Total Pageviews

Wednesday, February 28, 2018

සිංහල බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-06




බ්ලොග් කිහිපයක් කියවා බලමු!

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
සාමාන්‍යයෙන් හොම රචකයන් රැසක් පත්තර කලාව, ග‍්‍රන්ථකරණය හෝ මුද්‍රිත සාහිත්‍ය ලෝකයෙහි හමුවන බව කවුරුත් දන්නා දෙයකි. එසේ වුවත්, එවන් පිරිසක් දැන් බ්ලොග් ලෝකයෙහි ද බිහිව සිටින බව අලූත්ම ආරංචියයි! එහි නිවසන ඇතැම් රචකයන් තමන්ගේ ගම් ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය ව්‍යවහාරයන්පවා සිය ලියැවිලිවලට මුසුකර ගෙන සිටිනු පෙනෙයි. ඔවුන් ඉතා විවෘතව සමාජය දෙස බැලූම් හෙලන්නන් ය. ඔවුන් මුද්‍රිතහෙවත් කඩදාසි ලේඛන ලෝකයේහමුවන අය නොවෙති.
මේනකයාගේ ගොඬේ කතා
මෙම සටහන උපුටා ගත්තේ මේනකයාගේ ගොඬේ කතා’ (godekatha.blogspot.com) බ්ලොග් අඩවියෙනි.

ඉතිං කෙල්ලෝ ඇටෙන් පොත්තෙන් එළියට එනවා කියන්නේ ලොකු වෙනවට. නැත්තන් මල්වර වෙනවට. ඇස්ටෝන් වෙනවට. කොටහුල් වෙනවට. නැත්තන් අපි කියන විදියට ජම්බු ගහෙන් වැටෙනවට. ඉතිං  ඕක වුනාට පස්සේ කෙල්ලන්ගේ ද්වීතියික ලිංගික ලක්ෂණ පහල වෙනවා. තිසර යුගවන් ලැමද ... පුලූලූ උකුල .. සිහිනිඟ සුඟ.. සුනිල දෙතොල ..දිගු නෙතු යුග ..  ඒ කෙල්ලන්ගේ...
කොල්ලන්ගේ ඉතිං කටහඬ ගොරහැඬි වෙනවා .. දැලි රැවුල වැවෙනවා.. විලි ලැජ්ජයි...
ඉතිං දැන් කෙල්ලන්ට කොල්ලන්ගේ ඇල්ම බැල්ම වැටෙන්ඩ ගන්නවා. අපිව නම් ගනන් ගන්නෙවත් නෑ ඉතිං . හොයන්නෙම ලොකු ලොකු අය තමයි.. ඇයි අපි පොඩියිනේ ...
-(මේනකයාගේ ගොඬේ කතා-බෝතල් අවුරුද්ද-අන්තිම කොටස)

දේශපාලනය සහ විවිධ කාලීන සමාජ ප‍්‍රපංචයන් විවේචනාත්මකව නිරීක්ෂණය ද බොහොමයක් බ්ලොග්කරුවන්ගේ සිරිතකි. w3lankaද ඇතුළුව එවන් සිංහල බ්ලොග් අඩවි රාශියක්ම තිබේ. ඔවුන් කොමෙන්ටුඔස්සේ කරන සංවාද අතිශයින්ම උණුසුම් ය. එසේම කියවන්නන්ගේ බුද්ධිය කළඹවන සුළු ය.

මාතලන්
ලියුම්කරු මේ සටහන උපුටා ගන්නේ මාතලන්’(maathalan.blogspot.com) බ්ලොගයෙනි.
ලොව උතුම්ම ආගමික නිකාය වන, ”නිර්මල ශ‍්‍රී ලාංකීය තේරවාදී බුදු දහමින්තෙත්වූත්, උතුම් වූ දළදා හාන්දුරුවන්ගේ පිහිටෙන් හා රැකවරනයෙන් බැබලෙන්නා වූත් , අවුරුදු 2500 ක අති ප්‍රෞඩ කිසිවකුට දෙවන නොවන ශේෂ්ඨ ඉතිහාසයක් උරුම වූත්, අම්මට සිරි ලංකාව මේ ඊයේ පෙරේදා බිහිවූ ඇමරිකාව වැනි, තුප්පහි කැරපොතු හිගන සුද්දන් වෙසෙනා දෙකයි පනහේ රටක් විසින්, ලොව දූෂිත රාජ්‍යයන් හතරෙන් එකක් ලෙස නම් කිරීම අප විසින් හෙලා දැකිය යුතු අතර, එයින් නොනැවති ඔවුන් හා පස මිතුරු සියළු බලවේගයන් හා එක්ව, ඒ කියන්නේ උතුරු කොරියාව වැනි නිර්භීත රාජ්‍යයක් හා එක්ව සම්බාධක පැනවිය යුතු කාලය එළඹ ඇත. එයින් නොනැවති ඔවුන්ට යුධ ප‍්‍රකාශ කොට, එකසත් ජාතින්ගේ තීන්දු තීරණ වලට කන් නොදී යුධ ප‍්‍රකාශ කොට විනාශ කර දැමීමද වහාම කළ යුතුය.
-(මාතලන්-ධර්මද්වීපය දූෂිත රාජ්‍යයක් ලෙස නම් කිරීම හෙළා දකිමු)

හැලප කඬේ
අනෙකුත් ලේඛකයන් සේම බ්ලොග්කරුවන් ද වැඩිපුරම ලියන්නේ තමන් විඳින අත්දැකීම් ය. එදිනෙදා ජීවිතයෙහි ද, රැකියා ආදී අවස්ථාවන්හි ද ඔවුන්ට මුණගැසෙන උදවිය කෙරෙන් ලැබෙන වින්දනයන් ඔවුන්ගේ රචනාවලට විෂය වෙයි. එයින් යම් සමාජ පණිවුඩයක් ද සන්නිවේදනය කෙරෙයි. හැලප කඬේබ්ලොගයේ (helapakade.blogspot.com) එන මේ සටහන, කුමක් දෝ අතීත කියැවීමක හුරු පුරුදු රසයක් දනවයි!

ස්වප්නා හමුවීම, රක්ෂිත කැලෑ විනාශය ....
බෝතලේ ගම වටා තිබු අරංගල කන්ද, ආඳාගල කන්ද, විලිකුළාකන්ද, කොස්ගස් කන්ද, කළු කන්ද ආදී කඳුවලින් සමන්විත අලංකාර කඳු වළල්ල ගම්මානයට ගෙනදුන්නේ අමුතු සුන්දරත්වයකි.   හිරු එළිය නැගගෙන එන විටදී මෙන්ම බැසගෙන යන විටදීද පළමුවෙන් එළිය සහ අඳුර වැටීගෙන එන්නේ කන්දටය.   එළියට බැස කඳුපෙළ දෙස බලා ඉද්දී මාගලක් එලාගෙන යන ආකාරයට එළිය වැටීගෙන එන අන්දමත් පැදුරක් අකුලන්නාසේ අඳුර වැටීගෙන එන ආකාරයත් බලාසිටීම කවදාවත් එපා නොවෙන තරමටම සුන්දරය.    මේ කඳුපෙලේ තිබූ කැලය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තිබු එක් වටිනාම වන සම්පතක් වුවා නිසැකය.     අවුරුදු සිය දහස් ගණනක් වයස් වූ මහ වනස්පතීන්ගෙන්ද බිම පුරා තට්ටු ගණනින් පතිතවී තිබු කැලෑ කොළ තට්ටුව මැඩගෙන සරුවට වැවුණු හබරොස්ස වැල් කුඹුරු වැල් හා යෝධ පුස් වැලින්ද කඳු මුදුනේ ගල්තලාව උඩින් කුඩා දිය සීරාවක් සේ පටන්ගෙන දෙපස සරුවට වැවුණු බට පඳුරු පීරාගෙන ටික ටික සරුවී පහළට එද්දී විශාලවන මනස්කාන්ත දිය කඳුරු ආදියෙන්ද මොනවට සැරසුණු වන රැජිණිය සිය අභිමානවත් අලංකාරය මොනවට විදහා දැක්වූවාය.    මොන තරම් වටිනා වන සම්පතක් වුවත් පැවති රජයට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එහි තුට්ටුවක වටිනාකමක් හෝ තිබුණාදැයි සැක හිතෙන්නේ ගමේ මිනිස්සු වන රක්ෂිතය උඩ සිට පහලටම කපා පුළුස්සා මඤ්ඤොක්කා බතල වවනතුරු කිසි කෙනෙකුට විරුද්ධව කිසිම පියවරක් ගන්නට කෙනෙක් සිටියේ නැති නිසාය.
-(හැලප කඩේ-හැලපයා)


බස්සිගේ නවාතැන
බස්සී, (bassigenawathana.blogspot.com) සිංහල බ්ලොග් ලෝකයෙහි හමුවන ලේඛිකාවකි. ඇය කිවිඳියකි. ග‍්‍රන්ථකරණයෙහි නියැලෙන්නියකි. ඇයටම ආවේණික බස්වහර බෙහෙවින් ලාලිත්‍යවත් ය. සජීවී ය. මේ, බස්සීගේ බ්ලොගයෙන් උපුටා ගත් සටහනකි.


කුරුළු පිහාටුව

ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලූහං විදියෙ පුදුමාකාර සැහැල්ලූ කුරුලූ පිහාටුවක්. හීනියි. සුදුයි. ඇබිතිල්ලං කෝලමකට බෙල්ලෙන් අල්ලලා ඉසකුඩිච්චියක් දාන්න වෙන තරමේ දඟකාරකමකුත් එක්කහු උනාම කොහොමද සනීපේ? ඒ තමයි මං ඔය කියපු කුරුළු පිහාටුව. මගෙ කුරුලූ පිහාටුව.


මං මෙහෙම පපු කුහර කුස්තුර පිරෙන්න දිග හුස්මක් කාරිය අරගෙන මගේ ‘කුරුලූ පිහාටුවකිව්වට මොකද, ඇත්තටම එයා කාගෙද කියල එයාවත් දැනගෙන හිටියෙ නෑ. කාටවත් අයිති නැති වීමම එක්තරා විදියක සෞන්දර්යක් නෙව. ඇරත්, වෙන කාගෙ වුනත් මේ මගේ වේවි කියලනම් එයැයිට හීනෙක අන්තරා කොටසෙ අන්තිම තත්පර කාලෙදිවත් හැෙඟන එකක් නෑ. මං රඟපෑවෙ ඇගේ හොඳම රසිකයාගෙ චරිතෙ.

-(බස්සිගේ නවාතැන)

කලාහිත
කලාහිතබ්ලොගයේ (kalahitha.blogspot.com) දැක්වෙන අන්දමට, එහි රචකයා කල්‍යාණමිත‍්‍ර. තවත් කෙනෙකුට සිතන්නට යමක් ඉතිරි කරමින් ලියනක්නට ඔහු කැමති ය.

අනේ උඹේ රෙද්දේ සේෆ්ටි!
මේක පාපොච්චාරණයක්.. හැබැයි පව් සමාකරගන්න නෙවෙයි.. තව කාට හරි පාඩමක් වෙන්න.. වෙන විදියකින් කියනවනම් අත්දැකීම් බෙදා ගැනීමක්.. මට මේ ලෙඩේ තදින්ම තියෙනවා. ඒ කියන්නේ මගේ අතින් යම් වැරද්දක් අඩුපාඩුවක් උනොත් ඒක ඒ ඒ ක්ෂේත‍්‍රයේ අදාළ අය එක්ක නොවලහා බෙදා ගන්න එක.. අපේ වෘත්තියේදී ඒකට කියන්නේ Safety Communication  නැත්නම් Safety Alert කියල. යම් අනතුරක් (Accident), අන්තරායකර සිදුවීමක් (Dangerous Occurrences) හෝ අනතුරක් සිදුවීමට ආසන්න අවස්ථාවක් (Near miss) උනාම ඒ පිළිබඳව අනිත් අයව දැනුවත් කිරීමෙන් එම සිදුවීම නැවත වීම යම් පමණකට වලක්වා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේදී  ඕක කරලා මම නිකං පචවෙච්චි වෙලාවලූත් නැතුව නෙවෙයි. මොකද අපේ අය කරන්නේ ඔක්කොම වැරදි හංගල උඩින් කැපිලා පේන එකනේ.. එහෙම උනාම මං වගේ උන් සමහරුන්ට පේන්නේ හෙන ලොස්එවුන් වගේ.. ඒත් මට මොකෝ කියල මම මගේ ක‍්‍රමේට යනවා.. දැන්  ඕනිනම් බලපල්ලා මේ ටික ලියුවමත් ගොඩ දෙනෙක් බනියි අනේ උඹේ රෙද්දේ සේෆ්ටි - ගෙදරට මරගාතේකියල.. මක් කරන්නද බොස් ගුරුන්ටත් අකුරු වරදින එකේ හා මං ගුරෙකුත් නොවෙන එකේ..
-(කලාහිත-කල්‍යාණමිත‍්‍ර)

යසනාත් සිතුවිලි
වෛද්‍ය වෘත්තිකයෙකු වන යසනාත් ධම්මික බණ්ඩාර මහතා, කලා ලෝකයෙහි ප‍්‍රකටව සිටින්නේ සාහිත්‍යකරුවෙකු සහ ගී පද රචකයෙකු හැටියට ය. යසනාත් සිතුවිලි’ (yasanathsithuwili.blogspot.com) ඔහුගේ බ්ලොග් අඩවියයි. 2012 වසරේ පටන් බ්ලොග්කරණයෙහි යෙදෙන ඔහු සිය නිර්මාණ සහ විචාර ආදිය වින්දනාත්මකව එයින් හඳුන්වා දෙනු පෙනෙයි. 2018 ජනවාරි 03 වැනිදා වන විට ඔහුගේ බ්ලොගයට හිට්ස්’ 1,05,445ක් ලැබී තිබුණේ ය. මේ සටහන් කොටස  එයින් උපුටා ගැනුණි.

මං විතරක් ඇවිත් මොට ද නුඹ නො එනා මල් යායට

මිතුරු, ප‍්‍රවීණ සංගීතවේදී  නවරත්න ගමගේට නිමල් ජයවීර නම් මිතුරෙකු සිටියේය. මා නිතර නවා ගේ නිවසේ කල් ගෙවූ කාලයේ අවස්ථා කිහිපයකදීම මට අර නිමල් ජයවීර මිතුරාද මුණගැසී තිබුණි. ඔහු එකල ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණයෙහි නිරතව සිටි අයෙකි. ක‍්‍රමයෙන් මිතුරු වූ පසු  ඔහුගේ ඉල්ලීම වූයේ සරලම සරල ගීයක් ලියා දෙන ලෙසටය. එහි ගැමිකම තිබිය යුතුය. ගමේ සිටින පෙම්වතෙකුට ගමේදී බැඳි පෙම අහිමි වීමත්, ඇය අන් අයෙකු හා ගමෙන් පිටවීමත්, වරින් වර ගම ආ විට අහම්බෙන් ඈ මුණගැසීමත් වැනි කරුණු මේ ගීතයට අන්තර්ගත වේ නම් මැනවිය යන්නත් ඔහුගෙන් කියැවුණේ.




ඒ අනුව ලියූ සරලම සරල ගීතය මෙසේය.

දෑලවරේ මල් පිපිලා
සුවඳ ඉසින උදෑසනට
මං විතරක් ඇවිත් මොටද
නුඹ නොඑනා මල් යායට
සිය ගම් පියස අද්දරකින් ගඟක් ගලා යයි නම්, මේ ගං දෑල ඒ ගම අවට පෙම්වතුන්ට මොන තරම් මිහිරි මතකයන් ඉතිරි කරනවා ඇතිද? ඒ මිහිර අහිමි වුණු කල මොන තරම් වේදනා බර මතකයන් ඉතිරි කරණවා ඇතිද?’
-(යසනාත් සිතුවිලි/ මං විතරක් ඇවිත් මොට ද නුඹ නො එනා මල් යායට)

දිසාපති පන්හිඳ
සාහිත්‍යය සහ කලාවට නැඹුරු රාජ්‍ය නිලධාරින්ගේ පරපුර පැරණි එකකි. බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ හම්බන්තොට උප ඒජන්තවරයා වශයෙන් කටයුතු කළ ලෙනාඞ් වුල්ෆ් ඉන් මුල් තැනක් ගනියි. ලීල් ගුණසේකර, ලයනල් ප‍්‍රනාන්දු, . පී. . ගුණසේකර සහ එරික් ඉලයප්ආරච්චි ආදීහු ද ඒ පරපුරට අයත් ය. වර්තමානයේ (2018 ජනවාරි) කොළඹ දිස්ත‍්‍රික් ලේකම්වරයා වශයෙන් සේවය කරන සුනිල් කන්නන්ගර මහතා ද ලේඛන කලාවට හිතැතියෙකි. දිසාපති පන්හි`ඔහුගේ බ්ලොගයයි. මේ සටහන එයින් උපුටා ගැනුණි.

අමතක නැති වැඩ
‘1990ජුනි මාසෙ පොලිස් නිලධාරින් හයසීයක් මරල කොටි සාම සාකච්චාව අවසන් කරා. ඒ වෙනකොට අම්පාරෙ මල්වත්ත ගමෙන් එහාට කොටින්ගෙ පාලනයට අරගෙනයි තිබුනෙ. අම්පාර කල්මුන පාරෙ එකොටි බලය පිහිටුවා ගැනීම ගැන මුලූ අම්පාරම කලබලවෙලා හිටියෙ. බුද්ධංගල නායක හාමුදුරුවො ජනාධිපතිතුමාට කථාකරල මේතත්වය පැහැදිලි කරා. ඊට පස්සෙ නැගෙනහිර මුදාගැනීම ශ‍්‍රීලංකාව බිහිකල විශිෂ්ඨතම හමුදා නිලධාරියට පැවරුනා. ඒ එවක බි‍්‍රගේඩියර් වරයෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා. එතුමා ඇවිල්ල දින කීපයකින් අම්පාරෙ මහාමාර්ග ප‍්‍රධාන නගර සියල්ලෙන් කොටින් පලවා හැරල පාලනය යථාවත්කරා. කන්ජිකුඩිච්චිආරු මහ කැලේ පොලිස් නිලධාරින් හයසීයක් ඝාතනය කල තැනටම පොලිසියත් එක්ක ගිය අපේ කිරිඳිවැල සෝමරතන හාමුදුරුවෝ ප‍්‍රමුඛ මහා සංඝ රත්නය, ඒ මියගිය නිලධාරින් වෙනුවෙන් ආගමික කටයුතු කරා. යම්තම් අම්පාර නගරෙ බයෙන් තොරව නිදාගන්න පුලූවන් වාතාවරණයක් ඇති උනා. ඒත් අවට දෙමල ගම්මානවලට මායිමේ තියන සිංහල මුස්ලිම් ගම්වල අයට ඒවාසනාව ලැබුනෙ නෑ. කොයි මොහොතේ කොටි ගම්වලට ඇවිත් ප‍්‍රහාර එල්ල කරයිද කියල බයක් ඒගම්වාසීන් තුල තිබුනා.

මේ තත්වය නිසා අපේ ප‍්‍රාදේශීය උප දිසාපතිවරුන්ට කාර්ය බහුල අවධියක් ඇතිඋනා. බොහෝ ගම් වැසියො තමන්ට ඇතිබිය ගැන දුක්ගැනවිල්ල කිව්වෙ උප දිසාපති කන්තෝරුවට. උප දිසාපතිවරු පුළුපුලූවන් හැටියට පොලිසිය එක්ක එකතුවෙලා ආරක්ෂාව සදහා වැඩකරා. ඔය කාලෙ වෙනකොට උප දිසාපතිවරු හැටියට හිටපු අපිට යුධ හරඹෙ ගැන පුහුණුවීම් ලබාදෙන්නත් කටයුතු කරලයි තිබුනෙ. මාත් මේ සිවිල් ආරක්ෂාව පිළිබඳ කොළඹ හුනුපිටිය පැත්තෙ මධ්‍යස්ථානෙක පවත්වපු පුහුණුවක් සම්පූර්ණ කරලයි හිටියෙ. ගිනි අවි පරිහරණය පුපුරණ ද්‍රව්‍ය භාවිතය, රැුක සිට පහරදීම, සංනිවේදනය ආරක්ෂක වැඩපිලිවෙලක් සකස්කර ගැනීම වාගෙ දේවල් අන්තර්ගතව තිබූ ඒ පාඨමාලාව මම සම්පූර්ණ කරපු හොඳම පුහුණුව කියල කිව්වෑකි තවමත්. මුලූ පුහුණු කාලය තුළ එනම් සති තුනක් පාන්දර පහට අවදිවී කොළඹ වීදි දිගේ පැයකට අධික කාලයක් දුවලා, පිට්ටනියෙ සරඹ කරලා ගත්තු පුහණුුව අපේ උප දිසාපතිවරුන්ට හරි ප‍්‍රයෝජනවත් උනා. පුහුණුවෙන් පස්සෙ අම්පාරෙ හැම උප දිසාපතිවරයටම පොයින්ට් .38 විශේෂ වර්ගයේ රිවෝල්වරයක් බැගින් පුද්ගලික ආරක්ෂාවට නිකුත්කරා. අපිත් ඉතින් අලූත ලැබුණු රිවෝල්වරයත් ඉනේ ගහගෙන තමයි ක්ෂේත‍්‍ර රාජකාරියෙ නිරතවෙන්නෙ. මේනිසාම ටියුනික් කොලර් අත්කොට කමිසය කලිසමට උඩින් දාල අඳින්න පටන් ගත්තා. දෙහිඅත්තකන්ඩියේ විජේසිංහ, පදියතලාවේ පාලිත වීරකෝන්, මහඔය ජිනසිරි දඩල්ලගේ, උහන ආරියරත්න එදිරිසිංහ, අම්පාර මුනිදාස දිසානායක, දමන එල් පී ජයම්පති යන ප‍්‍රාදේශීය උප දිසාපතිවරුත් මූලස්ථානයේ සේවයකල අමරසේකර සමග මමත් ඔය පිරිසට අයිති උනා.
-(අමතක නැති වැඩ/දිසාපති පන්හිඳ)

ගුරුවරියකගේ මතකය
ගුරුවරියකගේ මතකය’ (guruwariyakageimathakaya.blogspot.com), 2015 වසරේ පටන් අන්තර්ජාලයට එක් කෙරෙන බ්ලොග් අඩවියකි. රචිකාවිය එයට භාවිත කරන්නේ තම ගුරු සේවා ජීවිතයේ සංවේදී අත්දැකීම් ය. ඇය ඒවා හ`දුන්වන්නේ ළමුන් ඉගැන්වූ පාඩම්යනුවෙනි. මෙම කොටස උපුටා ගත්තේ එයිනි.
අවුරුදු දහයකට එහා කතාවක්
එතකොට මම හිටියෙ ගුරු ජීවිතේ සීමාවාසි අවධියේ..
ඇඹිලිපිටියට ආසන්නයේ පාසලක..
ගෙදරින් එවන රුපියල් තුන්දහෙන් දෙදහස් පන්සීයක් බෝඩිමට ගෙවල ඉතිරි පන්සිය ඉතිරි කර ගන්න හැමදාම ඉස්කෝලේ ට ගියේ පයින් .. බස් යන ප‍්‍රධාන පාරෙම මම පයින් කිලෝමීටර් හතරක් පයින් යනවා. හවස එනවා.
බෝඩිමෙන් හම්බවුනේ පොල් සම්බෝලයි, ? බත් එකයි. .
එකොළහ වෙද්දී ඒ බත් එක නරක් වෙනවා. හැමෝටම හොරෙන් ඒ බත් එක විසි කරන මං, දවසම ගෙවන්නෙ බඩගින්නෙ..
ආපහු කෑම ලැබෙන්නෙ ?.
ඒ ඉස්කෝලේ හිටිය නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේ නමක්.
උන්වහන්සේ දවසක් මගේ කාමරයට වැඩම කරනවා.
නෝනෙ .. මෙහෙ සිරිතක් තියෙනවා හැමෝම එකට කෑම කන. ඔබතුමී විතරයි නොඑන්නෙ.. එහෙම නොවෙන එක හොඳ නෑ. අද ඉඳන් කෑම එක අරන් ස්ටාෆ් රූම් ගියොත් හොදයි ඉන්ටර්වල් එකට.
ඒක අණක්. ඒත් කෑම එක දිග අරින්න ඒ වගෙ තැනක බෑ කියල මම දැනං හිටියා. මම ඒ අණ කඩ කළේ ඒ නිසා.
පහුවෙනිදාත් උන්වහන්සේ පරිගණක කාමරයට වැඩම කළා.  අවසරයකින් තොරවම මගේ කෑම එක අතට ගත්තා. මම කිසිත් කර ගත නොහැකිව ඇස් පාත් කරගෙන උන්නා.
සමහරවිට මගේ ඇස්වල කඳුළු තියෙන්නෙ ඇති.
උන්වහන්සේ කෑම එක එහෙමම තියල ආපහු වැඩම කළා. පහුවෙනිදා ඉ`දන් ඒලේවල් පංතියේ හිටිය ඉරෝෂි අතේ මට හාමුදුරුවෝ කෑම එකක් එවල තිබුණා .
දානෙ බත් එකක් . අම්මා මතක් වෙලා ඇඩුණා. මේ සටහන ලියද්දී ත් ඒ බත් එකෙ සුවඳ , රස, පපුව ඉඹිනවා . ඒ දවස පටන් සම්පූර්ණ අවුරුද්දම උදේට දවල්ට මට දානෙ බත් එක ලැබුණ . ඒක බෙදා ගන්න මට අපූරු යාළුවෙක් ලැබුණ . ඒ ඉරෝ. එතකොට අපි අතර මහ ලොකු වයස් පරතරයක් තිබුණෙ නෑ. පරිගණක කාමරේට එන ඉරෝ මාත් එක්ක ඒ බත් කට බෙදාගෙන කෑවා.
-(ගුරුවරියකගේ මතකය බ්ලොග් අඩවිය)

කාර් පිස්සුව
කාර් පිස්සුව (carpissuwa.blogspot.com), සහ අලූත් කාර් (aluthcar.blogspot.com), නම් බ්ලොග් අඩවි ද්විත්වය ගෙන එන්නේ, තරිඳු ශ‍්‍රී ලොකුගමගේ නම් බ්ලොග්කරුවා විසිනි. කාර් පිස්සුවබ්ලොගයෙහි ඔහු ම සහන් කරන අන්දමට, තමන් ක්ලැසික් බීට්ල් කාර්පිස්සෙකි. වොක්ස්වාගන්නමින් වෙළෙපොළට පැමිණි මෝටර් රථ අරභයා ඔහු රැස්කර තිබෙන තොරතුරු සම්භාරය අතිවිශාල ය. එයට අමතරව තවත් පැරණි මෝටර් රථ ගැන කරුණු රාශියක් ඔහු ගෙන එයි. අලූත් කාර්බ්ලොගය, නවීන පන්නයේ මෝටර් රථ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන අන්තර්ජාල සරාවක් වැන්න.

මෝටර් රථ පෙනුමෙන් නම් සුන්දර ය. එහෙත් ඒවායෙහි ඇති යකඩ සැකිලි, එන්ජින් සහ අනෙකුත් ලෝහමය නිර්මිතයන් මහත් ගොරහැඩි දේවල් ලෙස සැලකෙයි. එහෙත් තරිඳු ශ‍්‍රී ලොකුගමගේ නම් බ්ලොග්කරුවා ඒ සියල්ල වෙනස් බස් වහරක් ඔස්සේ අපට ගෙන එන්නේ යම් සාහිත්‍ය රසයක් දනවමිනි. ඔහු සිංහල බසින් රථ වාහන සාහිත්‍ය ධාරාවක් අවදි කරයි.

මේ කොටස් උපුටා ගත්තේ කාර් පිස්සුවබ්ලොගයෙනි.
අභ්‍යන්තර දහන එන්ජිම ගැනයි, එහි තාක්ෂණික ක‍්‍රියාවලිය ගැනයි මාලූ පාන් ගෙඩියක තියෙන පරණ සැමන් කෑල්ලක් තරම් වත් හැඟීමක් නැති එකෙකුට, බොනට් එකක් අරින හැම වෙලාවකම උණු උණු එළවලූ රොටියක් කාලා ප්ලේන්ටියක් බොනවා වගේ හැඟීමක් එන්න පුළුවන් ද?’
මේ තවත් කොටසකි.
මම හැම තිස්සෙම කියනවා වගේ, මම කාර්මික කාර් පිස්සෙක් නෙමෙයි. කාර්වල තාක්ෂණය ගැන ලොකු අවබෝධයක් මට නහැ. මම නිවාඩු දවසට ගරාජ් එකට වෙලා මජං අතගාන ඔයිල් කාවයියෙක් නෙවෙයි

ඔහුගේ බ්ලොගයෙහි ඇති එන්ජින් පිස්සුවනම් පෝස්ටුවෙන් මෙම කොටස් උපුටා ගැනුණි.

හැබැයි මොනවා වුණත් විශේෂ එන්ජිමක් දකින හැම වතාවකම, අර ටියුෂන් පන්තියට සුදු කෙල්ලෙක් ආවම ඇතිවෙන හැඟීම මට ඇති වෙනවා
හැබැයි බොනට් එක උඩට ඉස්සුණාට පස්සේ එන්ජින් බේ එකේ තියෙන්නේ යාන්තමට හරි විශේෂත්වයක් තියෙන එන්ජිමක් නම්, ජෝක් එක දියවෙලා අර ඉන්ස්ටන්ට් ශෘංගාරය හදවතේ කුටීර හතරට ජොබොස් ගාලා පිරෙනවා
-(කාර් පිස්සුව බ්ලොග් අඩවිය)


(කාටුන් අන්තර්ජාලයෙනි)
(මතු සම්බන්ධයි)
2018/01/17.

1 comment:

  1. ක්‍රිෂ්ණ මහත්තයෝ
    දැනගෙන හිටියේ නෑ වලස්පති ගැන.
    ඒ ගැන දුක වුණත් දැන් සතුටුයි;
    පහුවෙලා හරි දනාගත් එක ගැන.

    මම බ්ලොග් එකක් ලියන්න උත්සාහ ගත්තේ 2017 අවසන් කාර්තුවේ ඉඳලයි.
    වැඩේ ඇදි-ඇදී ගිහින් යාන්තම් පටන් ගත්තේ අප්‍රේල් 1;
    මගේ දවසේ.
    ජනවාරියේ ඉඳලා මේ ලිපි පෙළ ඉරිදා ලක්බිමේ පළ වුණත්,
    එව්වා ටික කියවලා එකතු කරගෙන තිබුණත්
    වැඩිම අවධානයක් ගෙවුණේ 'කී' කරන හැටි ගැන ඉගෙන ගන්නයි.
    මොකද මං පරිගණකයෙන් වැඩ මොකුත් නොදන්නා
    අවුරුදු හැට තුනක බිලිඳෙක් වෙලා හිටි නිසා.
    තවම දනගානවා!
    කොහොම හරි බ්ලොග් එක පටන් ගත්තා
    අපේ මල්ලිගේ පුතා; අකලංකගෙ උදව්වෙන්.
    බ්ලොග් ලිපියෙන් දැනගත් විදියට
    මැයි 22 'සින්ඩි' කීපෙකට
    නිදිගෙ පංච තන්තරේ අඩවියත්
    සින්ඩියෙ එල්ලා ගන්නයි කියලා ඉල්ලුවා.
    මාතලන්ගේ සින්ඩියෙත්, හලපයා සින්ඩියෙත්
    25 වෙද්දී එල්ලලාත් ඉවරයි.
    පළමුවෙනි මාසයේම බැලුවාට වැඩි ගණනක්
    1055 ක් ඒ දවසේ ඇවිත් තිබුණා.
    ඒකට මං වඩාත්ම ණය ඔබටයි!
    තවත් මං වගේ අයට
    මේ වගේ මඟ පෙන්වන්න!

    මට පෙනෙන්නේ ඔබතුමා දැන්'රිවිර'ට ලියන බවයි.
    ජය වේවා!

    ReplyDelete