Total Pageviews

Thursday, October 8, 2015

මැතිවරණ වාර්තාකරණ පුහුණුවෙන් ජය ලද්දෝ

          
 ( දමිත් නිවන්තක රණසිංහ -දොඩම්ගස්ලන්ද)
                               

ට‍්‍රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගිය වසරේ පැවැත්වූ  මැතිවරණ වාර්තාකරණය පිළිබඳ පුහුණු පාඨමාලාවේ  සහතික පත් සහ ත්‍යාග බෙදාදීම, 2015 ඔක්තෝබර් 02 වැනි දා  කොළඔ පුවත්පත් මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී  පැවැත්විණි.
                                

පුළුල් දැක්මකින් යුතුව මැතිවරණ වාර්තාකරණයට මාධ්‍යවේදීන් යොමු කිරීමේ අරමුණින්, පුහුණු පාඨමාලාව දිවයිනේ පළාත් නමය ආවරණය  වන පරිදි  ක‍්‍රියාත්මක විය.  පුහුණුව අවසානයේ   ප‍්‍රවීන මාධ්‍යවේදියෙකුගේ  උපදේශකත්වය ද  සහිතව, තරඟකාරී ප‍්‍රායෝගික අත්හදා බැලීමක් ද කෙරුණි. ඒ සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්  ඔස්සේ  වාර්තා   පළකරමින්,   මාධ්‍යවේදීන් 126 දෙනෙක්  සහභාගී වී සිටියහ.  ඔවුන් අතර දෙමළ මාධ්‍යයෙන්  35 දෙනෙක් ද,  සිංහල මාධ්‍යයෙන්  91  දෙනෙක් ද,  තම තමන්ගේ මාධ්‍ය ආයතන හරහා ලිපි සහ වාර්තා පළකර තිබිණි. සියලූ වාර්තා  ස්වාධීන විනිශ්චය මණ්ඩලයකගේ  පරීක්ෂාවට යොමු කරමින්, මැතිවරණ වාර්තාකරණය පිළිබඳ  සාර්ථක  පරිචයක් ලැබූ   මාධ්‍යවේදීන් තෝරා ත්‍යාග ද,  සහභාගීවූ සියලූම තරගකරුවන්ට සහතික පත් ද පිරිනමන ලදී.  ඒ අනුව  ජයග‍්‍රාහකයින් ලෙස  05 දෙනෙක් තෝරා  ගැනුණි.
                               



 දෙමළ මාධ්‍යයෙන්  නුවරඑළිය  දිස්ති‍්‍රක්කයේ   ටී. නඩරාජා  මහතා ද,  පුත්තලම දිස්ති‍්‍රක්කයෙන්  පද්මා කන්කානම්ගේ මහත්මිය ද,  කුරුණෑගල දිස්තික්කයෙන් කමලා අතරගල්ල මහත්මිය ද,  ගාල්ල දිස්ති‍්‍රක්කයෙන්  සජීව විජේවීර මහතා ද,   අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙන්   සරත් මනුලවික‍්‍රම මහතා ද,  ත්‍යාග  හිමිකර ගත්හ.  
                               

ත්‍යාග ප‍්‍රදානය සඳහා  ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර  ශාන් විජේතුංග, නාලක ගුණවර්ධන, විජයානන්ද රූපසිංහ, සී. දොඩාවත්ත, යන මහත්වරු සමග ආචාර්ය රොහාන් සමරජීව සහ සමරජීව මහත්මිය  ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වූහ.
 

මාධ්‍යවේදිනී කමලා අතරගල්ල මහත්මිය,  ආචාර්ය රොහාන් සමරජීව මහතා  අතින් ත්‍යාග සහ සහතික පත් ලබා ගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
2015/10/09.

No comments:

Post a Comment