සිංහල
බ්ලොග් රචනා ලෝකයේ රවුමක්-02
මෙතැනට
දෙපාරක් කොටාපියෝ!
අන්තර්ජාලයේ
සිංහල බස් වහර ද ටිකක් වෙනස් ය. එහි
කෙටි යෙදුම් හෝ ‘සිංගිරිසි’ වචන
බහුල ය. එමෙන්ම
සිංහල බ්ලොග් අඩවිවල බස ද අමුතු ය.
‘සිංගිරිසිය’ ද
මුසුකර ගත් එයට යම් උපහාසාත්මක ස්වරයක් මුසුවී තිබේ.
ඒවායෙහි භාෂා භාවිතය එක් අතකට, ‘බ්ලොග් ජන වහරක්’ බඳු ය!
බ්ලොග් රචකයන් තම භාෂා විලාශය, සිරස්තල
හෝ නාමකරණයන් පිණිස වචන තෝරා ගෙන ඇත්තේ, බ්ලොග් අඩවිවල ස්වභාවය අනුව ය.
ඒ අනුව ‘බ්ලොග් අඩවිය’ යනු, ‘බ්ලොගයයි’. බ්ලොග්
සටහන ‘පෝස්ටුව’ (Post) ය. බ්ලොග් ලියන්නන් ‘බ්ලොගර්ස්ලා’ (Bloggers) ය.
සිංහල බ්ලොග් ලෝකයේ ප‍්‍රමුඛයෙකු වන ‘මාතලන්’ කියන
හැටියට, පෝස්ටුවක්, බ්ලොගයක්
මගින් අන්තර්ජාලයට එක් කිරීම ‘බොග දානවා’ ය.
සිංහල අකුරු, ‘හිංගල අකුරු’ ය.
බ්ලොගර්ස්ලා දැමූ පොස්ටුවලට ‘කොමෙන්ටු’ (Comments) දමන අය
ද සිටිති. ‘කොමෙන්ටු’ යයි
කියන්නේ පළ කෙරුණු බ්ලොග් ලිපි ගැන අදහස් දැක්වීම්වලට ය.
සමහරු තම නමින්ම ‘කොමෙන්ටු’ දමති.
සමහරු නමක් නැතිව සැර කොමෙන්ටු දමති.
ඔවුන් ‘ඇනෝලා’ (Anonymous) ය.
බ්ලොග් අඩවියට පාඨකයන් (පිවිසුම්)
පැමිණීම, ‘හිට්ස්’ ය.
බ්ලොගයේ ඒ ගැන දැක්වෙන කවුළුව, ‘හිට්
කවුන්ටරේ’ ය.
ඇතැම් බ්ලොග් රචකයෙකුට අනුව අන්තර්ජාල සේවා සපයන ‘ගූගල්
සමාගම’, ‘ගූගලයයි’. එහි
සිටින්නේ ‘ගූගල්
දෙයියා’ ය.
හදිසියකට පින්තූරයක් කාරිය එයින් සොයා ගන්නට හැකිවීම එයට
හේතුව ය! ‘ඉකොනොමැට්ටාගේ
අවන්හල’ බ්ලොගයට
නම්, ‘ගූගලයෙන්
හඹන පාරිභෝගිකයෝ’ ද සිටිති!
ගූගලයෙන් හැඹීමට නම් ‘ඊ
තැපෑලක්’ හෙවත් ‘මේලයක්’ ඕනෑ ය.
සමහරුන්ට ‘ගෑනු ළමයි’ කියා
කට්ටියක් නැත. ඉන්නේ ‘ගෑල්ලමයි’ ය!
‘මාතලන්’ සිය
බ්ලොග් පාඩම් මාලාව ආරම්භ කරන්නේම ‘බොගක් සාදන්නේ කෙසේ ද?’ යනුවෙනි.
පරිගණක භාවිතාවේ බොහොමයක් දේවල් රැඳී පවතින්නේ ‘මවුස්
පොයින්ටරය’ මගින්
කරන ‘ඇනවුම්’ අනුව ය.
එය හැඳින්වෙන්නේ ‘ක්ලික් කරනවා’ යනුවෙනි.
‘ක්ලික්’ සහ ‘ඩබල්
ක්ලික්’ යනුවෙන්
ඇනවුම් දෙවර්ගයක් පරිගණක ලෝකයේ දී හමු වෙයි.
එහෙත් බ්ලොග් ලෝකයේ දී ‘ක්ලික්
කරනවා’ යන්න ‘කොටනවා’ හෝ ‘කොටන්න’ බවට පත්
වෙයි. මේ
කාරණා ඇතැම් බ්ලොගයක සඳහන් වන්නේ ‘මෙතැනට කොටන්න’ යනුවෙනි.
යම් තැනක් පෙන්වා, ‘මෙතැනට දෙපාරක් කොටාපියෝ’ කියා
ලියන අය ද සිටිති. ‘කොටන
තැන්’ යයි
කියන්නේ තමන් නිතර කියවන බ්ලොග්වල ‘ලින්කුවලට’ ය.
කොම්පියුටරයෙන් අකුරු ටයිප් කිරීම, ‘අකුරු
කොටනවා’ ය.
බ්ලොග් වහරෙන් ලියන අය අප මෙන්, ‘ඊමේල්
එකක් එවන්න’
කියා නො කියති. ඔවුන්
ලියන්නේ, ‘හීයක්
එවන්න’ කියා ය.
අන්තර්ජාලයෙන් යමක් බාගත කිරීම, ‘බාගන්නවා’ ය.
‘බස්සීගේ
නවාතැන’ බ්ලොගය
ලියන ‘බස්සී’ ලියන
කවි, ‘බසු කවි’ ය.
බ්ලොග් අඩවි ආකෘතියේ ‘Followers’ යනුවෙන්
කවුළුවක් ද වෙයි. යම්
බ්ලොගයකට නිතර පිවිසෙන්නන් එයින් අදහස් කෙරේ.
ඇතැම් බ්ලොගයක එය ‘පසු හඹන්න’ යනුවෙන්
දැක්වෙයි. යම්
බ්ලොගයක හෝ වෙබ් අඩවියක අන්තර්ජාල ‘සබැඳිය’, ‘ලින්කුව’ යි.
මුලින් සඳහන් කළ ‘හැලප කඩේ’ බ්ලොගයේ
රචකයා එහි ඇතැම් කියවන්නන් විසින් අමතන්නේ, ‘හැලපයියේ’ යන ආදර
නාමයෙනි. ඇතැම්
රචකයන් ‘අටම්පහිය’ බ්ලොගයේ
රචකයා අමතන්නේ ‘අටම්
අයියා’ කියා ය.
ඇතැමෙක් ‘මාතලන්’ බ්ලොගයේ
රචකයාට ‘මාතෙ’ හෝ ‘මාතෙ
අයියා’ යනුවෙන්
කෙටියෙන් ආමන්ත‍්‍රණය කරති. ‘කොළඹ
ගමයා’ බ්ලොගයේ
අජිත් ධර්මකීර්ති, ‘අජියා‘ ය.
යම් දෙයක් හැඳින්වෙන පදය ‘මෙව්වා
එක’ ය!
‘අටම්පහිය’ බ්ලොග්
අඩවියේ ‘කූඹියෝ
වෙනුවෙන් මගේ මෙව්වා එක’ යයි සිරස්තලයක් ද තිබිණි!
නූතන කවි සමය පෙරටුකර ගත් ‘කුරුටු
ගෑ ගී පවුර’
බ්ලොගයේ (kurutugegeepawra.blogspot.com) ඉන්නා
අය ‘කුරුට්ටෝ’ ය.
බොහොමයක් බ්ලොග්කාරයන් දැඩි උපහාසාත්මක වහරින් ලියන්නට
රුසියෝ ය. ඔවුහු ‘විකාර
රූපී බස’ අපූරුවට
භාවිත කරති.
සිංහල ලිවි සැරියේ දී බස් වහර මාදිලි දෙකක් භාවිතා වනු පෙනෙයි. ඉන් එකක් නම්, ‘ලියන භාෂාව’ ය. නැතිනම් ‘ලිඛිත භාෂාවයි’. අනෙක ‘කතා කරන භාෂාවයි’. නැතිනම්, ‘කථන බස’ හෝ ‘කට වහරයි’. යමක් ලිවීමේ දී ද, සාහිත්‍යය, ග‍්‍රන්ථකරණය හෝ වෙන යම් මුද්‍රිත සන්නිවේදන කටයුත්තක දී ද යොදා ගන්නේ ‘ලිඛිත භාෂාවයි’. එය සැම විට ම, සිංහල වියරණ සම්ප‍්‍රදායන් ගුරුකොට ගනියි. එහෙත් ‘කට වහරේ දී’ තත්ත්වය වෙනස් ය. එහි දී වියරණ හෝ ලිඛිත භාෂා ලක්ෂණ එතරම් සැලකිල්ලට නො ගැනෙයි. කට වහර, සජීවී ය.
ලිඛිත භාෂා සම්ප‍්‍රදායෙන් තොරව ලියැවෙන දේවල් සැලකෙන්නේ, ‘අවියත් භාෂා භාවිතයක්’ වශයෙනි. එහෙත් සාහිත්‍යකරණයේ දී ද, පුවත්පත් ලෝකයේ දී ද, යම් තරමකට ‘කට වහර’ භාවිතා කරනු පෙනෙයි. ඒ, ලියන දෙය අලංකාර කිරීම පිණිස ය. ඒ හැරෙන්නට සිංහල ලේඛන සම්ප‍්‍රදායේ දී කට වහර භාවිත කෙරෙන්නේ නැත. පුවත්පත් ලෝකයට ද ඇතුළුකර ගන්නේ ‘වියත් බසක්’ හෙවත් වියරණ සහිත සිංහලයක් හසුරුවන අයයි.
බ්ලොග් සහ වෙබ් ඇතුළු අන්තර්ජාල සිංහල ව්‍යවහාරයේ දී වැඩියෙන්ම භාවිත කෙරෙන්නේ, කට වහරට ටිකක් නැකම් කියන, අතිශයින්ම සජීවී, සරල භාෂා මාදිලියකි. එයට ඇතැම් ඉංග‍්‍රීසි වදන්වල සිංහල වැහැරුම් ස්වරූපය ද (බ්ලොගය, ලින්කුව, සින්ඩිය වැනි) මිශ‍්‍රව තිබෙනු පෙනෙයි. එහි රසවත් බවක් මෙන්ම නැවුම් බවක් ද දකින්නට පුළුවන. ඇතැම් තැනක ඒවායෙහි සාහිත්යික හෝ කවි බසක ස්වරූපයක් ද දැකගත හැකි ය. අමුතු උපමා, රූපක සහ සංකේතාර්ථ ද යොදා ගැනෙයි. එය මෙතෙක් පැවති (අන්තර්ජාලය එන්නට පෙර) සම්මත සිංහල භාෂා ව්‍යවහාරයට වඩා වෙනස් ය.
‘අන්තර්ජාල සිංහලය’, සම්මත සිංහලය දැඩිව ගරු කරන්නන්ගේ විවේචනයට ලක්විය හැකි ය. එසේ වුව ද, අන්තර්ජාල සන්නිවේදන ක‍්‍රියාවලියේ දී එය බොහොම සුනම්‍යව සහ ඵලදායක ලෙස භාවිතා කෙරෙනු පෙනෙයි. බ්ලොග් ලෝකය තුළ ද එය බොහොම ජනප‍්‍රිය ය. එයින් කලාව, සාහිත්‍යය, නිර්මාණකරණය, දේශපාලනය, සංස්කෘතිය ආදී වශයෙන් සන්නිවේදනය නො කෙරෙන දෙයක් නැත්තේ ය! ඕනෑම භාෂාවක් කාලානුරූපව වෙනස් වන බව සහ අලූත් වන බව ප‍්‍රකට කාරණයකි. ඒ අනුව, සම්මත සිංහල භාෂාව ද දැන් ඉතා සරල ‘අන්තර්ජාල මාදිලියකට’ රූපාන්තරණය වෙමින් තිබේ.
සිංහල බ්ලොග් අඩවි සඳහා ලැබෙන ලක්ෂ ගණන් ‘හිට්ස්’, මෙම ‘නව අන්තර්ජාල භාෂා ආර’ කොතෙක් ජනප‍්‍රිය ද යන්න අපට පසක් කරවයි.
(මතු සම්බන්ධයි)
(මෙම ලිපිය
2018/02/04 ඉරිදා ලක්බිමෙහි පළ විය)
2018/01/17.
Niyamai....
ReplyDeleteමේ පීන්තූරය මරු
ReplyDeleteවලස්පති බ්ලොගයේ ක්‍රිෂ්ණා බ්ලොග් ගැන විශාල පර්යේෂණයක් කරල වගෙයි. මම හිතුවේ ක්‍රිෂ්ණට බ්ලොග් කියවන්න වෙලාවක් නැතිව ඇති කියලයි. මම හිතපු දේ වැරදියි කියල මට තේරෙනවා. අර මාතලං බ්ලොග් පාඩං පටන් ගන්න කොට නං කිව්වේ “බොගක් දමන්නේ කේසේද? “ කියලයි.. ජය වේවා..
ReplyDeleteඅපූරු රවුමක්
ReplyDelete