Total Pageviews

Sunday, October 11, 2015

මාධ්‍ය ඡායාරූප ශිල්පී ප‍්‍රෑන්ක්ගේ පුතාට කණ පැලෙන්නට ගැසූ ගුරුවරිය පොලිස් අත් අඩංගුවට


(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
අට වසරේ පාසැල් ශිෂ්‍යයෙකුට ‘කණ පැලෙන්නට’ පහර දුන් බව කියන රජයේ පාසැලක ගුරුවරියක්, ඊයේ (11* සවස හෝමාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග ස`දහන් කරයි.
 

පහර කෑ ශිෂ්‍යයා, ‘ලක්බිම’ පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී ප‍්‍රෑන්ක් ද සොයිසා මහතාගේ එකම දරුවා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසුව ගුරුවරිය අත්අඩංගුවට ගැනුණු බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
 

ශිෂ්‍යයා හෝමාගම, පිටිපන ප‍්‍රදේශයේ පාසැලක අධ්‍යාපනය ලබන අතර, යම් රෝගී තත්ත්වයක් සඳහා මහරගම ජාතික පිළිකා රෝහලින් ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ දරුවෙකි. රෝහලේ උපදෙස් පරිදි, දරුවාගේ තත්ත්වය පිළිබඳ ලිඛිතවම පාසැලට ද දැනුම් දී තිබිණැයි පියා සඳහන් කරයි.
 

ශිෂ්‍යයා පහර කෑමට ලක්ව ඇත්තේ ඉකුත් ජූලි මාසයේ අග භාගයේ දිනක ය. කිසියම් කාරණයකට ඳඩුවම් පිණිස ගුරුවරිය ඔහුගේ කණට අතින් පහර දී ඇතැයි  ප‍්‍රෑන්ක් ද සොයිසා මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ. ඉන් පසුව ඔහු සතියක පමණ කාලයක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලින් ප‍්‍රතිකාර ලබා තිබේ. තවමත් ඔහුගේ ශ‍්‍රවණ තත්ත්වය යථා තත්ත්වයට පත්වී නැතැයි පියා පවසයි.
මේ සම්බන්ධයෙන් ඔහු හෝමාගම අධ්‍යාපන බලධාරීන්ට ද පැමිණිලිකර ඇති අතර, අධ්‍යාපන දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබේ.
 

අත්අඩංගුවට පත් ගුරුවරිය අද (12) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2015/10/12.

No comments:

Post a Comment