‘ලක්බිමයි’ මමයි!
නෑ, ‘ලක්බිමයි’ අපියි!-08
මොකද උඹලා ටක් ටොක් ගගා යන්නේ?
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
දවසක් පද්මිණීට (පද්මිණී මාතරගේ) ජ. වි.පෙ. රැළියක් වාර්තා කරන්න
යන්න තිබුණා. ඒ වෙලාවේ ඡායාරූප
ශිල්පීන් කවුරුවත් හිටියේ නෑ. පද්මිණී ඒත් ‘පොටෝ කෑල්ලට’ ගියා. ශ‍්‍රීලාල් පත්තරයක්
බලමින් ඉන්නවා. ඒකේ කවුරුවත් නෑ. හැමෝම වැඩවලට ගිහිල්ලා.
‘ආ, පද්මිණී මොකෝ?’ ශ‍්‍රීලාල් අහනවා.
පද්මිණී කාරණය කියනවා.
‘හරි, උඹ නංගී ඔය වැඬේ පොතේ
දාපන්’ ඔහු කියනවා.
ශ‍්‍රීලාල්, තමන්ගේ ඡායාරූප අංශයේත් ‘එසයිමන්ට් බුක් එකක්’ (වැඩ පැවරුම් පොතක්) පවත්වා ගෙන ගියා. වාර්තාකරුවන් තමන්ගේ ප‍්‍රවෘත්ති
ආවරණ වැඩවලට ඡායාරූප ශිල්පීන් අවශ්‍ය වුණාම, ඒකේ ලියන්න ඕනෑ. ශ‍්‍රීලාල් කට්ටිය
වැඩවලට යොදවන්නේ ඒ පොතේ ලියලයි. ඉතින් පද්මිණී වැඬේ
මොකක්ද, ඒක තියෙන්නේ කීයට ද
කියලා පොතේ ලියලා ආවා.
දැන් වැඬේට යන වෙලාවත් ලං වුණා. ඒත් වැඩවලට එළියට ගිය
ඡායාරූප ශිල්පීන් කවුරුවත් ඇවිත් නෑ. දැන් වාහනයත් සූදානම්. ඉතින් පද්මිණී තනියෙම
වැඬේට යන්න පිටත් වුණා.
මෙන්න පඩිපෙළ බහිනකොට ශී‍්‍රලාල් කැමරා බෑග් එකත් කරේ
එල්ලා ගෙන පස්සෙන් එනවා!
‘අයියේ ඔයා?’
පද්මිණීට පුදුමයි.
‘ඔයා පොටෝ එඩිටර්නේ. ඔහොම කමක් නැද්ද?’
එයා අහනවා. හිනාවක් මිසක උත්තරයක්
නෑ.
ඉතින් රැළියට යනවා. පද්මිණී ඒකේ කතා
ලියනවා. ශ‍්‍රීලාල් පොටෝ
ගන්නවා.
‘පොටෝග‍්‍රැපර්ලා
කවුරුවත් හිටියේ නෑ කියලා වැඩ මිස් කරන්න බෑ’, ආපසු එන අතරේ ඔහු කිව්වා.
වැඬේට සෑහෙන්න සෙනගත් හිටියා. මේ වාර්තාව හෙට
පත්තරේට.
කන්තෝරුවට ආපු ගමන්
පද්මිණී හති දාගෙන කොපිය ලියලා දුන්නා.
හවස ශ‍්‍රීලාල් පද්මිණීට අඬගහලා ‘ප්‍රින්ට්අවුට්’ දෙකක් දෙනවා.
‘නංගී, මේ දෙකට කැප්ෂන් දෙකක්
ලියලා දීපන්’
පින්තූරවලින් පේන්නේ වැඬේට එතරම් සෙනග හිටියේ නැති බවයි.
‘ඇයි අයියේ මෙහෙම, මෙයිට වඩා සෙනග හිටියානේ?’ ඇය අහනවා.
‘අනේ උඹෙයි
ජෙප්පොන්ගෙයි සෙනග’, ශ‍්‍රීලාල් ඔලොක්කුවට
කියනවා.
පද්මිණී කේන්තියෙන් ගස්සාගෙන යනවා. පොටෝ කෑල්ලේ අනෙක් අය
හොරෙන් හිනා වෙනවා.
තමන් ගිය වැඬේ ලස්සනට
පත්තරේ වැටෙනවාට කවුරුත් කැමතියි. දැන් පද්මිණීට
දැනෙන්නේ ඒක නො කෙරෙන බවයි. එයා ගෙදර ගියේත්
කනස්සල්ලෙන්.
පහුවදා උදේ වැඩට එන්න බස් එකේ නගින කොට පද්මිණීට කෝල්
එකක් එනවා. ඒ, ශ‍්‍රීලාල්!
‘නංගී පත්තරේ දැක්කද?’ ඔහු අහනවා.
‘නෑ අයියේ මම තාම බස්
එකේ’ ඇය උත්තර දෙනවා.
එයා කන්තෝරුවට ඇවිත් බලනවා. මෙන්න ජ. වි.පෙ. රැළියේ ලොකු
පින්තූරයක් තමන් ලියූ කැප්ෂන් එකත් එක්ක මුල් පිටුවේ දාලා. ඒකේ හොඳට සෙනගත් පේනවා. එතකොට ඊයේ පෙන්නපු
පින්තූර? ඒවා ඇතුල් පිටුවේ
කතාවත් එක්ක පොඩියට පළ වෙලා තිබුණා!
ඒ තමයි ශ‍්‍රීලාල් ගෝමස්. රටේ ඇතිවෙන සිදුවීම්
පත්තර පාඨකයන්ට අලෙවි කරන හැටි හොඳින් දැන සිටියා. අපරාදේ, අකාලේ මියෑදුණා!
මුල් කාලේ පත්තරේට එතරම් පිටු සංඛ්‍යාවක් තිබුණේ නෑ. ඉතින් ‘නිවුස්’ පළ වීමත් අඩුයි. ඒක හින්දා මාසේ
අන්තිමට ලැබෙන වැටුපත් අඩුයි.
දවසක් මිහිරිත්, වැල්ලාත්, භක්තිත් කොහේදෝ ඉඳන් ලක්බිමට එන්න පඩිපෙළ නගිනවා. මේ ගොල්ලන්ගේ ගමන හුඟක්
සද්දයි. කිත්සිරි මහත්තයා උඩ ඉඳන්
එළියට යන්න පඩිපෙළ බහිනවා.
‘මොකද උඹලා ටක් ටොක්
ගගා යන්නේ?’ ඔහු විමසුවා.
දැන් කට්ටිය ඇඹරෙනවා.
‘කෝ පෙන්නපියව් කකුල්?’ ආයෙත් අහනවා.
සපත්තු හොඳටම ගෙවිලා. අඩි ගැලවිලා. ‘ඩ්‍රෝවිං පින්’ ගහගෙන තමයි යන්නේ. කිත්සිරි මහත්තයාට
කාරණේ වැටහුණා.
‘පඩි මදියි නේ?’ ඔහුට කියවුණා.
‘පර්ස් එක’ ඇද්දා.
‘ආ, අද එකෙක්ගේ ප‍්‍රශ්නේ
විසඳා ගනිල්ලා. අනික් ඒවා ඊළඟ මාසේ
බලමු’ කියලා සපත්තු ජෝඩුවක්
ගන්න මුදල් දුන්නා!
දිනපතා ලක්බිමේ උප කර්තෘ අංශය තිබුණේ පහත උප මහලෙයි. ප‍්‍රධාන කර්තෘගේ
කාමරය තිබුණෙත් ඊට සමීපවයි. උප කර්තෘ අංශයේ වැඩ
කරපු ධර්මශ‍්‍රී තිලකවර්ධනයි, මහින්ද දළුගොඩආරච්චියි
දෙන්නා බොහොම විනෝදකාමීන්. එක එක අයට ලණු දෙන්නත්
හපන්නු.
මහා මැතිවරණයක්
හෙටයි කියලා දවසක (2001 දි විතර) ‘සුමති නඩත්තු කාර්මික
අංශයේ’ කට්ටිය ඇවිල්ලා උප
කර්තෘ අංශයේ ලොකු වැඩක්. වයර් අදිනවා, බිත්ති විදිනවා, වැඩ ගොඩක් කෙරෙනවා. නිවුස් රූම් එකේ අයත්
මේක දැක්කා. ඒත් එතැන මොකක් කරනවා
ද කියලා කවුරුවත් දැන හිටියේ නෑ.
මේ ගැන විපරම් කරපු අයට ධර්මශ‍්‍රී ගෙන් උත්තරයක් ලැබුණා.
‘වඳින්ඩ පුදන්ඩ තැනක්
නෑනේ. මෙතන බුදු පිළිමයක්
තියන්නයි යන්නේ’, ඔහු කිව්වා.
ඒ අතරේ තෙල්, මල්, හඳුන්කූරු වගේ පූජා භාණ්ඩ ලිස්ට් එකකුත් ලියමින් සිටින
බවත් පෙනුණා.
‘චමරී ප‍්‍රියංවදා හඳුන්කූරු
ගේන්න බාර ගත්තා. නෙරංජලා පොල් තෙල්
ගේනවා කිව්වා. ඔයා හෙට උදෙන්ම මල්
ටිකක් ගේන්න’, ඔවුන් කමණීට කිව්වා.
‘අනේ අයියේ, මං හෙට එන්නේ ඡන්දේ
දාලයි. එතකොට දවල් වෙනවා. ඉතින් මං කොහොම ද මල්
ගේන්නේ’ කමණී කිව්වා.
‘ඒවා අපි දන්නෙ නෑ. එහෙම කිව්වේ කිත්සිරි
මහත්තයායි. මල් ගේන්න බැරි නම්
ඔයා ගිහින් එයාට කියන්න’,
ධර්මශ‍්‍රීත් මහින්දත් කිව්වා.
කමණී කෙලින්ම ගියේ ලොකු මහත්තයාගේ කාමරයටයි.
‘ඇයි කමණී?’ කිත්සිරි මහත්තයා
ඇහුවා.
‘කිත්සිරි මහත්තයා. මට ඡන්දේ හින්දා හෙට
ඔපීස් එන්න ටිකක් දවල් වෙනවා’ කමණී බයෙන් බයෙන් වගේ කිව්වා.
‘හරි කමක් නෑ. ඔයා ඡන්දේ දාලම එන්න’, කිත්සිරි මහත්තයා අවසර
දුන්නා.
‘මට ඉතින් උදෙන්ම මල්
ගේන්න වෙන්නෙත් නෑ’, කමණී ආයෙමත් හෙමින්
කිව්වා.
‘මල්!, මල් මොකට ද?’ කිත්සිරි මහත්තයා
පුදුමයෙන් අහනවා.
‘ඇයි හෙට අතන බුදු
පිළිමයක් තියලා මල් පහන් පූජා කරනවා කියලා ධර්මශ‍්‍රී අයියයි මහින්ද අයියයි කිව්වේ’, කමණී උප කර්තෘ අංශයේ
බිත්තිය පෙන්වමින් කිව්වා.
කිත්සිරි මහත්තයා කාමරේ වීදුරුවෙන් එහා පැත්ත කණ්නාඩියට
යටින් බැලූවා. ධර්මශ‍්‍රීත් මහින්දත්
පාඩුවේ වැඩ. කිත්සිරි මහත්තයාට
හිනාවක් ගියා.
‘අනේ පුතේ උන් ඔයාට
ලණුවක් දීලා. මේ හෙට ඡන්දේ අහන්න ටී. වී. එකක් තියන්නයි හදන්නේ’, කිත්සිරි මහත්තයා
කිව්වා.
කමණී එළියට එනකොට කට්ටිය බඩ අල්ලන් හිනා වෙනවා!
ඒ දවස්වල කාගෙන් හරි ටෙලිපෝන් නොම්මරයක් ඉල්ලා ගන්නත්
බයයි. ‘මඩවන්න ම’ වැරදි නොම්මර දෙනවා.
දවසක් නිවුස් රූම් එකට ආපු අලූත් එකෙකුට
මහාචාර්යවරයෙකුටකතා
කරන්න ඕනෑ වුණා. නොම්මරේ ඉල්ලා ගන්න
සිදු වුණේ ධර්මශ‍්‍රී ගෙනුයි.
‘හලෝ, මට මහාචාර්ය ----- මහත්තයාට කතා
කරන්න පුළුවන් ද?’ අලූත් එකා විමසුවා.
‘ආ, ඒ මහත්තයා නම් තාම
ඇවිල්ලා නෑ’, දුරකතනය එහා පැත්තෙන්
පිළිතුරු දුන්නා.
‘එනකොට කීය වෙයි ද?’ අලූත් වාර්තාකරු ඇහුවා.
‘ඒක නම් කියන්න බෑ. කොයි වෙලාවේ ආවත් බාර
ගන්න එපායැ’ එහා පැත්තෙන් කිව්වා.
අලූත් වාර්තාකරුට සැකයක් ඇති වුණා.
‘ඔය --- විශ්වවිද්‍යාලයේ සිංහල
අංශය නෙමෙයි ද?’, ඔහු විමසුවා.
ඒ ප‍්‍රශ්්නයට, ‘නෑ නෑ මේ බොරැල්ල කනත්තේ ඔපීස් එක!’ කියලා උත්තර ලැබුණා!
මුල් කාලේ ලක්බිමේ, බොරැල්ල කනත්තට කතා නො කරපු කෙනෙක් නැති තරම්!
(මතු සම්බන්ධයි)
No comments:
Post a Comment