Total Pageviews

Saturday, March 21, 2020

කරාපිටියේ කොරෝනා භීතිය


කරාපිටියේ කොරෝනා භීතිය සහ තවත් කතා

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අනාවරණය වුණු  ප‍්‍රථම ලාංකික කොරෝනා ආසාදිතයාහමු වූයේ මාර්තු 16 වැනි දා ය. ඔහු ඇල්පිටියේ පදිංචිකරුවෙකි. ඊට පසුව මාර්තු 18 වැනි දා ද තවත් කොරෝනා ආසාදිතයෙක් කරාපිටියෙන් හමු විය. ඔහු ලංකාවේ සංචාරයට පැමිණි ප‍්‍රංශ ජාතිකයෙකි. හෙතෙම, කරාපිටිය රෝහලෙන් වාර්තා වුණු දෙවැනි කොරෝනා ආසාදිතයා ය. ප‍්‍රතිකාර කටයුතු පිණිස මේ දෙදෙනා ම, වහාම අංගොඩ අයි. ඞී. එච්. උණ රෝහලට පිටත්කර යවනු ලැබී ය. කොරෝනාහෙවත් Covid-19 යනුවෙන් හඳුන්වන මාරාන්තික වෛරස් රෝගය නිසා දැන් රටේ සෙසු පළාත්වල මෙන් ම, ගාල්ලේ මහජනයා ද තැති ගෙන සිටිති!



තැතිගැන්ම හට ගෙන තිබෙනුයේ, ශ‍්‍රී ලංකාවෙන් සොයා ගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (21) රාත්‍රී වන විට 77 ක්  වීමේ ආරංචිය හේතුවෙනි. මේ වන විට, කොරෝනා යයි සැක කෙරෙන රෝගීන් 245 දෙනෙකු රෝහල්වල රඳවා සිටියහ. එදින උදේ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණු තොරතුරු අනුව, දැනට ලොව පුරා සිටිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,83,000 ද ඉක්මවයි. මියගිය සංඛ්‍යාව 11,000 කට අධික ය. ඉන් වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, ලංකාවේ අය ද විශාල වශයෙන් රැකියාවට ගොස් සිටින ඉතාලියෙනි. ලංකාවේ නම් තවම කොරෝනා මරණ වාර්තා වී නැත. තවම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත්තේ, මුලින් ම වාර්තා වුණු රෝගීන් දෙදෙනා  (චීන ජාතික කාන්තාව සහ මුල් ම ශ‍්‍රී ලාංකික රෝගියා) පමණකි. මේවා අසන විට තැතිගැන්ම තව තවත් වැඩි වේ!

කොරෝනා වෛරසය මුලින් ම ඉස්මතු වූයේ ඉකුත් (2020) ජනවාරි මාසයේ මැද භාගයේ චීනයෙනි. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඉන් පසුව රටින් රට සංචරණයේ යෙදෙන තැනැත්තන් ගෙන් එය ලෝකයට ව්‍යාප්ත වන්නට විය. වෛරසය පැතිර යාම වේගවත් වූ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය එය ජාත්‍යන්තර මට්ටමේ වසංගත රෝග තත්ත්වයක්වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ ය. දැන් චීනයේ තත්ත්වය යහපත් අතට හැරී ඇති අතර, ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය, ස්පාඤ්ඤය සහ ප‍්‍රංශය ඇතුළු රටවල් කිහිපයක තත්ත්වය නරක අතට හැරී හමාර ය.

කොරෝනා වෛරසය, තවත් කෙනෙකුට බෝ වන්නේ මිනිසුන් ගෙනි. එනම්, රෝගය වැළඳුණු කෙනකුගේ සෙම, කිවිසුම් යාම  හෝ කැස්ස අවස්ථාවේ වායු ගෝලයට විසිරෙන සියුම් සෙම බිඳිති ඇසුරිනි. රෝගය වළක්වා ගැනීම පිණිස, මුඛ ආවරණ පැළඳී, නිතර නිතර දෑත් සේදීම,  නාසය, දෑස් සහ මුව ආදී ස්ථාන ස්පර්ෂ කිරීමෙන් වැළකී සිටිීම සහ සෙනග ගැවසෙන ස්ථානවල සැරිසැරීමෙන් වැළකී සිටීම ආදී සෞඛ්‍ය පුරුදු ද ලෝක මට්ටමින් ම නිර්දේශ කෙරී ඇත්තේ ය. ලංකාවේ ද ඒවා ක‍්‍රියාත්මක වේ.

ගුවන් ගමන් දැඩි ලෙස සීමා කිරීම, වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් සහ ආසාදිතයන් බහුලව හමුවන රටවලින් එන පුද්ගලයන් දින දාහතරක නිරෝධායනයට ලක් කිරීම, මහජනයා එක් රැස්වීම පාලනය සහා නගර හෝ රටවල් වසා දැමීම සහ ප‍්‍රතිකාර කටයුතු වේගවත් කිරීම ආදිය, කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම පිණිස ලෝක මට්ටමින් ගැනෙන ක‍්‍රියාමාර්ග අතර තිබිණි. විදෙස් රටවලින් එන අය දින දාහතරක නිරෝධායනයට ලක් කිරීම, ගුවන් ගමන් සහ නාවික ප‍්‍රවාහන කටයුතු දැඩි ලෙස සීමා කිරීම, නිරෝධායන සහ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සහ මහජනයා දැනුවත් කිරීමේ වැඩ සටහන් ක‍්‍රියාත්මක කිරීම ආදී විවිධාකාර කටයුතු ලංකාවේ ද දැනටමත් සිදු වෙයි.

මෙය ලියන මොහොත වන විට ශ‍්‍රී ලංකාව පුරාවට ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙයි. එය ඉවත් කෙරෙන්නේ සඳුදා (23) පෙරවරු 6.00ට ය. එය  එදින සවස 2.00ට යළි පනවන බව රජය දැනටමත් නිවේදනයකර තිබේ. ඇඳිරි නීතිය දමා තිබෙන්නේ මිනිසුන් සංචරණයේ යෙදීම නතර කිරීමේ අරමුණ පෙරදැරිව ය.

මාර්තු මස 01 වැනි දින සිට 15 වැනි දිනය දක්වා, ඉතාලියේ හෝ වෙනයම් අවදානම් රටක සිට ලංකාවට පැමිණුනා වූ ද, කිසියම් හේතුවක් නිසා නිරෝධායනයට ලක් නො වුණු තැනැත්තන් සොයා ගෙන, ඔවුන් නිරෝධායනයට යොමු කිරීමේ ක‍්‍රියාවලියක් ද කොරෝනා නිවාරණයට ඇතුළත් ය. එවන් පුද්ගලයන් 800ක් පමණ වෙසෙතියි කියන පුත්තලම දිස්ත‍්‍රික්කයට ද, මීගමුව සහ කොච්චිකඬේ යන පෙදෙස්වලට ද ඇඳිරි නීතිය පනවන්නට ද රජයට සිදු විය. ඒ අතර, සංචාරයේ යාම ද තහනම් කෙරිණි. යමෙක් සමග කතා කරන විට, දෙදෙනා අතර මීටරයක පරතරයක් හෝ තිබිය යුතු බවට ද උපදෙස් දෙනු ලැබිණි.

රෝග නිවාරණය සහ පැතිරීම වැළැක්වීමේ කටයුතු කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියගේ මග පෙන්වීම පරිදි, ආරක්ෂක හමුදාවන්ගේ මෙහෙයවීමෙනි. මේ සහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද පිහිටුවා තිබේ. එයින් දකුණු පළාත සහා ද ගාල්ලේ බූස්ස නාවික හමුදා කවුරු පරිශ‍්‍රය තුළ නව නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටු වීමට කටයුතු කෙරෙමින් යතියි, මාර්තු 18 වැනි දා සවස ආරංචි විය.

කෙසේ වෙතත්, දකුණු පළාත තුළ හමුවන කොරෝනා ආසාදිතයන් කළමනාකරණය කෙරෙන්නේ කරාපිටියේ ශික්ෂණ රෝහලෙනි. කරාපිටියට ගෙන එන කොරෝනා ආසාදිත යයි සැක කරන අය (රෝග ලක්ෂණ පෙන්වන අය), පරීක්ෂණ නිම වන තුරු රවා තැබීමත්, පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත යයි නිශ්චිතව තහවුරු වුව හොත් ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර පිණිස අංගොඩ ජාතික බෝවන රෝග පිළිබ ජාතික විද්‍යායතනයට’ (අංගොඩ ජාතික උණ රෝහලට) මාරුකර යැවීමත් එහි දී සිදු වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල තොරතුරු අනුව, මාර්තු 21 දිනය වන විට කොරෝනා රෝගය ආසාදිත යයි සැකපිට රෝහල්ගත කෙරුණු පිරිස 245  දෙනෙකි. කොරෝනා ආසාදිත යයි තහවුරු කෙරුණු පිරිස 77 දෙනෙකි. කොරෝනා වැළඳී ඇතැයි සැකපිට රෝහල්ගතව සිටින පිරිසෙන් හතර දෙනෙක් ම, වා ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල තොරතුරු අනුව, කරාපිටිය රෝහලෙන් මෙතෙක් වාර්තා වුණු, කොරෝනා යයි සැක සහිතසමස්ත රෝගීන් සංඛ්‍යාව 82කි. විදේශිකයන් සංඛ්‍යාව 12 දෙනෙකි. ඔවුන් අංගොඩ ජාතික උණ රෝහලට මාරුකර යවා තිබේ. කොරෝනා රෝගීන් වැඩි ම පිරිසක් රවා ඇත්තේ අංගොඩ ජාතික උණ රෝහලේ ය.

මාර්තු 18 වැනි දා කොරෝනා ආසාදිත ප‍්‍රංශ ජාතිකයෙක් කරාපිටියෙන් හමු වුණු බව මෙම ලිපිය ආරම්භයේ දී සහන් කළෙමු.  ඔහු ලංකාවේ සංචාරයට පැමිණි කෙනෙකි. ලංකාවේ ගමන්වල දී ඔහුට මගපෙන්වන්නා වශයෙන් සේවය කළ තැනැත්තා, ගාල්ලේ බද්දේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව, කරාපිටිය රෝහල් බලධාරීන් විසින් හඳුනා ගෙන තිබේ. එහෙත් ඔහු කවුරුන් දැයි මේ සටහන ලියන මාර්තු 21 වැනි දා පස්වරුව වන විටත් සොයා ගෙන නො තිබිණි. ලියුම්කරු මේ කාරණය සහන් කරන්නේ ගාල්ලේ වැසියන්ට ද කොරෝනාඅවදානමක් තිබේ යයි කියන්නට ය.

කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළේ, පිරිසක් කොරෝනා ආසාදිත යයි සැකකර, රෝහල්ගතව සිටින උදවියගේ දිවි ගලවා දෙන්නට දිවා රාත‍්‍රී නො තකා වැඩ කරති. ඔවුන් රෝගයට එරෙහිව වැඩ කරන්නන්ය. ඔවුන් අතර වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ අනෙකුත් විවිධ අංශවල සේවකකාරකාදීන් වෙති. තවත් පිරිසක්, දැන් රෝගයට එරෙහිව වැඩ කරන අයපිළිකුල් කරමින් හැසිරෙති!

අපි මේකේ ඔපීස්වලට ගියාම, ඒවායේ ඉන්න අය ඩබල් මාස්ක්දා ගෙන, මේසවලින් බැරියර් හදා ගෙන තමයි වැඩ කරන්නේ. ඒ අය අපිත් එක්ක කතා කරන්නෙත් හුඟාක් ඈතින් ඉ ගෙනයි. ඒ අය නෙවෙයි, රෝගීන් ළට යන්නේ අපියි. දැන් මෙතැන අපි තමයි කොරෝනා රෝගීන්වෙලා තියෙන්නේ’, ලියුම්කරුට හමුවුණු හෙද සේවයේ පිරිසක් පැවසුවේ විස්සෝපයෙනි!

පසු සටහන-
එක් අතකට, ලියුම්කරු කිව්වාට ගාලූ වැසියන් බොහොම දෙනෙක් කොරෝනාවටබියක් නැති ගාන ය. ඔවුහු ඉකුත් දිනවල ගාල්ලේ මහාසාර නිමි ඇඳුම් සාප්පුවල තෙරපී ඇඳුම් ගන්නට ගියහ. තවත් පිරිසක් අඩු කළ මිලට පරිප්පු සහ සැමන් ගන්නට පෝලිම්වල තෙරපුණහ. ඇතැමෙක් මුඛ ආවරණය ඔලූවේ බැ ගෙන යන හැටි දිස් විය.

රට පුරා ඇඳිරි නීතිය පැනවුණු සිකුරාදා (20) සවස් කාලයේ ගාල්ලේ ද කඩ සාප්පු සහ ඉන්ධන පිරවුම්හල් පුරා දැඩි තදබදයක් දැකිය හැකි විය.

ප‍්‍රංශ ජාතිකයන්ගේ අකරතැබිබය
කරාපිටිය ශික්ෂණ රෝහලට, මාර්තු 18 වැනි දා දහවල්, ප‍්‍රංශ ජාතික සංචාරකයන් දෙදෙනෙක් සහ ඔවුන් සමග සිටි ලංකාවේ කොල්ලන් දෙදෙනෙක් පොලීසියෙන් රැගෙන ආහ. ඔවුන් රැගෙන ආවේ ‘1990’ ගිලන් රථ සේවයෙනි. මහජනයා ගෙන් ලැබුණු ඔත්තුවක් අනුව, ඔවුන් අල්ලා ගෙන තිබුණේ මිරිස්සේ සංචාරක හෝටලයක රැඳී සිටින අවස්ථාවේ ය. ඔවුන් ගිලන් රියෙන් බැස්සේ ම, වතුර පොදක්ඉල්ලමිනි. ගිලන් රථයේ වායු සමනයක් නො තිබුණු අතර ප‍්‍රංශ ජාතිකයන්ට එය මහත් අපහසුවක් විය.

එහෙත් මේ සිවු දෙනා රෝහලට ඇතුළත් කරන්නට හැකියාවක් නො වීය. ඊට හේතුව ඔවුන්ට කොරෝනා රෝග ලක්ෂණ හෝ වෙන යම් රෝගයක ලක්ෂණ නො තිබීමයි. අවසානයේ ඔවුන්ට ආපසු යන්නට අවසරය ලැබිණි. එහෙත් ඔවුන්ට ආපසු මිරිස්සට යන්නට මුදල් ද නැත. මුදල් පසුම්බි සහ ලියකියවිලි ද හෝටලයේ ය. ඔවුන් අත්අඩංගුවට ගැනීමේ දී ඒවා ගන්නට ද ඉඩ ලැබී නැත්තේ ය. තමන් එහි රැගෙන ආ පොලීසිය ද නැත. රෝහල් කාර්ය මණ්ඩලයේ අය රෝහල් පොලීසියට ද, රෝහලේ පරිපාලනයට ද මේ සම්බන්ධයෙන් දැනුම් දුන්න ද, ඔවුන් ආපසු මිරිස්සට යවන්නට ක‍්‍රමයක් සැකසුණේ නැත. අන්තිමේ දී ඔවුහු මහත් අසරණව, එදින සවස් වන තුරු ම රෝහල් ආලින්දයේ යකඩ බංකුවල හි ගෙන සිටිනු දක්නට ලැබිණි!

පසුව ඔවුහු තමන් මුහුණ පා ඇති අකරතැබ්බය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපති කාර්යාලයට සැලකර තිබේ. එතැනින් ජනාධිපති කාර්යාලයට සහ විදේශ අමාත්‍යංශයට මේ ගැන දන්වා ඇත. පසුව කොළඹින් කළ දැනුම් දීමකට අනුව, එදින රාත‍්‍රී 9.00ට පමණ කරාපිටියේ රෝහලේ උසස් නිලධාරියෙක් පාවහන් පවා නැතිව ප‍්‍රංශ ජාතිකයන් රැඳී සිටින ස්ථානයට දිව ගොස් කරුණු විමසා තිබේ!
 ඉන් පසුව ඔවුන්ට ආපසු මිරිස්සට යන්නට ක‍්‍රමයක් සකසා දී ඇත.
2020/03/21

 



Tuesday, March 17, 2020

ලන්ඩන් නුවරින් පැමිණ ගිං ගඟ පහළ නිම්නය එළිය කළ වින්ටර්වරු-02



ගින්දුර නිම්නයට ආලෝකය ගෙනා
යුරෝපීය නාවිකයා


 
ගිං ගඟ


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-සමන් සී. ලියනගේ සහ දිමුතු නවීන්ද්‍ර)
‘ගිං ගඟ’, පැරණි ව්‍යවහාරයට අනුව ‘ගිම්හ නදියයි’. එය ඇරඹෙන්නේ, රත්නපුර දිස්ත‍්‍රික්කයට අයත් රක්වාන ඉසව්වේ, සිංහරාජ වනයට යාබද  බුළුතොට කඳුවලිනි. ඉක්බිති එය ගාල්ල දිස්ත‍්‍රික්කයේ හිනිදුම, මාපලගම, නාගොඩ, බද්දේගම සහ වක්වැල්ල ඔස්සේ ගමන්කර, ගාල්ලේ ගිංතොට මෝයෙන් මුහුදට ගලා බසියි. විදේශිකයන් ගාල්ලේ අතීත විසිතුරු ගැන ලියූ ග‍්‍රන්ථ බොහොමයක ගිං ගඟ හඳුන්වා ඇත්තේ ‘ගින්දුර ගංගාව’ (Gindura River)යනුවෙනි. 

ගිං ගඟ කිලෝමීටර් 113ක් දිග ගංගාවකි. ගිං ගඟ නිම්නය, අතීතයේ සිට ම බොහොම සරුසාර ජනාවාස ඉසව්වකි. එකල ගඟ ඉහළ පෙදෙස් සහ ගාල්ල නගරය දක්වා බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කෙරුණේ ගිං ගඟේ යාත‍්‍රා කළ ඔරු-පාරු මගිනි. කෙසේ වෙතත්, ඇතැම් වර්ෂා කාලවල ගිං ගඟ උතුරා, ගංවතුර ගලා  ගාලූ ගඟබඩ පත්තුවේ ජන ජීවිතය ද ආල-පාළු වෙයි. මේ  කාරණය ජන කවියාගේ මුවට නැංවෙන්නේ ‘ගිංතොට නැන්දගෙ දූවරු හින්දයි ගඟබඩ පත්තුව වැනසෙන්නේ’ කියා ය.

වර්ෂ 1974-1982 කාලයේ දී පමණ ගිං ගඟේ ගංවතුර පාලනය පිණිස ‘බන්ට් වේලි’ සහ පොම්පාගාර ඉදි කෙරිණි. එබැවින් වර්තමානයේ ගිං ගඟ දෙගොඩ තලා ගිය ද, ඉස්සර තරම් කරදරයක් නැත්තේ ය.
ගිං ගඟේ මාපලගමින් පහළ බද්දේගම ඔස්සේ ගිංතොට දක්වා වූ භූමි තීරය, ‘ගිං ගඟ පහළ නිම්නය’ යයි හඳුනා ගැනීමේ වරදක් නැත. හල්පාතොට, ගිනිමැල්ලගහ, අම්පේගම, සහ වක්වැල්ල ආදී පෙදෙස් ඊට අයත් වෙයි. ගිං ගඟ පහළ නිම්නයේ බද්දේගම ප‍්‍රදේශය, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ දී (වර්ෂ 1796-1957) ‘ලන්ඩන් නුවර’ සමග සබැඳියාවක් ඇතිකර ගෙන සිටියේ ය. එය, නිෂ්පාදනය සහ අලෙවිය පිළිබඳ වෙළෙඳ සබැඳියාවකි.  ගාලූ වරාය ඔස්සේ ලංකාවට ගොඩ බට එක්තරා බි‍්‍රතාන්‍ය ජාතිකයෙක් එයට පුරෝගාමී වූයේ ය. හෙතෙම, නමින් ‘ජෝර්ජ් වින්ටර්’ ය.

බි‍්‍රතාන්‍ය ලන්ඩනයේ ඉපිද, ලංකාවේ ගාල්ලේ දී සිය දිවිසැරිය හමාර කළ ජෝර්ජ් වින්ටර්, බද්දේගම ඉසව්වේ මෑත කාලීන දියුණුව සම්බන්ධයෙන් අමතක කළ නො හැකි චරිතයකි. ඔහු බද්දේගමට ඉංග‍්‍රීසි බස ද, නවෝත්පාදන දැනුම ද, නව ජනාවාස සමූහයක් ද රැගෙන ආවේ ය!

අතීත පුවත්

ජෝර්ජ් වින්ටර් උපන්නේ වර්ෂ 1798 දී, බි‍්‍රතාන්‍යයේ මධ්‍යම ලන්ඩනයේ ‘වෝල්වොර්ත්’ (Walworth) නම් ප‍්‍රදේශයේ ය.  ඔහුගේ පියා ‘ජේම්ස් වින්ටර්’, ගොඩනැගිලි ඉදි කිරීමේ ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකි. තරුණ වියට එළඹුණු ජෝර්ජ්, වැඩිපුර උනන්දුවක් දක්වන්නේ නාවික ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට ය. පසුව ඔහු ‘විටෝරියා’ නම් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවෙහි හවුල්කරුවා බවට පත් විය.

ජෝර්ජ් වින්ටර් විවාහ වූයේ ‘සාරා කේ‍්‍රසි’ නම් තරුණියක සමගිනි. ඇය ප‍්‍රංශයේ සිට ලන්ඩනයට සංක‍්‍රමණයවූ වංශාධිපතිවරයෙකු වන ඬේවිඞ් කේ‍්‍රසිගේ දියණියයි.

ජෝර්ජ් වින්ටර්ගේ ව්‍යාපාරික කටයුතු ගැන පැහැදුණු ඬේවිඞ් කේ‍්‍රසි මාමණ්ඩිය, ඔහුට යම් මුදලක් පිරිනැමුවේ ය. එයින් සතුටට පත් ජෝර්ජ් වින්ටර්, දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් වරාය සමීපයෙන් බඩු ගබඩාවක් මිලයට ගත්තේ ය. එතැන් සිට, දකුණු අප‍්‍රිකාවේ ‘මොසැම්බික්’ රාජ්‍යයේ පටන් ඈත පෙරදිග දක්වා නැව් මගින් වෙළෙඳ බඩු ප‍්‍රවාහනය ආරම්භ කළේ ය. මේ කාලය වන විට ඊජිප්තුව හරහා ‘සූවස් ඇළ’ ඉදි කෙරී තිබුණේ නැත. එබැවින් යුරෝපයේ සිට ඉන්දියන් සාගරය ඔස්සේ ඈත පෙරදිගට ( ඕස්ටේ‍්‍රලියාව දෙසට) යාත‍්‍රා කරන නෞකා අනිවාර්්‍යයෙන් ම දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන් වරාය ඔස්සේ ගමන් කළ යුතු විය. මේ කටයුත්තට බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය ද ලැබිණි. ටික කලක් වන විට, ජෝර්ජ් වින්ටර් බි‍්‍රතාන්‍යයට අයත් ‘නැගෙනහිර ඉන්දීය වෙළෙඳ සමාගමේ’ නාවික නියෝජිතයෙකු වශයෙන් පත් කෙරිණි.

ලංකාවට පැමිණීම

ජෝර්ජ් වින්ටර් මහතා සිය බිරිඳ වන සාරා කේ‍්‍රසි ද සමග  (ජෝර්ජ් වින්ටර් (55)- (1798-1853)/සාරා කේ‍්‍රසි වින්ටර් (93)-1799-1892) ලංකාවට පැමිණියේ 1818 වර්ෂයේ ය. ‘විටෝරියා’ නැව මෙහෙයවමින් ඔහු 1818 වසරේ ජුනි මස 26 වැනි දා ගාල්ලට ගොඩ බැස්සේ ය. ඒ වන විට ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වශයෙන් පැවතිණි. ගාල්ල, රටේ ප‍්‍රධාන වාණිජ වරාය විය. ඔහු ගාල්ලට පැමිණියේ බි‍්‍රතාන්‍යයේ මිෂනාරී ආගමික දේවගැතිවරුන් කණ්ඩායමක් ද සමගිනි. එහි නායකත්වය දැරුවේ ‘රොබට් මේයර්’ සහ ‘බෙන්ජමින් වෝඞ්’ යන පියතුමන්ලා ය. බෙන්ජමින් වෝඞ් පියතුමා යාපනයට ගිය අතර, රොබට් මේයර් පියතුමා ගාල්ලේ රැඳුණේ ය.

එකල හිනිදුම, නාගොඩ සහ බද්දේගම ආදී ප‍්‍රදේශවල සිට ගාලූ වරායට බඩු භාණ්ඩ ප‍්‍රවාහනය කෙරුණේ ද, ගාලූ වරායේ සිට එම ප‍්‍රදේශවලට භාණ්ඩ ප‍්‍රවාහනය කෙරුණේ ද ‘ගිං ගඟ’ හෙවත් ‘ගින්දුර ගඟ’ ඔස්සේ ය. ඒ සඳහා ඔරු-පාරු භාවිතා කෙරිණි. ජොර්ජ් වින්ටර් ද, තමන් සමග පැමිණි රොබට් මේයර් පියතුමා ද සමගින් ගිං ගඟ ඔස්සේ රට ඇතුළට යාත‍්‍රා කළේ ය.

ගිං ගඟ (Gindura river) ඔස්සේ ඉහළට යාත‍්‍රා කළ ඔවුහු  බද්දේගමට පැමිණියහ. ඉක්බිති එහි පැලපදියම් වූහ. ජොර්ජ් වින්ටර් මුලින් ම පදිංචි වූයේ, වර්තමානයේ බද්දේගම  ‘වින්ටර් තොටුපොළ’ නමින් හඳුන්වන ස්ථානයේ ය. ඔහු එහි මුලින් ම ඉදි කළ ‘සනිසයිඞ්’ මන්දිරය අදත් දකින්නට පුළුවන.

හෙතෙම වර්ෂ 1821 දී රොබට් මේයර් පියතුමා සමග එක්ව බද්දේගම ‘ක‍්‍රිස්තුදේව දේවස්ථානය’ ඉදි කරන්නට පුරෝගාමී විය. එය ඉදි කෙරුණේ ‘සනිසයිඞ් මන්දිරයට’ හොඳින් පෙනෙන පල්ලි කන්දේ ය. බද්දේගම ක‍්‍රිස්තු දේවස්ථානය, 1825 දී කල්කටාවේ බිෂොප්වරයා වූ
Reginald Heber විසින් අභිෂේක කරන ලදී. ජෝර්ජ් වින්ටර්, සනිසයිඞ් මන්දිරයේ සිට ගිං ගඟ එහා ඉවුරේ පිහිටි පල්ලි කන්දට යාම්-ඊම් කළේ බෝට්ටුවකිනි. එබැවින් සනිසයිඞ් මන්දිරය අසල ‘වින්ටර් තොටුපොළ’ බිහි විය.
බද්දේගම ක්‍රිස්තු දේවස්ථානයේ පැරණි ගොඩනැගිල්ලක්


මේ අතර, කිතුණු දේවස්ථානය තුළ ‘ඉංග‍්‍රීසි පන්තියක්’ ආරම්භ කෙරිණි.
වින්ටර්ලාගේ සැබෑ අරමුණ, වතු වැවිලි ආරම්භකර ලාභ ඉපයීම සහ ලංකාවේ ක‍්‍රිස්තියානි ආගම පතුරුවා හැරීම වන්නට ඇත. එහෙත් කිතු සමය පැමිණීම නිසා බද්දේගම ප‍්‍රදේශයට ලැබුණු ඥාණාලෝකය ඉතා විශාල ය. වර්තමාන බද්දේගම, දැන උගත්කමින් ද, බෞද්ධ, ක‍්‍රිස්තියානි සහ හින්දු ආදී වශයෙන් ද ආගමික සාම්‍යයෙන් යුත් පුරවරයකි.

අභිනව දේවස්ථානයේ ඇරඹුණු ඉංග‍්‍රීසි පන්තිය ක‍්‍රමයෙන් දියුණු විය. ඉන් පසුව ‘තල්ගස් කන්ද’ නම් යාබද කඳු ගැටය මත 1821 වසරේ දී මුලින් පිරිමි ළමුන් සඳහා පාසැලක් ඉදි විණි. ඉන් පසුව බාලිකා පාසැලක් ද ඉදි විණි. එය බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලයේ ආරම්භයයි. ජෝර්ජ් වින්ටර් මේ සියල්ලට උදව් කළේ ය. බද්දේගම ක‍්‍රිස්තුදේව විද්‍යාලය, වර්තමානයේ ගාලූ දිසාවේ ප‍්‍රමුඛතම අධ්‍යාපන ආයතනයකි. රොබට් මේයර් පියතුමා 1846 වසරේ ජූලි මාසයේ දී ස්වර්ගස්ථ විය.

වර්ෂ 1823 වන විට ජොර්ජ් වින්ටර්, බද්දේගමින් කොළඹට පැලපදියම්ව සිටියේ ය. ඔහුගේ ව්‍යාපාරික සමාගම ‘ජෝර්ජ් වින්ටර් සහ සමාගම’ යයි හඳුන්වනු ලැබිණි. එකල ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා ඉන්දියාවේ මදුරාසි නුවරට (වර්තමාන චෙන්නායි) ද සම්බන්ධ විණි. කෙසේ වෙතත් 1825 වසර වන විට, ඔහුගේ ව්‍යාපාර ක‍්‍රමයෙන් අසාර්ථක වෙමින් පැවතුණි. ඔහු යළි කොළඹ ආවේ ය.

ඉන් පසුව කුරුඳු වගාව කෙරෙහි උනන්දු විය. මීගමුවේ පටන් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දක්වා ඔහුගේ කුරුඳු වගාවන් ව්‍යාප්ත විණි. 1925 වසරේ හෙතෙම ‘මස්කට් ඇන්ඞ් යං’ නමැති ව්‍යාපාරික ආයතනය සමග හවුල් විය. 1828 වසර වන විට ‘ජෝර්ජ් වින්ටර් සහ සමාගම’ විසුරුවා හරින්නට යෙදිණි.


වර්ෂ 1834 දී ඇරඹුණු ‘ද කලම්බු ඔබ්සවර් ඇන්ඞ් කොමර්ෂල් ඇඞ්වටයිසර්’, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වාධීන ඉංග‍්‍රීසි පුවත්පතයි. එය මුද්‍රණය කෙරුණේ කොළඹ සිට කටයුතු කළ බි‍්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරිකයන් විසිනි. එහි ආරම්භක කර්තෘවරයා ලෙස සේවය කළේ ජෝර්ජ් වින්ටර් ය. එහි පළ කෙරුණේ එවකට පැවති ආණ්ඩුව විවේචනය වන ප‍්‍රවෘත්ති ය. ටික කලකට පසුව, එනම් 1835 දී වින්ටර් පත්තර කතුකමින් ඉවත් විය. ඉන් පසුව කතුකමට පත් වූයේ ඩාර්ලි බට්ලර් ය. පසුව කොළඹ ව්‍යාපාරිකයෝ 1837 දී පුවත්පත  ක‍්‍රිස්ටෝපර් එළියට් නමැත්තාට විකුණා දැමූහ. එතැන් පටන් ඔහු එහි අයිතිකරුවා මෙන් ම,  කතුවරයා වශයෙන් ද කටයුතු කළේ ය. ජෝර්ජ් වින්ටර් ආපසු බද්දේගමට ගියේ ය. ඒ, 1841 දී පමණ ය.
(මතු සම්බන්ධයි)

 (මෙම ලිපිය 2020/02/23-සති අග අරුණ පුවත්පතේ පළවිය)

Sunday, March 15, 2020

ලන්ඩන් නුවරින් පැමිණ ගිං ගඟ පහළ නිම්නය එළිය කළ වින්ටර්වරු-01



පිලගොඩ සුද්දාගේ අකලංක පේ‍්‍රමය
 
පිලගොඩ මන්දිරය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-දිමුතු නවීන්ද්‍ර සහ සමන් සී. ලියනගේ)

නිදන්න, අප නැවත හමුවන තුරු සුවසේ නිදන්න’ (Rest Rest, Until We Meet Again)



මේ හැඟුම්බර වැකිය සටහන් කර ඇත්තේ ගාල්ලේ, බද්දේගම, පිලගොඩ වත්ත ආශ‍්‍රිතව ඇති පැරණි සොහොන් කොතක ය. එය ඉදිකර ඇත්තේ වර්ෂ 1919 ජනවාරි 16 වැනි දා  අකාලයේ වියෝවූ දොරක විතානගේ හින්නිහාමි (39)’ නම් කාන්තාවක් සිහි වීම පිණිස ය. වැකියේ සටහන්කරු . ඩබ්ලිව්. වින්ටර්’ (A. W. Winter) බව ද එහි දැක්වේ. සොහොන් කොතෙහි HER SUN IS  GONE DOWN WHILE  IT IS YET DAYයනුවෙන් තවත් ආදරණීය සටහනක් ලියා තිබේ!



 
හින්නිහාමිගේ සොහොන
පිලගොඩ වත්තේ කම්හල් භූමියට යාබදව පිහිටි මේ සොහොන් කොත, දහනම වැනි සියවසේ මුල් භාගයේ දිග හැරුණු ආදර අන්දරයකනිහ සංකේතයකි. අන්දරයේ පේ‍්‍රමවන්තයා, බි‍්‍රතාන්‍ය සම්භවයක් සහිත ඇල්ප‍්‍රඞ් රොස්මලී කොක් වින්ටර්හෙවත් ඇලී වින්ටර්. පේ‍්‍රමවන්තිය දොරක විතානගේ හින්නිහාමි. පෙම්වතා, බද්දේගම සුප‍්‍රකට ජොර්ජ් වින්ටර් පවුලේමුණුපුරු වින්ටරයෙකි. පෙම්වතිය, ගාල්ලේ ගිංතොට ප‍්‍රදේශයේ රූමතියකි. ඇයට ම ආවේණික වුණු කටහ නිසා හින්නිහාමි ගිරවිනමින් ද ප‍්‍රකටව සිටියා ය. ඔවුන්ගේ ආදර කතාව ඔස්සේ ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලන සමයේ ගාලූ විත්ති සම්භාරයක් දිග හැර ගන්නට පුළුවන!


ඇගේ ජීවිතයේ හිරු බැස ගියා

ඇල්ප‍්‍රඞ් විලියම් රොස්මලී කොක් වින්ටර්, වර්ෂ 1864 දී බද්දේගම උනන්විටියේ දී උපන්නේ ය. හෙතෙම, ජොර්ජ් වින්ටර්ගේ මුණුපුරා ය. ඔහු 1897 දී, ගිංතොට ලී මෝලේ  (වර්තමානයේ ගිංතොට ප්ලයිවුඞ් කම්හල) කළමනාකරු වශයෙන් පත් කෙරිණි. ඔහු ඇලී වින්ටර්’, ‘ඇලී මහත්තයාසහ . ඩබ්ලිව්. වින්ටර්යන නම්වලින් ද හැඳින්විණි. ජෝර්ජ් වින්ටර්ගේ මී මිණිපිරියක වන ඇනී විලියම්ස්විශ්වාස කරන අන්දමට, එවකට ගිංතොට ලී මෝලේ හිමිකරු වූයේ ගාල්ලේ චේස් පී. හේලි’ (ලංකාවේ හේලීස් සමාගමේ ආරම්භකයා) නම් ව්‍යාපාරිකයා ය. ඔහු වින්ටර් පවුල සමග පැවති සම්බන්ධතා  හේතුවෙන් ඇල්ප‍්‍රඞ් විලියම් රොස්මලී කොක් වින්ටර් ලී මෝලේ කළමනාකරු වශයෙන් පත් කරන්නට ඇත. ඇය පවසන අන්දමට, එකල උඩුගම වත්තේඅයිතිකරුවා වුයේ ද චේස් පී හේලි ය.

දැනට බි‍්‍රතාන්‍යයේ ජීවත් වන ඇනී වින්ටර් විලියම්ස්මේ කාරණය කතාබහට ලක් කරන්නේ, ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්ත ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් www.historyofceylontea.comවෙබ් අඩවියෙහි බද්දේගම සම්බන්ධයෙන් පළ වුණු පෝස්ටුවකට එවන ලද පිළිතුරු කොමෙන්ටුවක් ඔස්සේ ය. ලියුම්කරුට එය ඇස ගැටුණේ 2020 වසරේ ජනවාරි 23 වැනි දා ය. එහි සහන් වන අන්දමට, ඇගේ සීයා පිලගොඩ වත්ත ආරම්භ කළ . ඩබ්ලිව්. වින්ටර්හෙවත් ඇලී වින්ටර්’, ‘ජෝර්ජ් වින්ටර්ගේ මුණුපුරෙකි. ඇනී විලියම්ස්ගේ පියා වන්නේ නෝමන් ඞී. වින්ටර් හෙවත් නෝමන් ඩග්මර් වින්ටර් ය. ඔහු ජෝර්ජ් වින්ටර්ගේ අට වැනි පුත‍්‍රයා වූ ඇල්ප‍්‍රඞ් ඔක්ටේවියස් වින්ටර්ගේ බාල පුතා වන, එඞ්මන්ඞ් වින්ටර්ගේ පුත‍්‍රයා ය. බද්දේගම උපන් එඞ්මන්ඞ් වින්ටර්, වැවිලිකරුවෙකු වශයෙන් මහනුවර, ගලගෙදරට සංක‍්‍රමණය වූවෙකි. ඒ අනුව ඇලී වින්ටර්, ඇනී වින්ටර් විලියම්ස්ගේ සීයා ය.



ඇලී වින්ටර් (. ඩබ්ලිව්. වින්ටර්), එහි දී ලී මෝලේ සේවිකාවක වූ දොරක විතානගේ ජොහානා අල්ලියස් හින්නිහාමිනම් කාන්තාවක් සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තේ ය. එකල ඔහු ප‍්‍රකටව සිටියේ ඇලී වින්ටර්සහ ඇලී මහත්තයායනුවෙනි. ඇනී වින්ටර් විලියම්ස් සිය කොමෙන්ටුවේ කියන හැටියට, හින්නිහාමි, ගිංතොට ලී මෝලේ සිංහල කළමනාකරුගේ දියණියයි. සිංහල කළමනාකරු ඇය සිංහල සිරිත් අනුව. ඩබ්ලිව්. වින්ටර්ට විවාහකර දී තිබේ. ඒ දෑවැද්දක් ද සමග ය. එහෙත් වින්ටර්ලා ගැන සහන් වෙනත් කිසිදු මූලාශ‍්‍රයක ඔහු හින්නිහාමි විවාහකර ගත් බවක් දැක්වෙන්නේ නැත. වින්ටර්වරු කිතුණුවන් ය. සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුල්වල අය බොහොම දෙනෙක් එකල විවාහ සහ මරණ ලියාපදිංචිකර ඇත්තේ ඔවුන්ගේ පුරෝගාමිත්වයෙන් ගොඩ නැගූ බද්දේගම ක‍්‍රිස්තුදේව දේවස්ථානයේ ය. එහෙත් ඇලී වින්ටර් සහ හින්නිහාමි අතර විවාහය කිතුණු දෙව් මැදුරක දී සිදු වුණු බවට තොරතුරු මූලාශ‍්‍රවල සහන් නො වේ. ඇලීසහ ඇය අතර පැවති සම්බන්ධය අන්තර්ජාලයේ විවිධ මූලාශ‍්‍රවල දැක්වෙන්නේ Common law spouseයනුවෙනි. හින්නිහාමි උපන්නේ 1880 වසරේ ගිංතොට  දී ය.



ලියුම්කරු  2020 ජනවාරියේ ඊමේල් පණිවුඩයක්මගින් ඇනී වින්ටර් විලියම්ස් අමතා මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. ජනවාරි 24 සහ 25 යන දිනවල එයට පිළිතුරු එවමින් ඇය සහන් කළේ, තම සීයා වන ඇලී වින්ටර් ලංකාවේ පොදු සිරිත අනුව හින්නිහාමි සමග විවාහවී සිටි බවයි. එය වින්ටර් පවුලේ අය සහ බද්දේගම සැවොම පිළිගෙන තිබුණු කාරණයක් බව ද ඇය කියයි. ඇය පවසන විස්තර අනුව, ඇලී වින්ටර් හින්නිහාමි විවාහකර ගෙන ඇත්තේ 1897 වර්ෂයේ දී ය. මූලාශ‍්‍රගත තොරතුරු ගලප්පන විටහින්නිහාමි හා විවාහ වන අවස්ථාවේ ඇලී වින්ටර්ට වයස අවුරුදු 33කි. හින්නිහාමිට වයස අවුරුදු 17කි.
 
ඇලී වින්ටර්
ඇනී වින්ටර් විලියම්ස් සිය ඊමේල් පණිවුඩවලින් පැහැදිලි කරන ආකාරයට, ගිංතොට ලී මෝලේ සිංහල කළමනාකරු මුල දී සිය දියණිය (ජුවානා) ඇලී වින්ටර්ට විවාහකර දීමට කැමැත්ත පළකර නැත. ඊට හේතුව ඇලී වින්ටර් වරින්වර විදෙස් ගමන්වල නිරත වීමයි. කෙසේ වෙතත්, පසුව ඔහු විවාහයට කැමැත්ත පළකර ඇත. ඇනී මේ කතාව පවසන්නේ පිලගොඩ වත්ත අවට විසූ ඉඩම් හිමි ගම්වැසියෙකු ගෙන් ලැබුණු තොරතුරක් යයි සහන් කරමිනි.

ඇනී විලියම්ස් වින්ටර් පැහැදිලි කරන අන්දමට ඇලී වින්ටර් හෙවත් ඇගේ සීයා, හින්නිහාමිගේ පාර්ශවයෙන් තමන්ට දෑවැද්දක් ලැබුණු බව සිය අන්තිම කැමති පත‍්‍රයේ ද සහන්කර ඇත.


(Dorakawitharne was not keen to let his daughter Juana 'marry' my grandfather so I was told by a local family whose plantation was close to Pillagoda Valley., as  he used to travel abroad quite a bit!!
  He finally gave permission and gave her a DOWRY so they were 'married; according to  local Custom with the permission of her family /Father. Dowries are only given when a daughter gets wed according to local custom. There is proof of this in Alfred's Will where he refers to Juana's money(your Mother's money)
ඇය පවසන අන්දමට, දැවැද්ද වශයෙන් ලැබුණු මුදල ගැන ද එහි දක්වා තිබේ!

හින්නිහාමිගේ රූසපුවත්, කතා විලාශයත් නිසා ගිංතොට සහ උක්වත්ත ප‍්‍රදේශයේ  ගම්මු ඇයට නම් පට බැන්දේ ගිරවියනුවෙනි. ඇලී වින්ටර්, හින්නිහාමිට සිය පණ මෙන් ආදරය කළේ ය. ඇලී වින්ටර් පිලගොඩ මන්දිරයට පැමිණෙන්නේ 1902 දී ය. ඉන් පසුව 1904 දී හින්නිහාමිද සමග එහි පදිංචි විය. ඇය අලංකාර පිලගොඩ මන්දිරයෙහි රැජන වූවා ය.
බි‍්‍රතාන්‍යයේ රාජකීය බකිංහැම් මාළිගයේආකෘතියට නිර්මාණයකර ඇති පිලගොඩ මන්දිරය, ගලින් නිම කළ එකකි. එහි උඩු මහලේ ජනෙල් පේලි 18ක් ඇති අතර, ඒ සියල්ල පිත්තලින් නිම කළ එක් ලීවරයකින් අරින්නට-වසන්නට පුළුවන. උඩු මහලේ ජනෙල්වලින් පිලගොඩ වත්ත මැනවින් පෙනේ. පැරැුන්නන් පවසන අන්දමට, මන්දිරයේ පිවිසුම් දොර පොල් ලී කාප්ප සහිතව ඉදිකර තිබිණි. ඇලී වින්ටර්, වරෙක බද්දේගම සනිසයිඞ් වන්දිරයේ වෙසෙමින් ද, පිලගොඩට යමින් එමින් ද වත්තේ කටයුතු මෙහෙය වූයේ ය.

ඇලී මහත්තයා, එංගලන්ත සම්භවයක් සහිත කීර්තිමත් ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෙකි. එවන් තැනැත්තෙක් හින්නිහාමි වැනි ගමේ තරුණියක සමග පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වීම දැඩි විවේචනයට ද ලක් විය. එහෙත් ඇලී වින්ටර්ට ඒවා ගණනක් නො වී ය. විවාහකර නො ගත්ත ද, ඔහු හින්නිහාමිට පණ මෙන් ආදරය කළේ ය.

හින්නිහාමි මිය ගියේ අකාලයේ ය. එනම් වයස අවුරුදු 39 දී ය. මරණය සිදුව ඇත්තේ 1919 වසරේ ගාල්ලේ මහමෝදර රෝහලේ දී ය. ඇනී වින්ටර් විලියම්ස් එවූ ඊමේල් හසුන්වල දැක්වෙන අන්දමට, ඇගේ මරණයට හේතුව හෘද්‍යාබාධයකි. ඇලී වින්ටර් හින්නිහාමිට කොතෙක් පේ‍්‍රම කළා ද යන්න හෙළිදරව් වූයේ ඇගේ මරණයත් සමගිනි. ඔහු ඇගේ පණ සුන් සිරුර පිලගොඩ මන්දිරයට රැුගෙන ආවේ මුළු බද්දේගම ම විශ්මයට පත් කරවමිනි. ඇය මිහිදන් කෙරුණේ ද පිලගොඩ මන්දිරයට පෙනෙන මානයේ පිහිටි වින්ටර් පවුලේ සොහොන් බිමේ ය. තාප්පයකින් වට කළ භූමියක ඉදි කළ සොහොන් ගැබක ය. එහි ආදරණීය, හැඟුම්බර සටහනක් කොට වන්නට ද ඔහු අමතක කළේ නැත. සොහොන් පුවරුවල එන සටහන් අනුව, ඒවා ඉදිකර ඇත්තේ කොළඹ . එෆ්. රේමන්ඞ්අවමංගල සමාගමයි.

බද්දේගමින් බිහිවුණු සුප‍්‍රකට ලේඛකයෙකු වන ජයතිස්ස තෙන්නකෝන් වරක් කතුවරයා සමග අපූරු කතාවක් කීවේ ය.

හින්නිහාමි ඒ කාලේ රන් පවුම්වලට ආසයිලූ. එයා රන් පවුම් එකතු කරලා තියෙනවා. හින්නිහාමි මැරුණාට පස්සේ ඇලී වින්ටර් ඒවා ලොකු බෝතල් දෙකක දමලා මළ සිරුරට යට කරලා සොහොන් ගැබේ තැන්පත් කළා ලූ. එදා පටන් පිලගොඩ වත්ත රජයට පවරා ගන්නා තෙක් ඔය සොහොන් ගැබ මුර කරන්න කෙනෙක් යොදවලා තියෙනවා. පස්සේ 1971 කැරැල්ල කාලෙ දි කවුරුහරි සොහොන් ගැබ කඩලා තිබුණු බව කියැවෙනවා’, ඔහු පැවසුවේ ය.

කෙසේ වෙතත් හින්නිහාමි පිළිබව ඇලී වින්ටර් තුළ පැවති පේ‍්‍රමය මිය නො ගිය බව මේ කතාවලින් පෙනේ. පිලගොඩ මන්දිරයේ සිට ඇගේ සොහොන දෙස බලමින් ඔහු රහසින් වැළපෙන්නට ඇත.

ඇතැම් මූලාශ‍්‍රයක සහන් වන ආකාරයට, ඇලී-හින්නිහාමි දෙපලට දරුවන් ද සිටි බව ඇනී වින්ටර් විලියම්ස් කියයි. හින්නිහාමිගේ මරණයෙන් පසුව, ඇගේ සීයා (ඇලී වින්ටර්) සිය දරුවන් කැටුව ඉන්දියාවේ නිල්ගිරි හිල්ප‍්‍රදේශයට පදිංචියට ගිය බව ද ඇය සහන් කරයි.

වින්ටර්වරු සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙන අන්තර්ජාල මූලාශ‍්‍රවල, ඇලී වින්ටර් සහ හින්නිහාමිට දරුවන් සිටි බවක් කෙලින් ම කියැවෙන්නේ නැත. ඇතැම් මූලාශ‍්‍රයක ඔවුන්ගේ දරුවන් යයි දක්වා ඇත්තේ, ගලගෙදරට ගිය එඞ්මන්ඞ් වින්ටර් සහ පහළ ගෙදර කිරිමැණිකා දෙපලගේ දරුවන්ගේ නම් ය!

සෙල්ලක්කාර පිලගොඩ සුද්දා
බද්දේගම සහ පිලගොඩ ප‍්‍රදේශයේ පැරණි කතා පුවත්වලට අනුව, ගම්වාසීන් ඇලී වින්ටර් හඳුන්වා ඇත්තේ ඇලී මහත්තයාහෝ පිලගොඩ සුද්දායන නම්වලිනි. ඔවුන්ට අනුව ඇලී මහත්තයා සෙල්ලක්කාරයෙකි. හින්නිහාමිට අමතරව ඔහුට තවත් හාදකම් තිබුණු බව කියැවේ. ඇතැම් මූලාශ‍්‍රවල ඔහුට ඇසිලින්නමින් තවත් පේ‍්‍රමවන්තියක් සිටි බව ද කියැවේ!

වින්ටර්ලා ගැන තොරතුරු සහන් sri Lankan Burgher Family Genealogy වෙබ් අඩවියට අනුව, ඇය ඇසිලින් හෙට්ටිආරච්චි. ඇය ද Common law spouseබිරියකි. ඇසිලින්ට අමතරව, ඇලී වින්ටර්ට තවත් බිරියක් සිටි බවත්, ඇගේ නම අප‍්‍රකට බවත් එහි දැක්වේ. ශීලා බැසිල් හොර්නර්ඇලී වින්ටර් එංගලන්තයේ දී කාර බැ ගෙන ලංකාවට කැන්දා ගෙන පැමිණි බිරියයි. ඒ අනුව ඇලී මහත්තයාට බිරින්දන් සිවු දෙනෙක් සිටි බව පිළි ගන්නට සිදු වේ! මේ විවාහයන් කුමන කාලයේ සිදු වූවා ද යන්න ගැන තොරතුරු නැත.

(මතු සම්බන්ධයි)
 (මෙම ලිපිය-2020/02/16-සති අග අරුණ පුවත්පතේ පළවිය)