Total Pageviews

Wednesday, December 9, 2015

‘රුහුණු අලූත් අවුරුදු සිරිත්’ දෙසැම්බර් 14 දා දොරට වඩියි

‘රුහුණු අලූත් අවුරුදු සිරිත්’
දෙසැම්බර් 14 දා දොරට වඩියි


 


ප‍්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු සහ ගත් කතුවරයෙකු ද වන, ජයතිස්ස තෙන්නකෝන් මහතා විසින් රචිත ‘රුහුණු අලූත් අවුරුදු සිරිත්’ නමැති නවතම ග‍්‍රන්ථය දෙසැම්බර් 14 වැනි සඳුදා සවස 2.30ට, ගාල්ල, ලබුදූව, ‘දක්ෂිණපාය’ ශ‍්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
 

උත්සව සභාවේ මුලසුන හොබවන්නේ, දකුණු පළාත් සංස්කෘතික අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා විසිනි. විශේෂ දේශනය පවත්වන්නේ, මාධ්‍යවේදියෙකු සහ ප‍්‍රවීණ ලේඛකයෙකු වන ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතා ය.
 


 පරිච්ෙඡ්ද 14ක් ඔස්සේ ලියැවුණු නව ග‍්‍රන්ථය, ජයතිස්සගේ 11 වැනි කෘතිය ද වෙයි. එය අගනා ගවේශණශීලී නිබන්ධයකි. එය ගොඩගේ ප‍්‍රකාශනයකි.
2015/12/10.

1 comment: