Total Pageviews

Tuesday, August 4, 2015

2015 මහ ඡන්දයට කියන කෙප්ප

    දින සීයේ ආණ්ඩුව ජනතාව ගෙන් වසන් කළ
                  මහින්ද සමයේ සත්‍යය


මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිකර වීමේ පොදු අපේක්ෂක ක‍්‍රියාවලිය තුළ රටට ප‍්‍රකාශ කෙරුණු ආකාරයට, ‘මහින්ද රාජපක්ෂ පාලන සමය’ එකම හොර ගුහාවකි. මහින්ද ද හොරෙකි. ඔහු තම පවුලේ අය ද එක්කර ගෙන මුළු රටම ගසා කෑවෝ ය. මුදල් වංචා කළෝ ය. මහින්ද වටා ගොනුවී සිටියවුන් ද හොරුන් ය. ජනතාවගේ මුදල් ගසා කෑවුන් ය. ඔහු ද, ඔහුගේ සගයන් ද, ගසා කෑවා විනා රටට කළ දෙයක් නැත. පොදු අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් පෙළ ගැසුණු උදවිය, මේ කතා දිගින් දිගටම ප‍්‍රචාරය කළෝ ය.
 

ඉක්බිති පොදු අපේක්ෂකයා ඡන්ද 62 ලක්ෂයක් ලබා ජය ගත්තේ ය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් විය. ඒ සමගම රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කෙරිණි. ‘දින සීයේ ආණ්ඩුව’ යයි අමුතුම තාලේ ‘අටමගලයක්’ බිහි විය.
මේ අතර රට වැසි දහස් ගණන් පිරිස් එක්ව, අතින් වියදම්කර ගෙන ඡන්ද 58 ලක්ෂයක් ලබා පැරදුණු ‘මහින්ද මහත්තයා’ බලන්නට තංගල්ලේ ‘කාල්ටන් නිවසට’ නෑගම් ගියහ. ඇතැම්හු තම නායකයා පරාජය වීම ගැන හඬා වැලපුණහ. දිනපතාම තංගල්ලට එන මහ සෙනග හසුරුවන්නට පොලීසිය යොදවන්නට ද සිදු විය. සමහරු මහින්ද මහත්තයාට, ‘අප්පච්චී’ යනුවෙන් ආමන්ත‍්‍රණය කරන්නට ද පුරුදු වූහ. මේ සා විශාල ජන සන්නිපාතයක් එක්ව, අතින් වියදම්කර ගෙන, ඡන්දයෙන් පරාජයවූ නායකයෙකුගේ සුව දුක් විමසන්නට ගිය සංවේදී අවස්ථාවක් මින් පෙර අහලාවත් තිබුණේ නැත. මහින්ද මහත්තයාගේ පාලන සමයේ රටේ පැවති ‘සංවර්ධන ආකර්ෂණය’ ඊට හේතුව වන්නට ඇත.

 

හොරකම් හෝ වෙනත් මුල්‍ය වංචා යනු අපූර්වයක් නොවේ. ඒවා ගැන කතා, මින් පෙර පැවති විවිධ පාලන සමයන්හි පවා අසන්නට ලැබිණි. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ මග පෙන්වීම පරිදි, ‘කඩිනම් මහවැලි ව්‍යාපාරය’ ක‍්‍රියාවට නැංවූයේ ගාමිණී දිසානායක ඇමතිවරයා ය. එකල ඔහුට මෙන්ම මහවැලි ව්‍යාපාරයට ද ටොන් ගණන් දූෂණ වෝදනා එල්ල විය. එහෙත් ‘මහවැලි ව්‍යාපාරය’ කෙරිණි. අද ඉන් මුළු රටටම බත සැපයෙයි! ‘තවක්කාල්’ සිමෙන්ති කොම්පැණියේ ගනුදෙනුව සහ ප‍්‍රංශයෙන් දුම්රිය එන්ජින් ගෙන්වීමේ ගනුදෙනුව ආදිය ද, පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් දූෂණ සිද්ධීන් ය. එබැවින් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ද, හොරකම් හෝ වෙනත් මුල්‍ය වංචා කිසිවක් සිදු නො වූයේ යයි අපි නො කියමු. ඒවා කළ අය වෙත් නම්, ඔවුන් අල්ලා ගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් නැත. එය කළ යුතු දෙයකි.
 

ගැටළුව එය නොවේ. මහින්ද මහත්තයාගේ පාලන සමයේ රටට සිදුවූ හොඳ දේවල්, ‘හොරකම් කළා, කළා’ යන ඊනියා ඝෝෂාවෙන් වසන්කර දමා තිබීම ය!
 

මෙතැන් සිට විස්තර කෙරෙන්නේ, ‘දින සීයේ කට්ටිය’ විසින් ජනතාව ගෙන් වසන් කළ එබඳු කාරණා කිහිපයකි.
 

 

වරාය පිළිබඳ බොරුව

දින සීයේ ආණ්ඩුවේ වරාය විෂය භාර ඇමති, අර්ජුන රණතුංග මහතා නිතරම පැවසුවේ ‘කොළඹ වරාය’ එහැමපිටින්ම හොර ගුහාවක් බවයි. එසේම, හම්බන්තොට නව වරාය තැනීම ද මුදල් නාස්තියක් බවයි. දින සීයේ ආණ්ඩුවේ අනෙකුත් නායකකාරකාදීීන් ද එබඳුම කතා කීහ.
මේ අතර ඉකුත් මැයි මාසයේ දී, ලොව ‘කන්ටේනර්’ හෙවත් ‘බහලූම්’ ප‍්‍රවාහනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඇගයීම් වාර්තාවක් නිකුත් විය. එය නිකුත් කළේ, ඇමරිකාවේ ‘වොෂින්ටන්’ සහ බෙල්ජියමේ, ‘බ‍්‍රසල්ස්’ යන නගරවල සිට ක‍්‍රියාත්මක වන
zWorld Shipping CouncilZ නමැති ජාත්‍යන්තර ආයතනයයි. ඔවුන්ගේ වාර්තාවෙහි, ලොව කාර්යබහුලම සහ හොඳම වරාය 50ක් ලයිස්තුගත කෙරිණි. 2013 වසරේ ලොව පුරා කෙරුණු කන්ටේනර් ප‍්‍රවාහන මෙහෙයුම් ඊට පාදක විය. ඒ අනුව, ලංකාවේ ‘කොළඹ වරාය’ ද ලොව හොඳම වරාය 50ට ඇතුළත්කර තිබිණි. කොළඹ, ලොව 33වැනි හොඳම වරායවූ අතර, අපට අසල්වැසි ඉන්දියාවේ මුම්බායිහි

zJNPTZ වරාය ලොව 34වැනි හොඳම වරාය ලෙස දක්වා තිබිණි. ඒ අනුව කන්ටේනර් මෙහෙයුම් අතින් ලංකාව සිටින්නේ, ඉන්දියාවටත් වඩා ඉදිරියෙනි. ඔවුන්ගේ ඇගයීම් අනුව, 2011 වසරේ කොළඹට හිමිව  තිබුණේ 35වැනි ස්ථානයයි. එහි සිට, 2013 වසරේ දී 33වැනි ස්ථානයට  පැමිණීම, කොළඹ වරාය කොපමණ වර්ධනයක් අත්කර ගත්තා ද යන්න, පැහැදිලි කරන කාරණයකි. 2013 වසරේ දී කොළඹින් මෙහෙයවූ කන්ටේනර් සංඛ්‍යාව, මිලියන 4.31කි. 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන ආකාරයට, 2014 වසරේ කොළඹින් මෙහෙයවූ කන්ටේනර් සංඛ්‍යාව, මිලියන 4.91කි. එය පෙර වසරට වඩා සියයට 14ක වර්ධනයකි. එසේම ප‍්‍රති නැව්ගත කිරීම් ද, 2014 වසරේ දී සියයට 15.5කින් වර්ධනය විය.!

මෙම තොරතුරු සඳහන් කරන

zWorld Shipping CouncilZ ආයතනය, ලංකාවේ ආණ්ඩුවට හෝ දේශපාලනඥයන්ට සම්බන්ධ සංවිධානයක් නොවේ. එය ලෝක නාවික ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ පිළිගත් ජාත්‍යන්තර ආයතනයකි. 2014 වසරේ මහ බැංකු වාර්තාව, මහින්ද පාලන සමයේ හිටපු මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැකසුණකි. එහෙත් එය දින සීයේ ආණ්ඩුවේ මහ බැංකු අධිපති, අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මෙහෙයවීමෙන් සංස්කරණයට ලක් කොට, ඔහුගේ අත්සනින් යුතුව, 2015 අප‍්‍රියෙල් මස 27 වැනි දා නිකුත් කරන ලද්දකි. එබැවින්
zWorld Shipping CouncilZ ආයතනයේ වාර්තාවේ හෝ, 2014 මහ බැංකු වාර්තාවේ සඳහන් තොරතුරු, අසත්‍ය යයි හෝ අවිශ්වාසනීය යයි කියන්නට පුළුවන්කමක් නැත.
 

වාර්තා දෙකෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් ඉඳුරාම කිව හැක්කේ, ‘හොර ගුහාවක්’ යයි කියන කොළඹ වරාය, මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී විශිෂ්ඨ දියුණුවක් ලබා ඇති බවයි. එය ඇත්තටම මහා පරිමාණ හොර ගුහාවක්ව පැවතුණා නම්, මේ තරම් දියුණුවක් ලබන්නේ කෙසේ ද? යන්න, ගැටළු සහගත ය!

 

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පිළිබඳ බොරුව

හම්බන්තොට ජාත්‍යන්තර වරාය, 2011 වසරේ විවෘත කෙරුණි. එය කලක් තිස්සේ පැවති සංවර්ධන සිහිනයක්වූ අතර, නව වරාය තනා විවෘත කෙරුණේ මහින්ද රාජපක්ෂ යුගයේ දී ය. එසේම එය, අතීත ලංකාවේ පැවති රුහුණු ‘ගොඩවාය’ ජාත්‍යන්තර වරායේ වර්තමාන පිළිබිඹුවක් ද වෙයි. දින සීයේ ආණ්ඩුවේ අය නව වරාය හඳුන්වා දුන්නේ ‘නැව් එන්නේ නැති’ වරායක් යනුවෙනි. එය දැඩි මුදල් නාස්තියක් බව ද ඔවුහු කීහ. එහෙත් හම්බන්තොට වරාය පිළිබඳ ඇත්ත එය නොවේ!
2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් වන ආකාරයට, හම්බන්තොටින් කෙරෙන වාහන ප‍්‍රති නැව්ගත කිරීම්, 2014 වසරේ දී සියයට 321.7කින් වර්ධනයවී තිබේ.

 

එසේම, වරාය විවෘත කෙරුණු 2011 වසරේ එහි පැමිණි නැව් සංඛ්‍යාව 09කි. 2012 වසරේ එය නැව් 34ක් දක්වා ඉහළ ගියේ ය. 2013 වසරේ එය නැව් 139ක්වූ අතර, 2014 වසරේ පැමිණි නැව් සංඛ්‍යාව 474ක් විය! මින් බහුතරයක්ම රථ වාහන ප‍්‍රවාහන නෞකා ය. එම වසරේ ඔවුන් මෙහෙයවූ අනෙකුත් නැව් බඩු ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 4,74,000කි.
 

හම්බන්තොට, තවමත් සංවර්ධනය කෙරෙමින් පවතින ජාත්‍යන්තර වරායකි. එහි තවම කන්ටේනර් මෙහෙයවීමේ පහසුකම් ද නැත. එබැවින් එය, කොළඹ බඳු පරිණත මහා වරායක් සමග සැසඳීම විකාරයකි!
2014 වසරේ හම්බන්තොටට නැව් 474ක් පැමිණියා යයි කියන්නේ, අඩු තරමින් දවසකට එක් නැවක් බැගින් හෝ පැමිණ ඇති බව නොවේ ද?
එහෙත් දින සීයේ කට්ටිය, ‘හම්බන්තොට නැව් එන්නේ නැති, නාස්තිකාර වරායක් හදලා’ යයි අමු බේගල් රටට කියමින් සිටිති!

 

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳ ඇත්ත

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉදි කෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද, දින සීයේ ආණ්ඩුවට පෙර පටන්ම දැඩි විවේචනයට සහ චෝදනාවට ලක් වූවකි. එය තැනීම මුදල් නාස්තියක් බවත්, ඉන් පලක් නැති බවත් දින සීයේ කට්ටිය ජනතාවට කියා සිටියහ. ඔවුන් පැවසූ ආකාරයට, එය ගුවන් යානා එන්නේ නැති ‘ජාත්‍යන්තර ගුවන් තොටුපොළකි’! මේ කාරණා පට්ටපල් කෙප්ප බව දැන් ඔප්පුවී තිබේ.

මහින්ද මහත්තයාගේ ආණ්ඩුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදි කළේ, ‘රටකට දෙවැනි  ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ද තිබිය යුතුය’ යන ලොව පිළිගත් අදහස ද පෙරදැරිව ය. එය 2013 වසරේ මාර්තු 18 වැනි දා විවෘත කෙරිණි. ජාත්‍යන්තර ගුවන් සේවා කිහිපයක් එහි එන්නට පටන් ගත්තා පමණි. විවේචන ද ටොන් ගණන් එල්ල වන්නට පටන් ගත්තේ ය.

දින සීයේ කට්ටිය ඇතුළු විවේචකයන් සහ චෝදනාකරුවන් දැනුදු මත්තල ගුවන්තොට සසඳන්නේ, කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හා සම තත්ත්වයෙනි! ඔවුන් කියන හැටියට, මත්තල ගුවන්තොට පටන් ගත් හැටියේම කටුනායක බඳු ‘මහා ගුවන් තොටුපොළක්’ බවට පත් විය යුතු ය! එය මහත් විහිලූකාර අදහසකි. මන්ද, යම් ව්‍යාපෘතියක් එහි සම්පූර්ණ ඉලක්කකරා යාමට කිසියම් කාලයක් ගත වන බැවිනි. එය මත්තල ගුවන්තොටට ද පොදු කාරණයකි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් 2014 දෙසැම්බර් මාසයේ නිකුත් කළ, ‘2014 ජාතික ප‍්‍රවාහන සංඛ්‍යාලේඛන’ නමැති නිල වාර්තාව මේ ප‍්‍රශ්නයට කදිම පිළිතුරක් සපයයි. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳ ‘ඇත්ත’ එහි දක්වා තිබේ. වාර්තාවේ සඳහන්කර ඇති ආකාරයට, 2014 වසරේ මාර්තු 14වැනි දා සිට දෙසැම්බර් අවසානය දක්වා මත්තලට ආ-ගිය ගුවන් යානා සංඛ්‍යාව 1514කි. එසේම එම කාලය තුළ මත්තල ගුවන්තොට පරිහරණය කළ විදේශීය මගීන් සංඛ්‍යාව 18,552කි! තත්ත්වය මෙසේ නම්, මත්තල ගුවන් යානා එන්නේ නැති ජාත්‍යන්තර ගුවන් තොටුපොළකැයි කියන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් පටන් ගත් හැටියේම දියුණු වන්නේ නැත. එයට යම් කාලයක් ගතවේ. මත්තල යාන්තම් ‘වැඩේ අල්ලා ගෙන’ ඉදිරියට යන්නට ආවා පමණි. මහින්ද මහත්තයාගේ ආණ්ඩුවට පැරදී ගෙදර යන්නට සිදු විය. ඒ සමගම දින සීයේ කට්ටිය එක්ව මත්තල ගුවන්තොටේ ‘ගෙල මිරිකා’ දැමුවෝ ය!

 

විදේශ ණය පිළිබඳ යථාර්ථය

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සහ අධිවේගී මාර්ග සම්බන්ධයෙන් එල්ල වන ලොකුම චෝදනාවක් තිබේ. එනම්, ඒවා තැනීම පිණිස චීනය සහ වෙනත් මූලාශ‍්‍රවලින් අධික ලෙස විදේශ ණය ලබා ගෙන තිබීමයි. ලංකාව බඳු මහා ධන සම්පත් නැති රටකට, විදෙස් ණය ලබා නො ගෙන සංවර්ධන වැඩ කිරීම අසීරු ය. රටවල් හැටියට සංවර්ධන ණය ගැනීම, සාමාන්‍ය දෙයකි. අපේ රටේ මෑත ඉතිහාසයේ කෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපාරයවූ, ‘මහවැලිය’ පවා තැනවුණේ විදේශීය ණය ආධාර යටතේ ය. එබැවින් විදෙස් ණය ගැනීම වරදක් යයි අර්ථ දැක්විය නොහේ!
 

 

ලෝක බැංකුවේ හෙළිදරව්ව සහ අපේ මහ බැංකු වාර්තාව

2015 වසරේ අප‍්‍රියෙල් මස 13 වැනි දින, ලෝක බැංකුව මගින් දකුණු ආසියානු කලාපය පිළිබඳ ආර්ථික විශ්ලේෂණ වාර්තාවක් නිකුත් කළේ ය. ඇමරිකාවේ වොෂින්ටන් නුවර දී නිකුත් කෙරුණු එයට, ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර ප‍්‍රධාන ආර්ථික විශේෂඥ, මාර්ටින් රාමා සහ එහි දකුණු ආසියානු කලාපය භාර නියෝජ්‍ය සභාපති ඇනෙට් ඩික්සන් යන විද්වතුන් සිය විග‍්‍රහයන් ඉදිරිපත්කර තිබුණි. ලියැවිල්ලේ සිරස්තලය,
zSouth Asia, now the fastest-growing region in the World, could take greater advantage of cheap oil to reform energy pricingZ නම් විය. ඔවුන් ඉන් පවසා තිබුණේ, දකුණු ආසියානු රටවල් 2016 දී සියයට 7.4ක ආර්ථික වර්ධනයක් අත්කර ගත යුතු බවයි. 2014 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.4ක් බව ද සඳහන් කරන ලෝක බැංකු විශ්ලේෂකයෝ, 2015 දී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 6.9ක් දක්වා පසුබෑමකට ලක්විය හැකි බව ද පවසා ඇත. අලූත් ආණ්ඩුව (දින සීයේ කට්ටිය), යටිතල පහසුකම් ඇතුළු සංවර්ධන ව්‍යාපෘති නැවත විමර්ශනය සඳහා නතරකර ඇති බැවින් එම තත්ත්වය ඇතිවිය හැකි බව ද ඔවුන් සිය වාර්තාවේ දක්වා ඇත.
 

2014 වසරට අදාළ ‘ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව’ නිකුත් කෙරුණේ, 2015 අප‍්‍රියෙල් මස 27 වැනි දා ය. එනම්, ලෝක බැංකුවේ වාර්තාව නිකුත් වීමෙන් පසුව ය. මහ බැංකු වාර්තාවේ ද සඳහන්ව තිබුණේ, 2014 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.4ක් බවය! ඊට පෙර නිකුත්වූ ලෝක බැංකු වාර්තාව ද, 2014 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 7.4ක් බව පවසා තිබිණි! 2014 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව, මහින්ද පාලන සමයේ හිටපු මහ බැංකු අධිපති, අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැකසුණ ද, එය දින සීයේ ආණ්ඩුවේ නව මහ බැංකු අධිපති, අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මෙහෙයවීමෙන් සංස්කරණයට ලක් කොට, ඔහුගේ අත්සනින් යුතුව, නිකුත් කරන ලද්දකි. එබැවින් ලෝක බැංකුව සහ ලංකාවේ මහ බැංකුව යන දෙගොල්ලන්ටම වරදින්නට බැරි ය. ‘හොරා’ සහ ‘දූෂිතයා’ යයි හංවඩු ගැසූ මහින්ද මහත්තයාගේ පාලන සමයේ රටේ පුළුල් ආර්ථික වර්ධනයක් පැවති බව ඉන් පැහැදිලිවේ.

 

ලංකාවේ රථ ගාය එකසිය ගණනට නැගීම

ශ‍්‍රී ලංකාව අද මෝටර් රථ වාහන අතින්, ඉහළම තත්ත්වයට ළ`ගා වෙමින් පවතියි. 2009 වසරේ දී රට වැසි සෑම පුද්ගලයන් 05 දෙනෙකු ගෙන් එක් අයෙකුටම, කුමක් හෝ මෝටර් වාහනයක් හිමිව තිබිණි. 2014 වසර වන විට එය, සෑම පුද්ගලයන් 03 දෙනෙකු ගෙන් එක් අයෙකුම, කුමක් හෝ මෝටර් වාහනයක හිමිකරුවෙක් වීම දක්වා සීඝ‍්‍රයෙන් වර්ධනයවී ඇත. මෙම කරුණු සඳහන් වන්නේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, 2014 දෙසැම්බරයේ නිකුත් කළ, ‘ජාතික ප‍්‍රවාහන සංඛ්‍යාලේඛන-2014’ ග‍්‍රන්ථයේ සහ ‘2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ’ ය.
 

ඒ්වායෙහි එන දත්ත අනුව, 2009 වසරේ රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයන් 5.69 දෙනෙකු ගෙන් එක් අයෙක්ම, කුමක් හෝ මෝටර් වාහනයක හිමිකරුවෙකි. 2013 වසරේ දී එය, සෑම පුද්ගලයන් 04 (3.93) දෙනෙකු ගෙන් එක් අයෙක්ම, මෝටර් වාහන හිමිකරුවෙකු වීම දක්වා ඉතා වේගයෙන් වර්ධන විය. 2009 වසරේ රටේ පැවති සමස්ත මෝටර් රථ වාහන සංඛ්‍යාව 35,95,068කි. 2014 වන විට එය වාහන 20,38,166කින් ඉහළ ගොස්, දළ වශයෙන් වාහන 56,33,234ක් බවට පත්ව තිබුණේ ය. ඒ අනුව, 2014 වසරේ රට වැසි ජනගහණයෙන් සෑම පුද්ගලයන් 03 දෙනෙකු ගෙන්ම එක් අයෙක් (3.67ක්), කුමක් හෝ මෝටර් වාහනයක හිමිකරුවෙකු විය. 2009 වසරේ පටන් ගෙවී ගිය 06 වසර තුළ රටේ රථවාහන සංඛ්‍යාව, වසරකට 3,39,694 බැගින් ඉහළ ගිය බව ඉන් පෙන්නුම් කෙරේ.
 

ගෙවී ගිය කාලපරිච්ෙඡ්දය තුළ ලංකාවේ අත-මිට සරු, සැලකිය යුතු ආර්ථික සමෘද්ධියක් පැවති බවත්, ඉන් පිළිබිඹු වන තවත් කාරණයකි. රට තුළ සංසරණය වන සමස්ත මෝටර් වාහන සංඛ්‍යාවෙන් බහුතරය, මෝටර් බයිසිකල්, ත‍්‍රී රෝද රථ සහ මෝටර් රථ (කාර්) වන අතර, 2014 වසරේ පැවති එම රථ වාහන සංඛ්‍යාව, දළ වශයෙන් 44,84,981ක් පමණ වේ. රටේ සමස්ත වාහන කන්දරාව, 2001 වසරේ සිට 2013 දක්වා සියයට 192,5කින් වැඩි විණි. එම කාලය තුළ ත‍්‍රී රෝද රථ සංඛ්‍යාව, සියයට 657.7කින් ඉහළ ගොස් ඇත.

 

මාර්ග කිලෝමීටරයකට වාහන 45ක් 

වාර්තාවල දැක්වෙන ආකාරයට ලංකාවේ සමස්ත මාර්ග ජාලයේ දිග, කිලෝමීටර් 1,16,000කි. ඒ අනුව බලන විට 2013 වසරේ පැවති රථ වාහන සංඛ්‍යාව, කිලෝමීටරයකට වාහන 45ක් බැගින් (44.8ක්) සමස්ත මාර්ග ජාලය පුරා ගාල් කළ හැකි ය! එය දැවැන්ත වාහන සංචිතයකි.

 

සෑම 36කින් එක් අයෙකුටම කාර් එකක්

දැන් (2014) රටේ ජනගහණයෙන් සෑම පුද්ගලයන් 07 දෙනෙකුගෙන් (6.91) එක් අයෙකුම, මෝටර් සයිකලයක හිමිකරුවෙකි. සෑම පුද්ගලයන් 22කින් (22.24) එක් අයෙකුම, ත‍්‍රී රෝද රථ හිමියෙකි. සෑම පුද්ගලයන් 36කින්  (36.47) එක් අයෙකුම මෝටර් රථ (කාර්) හිමිකරුවෙකි. 2013 වසරේ තත්ත්වයන් අනුව, සෑම පුද්ගලයන් 67කින් (67.21) එක් අයෙකුම, ද්විත්වකාර්ය වාහන හිමිකරුවෙකි. සෑම පුද්ගලයන් 62කින් (62.13) එක් අයෙකුම, ලොරි රථ හිමියෙකි.
 

රටක මෝටර් රථ වාහන සංඛ්‍යාව වැඩි වීම, ඒ රටේ දියුණුව පෙන්වන එක් සාධකයක් බව ඇත්ත ය. එහෙත් මෙම රථ වාහන කන්දරාව සඳහා මහජනයා කොපමණ මුදලක් ණයවී (ලීසිං සහ ෆිනෑන්ස්) සිටින්නේ ද? යන්න, වෙනම කල්පනා කළ යුතු වේ. එසේම රට, මේ තරම් වාහන සමෘද්ධියකට එසවී තිබෙන්නේ, ‘ඡන්දයෙන් පැරදී ගිය’ මහින්ද මහත්තයාගේ පාලන සමය තුළ ය. එය විශේෂ කාරණයකි.
මහින්ද මහත්තයා සහ ඔහුගේ කට්ටිය, ඔය කියන තරම් දූෂිත ලෙස රට පාලනය කළා නම් රටට මේතරම් වාහන සමෘද්ධියක් අත් වන්නට බැරි ය!

සැකසුම-එම්. රාළ/2015.07.07.


No comments:

Post a Comment