Total Pageviews

Tuesday, October 6, 2015

අන්තර්ජාල මිතුරන් ගෙන් කෙරෙන කාරුණික ඉල්ලීමයි

අන්තර්ජාල මිතුරන් ගෙන් කෙරෙන
 කාරුණික ඉල්ලීමයි
 
ජයතිස්ස-රන්කහවණු පඳුරක් අතැතිව

කෘතිම පොහොර, කෘෂි රසායන ආදී වස-විසෙන් තොරව වගා කළ, දේශීය වී වර්ග තුනක කිලෝග්‍රෑම් 6000ක වී තොගයක් සුදුසු ගැනුම්කරුවකු හමුවන තුරු ගබඩාකර තිබේ.
වී තොගය, ගොවි නායක කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා සහ ඔහු සමග දේශීය වී වර්ග වගා කළ, පොළොන්නරුවේ, හිඟුරක්ගොඩ ගොවීන් පිරිස භාරයේ පවතී. වස-විස නැතිව බත් කන්නට කැමති උදවිය රට පුරා සිටිය ද, ඔවුන් නිපදවූ වී තොගය තවමත් අලෙවිකර ගත නො හැකිව ඇත.

වී තොගයට, සුවඳැල්, කුරුළු තුඩ සහ රන්කහවණු යන දේශීය පාරම්පරික වී වර්ග ඇතුළත් වෙති. ඒවායෙහි බත, මාරාන්තික වකුගඩු රෝගය, පිළිකා, ගබ්සාවීම්, ඇස් පෙනිමේ දුර්වලතා, කොලෙස්ටරෝල් අධිකවීම, සහ දියවැඩියාව යන රෝගවලට ගුණදායක බව පැරණි වෙද පොත්වලත්, කාර්මික තාක්ෂණ ආයතනය කළ පර්යේෂණවලත් සඳහන් විය.

කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා කියන්නේ, වී තොගය සහල්කර, කිලෝවක් රුපියල් 180ක් බැගින් අලෙවි කිරීමට කැමති බවයි. දේශීය වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 75ක් වත් වන බැවින්, සහල් කිලෝවක් ඊට වඩා අඩුවෙන් දෙන්නට නො
හැකි බව ද ඔහු කියයි.


ක්‍රිෂ්ණ දන්නා පරිදි කොළඹ දී දේශීය සහල් කිලෝව රුපියල් 250ට ද විකිණෙයි. සුවඳැල් සොයා ගැනීමත් අසීරු ය.

මිත්‍රවරුනි, මේ ආරංචිය බෙදා ගනු මැනවි. ඒ ගොවීන්ට දිරියක් වශයෙන් ගැනුම්කරුවෙකු සොයා දෙන්නට හැකි උත්සාහයක් දරනු මැනවි. මෙන්න දුරකතන අංකය-
කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස මහතා-077-2888229.

-ක්‍රිෂ්ණ විජේබණ්ඩාර/2015.10.07. (පින්තූරය-අශෝක ප්‍රනාන්දු)

1 comment:

  1. හැමදාවත් වගේ වටිනා ලිපියක්, වටිනා තොරතුරක්. මෙතුමාගේ කාර්‍යයය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න ප්‍රාර්තනා කරන ගමන් මෙවන් ගොවි මහතුන් තව තවත් දිරිගැන්වීමට ඔබතුමා කරන උත්සාහටත් සුභපතන ගමන් මම මෙය බුකියේ දාන්නම!

    ReplyDelete