Total Pageviews

Tuesday, December 15, 2015

අඬා වැටෙන ඇල්ලට තවදුරටත් අඬා වැටෙන්නට ඉඩ හරිමු ද?



ඇල්පිටියේ අඬා වැටෙන ඇල්ලට 
තවදුරටත් අඬා වැටෙන්නට ඉඩ හරිමු ද?
(ගාල්ල-නන්දසිරි වැලිගමගේ)
සුන්දර ඇල්පිටියේ අඬා වැටෙන දිය ඇල්ල,  ආයිමත් අප අඬා වැට්ටෙව්වේ ය. ඒ අහිංසක තරුණ පෙම්වතුන් යුවලකගේ  අබිරහස් මිනී මැරුමක් නිසා



දිය ඇල්ලට මේ නම පට බැඳුණේ ද, එය පහතට කඩා වැටෙන විට ඇති වන හඬ කාන්තාවක් හඬන ශබ්දයක් ලෙසින් ඇසෙන නිසා යයි කියන ජන ශ්‍රැතියක් තුළිනි.

හැම දාමත් අඬා වැටෙන දිය ඇල්ල, මෙදා හඬා වැටෙන්නට වුයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ උසස් විදුහලක ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන සුන්දර තරුණ පාසැල් සිසුවියක හා තරුණයකු, ආදරය වෙනුවෙන් දිවි පුදා ඇතියි යන්න සිතා ගෙන . එත් මේ පිළිබඳ ඇල්පිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගේ පශ්චාත් අධිකරණ වෛද්‍ය පරික්ෂණය කියා පැවේ, තරුණ යුවලගේ මරණ සිය දිවි නසා ගැනිමක් නොව මිනීමැරුමක් වන බවයි. යුවතියගේ හිසට මොට්ට ආයුධයකින් පහර දිමකින් හා තරුණ පෙම්වතාගේ ගෙල සිරවිමකින් මරණ සිදු වි ඇතැයි වාර්තා කොට ඇත.
තරුණ යුවලගේ පෙමට දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබුවක් නිසා කොහොමටවත් ඒ දෙන්නට දිවි නසා ගැනීමක අවශ්‍යතතාවයක් නොවිණ.

ඒත් මේ යුවල පෙම් සුව විඳින්නට මෙවන් අනාරක්ෂිත තැනකට   ගියේ ඇයි ?  යන්න සමාජයේ කතිකාවකට බඳුන් විය යුතු .
ඒ අන් කිසිවක් නිසා නොව,  සමාජය තුළ දිනෙන් දින මෝරා යන  පෙම් රැළිවලට මෙසේ තවදුරටත් අයාලේ යන්නට ඉඩ දීම නො කළ යුතු නිසා .

අප හැමදාමත් කරන්නේ මෙවන් සිද්ධියක් වු විට පත්තර පිටු ගණන් සුන්දර ලෙස මේවා ගැන විස්තර පලකර, ඉන් පසුව ඔහේ අත්හරින එක . ඒත් තවදුරටත් දැන් එසේ අත්හැරිය යුතු නො වන තත්වයකට මේ සමාජය අද පත්
වී අවසාන .

මේ ස්ථානය එතරම්ම ඝණ කැලෑවක හුදකලා වු තැනක් ද නොවේ. ඒත් එය නිසි අවධානයට ලක් විය යුත්තන්ගේ ඇසට ලක්ව නැති බව නම් පෙනේ. අඬා වැටෙන ඇල්ල, සොබා දහමෙන් ජාතියට තිලිණ වූ තවත් ධන සම්පතක් බව නම් පෙන්නා දිය යුතුව ඇත.
ඒත් හරිහැටි කළමණාකරනය නො කිරිම නිසා මේ ස්වභාවික  සුන්දර ස්ථානය අද අයාලේ යන තැනක් බවට පත් වි ඇත.
මෙතනට එන්නේ බොහෝ පිරිස නා-කියා ගන්නට නොවේ. බයිට් කකා බෝතලයක් දෙකක් හිස්කර දමමින් අමුතු මාදිළිවල  ජොලියක් ලබා ගන්නට . එසේත් නැතිනම් තරුණ කෙල්ලක් හෝ කාන්තාවක් සමග නො මනා රති කෙළියක යෙදෙන්නට . මේ අතර කුඩු ටිකක්  නැතිනම් වෙනත් මත් වතුර ටිකක ගිලි පීනන්නට . මේ සියල්ලටම උචිත පරිසරය මෙහි හොදට ඇත්තේ .ඒවාට අනුබල දෙන පිරිස ද ඒ අවට නැත්තේ නොවේ.

මේ සියල්ල  නිදහසේ කරන්නට, කරගෙන යන්නට ඔහේ ඉඩ හැර සිටින්නට  ද වගකිවයුතු සියළු ආයතන බලා සිටින නිසා මෙවන් ඛෙදවාචක සිදුවන්නේ .

මේ තරුණ යුවල ලෙහෙසියෙන් ඝාතනය කළ නො හැකිය. තරුණයා ද හමුදා සෙබළකි එසේ නම් තත්පරයකින් දෙකකින් දිවත්ව ඝාතනයන්  කළ නො හැකි . කොයි හැටි වෙතත් මේ සිද්ධිය ගැන පොලිසියට වගබලා ගැනිමට පමණක් ඉඩ හැර අප බලන් සිටිය යුතු ද? එය ප්‍රමාණවත් ද? මතු ද මෙවැන්නක් විමට ඇති ඉඩ හසර එසේම පවතින්නට හරිනවාද? යන්න සමාජ කතිකාවට ගත යුතු ය.

කලින් මේ පිසේම තිබූ තවත් ස්ථානයක් වුයේ දූවිලි ඇල්ල . එදා දකුණු පළාත් සංචාරක ඇමැතිවරයා වු අයි. විජේවන්ත මහතා දූවිලි ඇල්ලට මෙසේ අයාලේ යන්නට ඉඩ නුදුන්නේය. අද වන විට එය  දෙස් වි‍දෙස් සංචාරකයින්ගේ පාරාදීසයකි.

එසේම හම්බන්තොට උණු දිය උල්පත එදා වෙල් යායක් මැද තිබු ආකර්ෂනීය ස්ථානයකි. මේ වන විට එය, විජේවන්ත මහතාගේම මැදිහත්විමකින් පණ නළ ලබා ලෝපතල සංචාරක පාරාදීසයක් බවට පත්ව තිබේ.

එසේ නම්  අඬා වැටෙන ඇල්ලට, මිනිසුන් අඬ වන්නට තව දුරටත් ඉඩ තැබිය යුතු ද? එය සංචාරක ස්ථානයක් ලෙස සංවර්ධනය කරන්නට නො හැක්කේ මන් ද?
2015/12/16

1 comment: