වලස්පතිගේ
බ්ලොග් අඩවියට සපැමිණි
ඔබ සැමට ආයුබෝවන්!
මුල්භාගයේ දී 'වලස්පති' යයි අන්වර්ථ නමක් පටබැඳුණි. එය සිදු වූයේ, සිංහරාජයේ චාරිකාවක ගොස් එන විට, 'ඉරිදා ලක්බිමේ'
සගයන්ට තෑගි පිණිස ගෙනා 'කිතුල් හකුරුමුලකට' ප්‍රතිචාරයක් වශයෙනි.
සගයන් මට පබැඳූ විහිළු කතාව මෙසේ ය.
"සිංහරාජ වැසි වලසෙක්, දිනක් තම පැටවුන්ට කඩෙන් හකුරුමුලක් ගෙන යමින් සිටියේ ය. අතරමග දී ක්‍රිෂ්ණට වලසා හමුවූ අතර, ඔහු චාටු බස් කියා වලසාගේ හකුරුමුල උදුරා ගෙන පැන දිවී ය. 'ඉරිදා ලක්බිමේ' සගයන්ට ගෙනාවේ ඒ හකුරුමුලයි." කතාව ගෙතුවේ සම්පත් දේශප්‍රියයි. බුද්ධික විරසිංහත්, උපාලි තිලකරත්නත් ඊට පොහොර දැම්මෝ ය.
එය පළ වන්නේ සිංහල බසිනි.
ඉන් අපේ රටේ පරිසර, වැසි වනාන්තර, දේශීය සම්පත්, ජන සංස්කෘතික,
කෘෂිකර්ම, ඉතිහාස හා පුරාවිද්‍යා ආදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මගේ ඇති ලෙන්ගතුකම පිළිබිඹු වෙතියි කල්පනා කරමි. ඊට අමතරව සමාජ-කාලීන සිද්ධීන් ද එයට එක් කරන්නෙමි.
'සිංහල යුනිකෝඩ්' ස්ථාපනයකර ගෙන,
අන්තර්ජාලයේ 'වලස්පති' ඔස්සේ මගේ බ්ලොග් අඩවියට පැමිණ
දැනුම සහ රසවින්දනය බෙදා-හදා ගන්නා ලෙස සියලුම සහෘදයන්ට ඇරයුම් කරමි.
ඔබේ අදහස් හා නිර්මාණ ද 'වලස්පති අඩවියට' බොහෝවක් වටින්නේ ය.
ඔබේ අදහස් හා නිර්මාණ ද 'වලස්පති අඩවියට' බොහෝවක් වටින්නේ ය.
මම,
ක්රිෂ්ණ විජේබණ්ඩාර
walaspathi.blogspot.com
krishnawijebandara@gmail.com
punchibassa@gmail.comkrishnawijebandara@gmail.com
2013/11/04.