Total Pageviews

Friday, June 15, 2018

වස විස නැති දේශීය වී තොග අලෙවිකර ගන්නට සහාය වන්න!


වස විස නැති දේශීය  පාරම්පරික වී තොග
අලෙවිකර ගන්නට සහාය වන්න!

කාරුණික ආයාචනයයි!
වස-විස නො යොදා වගා කළ, දේශීය පාරම්පරික වර්ගවලට අයත් වී කිලෝ පන් ලක්ෂයක් පමණ අලෙවිකරගත නො හැකිව තිබේ. ඒවා වගාකර ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් විසිනි. අලෙවිකර ගන්නට නො හැකි වී තොගයට, සුවඳැල්, සුදු හීනැටි, රත්දැල්,කුරුලු තුඩ, පච්චපෙරුමාල් සහ තවත් පැරණි වී වර්ග ඇතුළත් ය. වී තොග තිබෙන්නේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල ය.

ගොවීන් පවසන්නේ ඒවා කිලෝවක් රුපියල් 70.00ත්, 100.00ත් අතර මිලකට විකිණීමට කැමති බවයි.

වස විස නැති දේශීය සහල් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයගේ දැන ගැනීම සඳහා, මෙම ආරංචිය බෙදාහරින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

විමසිම්-
01-එම්. කේ. ජයතිස්ස මහතා (දුරකතනය-077-2888229)
අංක-516, කවුඩුල්ල
02-එන්. ධර්මරත්න මහතා (දුරකතනය-072-2198241)
අංක186/1, කුසුම්පොකුණ (මින්නේරිය) (සුදු හිනැටි)

No comments:

Post a Comment