ප‍්‍රධාන කර්තෘට සපත්තු පන්දුවක්!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දවසක් මොකක් හරි දේකට කිත්සිරි මහත්තයා වීදුරු දොර ඇරගෙන
උන්හිටි ගමන් ‘නිවුස් රූම් එකට’ ආවා. දොර ඇරෙනවාත් එක්ක ම, කාගේදෝ සපත්තුවක්
උඩින් ඉගිලී ඇවිත් ඔහුගේ දෙපාමුල පතිත වුණා!
මුළු නිවුස් රූම් එකම ඒ නිමේෂයේ දී තුෂ්ණිම්භූත වුණා. හැමෝටම, ‘හපොයි ප‍්‍රධාන කර්තෘට
සපත්තුවකින් ගහලා!’ වගේ භීතිදායක හැඟීමක් ඇති වෙන්න ඇති.
‘ආ, උඹලා මේකේ බෝලත් ගහනවා!’ යයි සිනා වෙමින් කියූ
කිත්සිරි මහත්තයා, බිමට නැමී සපත්තුව
අහුලලා ‘පන්දු යවන්නා’ දෙසට විසි කළා!
විනෝදවෙන වෙලාවට කාගේ හෝ සපත්තුවක් හොරෙන් අරන් ‘ක‍්‍රිකට් ගහන එක’ නිවුස් රූම් එකේ උන්ගේ
සෙල්ලමක්. කොහෙන් දෝ අහුලා ගත්
පුටු කකුලක් ‘බැට් එකක්’ බවට පත්වී තිබුණා.
කිත්සිරි මහත්තයා ආවේ
කෙළවරේ තිබුණු ඡායාරූප අංශය (පොටෝ කෑල්ල) වෙතයි. ශ‍්‍රී ලාල් ගෝමස් සමග
මොනවා දෝ කතා කළ ඔහු නිවුස් රූම් එකෙන්
පිටවී ගියේ, ‘බෝල ගැහුවට කමක් නෑ. හෙට පත්තරේට නිවුසුත්
ලියාපල්ලා’ යයි හිනා මුහුණින්
ලෙන්ගතුව කියමිනුයි!
ඒත් අපට නම් පොඩි බයකුත් දැනුණා. ‘උඹලා උන්ව බලා ගන්නේ
ඔහොම ද?’ වගේ දෝස් මුරයක් එයි
කියලාත් සිතුණා. ඒත් එහෙම වුණේ නෑ. මේ තරුණ කොල්ලන්
කෙල්ලන් ගැන ඔහුට ලොකු අවබෝධයක් තිබුණා.
දුරකතන මගින් තම සගයන්ට දුරකතන මගින් ‘ලණු’ දෙන එකත් (බොරු ආරංචි) නිවුස් රූම් එකේ
සෙල්ලමක්. හැබැයි ‘අහවලාට ලණුවක් දුන්නා
ය’ කියලා හොරෙන් ප‍්‍රවෘත්ති
කර්තෘට කියනවා. ඉත්න් ලණුව කාපු කෙනා
එයින් ලියපු නිවුස් එක ප‍්‍රවෘත්ති කර්තෘගේ මේසයෙන් එහාට යන්නේ නෑ. ‘රිලැක්ස් එකේ’ හිඳීම පිණිස ගලවා මේස
යටට දැමූ සපත්තු කොහේ හෝ සැඟවීම, උන්ගේ තව සෙල්ලමක්.
ලංකාවේ බොහොම ප‍්‍රසිද්ධ ලේඛකයෙකුත් ලක්බිමේ උප කර්තෘ
අංශයේ වැඩ කළා. ඔහු බොහොම අහිංසක
කෙනෙක්. ‘නිවුස් එකේ’ කට්ටිය ඔහුටත් ‘ලණු’ දෙනවා. ඒවා කරන්නේ ක‍්‍රීඩා
අංශයේ ‘ඉන්ටර්කොම්’ පෝන් එකකින්.
ඔන්න උන් හිටි ගමන් අර උප කර්තෘවරයාට ‘රේඩියෝ චැනල් එකකකින්’ කෝල් එකක් එනවා. ‘ඉන්ටර්විව්’ එකක් හරි ‘වොයිස්කට් එකක්’ හරි ඉල්ලනවා. වැඬේට එකඟ වෙනවා. ඊට පස්සේ ප‍්‍රශ්න
අහනවා. ලේඛක මහත්තයා දොඹෙන් ම
උත්තරත් දෙනවා. ටිකක් වෙලා ගිහින්
මොකක් හරි කුණුහරුපෙකුත් අහනවා. එතකොට, මේක කාගේ හරි ඇතුළේ
එකෙකුගේ ලණුවක් බව ඔහුට වැටහෙනවා. දැන් වස ලැජ්ජයි. ඉතින් සද්ද නැතිව
ටෙලිපෝන් එක තියලා හොරෙන් වගේ වටපිට බලනවා. මෙන්න කට්ටිය ගොඩක් ‘ඉන්ටවිව් එක’ දෙන හැටි බලා ඉඳලා!
ඒ අතරේ කවුරුහරි එකෙක්, ‘දැන්
ඕක රේඩියෝ එකේ යන්නේ කවද්ද?’ කියලාත් විමසනවා! ඉතින් හොඳ ඒවා අසා
ගන්නට පුළුවන්!
කොහොමත් දිනපතා පත්තරේක ‘නිවුස් රූම් එක’ බොහොම සජීවී තැනක්. එහි ජීවිතය විවිධයි. විචිත‍්‍රයි. වාර්තාකරුවන් වේවා, ඡායාරූප ශිල්පීන් වේවා, කට්ටිය කන්තෝරුවට
පැමිණි හැටියේ ම දුවන්නේ පත්තර ලෑල්ලටයි. දිනපතා සහ ඉරිදා පත්තර
හැම එකක් ම වාගේ එහි අමුණලා තියෙනවා. ඔවුන් දවස පටන් ගන්නේ
එතැනින්. ගෙවී ගිය දවසේ රටේ ‘ප‍්‍රවෘත්ති ලෝකය’ තිබුණේ කොතැනක ද? කියා එයින් දැනගත
හැකියි. ඒ වගේ ම,
තමන් ප‍්‍රවෘත්ති ආවරණය කරන ක්ෂේත‍්‍රයේ අලූත් පෙළගැසීම්
ගැනත්, ඒවා තමන්ට ගිලිහුණේ ද? යන්නත්, එක් එක් ක්ෂේත‍්‍රවලින්
අලූත් ‘ප්රවෘත්තියකට’ පිවිසෙන්න හැකි ද? යන්නත් පත්තර ලෑල්ලේ
දී අවබෝධකර ගත හැකියි. එසේම, හෙට දවසට ‘ෆලෝඅප් නිවුස්’ (පසු විපරම් පුවත්) පාදා ගන්නත් එයින් ලබන
අවබෝධය වැදගත් වෙනවා. වැඩ දවස පටන් ගන්නට
පෙර, රටේ පළ කෙරෙන සියලූම
පුවත්පත් කියැවීම පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තීය සම්ප‍්‍රදායක්. එයට තරාතිරම් භේදයක්
නෑ. හෙට පත්තරයට තරඟකාරී ප‍්‍රවෘත්ති සපයන්න නම්, හැමෝ ම ‘අප්ඬේට් වෙලා’ ඉන්න ඕනෑ.
පත්තරේ පටන් අරන් ටික දවසක් යනකොට, අර පෘථිවිය පටන්
ගනිද්දී, කට්ටියක් ගොඩබිම
ඉතිරිවෙලා, කට්ටියක් මුහුදට ගියා
වගේ තත්ත්වයක් ඇති වුණා. ධර්ම ශ‍්‍රී තිලකවර්ධන, නිලූක කදුරුගමුව, රුවිනි ගුරුගේ, නදීකා සමරනායක, කුසුම් වික‍්‍රමසිංහ
ඇතුළු පිරිසක් ‘උප කර්තෘ අංශයට’ සංක්‍රමණය වුණා. අනෙක් අය ‘නිවුස් එකේ’ ඉතිරි වුණා. තවත් ටික කලක් යනකොට, මිහිරි පොන්සේකා සහ උප
කර්තෘ අංශයේ හිටපු තිස්ස පේ‍්‍රමසිරි ‘ඉරිදා ලක්බිමට’ ගියා. උප කර්තෘ අංශයේ වැඩ
කරපු සුනිල් තෙන්නකෝන් නියෝජ්‍ය ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ හැටියට මගේ ඩෙස්ක්
එකට ආවා.
(මතු සම්බන්ධයි)
++++
ReplyDelete