Total Pageviews

Monday, February 19, 2018

වලස්පතිගේ අඩවියේ ලිපි කියවන සියලුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.



වලස්පතිගේ අඩවියේ ලිපි කියවන
 සියලුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.

මෙහි පළ කෙරෙන කිසිදු ලිපියක්, පුවත්පත්වල හෝ වෙනත් අන්තර්ජාල අඩවියක පළ කිරීම සඳහා උපුටා නො ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

වලස්පති අඩවියෙහි පළ කෙරෙන විශේෂාංග ලිපිවලින් සමහරක්, කෙලින්ම වලස්පති අඩවිය පිණිස ම සැකසුණු ඒවා ය. ඇතැම් ලිපි යම් යම් පුවත්පත් සදහා මා විසින් සම්පාදනයකර, ඒවා පළ කෙරුණු පසුව වලස්පති අඩවියෙහි පළ කළ ඒවා ය. 

ඕනෑම පත්තර කර්තෘ කෙනෙකුට කිසිදු හිරිකිතයකින් තොරව, මේවා හොරෙන් ගෙන තම පත්තරවල පළ කරන්නට පුළුවන. බ්ලොගයෙහි පළ කළ පසුව මට එබ්දු හොරකම් නවත්වන්නට ක්‍රමයක් නැත. එහෙත් යම් පත්තර කර්තෘ කෙනෙක් මගෙන් නො විමසා, මේ කිසිදු ලිපියක් තමන්ගේ පත්තරවල පළ කරන්නේ නම්, එය ඔවුන්ගේ නිර්මාණ බංකොලොත්භාවයක් බව මම කල්පනා කරමි. ඔවුන් කළ යුත්තේ තමන්ගේ පත්තරය සඳහා තමන්ගේ ලේඛකයන් ලවා ලිපි ලියවා ගැනීම ය. ඒසේ නැතිව තම පත්තර කෙරුවාව, අනුන්ගේ ‘බ්ලොග් අඩවිවලින් පුරවා ගැනීම නොවේ.

රන්ජිත් සමරකෝන් යනු ලක්බිම දිනපතා පුවත්පතේ මා වැඩ කළ කාලයේ අනුර හොරේෂස් මහතා යටතේ වැඩ කළ

ාධ්‍යෙවේදියෙකි. මෑතක දුරකතනයෙන් මා ඇමතූ ඔහු, වලස්පති අඩවියේ පළ වුණු එක්තරා ලිපියක් තමන් සේවය කරන රැස පුවත්පතට උපුටා ගන්නදැයි විමසුවේ ය. ලක්බිමේ එකට වැඩ කළ සුහදතාවය නිසා මම ඔහුට අනුමැතිය දුනිමි. එය වලස්පති අඩවියෙන් උපුටා ගත් බව සඳහන් කරන්නැයි ද කීවෙමි.



ඔහු කී එම ලිපිය රැස පුවත්පතේ පළ වූවා දැයි නො දනිමි. එහෙත් පෙබරවාරි 19 වැනි දා එඩ්වින් මණ්ඩලවත්ත කවියාගේ නිවසේ දී මට පෙන්වූ රැස පුවත්පතේ, වලස්පති අඩවියෙන් උපුටා ගත් වෙනත් ලිපියක්, එහි පළකර ඇති බව දුටුවෙමි. එය වලස්පති අඩවියෙන් උපුටා ගත් බව ද සඳහන්කර තිබිණි. එහෙත් එය මගේ අනුමැතියෙන් පළ කෙරුණක් නොවේ. මෙම ලිපිය 2017.03.26 වැනි දින, ‘දෙමුවාත පාර ඔස්සේ අන්තර්ජාලයේ මහා මැණික් වීදියට දුවන රත්නපුරේ අලුත් මැණික්කාරයෝ‘ යනුවෙන් ඉරිදා ලක්බිම පුවත්පතෙහි පළකෙරුණකි.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර යනු 2015 වසරේ  මහා මැතිවරණයෙන් පසුව හදිසියේ රැකියාව අහිමිවූ එකෙකි.

සේවය කළ පත්තර කන්තෝරුවෙන් ඔබේ සේවය අනවශ්‍ය යයි කියා
  පිටමං කළ එකෙකි. 

මා පත්තර ලෝකයට අවතීර්ණ වූයේ 1986 වසරේ ලේක්හවුස් ආයතනයේ කිරිඇල්ල සමූහ වාර්තාකරු වශයෙනි. කෙටි කලක දී, ප්‍රදේශයේ  පාර්ලිමේන්තු මන්ත්ීරවරයාගේ ගෝල විදුහල්පතිවරයෙකු ගැන විවේචනාත්මක පුවතක් දිනමිණෙහි පළ කළ බව කියමින්, දිනමිණ බලධාරීහු මගේ වාර්තා පළ කිරීම නතර කළෝ ය. දැන් එහෙව් ආයතනයකින් පළ කරන පුවත්පතක් සදහා මගේ දුප්පත් බ්ලොගයෙන් ලිපියක් හොරෙන් ගෙන, ලැජ්ජා නැතිව පළකර තිබේ.


රැස කර්තෘවරයා කවුරුන් දැයි මම නො දනිමි. ඔහු කවුරුන් වුව ද, මැණික් ගැන ලිපියක් ලියවා ගන්නට තරම් කර්තෘ මණ්ඩල ලේඛකයෙක් නැති කර්තෘ කෙනෙක් බව පෙනී යයි.

මා වලස්පති අඩවියට ලිපි දමන්නේ හුදෙක් ආත්ම තෘප්තිය සඳහා ම පමණකි. ඒවා සකස් කරන්නේ අතේ  වියදමෙනි. එබැවින් ඒවා හොරෙන් උපුටා පළ කිරීම නො හොබිනා වැඩකි. එයින් පාඨකයන් සිතනු ඇත්තේ මා ඔවුන්ගේ පත්තරයේ වැඩට ගොස් ඇති බවයි!

මා දැනට ලියන්නේ ඉරිදා ලක්බිම සහ රිවිර යන පුවත්පත්වලට පමණි. එය ද කරන්නේ නිදහස් වාර්තාකරුවෙකු වශයෙනි. වරක් මව්බිම පුවත්පතට එක් ලිපියක් යැව්ව ද එය පළ නො වීය. ඒ හැර මා ලියන්නේ වලස්පති අඩවියට පමණකි.

පත්තර ලෝකයෙන් හදිසියේ එළවා දැමුණු කෙනෙකුගේ ලිපි, ඔහුගේ අවසරයකින් තොරව උපුටා පළ කිරීම, කොතරම් සදාචාරාත්මක ද යන්න රැස කර්තෘවරයා ගෙන් විමසා සිටිමි!

එසේම වලස්පති අඩවියේ පළ වන ලිපි පුවත්පත් සඳහා උපුටා නො ගන්නැයි ද

සැම දෙනාට ම
කාරුණිකව මතක් කරමි. එසේ උපුටා ගන්නට ඉල්ලීම් නො කරන ලෙස ද මතක් කරමි.


-ක්‍රිෂ්ණ විජේ බණ්ඩාර-2018 පෙබරවාරි 20 වැනි දා.

5 comments:

  1. Bothal පත්තර කාරයෝ කියන්නෙ munta thamyi

    ReplyDelete
  2. රිදෙන්න කියලා. අනිත් දවසේ ලියුමක් උස්සල නං ඒකේ යටින් දාන්න කියන්න “එළවපු පත්තරකාරයෙකුගේ ලිපියක්“ කියලා.

    ReplyDelete
  3. ටිකක් දුක හිතුන... අදාල කතුතුමන්ගේ අවධානය ලැබේවා...

    ReplyDelete
  4. http://thattayagekolama.blogspot.com/2018/02/blog-post_20.html

    ඔබට මා පිළිතුරක් ලියා එය මෙහි පලකොට ඇත! කියවා බලන්න !!

    ReplyDelete
  5. හෙ හේ පත්තර ලියන එකයෙි බ්ලොග් ලියන එකෙයි වෙනස.
    මෙහෙ සීමා නෑ.
    නීති නෑ.
    සදාචාරයක් නෑ.
    තියනේනෙ හරි අමුතු සංස්තෘතියක් විතරයි නේ......................?

    ReplyDelete