වර්තමාන සිංහල බ්ලොග් ලෝකයෙහි කප් ගසා සිටින බොහොම දෙනෙක් සිය බ්ලොග් අඩවි ආරම්භකර ඇත්තේ 2009 වසරේ හෝ ඊට සමීප කාලයේ දී . ඔවුන් පුරෝගාමී බ්ලොග්කරුවන් ලෙස හැඳින්විය හැකි . කතන්දරකාරයා’ (kathandara .blogspot.com /ආරම්භක වර්ෂය-2009), ‘මාරයාගේ හෝරාව’ (ctkumara.blogspot.com/ආරම්භක වර්ෂය-2009), ‘පිස්සාගේ පලා මල්ල’ (pissagepalamalla.wordpress.com/ආරම්භක වර්ෂය-2009), ‘හිස් අහස’ (hisahasa.blogspot.com/ආරම්භක වර්ෂය-2009), ‘w3lanka (www.w3lanka.com)/ආරම්භක වර්ෂය-2009) යන බ්ලොග් අඩවි එයට නිදසුන් . පසුව 2010 වසරේ පටන් 2015 වර්ෂය දක්වා බ්ලොග් අඩවි විශාල සංඛ්යාවක් ඇරඹිණි.

මෙය ඉබේටම සිදුවූවක් නොවේ. රටේ අන්තර්ජාල පහසුකම් පුළුල් වීම සහ ‘3-Gතාක්ෂණ පහසුකම් පුළුල් වීමෙහි රතිඵලයකි. ලංකාවේ වාණිජ පදනමින් අන්තර්ජාල සේවාආරම්භකර ඇත්තේ 1995 වර්ෂයේ . ඉන් පසුව එය රමයෙන් වර්ධනය විණි.

රී ලංකා මහ බැංකු වර්තාවන්ට අනුව, වර්ෂ 1998 සිට 2005 දක්වා, ලංකාවේ අන්තර්ජාල රාහකයන් සංඛ්යාව 96,016කින් ඉහළ ගියේ . එය 2009-2011 කාලය තුළ රාහකයන්  6,04,749කින් , 2011-2014 කාලය තුළ රාහකයන් 25,51,546කින් තවදුරටත් ඉහළ ගියේ . 2014-2016 වර්ෂ තුළ අන්තර්ජාල රාහකයන්ගේ ඉහළ යාම 15,24,259ක් විය. මෙය අන්තර්ජාලයේ දැවැන්ත ව්යාප්ත වීමකි.  සිංහල බ්ලොග් අඩවි ව්යාප්තවීම  සිදුව ඇත්තේ ඊට සමගාමීව .

ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව, 2017 වසරේ මුල් මාස හය සම්බන්ධයෙන් නිකුත් කළ තොරතුරු අනුව, දැන් ලංකාවේ පරිගණක සාක්ෂරතාවය සියයට 28.3කි. අන්තර්ජාල භාවිතය සියයට 21.3කි.  රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, 2016 වසර අවසානයේ දී ලංකාවේ සිටි අන්තර්ජාල රාහකයන් සංඛ්යාව, 49,20,554ක් තරම් ඉහළ ගණනක් විය. එයින් කියැවෙන්නේ, 2016 වසරේ රටේ විසූ සමස්ත ජනගහනයෙන්,  සෑම පුද්ගලයන් සිවු දෙනෙකුටම එක් අයෙක්, (පුද්ගලයන් 4.3කින්ම එක් අයෙක්) අන්තර්ජාල රාහකයෙකු බවට පත්ව ඇති බවයි. මෙය සැලකිය යුතු තරම් ඉහළ අන්තර්ජාල සාක්ෂරතාවයකි. මෙම තත්ත්වය බ්ලොග්හා හො තල්ලූවක් වූවා නිසැක . දැන් බ්ලොග් රචකයන්මෙන්ම බ්ලොග් කියවන්නන් එමට සිටිති.   සමගම, මිනිසුන්ගේ කියැවීමේ මාදිලිය පවා අන්තර්ජාලය වෙත මාරුවී යමින් තිබේ.

බ්ලොග් රචනයවූ කලී අන්තර්ජාල සන්නිවේදන ක්ෂේතරයේ දී, අතිශයින්ම කැපී පෙනෙන මාධ් ධාරාවකි. ජාත්යන්තරයේ දී බ්ලොග් රචකයන්හෙවත් බ්ලොග් රයිටර්ස්ලාහෝ බ්ලොගර්ස්ලා’, අප දන්නා කියන සම්භාවනීය සාහිත්යධරයන්,  ලේඛකයන් සහ මාධ්යවේදීන් වැනි ඉහළ තලයක වැජඹෙයි. දැන් දශකයකට ආසන්න කාලයක සිට රී ලංකාව , වේගයෙන් බ්ලොග් සන්නිවේදන ලෝකයටපා තබමින් සිටිනු පෙනෙයි. , සිංහලෙන් අන්තර්ජාලයට ලියන බ්ලොග් රචකයන් හෙවත් සිංහල බ්ලොග් කලාවේදීන්රැසක් බිහි වීමෙනි. සිංහලෙන් බ්ලොග්කරණයඅද වෙනම සන්නිවේදන, කලා සහ සාහිත් ධාරාවක් බවට පත්ව ඇතැයි යන්න, ලියුම්කරුගේ පිළිගැනීමයි.

සිංහල බ්ලොග්’, මුල පටන්ම හරිම අමුතු . ඒවායෙහි නාමකරණය, බස් වහර, තේමාවන් සහ විෂය ක්ෂේතරය ආදිය අප මෙතෙක් අත්විඳි මුද්රිත මාධ් ලෝකයට (මුද්රිත කඩදාසි ලෝකයට) වඩා වෙනස් . කතන්දරකාරයා, මාරයාගේ හෝරාව, පිස්සාගේ පලා මල්ල, මාතලන්, කොළඹ ගමයා, අටම්පහුර, බස්සිගේ නවාතැන, ඉකොනොමැට්ටාගේ බොජුන්හල, රැකීගේ අඩවිය, ගස් ලබ්බ, පාඨ යකාගේ පිටුව, රාන්ස්සිල්වේනියා, රොටියා, රසිකලොජි, සින්දුඇනෝ, සජ්ජාගේ පඩංගුව සහ මගේ කිචී ආදී වශයෙන් ඉන් බොහොමයක නාමකරණය, මහත් කුතුහලය අවුළුවන, අසම්මත, වෙනස් හැඩයක් ගනියි.
(මතු සම්බන්ධයි)



(මෙම ලිපිය 2018/01/17.2018/01/28-ඉරිදා ලක්බිමෙහි පළ විය.)