මං
අතින් ලියන්නේ නෑ,
වැඩියෙංම ලියන්නේ මැෂින් එකෙන්!
වැඩියෙංම ලියන්නේ මැෂින් එකෙන්!
මතකයේ
හැටියට එය 2012 වර්ෂයේ
මුල් භාගයයි. මම එකල ‘ලක්බිම’ දිනපතා
පුවත්පතේ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් සේවය කරමින් සිටියෙමි.
‘ලක්බිම
ප‍්‍රවෘත්ති අංශය’, එකල අපගේ රාජකාරි ‘වැයික්කිය’ විය.
‘රැජින’, සුමති
පුවත්පත් සමාගමේ කාන්තා පුවත්පතයි. එකල
රැුජින කර්තෘ මණ්ඩලය ස්ථානගතවී සිටියේ, ද ‘අපේ ප‍්‍රවෘත්ති
අංශයට යාබද කාමරයක ය.
එවකට රැජින කර්තෘවරයාව සිටි තිලක් සේනාසිංහ මහතා, දිනක් එක්තරා තරුණයෙක් මා හමුවට කැන්දා ගෙන ආවේ ය.
‘ක‍්‍රිෂ්ණා, මේ තමයි සඳරු. අර ඉන්ටර්නෙට් එකේ ‘හිස් අහස’ බ්ලොග් එක කරන්නේ මෙයා තමයි. සමහර විට මෙයා ගෙන් අම්පාර පැත්තේ තොරතුරු ලියවා ගන්න පුළුවන් වෙයි’, තිලක් පැවසුවේ ඔහු හඳුන්වා දෙමිනි.
තිලක්ගේ වදන් ඇසූ මට පුදුම සිතුණි. ඒ වන විටත් ‘හිස් අහස’ අන්තර්ජාල ‘බ්ලොගයේ’ පාඨකයෙකුව සිටි මට, එය ලියන ‘සඳරු’ කවදාක හෝ හමුවෙතියි නිකමටවත් සිතී තිබුණේ නැත. ඒ වන විටත් ‘හිස් අහස’ බ්ලොගය කියැවූ පාඨක පිරිස 2,50,000 ද ඉක්මවමින් තිබුණේ ය.
සාමාන්‍යයෙන් ලංකාවේ දිනපතා පත්තරයක දවසේ අලෙවිය පිටපත් ලක්ෂයක් ඉක්මවන්නේ නම්, එය සැලකෙන්නේ මහත් ජයග‍්‍රහණයක් හැටියට ය. ඉරිදා පත්තරයක් නම්, විශිෂ්ඨ ලෙස ‘ගොඩ යාමට’ පිටපත් දෙලක්ෂයකවත් අලෙවියක් තිබිය යුතු ය. මේවා පත්තර කර්මාන්ත ලෝකයේ සාමාන්‍ය සිද්ධාන්තයන් ය. එහෙත් මේ තරුණයාගේ අන්තර්ජාල බ්ලොගය කියවන්නට පැමිණි පාඨක පිරිස ලක්ෂ දැන් දෙකහමාර ද ඉක්මවා තිබෙනු පෙනෙයි! බ්ලොගය ආරම්භකර ඇත්තේ 2009 වසරේ ය!
මගේ ඇස් උඩ ඉන්දුනේ, ඔහු සම්බන්ධයෙන් අනෙකුත් විස්තර දැන-කියා ගත් මොහොතේ ය.
‘සඳරුගේ ගම අම්පාරේ, උහන
පැත්තේ. එයා මීට
කලින් කොළඹ ඇවිල්ලා තියෙන්නේ දෙ පාරයි. අද ඔය
තුන්වැනි වතාව’,
තිලක් කියාගෙන ගියේ ය!
ඒ වන විට ඔහු, ‘ලංකාවේ හොඳම තරුණ පෞද්ගලික බ්ලොග්කරුවා’ වශයෙන් සම්මානයක් ද ලබා තිබිණි. එය ඔහුට පිරිනැමුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයක දී ය. එහෙව් ඔහු, ජීවිතේටම කොළඹ පැමිණ ඇත්තේ තුන්පාරකි! නවීන අන්තර්ජාල ගැවසීම් වැඩියෙන්ම ඇත්තේ කොළඹ යයි සිතා සිටි මට ඇති වූයේ, හරියට ‘කරකවා අතහැරියාක් බඳු’ හැඟීමකි. එවන් ජනප‍්‍රිය ‘අන්තර්ජාල ලේඛකයෙකු’ පත්තර ලෝකයට (මුද්‍රිත මාධ්‍ය ලෝකයට) සම්බන්ධකර ගැනීමට දෙවරක් කල්පනා නො කළෙමි.
මම ඔහුට ලියන කඩදාසි කිහිපයක් දී ප‍්‍රවෘත්ති තුනක් ලියා පෙන්වන ලෙස පැවසුවෙමි. එය, යමෙකුගේ ප‍්‍රවෘත්ති ලිවීමේ හුරුව මැන බලන සරල පරීක්ෂණයකි. ටික වේලාවකට පසුව ඔහු ලිවීම අවසන් කළ බව ඇඟවී ය. ‘ලිව්වා’ යයි කීවාට ඔහු ලියා තිබුණේ් එකම එක කොලයක පේලි හතරක් පහක් පමණකි! ඒ අකුරු කියැවීම ද දුෂ්කර ය!
මගේ අපහසුව තේරුම් ගත් ඔහු,
‘මං අතින් ලියන්නේ නෑ වැඩියෙංම
ලියන්නේ මැෂින් එකෙන්’ යයි කඩිනමින් උත්තර බැන්දේ ය.
නවීන අන්තර්ජාල ලෝකයේ පැන්, පැන්සල් හෝ ලියන කඩදාසි නැත. එහි ඇත්තේ ‘කොම්පියුටර්’, ‘කීබෝඩ්’, ‘මවුස්’, ‘ස්මාර්ට් පෝන්,’ ‘ඩිජිටල් කැමරා’ සහ ‘ප්‍රින්ටර්’ ආදිය පමණි. කොළඹ පත්තර කන්තෝරුවක සිටිය ද, එකල අප ද වාර්තා ලියුවේ අතිනි. කඩදාසි මත බෝල්පොයින්ට් පෑන්වලිනි. එහෙත් අම්පාරේ දුෂ්කර ගමක, එනම් එකල වරින් වර කොටි ත‍්‍රස්තවාදී ප‍්‍රහාර පවා එල්ල වුණු ඉසව්වක වෙසෙන ‘සඳරු’, ලියන්නේ කොම්පියුටරයෙනි! ඒ මදිවාට රැකියාව කරන්නේ, අම්පාරේ පෞද්ගලික ආයතනයක තොරතුරු තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයෙකු වශයෙනි!
‘ඒ කාලේ ‘ඉන්ටර්නෙට්’ හරි දුර්ලභයි. මම ඉතින් ඒ දවස්වල බ්ලොග් එකේ වැඩ කරන්නේ ‘අයි. ටී පන්තියට’ ආපු වෙලාවටයි’, ඔහු පැවසුවේ ය. ‘ලක්බිම’ පත්තරයට ලියන්නැයි ඇරයුම් කළ ද ‘සඳරු’ අපට කිසිවක් ලිව්වේ නැත. පසුකාලයේ හෙතෙම ‘රැජින’ පුවත්පතට ‘ගමේ රස කතා’ පෙළක් ලිව්වා මතක ය.
‘හිස් අහසට’ පාඨකයන් දාහත් ලක්ෂයක්!
මේ
පැරණි අත්දැකීම සිහිපත් වූයේ, වර්තමානයේ අන්තර්ජාල මාධ්‍ය
ලෝකය කළඹමින් සිටින ‘සිංහල බ්ලොග් අඩවි’ නම්
නවීන සාහිත්‍ය සහ සන්නිවේදන ධාරාව ගැන ලියන්නට යාමේ දී ය.
මම ද 2012 වසරේ පටන් ‘වලස්පතිගේ
අඩවිය’ නමින් සඟරාමය
බ්ලොග් අඩවියක් (walaspathi.blogspot.com) පළ කරමින් සිටින්නෙමි.
එබැවින් වරින්වර සිංහල ‘බ්ලොග්’ ලෝකයෙහි
සැරිසරන්නෙක් ද වෙමි. 2017 දෙසැම්බර් 31 වැනි
දා අන්තර්ජාලයට ගියෙමි. ඒ වන
විට, ඉහතින්
සඳහන් කළ සඳරුගේ ‘හිස් අහස’ බ්ලොග්
අඩවියට (hisahasa.blogspot.com)
(2009 වසරේ
සිට) පැමිණි
පාඨක සංඛ්‍යාව 17,92,807 ද
ඉක්මවා යමින් තිබුණේ ය! එය
වර්තමානයේ අන්තර්ජාල පාඨකයන් අතර ඉතා ජනප‍්‍රිය බ්ලොග් අඩවියකි.
‘සිංහල
බ්ලොග්’ අඩවි, දැන්
අන්තර්ජාල කියැවීම් ලෝකය කළඹමින් සිටින්නේ ය.
‘හිස් අහස’ බ්ලොගයෙන් උපුටා ගත් කොටසක් මෙසේ ය.
‘අපේ ගමේ අය නම් ‘බ‍්‍රන්ත’ කියලා අපි හඳුන්නන්නේ අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි සීන් එකක්, පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි ගතියක් නෑ .. හැබැයි
බ‍්‍රන්තදාලා, අනලා, ගානට උකුවට අනලා කියනකොට මරු ..
වෙනස්
නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ‍්‍රන්ත පිරුණු ”චයිනමන්” පොත මගේ
හිත ගත්තේ පිටුවක් ,පිටුවක්
පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් . හිත
ඇදගන්නම කියාපු කුතුහලේ නිසා වගේම තමයි බීම නැත්තං අඩි ගැහිල්ල ගැන ලෝභ නැතිව අත
දිග ඇරලා ලියලා තියෙන එක .ඉතින්
මගෙ ජීවිතේට කියවාපු හොඳම පොත චයිනමන් කියලා මම කියන්නේ අන්නේකයි ..
පොත පුරා තියෙන ක‍්‍රිකට් විස්තරත් අතරේ හරි ලස්සනට අපේ කම මික්ස් කරලා තිබුණා . මං නං ඔය ක‍්‍රිකට් වලට එච්චර ලැදියාවක් තියෙන එකෙක් නෙවෙයි ..සල්ලි වලට ජිල් ගැහීම . එල්ලෙ බලා ගල් ගැසීම වගේ ගේස්ම් ප්ලේ කරන කෙනෙක් .. ඒත් මට පොත අල්ලලා ගියා.’
-(හිස් අහස-චයිනමන්/බ‍්‍රන්ත
පිරුණු ග‍්‍රන්ථයක්)
ගමන්-බිමන් ගැන ආගිය කතා කවදත් බොහොම ජනප‍්‍රිය ය. ලියුම්කරු මෙම කතා කොටස උපුටා ගන්නේ, ‘අම්බලංගොඩ කතා’ (ambalangodakatha.blogspot.com) නම් බ්ලොග් අඩවියෙනි. සිය බ්ලොගයෙහි ‘අම්බලංගොඩයා’ නමින් පෙනී සිටින රචකයා වරින්වර විදෙස් ගමන්වල යෙදෙන්නෙකු බව පෙනේ. ඒ අතරතුර ඔහු ‘බ්ලොග්’ ලියයි. ඔහු ලියන සංචාරක සටහන් රසවත් ය. හරියට, ඉඳ හිටෙක වංගුවක් ගන්නා ‘ගන්දිදම් එක්ස්ප‍්‍රස්’ ඇඳි නොමැති පාලම් උඩින්ද, තඩි වංගුවලින්ද තම ගමන ජයටම කරගෙන යන්නාක්’ පරිද්දෙන් ඔහු ද සිය බ්ලොගය පවත්වා ගෙන යයි.
ඔහුගේ බ්ලොගය දුටු දවසේම ලියුම්කරුට සිහිපත් වූයේ, කලකට ඉහත ‘ලක්බිම’ ඉරිදා සංග‍්‍රහයට ‘අම්බලන්ගොඩයා’ නමින් ඉතා රසවත් ලිපි පෙළක් ලියූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු වන බුද්ධික කුරුකුලරත්න මහතා ය. ලියන විෂය සහ කරුණු-කාරණා වෙනස් වුව ද, ඉරිදා ලක්බිමට ලියූ ‘අම්බලන්ගොඩයාට’ මෙන්ම අන්තර්ජාලයේ ‘අම්බලංගොඩයාට’ ද අපූරු රචනා ශෛලියක් තිබෙනු පෙනෙයි. දෙදෙනා අතර සම්බන්ධයක් තිබේ දැයි ලියුම්කරු දන්නේ නැත!
ප්ලේන්ස්, ටේ‍්‍රන්ස් ඇන්ඩ් ඕටෝමොබයිල්ස්-03
‘ඉන්දියන් කෝච්චිවල ජනේල හරහට
ඇති යකඩ පටි හේතුවෙන් ජනේලයෙන් එළියට ඔලූව දැමීමට නොහැකියාව බලවත් අඩුපාඩුවක්
වන්නේ එංජින් රාජයා මාව කොහේ ඇදගෙන යනවාදෝ යන්න ඔලූව දමා බලන්නට නොහැකි නිසාය.
ඉඳ හිටෙක වංගුවක් ගන්නා ‘ගන්දිදම් එක්ස්ප‍්‍රස්’ ඇඳි නොමැති පාලම් උඩින්ද, තඩි වංගුවලින්ද තම ගමන ජයටම කරගෙන ගියේ කිසිම ආකාරයකින් වේගය අඩුකරන්නේ නොමැතිවමය. රුහුණු කුමාරිය, සමුද්‍රදේවිය ගල්කිස්ස හෝටලය ළඟ වංගුවේ වාගේම කොල්ලූපිටිය වංගුවේදීත් වේගය අඩු කළා හොඳහැටි මතකයේ තිබුණත්, ගන්දිදම් එක්ස්ප‍්‍රස් එකට එහෙම රීතියක් හෝ නීතියක් නොමැතිය. ඇඟට දැනෙනා ආකාරයට පැයට කිලෝමීටර සීයට වඩා වේගයකින් ධාවනය වන දුම්රිය වේගය අඩු කළානම් කළේ දුම්රියපොලක නැවත්වීම සඳහාය.. එහෙමත් නැතිනම් මාර්ග සංඥා රතු එළිය දක්වන වේලාවේදීය. හය වසරේ සිට දහතුන වසර දක්වාම, මාගේ අතිජාත මිත‍්‍ර උද්ධික සමග බයිසිකල් ගමනාගමනයේ යෙදී ඇති හෙයින් වංගුවලදී වේගය අඩු කිරීම පිළිිබඳ වැඩි සැකයක් බියක් හිතට දැනෙන්නේ නැත. ඒ වසර ගණනාවක් පුරා එවන් අවදානම්, සංයමයෙන් දරාගෙන ඇස් දෙක පියාගෙන හැඩලය අල්ලාගෙන සිටීමට උද්ධිකයා මාව හොඳහැටි පුරුදු පුහුණු කර ඇති නිසාය.’
-(අම්බලංගොඩ කතා)
ලියුම්කරු, 2000 වර්ෂයේ පටන් වසර 12ක් පුරාවට රැකියාව කළේ ‘ලක්බිම දිනපතා පුවත්පතේ’ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘවරයා වශයෙනි. ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති රැස්කර පුවත්පතට මෙහෙයවන අතුරතුර, අලූත් අලූත් ‘ප‍්‍රවෘත්ති ලේඛකයන්’ හඳුනා ගෙන පුවත්පතට දායකකර ගැනීමත් එහි රාජකාරියට අයත් විය. එබැවින් නිරන්තරව, නිරවුල් සිංහලෙන්, රසවත්ව, නැවුම්ව ‘ලියන්නට හැකියාව’ ඇති උදවිය ගැන ඇස ගසා ගෙන සිටීම පුරුද්දක් විය. පසු කලෙක ‘බ්ලොග් ලෝකයට’ එබිකම් කරන විට ලියුම්කරුට හැඟී ගියේ, එහි සිටින සරල-සුගම සහ විවිධ ශෛලීන් ඇති අපූර්ව රචකයන් එකල මුණ ගැසුණේ නම් කොපමණ අගනේ ද?, කියා ය!
සිංහල බ්ලොග් ලෝකයෙහි මුණගැසෙන නිර්මාණශීලී ලේඛකයන්, ‘මුද්‍රිත මාධ්‍යය’ හෙවත් කඩදාසි මාධ්‍ය ලෝකයෙහි දී මින් පෙර හඳුනා නො ගැනුණු පිරිසක් බව ද කිවයුතු ය.
(කාටුන් අන්තර්ජාලයෙනි)
(මතු
සම්බන්ධයි)
නියමයි
ReplyDelete+++++++
ReplyDeleteවසරකට පමණ කලින් ලංකාවේ ජ්‍යේෂ්ඨ (ලක්බිම/ලේක්හවුස්) පත්තරකාරයෙකු සිඩ්නිවල දී මුණ ගැසී ප්‍රකාශනයක් ගැන කතා කරන කොට තමයි තේරුණේ තවමත් ඒ බොහෝ දෙනෙකු පරිගණක මගින් නොව අතින් ලිපි ලියන බව.
ReplyDelete