Total Pageviews

Sunday, June 3, 2018

තුෂාරි ඔයා තනියම ද







 තුෂාරි ඔයා තනියම ද

ලස්සනම කවි තියෙන්නෙ
කියාගන්න බැරි වුණු
වචනවල
තරු කැට වුණත්
මොනවා නො කියයි ද
කවිවලට?

වැඩියෙන් ම හීතල
පොළොව ඇතුළෙන්
ගලන විට දිය පහර
මලක් පිපෙන්න කලින්
කවද ද ගතු කිව්වෙ
බඹරුන්ට?

තුෂාරි ඔයා දන්නව ද,
හැමදාම උදේට
මගේ හිත ඇතුළේ
පිපෙන කවි ගණන!
ඔයා හින්දයි,
ඒ කවිත්
මෙච්ච්චර ම ලස්සන
-නීතිඥ තුෂාර ද සිල්වා

(ගාල්ල)

2018.03.01.

(පින්තූරය-අන්තර්ජාලයෙනි.)

No comments:

Post a Comment