උඹ පස්ස ගහන්නෙ එහෙම නෑ!
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
‘දිනපතා’ ලක්බිම පටන් ගන්න
අවස්ථාව වන විට මං වැඩ කළේ ඉරිදා ලක්බිමේ. එහි ආරම්භක ප‍්‍රධාන
කර්තෘ බන්දුල පද්මකුමාර මහත්තයා ඉවත්ව ගියාට පස්සේ, එතෙක් විශේෂාංග කර්තෘ
විදිහට වැඩ කළ සුන්දර නිහතමානි ද මැල් මහත්තයා (සුන්දර අයියා) ප‍්‍රධාන කර්තෘ පදවියට
පත් කෙරුණා. අපි ඔහු සමග වැඩ
කරමිනුයි හිටියේ. සුමති සමාගමෙන් දිනපතා
පත්තරයක් ගහන බව සැලවී තිබුණත්, ඒ ගැන වැඩි විස්තරයක් අපි දැන සිටියේ නෑ.
උන්හිටි ගමන් දවසක සුන්දර මහත්තයා මාව කැෙඳව්වා.
‘අලූත් දිනපතා
පත්තරේ ‘ප්‍රොවින්ෂියල්
එඩිටර්කමට’ උඹව තෝරා ගත්තොත්, උඹ මොකද කරන්නේ?’, ඔහු ඇහුවා.
‘අපෝ, මේකේ මොකක් හරි ලියා
ගෙන ඉන්න එක දාහෙන් සම්පතයි’, මං උත්තර දුන්නා.
ඒ වෙනකොටත් මම ඉරිදා ලක්බිමේ ‘රටතොට පුවත්’ නමින් පිටු හතරක ප‍්‍රාදේහීය
පුවත් අතිරේකයක් කරමිනුයි හිටියේ.
‘ඒකෙන් කමක් නෑ. සමහරවිට ඔයාව පත් කරන්න පුළුවන්. කොහොම වුණත් කාරි නෑ, හෙට උදේට ඔයාටත් එක්ක
මීටිමක් තියෙනවා බෝඞ් රූම් එකේ. එහෙම ඔයාව පත් කළොත්
කරන වැඩ ටික ගැන රිපෝට් එකක් හදා ගනින්’, ඔහු කිව්වා.
මට ටිකක් විතර අමුත්තක් දැනුණා. ප‍්‍රාදේශීය
වාර්තාකරුවෙකු ලෙස කිරිඇල්ලේ වැඩ කරලා, ලංකාදීපේ පේ‍්‍රමතිලක සමරවීර මහත්තයා යටතේ ‘ප්‍රොවින්ෂියල් ඩෙස්ක්’ එකේ වැඩ කරලා පොඩි
දැනුමක් තිබුණා තමයි. ඒත් මේ වගේ භාරදූර
වැඩක්! මට ඒක කරන්න පුළුවන්
වෙයි ද කියලාත් හිතුණා.
වාර්තාව යාන්තම් හදා ගත්තා. ඒක ටයිප් කරවා ගන්නවත්
කාලයක් තිබුණේ නෑ. පහුවදා මීටිමට ගියේ
අතින් ලියපු කොපියත් අරගෙනයි.
‘උඹට ඕක ආවොත්
පස්ස ගහන්ඩ එහෙම එපා’, පඩිපෙළ බැහැගෙන බෝඞ් රූම් එකට යන අතරේ සුන්දර මහත්තයා
ගෙන් පොඩි උපදෙසකුත් ලැබුණා.
මීටිමේ දී, එවකට සුමති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, තිලංග සුමතිපාල මහතා (වත්මන් පාර්ලිමේන්තු
මන්ත‍්‍රි) හමු වුණා. මගෙන් ප‍්‍රශ්න දෙක
තුනක් ඇසූ ඔහු, අලූතින් පළ කරන්නට යන ‘දිනපතා ලක්බිම’ පත්තරේ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති
කර්තෘ හැටියට වැඩ කරන්න උසස් වීමක් දෙන බව කිව්වා. ඉක්මණින් මූලික වැඩ
ආරම්භ කරන්න කියලාත් දැනුම් දුන්නා. ඔය වෙන කොට අලූත්
පත්තරේට කර්තෘ කෙනෙක් පත් කරලා තිබුණේ නෑ.
ඊට පස්සේ මට ලොකු ගැටලූවක් ඇති වුණා. මං ලේඛකයෙක්. මේ වැඩෙන් මගේ ලියන එක
නවතියි ද? කියලා බයක් හිතුණා. ‘ඉතිං උඹ ඒකට වැඩ කරන
ගමන් ‘ඉරිදටත්’ ලියපං’ යයි සුන්දර මහත්තයාත්, අයුබ් අයියාත් (එම්. එස්්. එම්. අයුබ් මහතා) පැවසුවා.
අශෝකා සිනමා ගොඩනැගිලි සංකීර්ණයේ තුන් වැනි මහල වෙන්ව
තිබුණේ ‘ඉරිදා ලක්බිමටයි’. හතර වැනි මහලත්, එහි උප මහලත් දිනපතා
පත්තරයට වෙන් කෙරෙන බව කියැවුණා. ඒ කාලේ ඉරිදා ලක්බිමේ ‘පරිපාලන නිලධාරියා’ වශයෙන් වැඩ කළේ එස්. ගල්හේන මහත්තයායි. අපි ඔහු ඇමතුවේ ‘ගලා’ කියලයි. මං ඉතින් තනියම උඩු
මහලේ ‘ඉහළ මහලට’ ගියා. ඒකේ තිබුණේ නිල් පාට
දිග බංකු දෙකක් විතරයි. උඩු මහලේ හරියකට මේස පුටු පවා සකසා තිබුණේ
නෑ. ඒවා ඉක්මණින් එන බව ‘ගලා’ කිව්වා.
ඊට පස්සේ සුන්දර මහත්තයාගේ අවසරය ඇතිව ඉරිදා පත්තරේ මගේ
මේසයේ ඉඳන් අලූත් පත්තරේ ‘ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති
අංශයේ’ වැඩ පටන් ගත්තා. අපට මුලින් ම තිබුණු
කටයුත්ත වූයේ ‘ප‍්‍රාදේශීය
වාර්තාකරුවන්’ බෙඳවා ගැනීමයි. ඉරිදා ලක්බිමෙහි ඒ ගැන
පළ කෙරුණු දැන්වීම්වලට අයදුම්පත් එමින් පැවතුණා.
‘ශාන්ත රණතුංග’ කියන්නේ, වෘත්තියෙන් සිනමා සහ
ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ නිෂ්පාදන කළමනාකරුවෙක් වශයෙන් වැඩ කළ කෙනෙක්. තිස්ස අබේසේකර
සූරීන්ගේ ‘පිටගම්කාරයෝ’ ටෙලි නාට්‍යයේ
නිෂ්පාදන කළමනාකරුත් ඔහුයි. ඔහු ලක්බිමට ඇවිත්
තිබුණේ බන්දුල පද්මකුමාර මහත්තයාගේ ‘ලේකම්වරයා’ හැටියටයි. බන්දුල මහත්තයා ඉවත්ව
ගියාට පස්සේ ශාන්තට රාජකාරියක් පැවරිලා තිබුණේ නෑ. කර්තෘ පදවියට පත්
වෙච්ච සුන්දර මහත්තයාට ලේකම්වරයෙක් ඕනෑ
වුණේත් නෑ. පරිපාලනය, ශාන්තව අලූත් පත්තරේට
දැම්මා. ඒ, ප‍්‍රාදේශීය ප‍්‍රවාත්ති
අංශයේ සහායකයා හැටියටයි. ඔහුගේ පැමිණීම ලොකු
පහසුවක් වුණා. අපි මූලික වැඩ පටන්
ගත්තා.
ටික දවසකින් කලින් ‘දවස’ පත්තරේ වැඩ කරපු ඞී. බී. වර්ණසිරි මහත්තයා, දිනපතා ලක්බිමේ ප‍්‍රධාන
කර්තෘවරයා ලෙස පත් කෙරුණා. ‘දිවයින’ පත්තරෙන් පැමිණි
කිත්සිරි නිමල්ශාන්ත මහත්තයා සම කර්තෘවරයා වශයෙන් පත් කෙරුණා. ඔවුන් සිවු වැනි මහලේ, පහත උප මහලේ පැලපදියම්
වුණා. ‘දිවයිනෙන්’ ආපු ශ‍්‍රී ලාල් ගෝමස් ඡායාරූප කර්තෘ හැටියටත්, රන්ජන් පරණවිතාන ක‍්‍රීඩා
කර්තා හැටියටත්, ලංකාදීපෙන් ආපු
මියුලන් පෙරේරා මහත්තයා ප‍්‍රධාන උප කර්තෘ පදවියටත් පත් වුණා.
ප‍්‍රාදේශීය වාර්තාකරුවන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවලට
විශාල පිරිසක් ඇවිත් සිටියා. දවස් කිහිපයක් ම
ඉන්ටවිව් පැවතියා. අපි මුලින් ම කළේ
ඔවුන් ලවා ‘නිවුස් කොපියක්’ ලියවන එකයි. ඒක හොඳ නම් ‘ඉන්ටවිව් එකට’ ගන්නවා. නැතිනම් ‘දන්වලා එවන්නම්’ කියලා පිටත්කර හරිනවා. මං මේ කටයුතු කර ගෙන
ගියේ කිත්සිරි මහත්තයාගේ මග පෙන්වීමෙන්. මුල් කාලේ ඉන්ටවිව්
බෝඞ්වලට කිත්සිරි මහත්තයාත්, සුන්දර මහත්තයාත්, ශ‍්‍රී ලාල් ගෝමසුත් හවුල් වුණා.
ලිවීම පිළිබඳ පරීක්ෂණයෙන් අසමත් වුණු කෙනෙක් දවසක්
සුන්දර මහත්තයා එක්ක වාදෙක පැටලූණා.
‘ඔය ගොල්ලො ්මං සුදුසු
නෑ කියන්නෙ කොහොම ද?, මං මීඩියා කෝස් එකක්
කරලා ඉන් කෙනෙක්. මේ, මට --- මහත්තයා අත්සන් කරපු
සහතිකයකුත් තියෙනවා’, ලංකාවේ ඉන්න බොහොම ප‍්‍රසිද්ධ
මාධ්‍ය පුහුණු පන්තියක නමකුත් කියමින් ඔහු තර්ක කළා.
‘ඔයා ලැබුවාය කියන
දැනුම මේ කොපියෙන් පේන්නේ නෑ’, සුන්දර මහත්තයා කිව්වා.
පස්සේ යම් ‘පරිවාස කාලයකට’ යටත් කරලා ඔහුට ලියන්න ඉඩ දුන්නා. ඔහු වැඬේ අල්ලා ගත්තා. මේ මහත්තයා පාසැල්
ගුරුවරයෙක්.
(මතු සම්බන්ධයි)
No comments:
Post a Comment