Total Pageviews

Friday, December 18, 2015

ගාලු ඉතිහාසය කොටු පවුරෙන් පිටමං කිරීමේ තැතක්




 ගාලු ඉතිහාසය කොටු පවුරෙන් පිටමං කිරීමේ තැතක්
කෞතුකාගාර ඉවත්කර හෝටල් ඇරීමේ යෝජනාවකින් ගාලු ඉතිහාසය කැළඹේ
 
ගාල්ලේ ජාතික කෞතුකාගාරය

 (නන්දසිරි වැලිගමගේ)
ඓතිහාසික ගාලු පුරවරයට ඇත්තේ අභිමානවත් අතීතයකි. ‘ගාලු කොටුවZ නමින් හඳුන්වන පෞරාණික භූමිය එදත් අදත් ඒ අතීතය ලෝකයට කියා පාන්නේ ය. ඒ නිසාම අද එය ලෝක උරුම භූමියක් බවට පත්කර තිබේ.  ගාලු කොටුවේ පිහිටුවා ඇති කෞතුකාගාර තුනකි. ඒවා  පෞරාණික ගාලු නගරයේ, එහි වෙර‍ළේ මෙන්ම ගාලු මුහුදේ අතීතය පිළිබඳ සුවිශේෂී පණිවුඩයන් කියාපාන දෙස්-විදෙස් සංචාරක නැරඹුම් පොළවල් ය. ඒවා ඇත්තටම, නිසල කොටු පවුර තුළ අභිමානය රැගත් විශ්මිත නිර්මාණයන් පිළිබඳ අතීත කතාන්දර නිහඬව කියා පාන්නේ යඒවා නම්, පෞරාණික අතීත සැමරැම් ගොඩනැගිලි තුළ පවත්වා ගෙන යන, සමුද්‍ර කෞතුකාගාරයʹ, සමුද්‍රීය කෞතුකාගාරයʹ සහ ජාතික කෞතුකාගාරයʹ, යන ස්ථාන වේ. එබැවින් ගාලු කොටුව තුළ මේ කෞතුකාගාර  තුන සුවිශේෂ ය.

එසේ වුව ද, ඒවා ගාලු ඉතිහාසයෙන් පිටමං කිරීමේ තැතක් ගැන ද දැන් දැන් අසන්නට ලැබේ. මෙම කෞතුකාගාර ලෝක උරුම කොටු පවුර තුළම තිබීම,  පෞරාණික ගාල්ල නරඹන්නට එන සංචාරකයන්ට මහත් ආකර්ෂණයකි. ඒ නිසාම එය ගාල්ලේ සංචාරක ව්‍යාපාරයට ලැබුණු  තවත් සුවිශේෂී දායාදයක් බව ද පෙන්නා දිය යුතුව ඇත.

යුනෙස්කෝව විසින් ලෝක උරුමයන් වශයෙන් නම් කළ ස්ථාන රැසක් ලොව පුරා පැතිර ඇති අතර,   ශ්‍රී ලංකාවේ  ගාලු කොටු පවුර ද  එවන් ඓතිහාසික  ලෝක උරුමයකි

සමුදුර හා යාවී පවතින ගාලු ලෝක උරුම කොටු පවුර සහ පැරණි නගරය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද නෙත්-සිත් ඇද ගැනීමට සමත්ව තිබේ. ඒ බව  පසක් වන්නේ එය නැරඹීමට දිනෙන් දින පැමිණෙන්නාවූ අති විශාල  සංචාරකයින් කන්දරාව නිසාය.

අතීතයේ දී පෘතුගිසි- ලන්දේසි- ඉංග්‍රිසි යන පාලනයන්ට නතු වු  ගාලු කොටුව,  විදේශික  ආණ්ඩුකාරවරුන්ගේ පාලනය ගෙන ගිය ආරක්ෂක පෙදෙසක් වීය. පාලන තන්ත්‍රයක පැවතිය යුතු සියලුම අංග ලක්ෂණයන් ගෙන්  සමන්විත වු  මෙහි,  වර්තමානය වන විට ද  බොහෝ පෞරාණික  ලක්ෂණ  දැකිය හැකි .



විශේෂයෙන්ම  කොටු පවුර තුළ ඇති  ගොඩනැගිලිවල වාස්තු විද්‍යාත්මක  ලක්ෂණ මෙන්ම, එකිනෙක යා වන පරිදි  වීථි නිර්මාණයකර තිබීම ද,  නරඔන්නන්ගේ චිත්තාකර්ෂණය උද්දීපනය කිරිමට සමත්ව පවතින්නේ . පුරාණ ගෘහ  නිර්මාණ ශිල්පයන් හා සබැඳි බොහෝ  ගොඩනැගිලි තුළ  වර්තමානයේ රජයේ හා පෞද්ගලික  කෞතුකාගාර පවත්වා ගෙන යැම  අනෙක් සුවිශේෂි ලක්ෂණයකි.
එමෙන්ම මේ  අභ්‍යන්තර  ව්‍යුහයේ අනාගතය ඒ අයුරින්ම තබා ගැනීම,  මේ උරුමය හඳුනන හදවත්වල  පවතින සදාතනික පැතුමක් බව ද පෙන්නා දෙනු කැමැත්තෙමු.

කොටු පවුර පමණක් නොව  ගාල්ල වු කලී, අතිතයේ පටන් වෙළඳාම හා සම්බන්ධ වු පැරැණි නාවික ගමන් පැවතියා වු අතීතයක් සහිත පුරවරයකි. එමෙන්ම වර්තමානයේ දී ද  බොහෝ නාවික  කටයුතු  ගාල්ල හරහා  සිදු වන අතර,  ගාලු වරාය අවට මුහුදේ වටිනාකම් සොයා යාමට ද  වර්තමානයේ මුහුදු පුරාවිද්‍යාඥයන්  සිය දායකත්වයන් ලබා දී ඇත
 
සමුද්‍ර කෞතුකාගාරය
මේ අනුව යමින් මුහුදු  පුරාවිද්‍යාඥයෝ 1992 සිට ගාලු වරාය අවට මුහදේ කළ ගවේෂණ මගින් නාවික නටබුන් ඇති ස්ථන 26ක් අනාවරණයකර ගත් හ.  ඒ අතරින් 1659 වසරේ දී ගිලි ගිය  ඇවෝන්ස්ට්‍රා  නොහොත් සැඳෑ තරුවZ නැමැති  නෞකාව ද සොයා ගන්නා ලදී. ඔවුන් එහි තිබූ පුරා වස්තු රැසක් ගොඩට ගෙන, සංරක්ෂණය කොට, මෙම කෞතුකාගගාරයේ තැන්පත් කොට ඇති අතර, ඒවා විදේශිකයින්ගේ නොමද අවධානයට ලක් වී ඇත්තේ .

මෙම පිරිස විසින් බොහෝ වෙහෙස මහන්සියෙන් කැප කිරිම් මගින් සොයා ගත්, ගාල්ලේ ඓතිහාසික කතාන්දරවල පුරාවිද්‍යා සාධක හා එදා හෙළදිව  මෙන්ම, ගාල්ල ලෝක මට්ටමේ  වෙළෙදාම හා බැඳුණු පැරණි සාධක බොහොමයක් තිබිණි. ඒවා 2004  දී සිදු වු සුනාමි විපත ද සමග අපට අහිමි විය.

එහෙත්   ඉතිහාසය සොයා යන අයගේ නො සන්සි‍ඳෙන ආශාවන් නිසාම ඉන්  නො නැවතුනු මුහුදු පුරාවිද්‍යාඥයෝ,  සිය කැණීම් දිගින් දිගටම කරමින්  යළිත් ඉතා වටිනා පැරණි සාධක රැසක් මතුකර ගත්හ. ඒ සියල්ලම එක් තැන් කොට, ලංකාවේ දිගම ලන්දේසි ගොඩනැගිල්ල වන ගාල්ලේ කොටු පවුර තුළ පිහිටි පැරැණි ලන්දේසි බඩු ගබඩාව (පැක් හවුස්) 2010 මාර්තු 04 වැනි දා සමුද්‍ර පුරාවිද්‍යා කෙෘතුකාගාරයක් බවට පත් කළහ. අද එය ඉතාමත් ජනප්‍රිය තැනකි.

ඇත්තටම මේ  කෙෘතුකාගාර තුන, වෙනත් ස්ථානයන්හි පවත්වා ගෙන ගියේ නම්, මෙපමණ සංචාරක ආකර්ෂණයක් ලැබෙන්නේ නැත. සංචාරක ආකර්ෂණය, පැරණි ගොඩනැගිලි සහ කෞතුකාගාර යනු එකට ගැට ගැසුණු කාරණා වීම ඊට හේතුව ය. එය ගාල්ලට මහත් වාසියක් බව නො කිවමනා ය.

පුරාවිද්‍යාව යනු  මුල සිටම න්‍යායිකව ක්‍රමාණුකූලව සකස් වු විෂය මාලාවකි. එය ගවේෂණය, සංරක්ෂණය හා ප්‍රදර්ශනය  මෙන්ම ප්‍රකාශනයන්ගේ ද එකතුවෙන්, මානව යටගියාව  පිළිබඳ  කතාන්දරය  වර්මානයට  ඉදිරිපත් කරමින්, එය අනාගතයට දායාද කිරිමට සැරසෙන්නා වූ විෂය පථයකි. ඒ අර්ථයෙන් ගත් කල, ගාලු කොටුවේ කෞතුකාගාරවල  පිහිටීම සුවිශේෂ ය. එය දුර්ලභ පිහිටීමකි. ලංකාවේම සංචාරක කර්මාන්තයට වාසියකි.

ජාතික මට්ටමේ මෙම කෞතුගාර තුනම,  ගාලු කොටු පවුරට හා අපේ දේශිය සංස්කෘතියට හා ඒ සමග බැඳී පවත්නා ලාංකීය සංචාරක ව්‍යාපාරයට මහත් අාශිර්වාදයක් මෙන්ම මිල කල කළ නො හැකි ජාතික දායාදයක්ව පවතින්නේ .

එහෙත් මේ කෞතුකාගාර තුන,  ගාලු කොටුවෙන් බැහැර කිරීමට නව රජය තිරණයක් ගෙන ඇති බව, මේ වන විට ප්‍රකාශිතව ඇත. මේ තීරණය නම් එතරම් ප්‍රඥාගෝචර වන්නේ යයි පැවසිය නො හැක. 

කෞතුකාගාර තුන ගාලු කොටුවෙන්  පිටතට ගෙන ගොස්ඉන් හිස්වන පැරණි ගොඩනැගිලි සියල්ල සංචාරක හෝටල් බවට පරිවර්තනය කිරීම රජයේ අදහස බව කියැවේ. එය කෙරුණ හොත් ගාල්ලේ සංචාරක ආකර්ෂණය අඩුවී යාමට හේතු වනු නිසැක ය. කෞතුකාගාරවලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ද බොහෝ සෙයින් අඩු විය හැකි ය. එවැන්නකින්, කෞතුකාගාරවල වත්මනෙහි පවත්නා ගාම්භීරත්වයට ද ඉමහත් හානියක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ගාලු වැසියන් රජයේ මේ තීරණයට කැමති නැත.
 
සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය
මේ කාරණය පිළිබදව ගරු අගමැතිතුමාගේත්, ගරු ජනාධිපතිතුමාගෙත් දැඩි අවධානය යොමු විය යුතුය යන්න ඔවුන්ගේ අදහසයි.

එසේම කෞතුකාගාර තුන, තවදුරටත් ගාලු කොටු පවුර තුළම, වඩාත් විධිමත් සහ වඩාත් හරවත් අන්දමින් පවත්වා ගත යුතු  වීම ද, කාලීන අවශ්‍යතාවයක්ව පවතින බව රජයට දන්වා සිටිනු කැමැත්තෙමු.
(පින්තූර-අන්තර්ජාලයෙනි)
2015/12/19.

6 comments:

  1. Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි-ක්‍රිෂ්ණ.

      Delete
  2. මම මීට කලින් මෙහෙ ඇවිල්ලා නැහැ වගේ.

    බොහොම වටිනා විස්තරයක්. මේ වැඩේට විරුද්ධව පුරාවිද්‍යාව අගය කරන්නන්, පුරාවිද්‍යාව හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, සංවිධානය වියයුතුයි. පාරට බහින්න කලින්, දේශපාලන බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා, කරුණු පැහැදිලි කිරීමයි වැදගත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි. ගාල්ල ‍ෙපෟරාණික නාවික නගරයක්. එය යටත් විජිත පාලන සමයේ ලංකාවේ ප්‍රධාන වෙළෙඳ වරාය ලෙස පැවතුණා. ඒ කාලේ ජැටි ආදිය තවම දකින්න පුළුවන්. ගාල්ල කියන්නේ, දැනුත් කිසිදු තහංචියකින් තොරව නැව් බලන්න පුළුවන් නගරයක්. ගාලු කොටුව දැන් යම් යම් වෙනස්කම්වලට ලක්ව ඇති බව ඇත්තයි. ඒත් පැරණි ගාල්ල කොටුවේදී අදත් දකින්න පුළුවන්.-ක්‍රිෂ්ණ.

      Delete
  3. ගොඩක් වැදගත් ලිපියක්...

    ReplyDelete
  4. ඔබේ ප්‍රතිචාරයන්වලට මගේ ස්තුතිය.මෙය ජාතික ප්‍රශනයක් ලෙසයි මා දකින්නේ ඒ නිසාම මේ සම්බන්දයෙන් මෙයටත් වඩා පුලුල් කථිකාවතක් අවශ්‍ය බවයි මගේ අදහස ඒ සදහායි මාගත් මේ පුංචි උත්සාහය.වැලිගමගේ

    ReplyDelete