Total Pageviews

Saturday, August 4, 2018

‘ලක්බිමයි’ මමයි! නෑ, ‘ලක්බිමයි’ අපියි!-07


ලක්බිමයිමමයි!
නෑ, ‘ලක්බිමයිඅපියි!-07
 ඕකාව ප‍්‍රීලාන්ස් ලියන්න ගම්මු. උඹ ඌට 
 පොලිස් රවුන්ඞ්කරන්න උගන්නපන්







(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පටන් ගත්තු හැටියේ ම වගේ ලක්බිම පත්තරේට ප‍්‍රවෘත්ති කර්තෘ කෙනෙක් හිටියේ නෑ. කෙනෙක් පත් කෙරෙන තුරු නිවුස් රූම් එකේ වගකීම් පැවරිලා තිබුණේ මටයි.

දිවයින කන්තෝරුවේ වත්මන සඟරාවේහිටපු  ප‍්‍රභාත් වීරරත්නත් මුලින් ම ලක්බිමට ආපු කෙනෙක්. මම ඔහුට පොලිස් නිවුස් ආවරණය කරන්න මගපෙන්වුවා. ඒ කාලේ යුද්දේ තිබුණා. යුද්දේ තියෙන ප‍්‍රදේශවල පොලීසි එක්කත්, රට මැද පොලීසි එක්කත්, ජාවාරම් සිදුවිය හැකි වෙරළබඩ කලාපයේ පොලීසි එක්කත් සම්බන්ධතා පැවැත්විය යුතු බව ඔහුට පැවසුවා. කොළඹ පොලීසි ගැන වෙනම වැඩ කරන්න වෙන බව ඔහුට කිව්වා. ඔහුට පොලිස් රවුන්ඞ් එක’ (පොලිස් හා අපරාධ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවෘත්ති ආවරණය කිරීම) කරන්න උගන්වන්න යැයි කිත්සිරි මහත්තයා මට උපදෙස් දුන්නා. ප‍්‍රභාත් වැඬේකර ගෙන ගියා.

දවසක් තරුණ කොල්ලෙක් මාව හමුවන්න ආවා. ඔහු ඇවිත් හිටියේ බොරැල්ල වාර්තාකරුවශයෙන් වැඩ කරන්න පුළුවන් ද? කියලා දැන ගන්නයි. එයා දෙමටගොඩ පදිංචි කෙනෙක්. මමත් ලංකාදීපයේ වැඩ කරන කාලේ ඔය හරියේ නවාතැන් ගෙන හිටියා.

මම ලේක්හවුස් ආයතනයට බොරැල්ල ලියනවාකියලා තරුණයා කිව්වා. අපට පෙන්වන්න ගෙනාපු ලිපි ගොනුවේ, ඔහු ලියූ, ‘දිනමිණේපළ වුණු ප‍්‍රවෘත්ති ගොඩක් තිබුණා.

දවසක් දෙකක් යනකොට ඔහුට වැඩි හැකියාවක් තියෙන බව පෙනී ගියා.

ඕකාව ප‍්‍රීලාන්ස් ලියන්න ගම්මු. උඹ ඌට පොලිස් රවුන්ඞ්කරන්න උගන්නපන්. එතකොට ප‍්‍රභාත් ගෙන් වෙන වැඩක් ගන්න පුළුවන්කියා කිත්සිරි මහත්තයා උපදෙස් දුන්නා.

බොරැල්ලේ තරුණයා ප‍්‍රියමනාපයි. කොපියත් හොඳයි. මං ඔහු ප‍්‍රභාත්ට හඳුන්වලා දුන්නා. එයාව පොලිස් රවුන්ඞ් එකටහුරු කරන එකත් ප‍්‍රභාත්ට ම භාර දුන්නා. බොරැල්ලේ තරුණයාට ඒ වෙනකොටත් කොළඹ නගරයේ යම් යම් පොලිස් සම්බන්ධකම් තිබුණා. එයා ඉක්මණින් වැඬේ අල්ලා ගත්තා. ටික කලක් යනකොට ලංකාවේ දක්ෂ පොලිස් රවුන්ඞ්කාරයෙකුවුණා. ඔහු තමයි ගයාන් කුමාර වීරසිංහ!

ප‍්‍රදීප් දිල්රුක්ෂණ ලක්බිමට ආවේ නුගේගොඩවාර්තාකරු හැටියටයි. ඔහුට ඡායාරූප ශිල්පය ගැන යම් හැකියාවක් තිබුණා. අන්තිමේ ඔහු නැවතුණේ ශ‍්‍රීලාල් ළඟයි. ශ‍්‍රීලාල් ඔහු ප‍්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක් හැටියට පුහුණු කළා.

තවත් දවසක් කිත්සිරි මහත්තයා බොහොම නිශ්ශබ්ද තරුණයෙකු නිවස් රූම් එකට කැන්දා ගෙන ආවා.

මූ මං දන්න එකෙක්. උඹට මුගෙනුත් ඔය පරිසර වැඩක් එහෙම ගන්න පුළුවන්’, යයි කියමින් මට භාර දුන්නා.

පෙනුමින් නිහඬ කෙනෙක් වගේ හිටියාට ඔහු බොහොම ඉක්මණින් නිවුස් ලියන වැඬේ අල්ල ගත්තා. එයා තමයි අමල් සමන්ත.

මුල් කාලේ මහරගම ජයන්ත සමරකෝන්, පානදුරේ ධම්මික එස්. පෙරේරා වගේ කිහිප දෙනෙක් නිතර නිතර කන්තෝරුවට ආවා. ජයන්ත සමරකෝන් ප‍්‍රීලාන්ස් වාර්තාකරුවෙක් හැටියටත් වැඩ කළා. ඔය කාලේ මහනුවර වැඩ කළේ ගයා වන්නිආරච්චි. ඔහු ඉඳහිට කන්තෝරුවට එනවා. බුලත් විටකුත් හපා ගෙන, කැමරා බෑගයට අමතරව ලොකු කුඩයකුත් පිටේ එල්ලා ගෙනයි ඔහු එන්නේ. ඔන්න නුවර නිලමේ එනවාකියලා කට්ටිය කියනවා.

හුඟක් දවසට ගයාගේ ප‍්‍රවෘත්ති පැකට් ලක්බිමට ගේන්නේ චන්ද්‍රාලෝක සමරනායකයි. ඔහු දුම්රිය ටිකට් පරීක්ෂක හමුදාවේ සුපවයිසර් කෙනෙක්. වැඩ කළේ මහනුවර ස්ටේෂමේ. ගයා සහ චන්ද්‍රාලෝක අතිජාත මිත‍්‍රයෝ. චන්ද්‍රාලෝක ලක්බිමේ ගිරාඳුරුකෝට්ටේප‍්‍රාදේශීය ලේඛකයා ලෙසයි වැඩ කළේ. අපේ කන්තෝරුවේ සමහරු එයාට කිව්වේ කෝච්චියාකියලයි. හුඟක් දවසට කෝච්චියාටනුවර-කොළඹ ඉන්ටර්සිටියේඩියුටි වැටෙනවා. ඉතින් එයා කොළඹ එන්නේ එයාගෙයි, ගයාගෙයි ප‍්‍රවෘත්ති පැකට් ටික එකතුකර ගෙනයි. ආපු හැටියේ ම නිල කමිසයට උඩින් වෙන එකක් ඇඳ ගෙන ලක්බිමට දුවනවා. ප‍්‍රවෘත්ති පැකට් ටික දීලා, ඇබින්දක් කතා කරලා, ‘මචං, ඉන්ටර්සිටිය අදින්න කලින් මං මරදානේ ඉන්න  ඕනෑකියලා කඩිමුඩියේ ම යන්න යනවා.
චන්ද්‍රාලෝක කියන්නේ, මහනුවර වික්ටෝරියා ජලාශ ව්‍යාපාරය නිසා ගම් බිම් අහිමි වෙච්ච කෙනෙක්. ඔහුගේ ගම තෙල්දෙණිය. පස්සේ මහවැලි ඉඩම් ලැබිලා එයා ගිරාඳුරුකෝට්ටේට සංක‍්‍රමණය වෙනවා. ඔහු පත්තර කලාව පටන් අරන් තියෙන්නේ දවසපත්තරයෙනුයි.  

චන්ද්‍රාලෝක කවියෙක්. ඔහු අවුරුදු තිහක් විතර වැඩ කරලා තියෙන්නේ මහනුවර ස්ටේෂමේ. එතන එයාට ගෙදර වගෙයි. ඔහු මහනුවර ස්ටේෂමට තදින් ම බැඳී සිටියා. කොටින් ම නෑදෑයන්ට හරි, හිතවතුන්ට හරි එන්න කියන්නේ ගෙදරට නෙවෙයි, මහනුවර ස්ටේෂමට! පස්සේ කාලේ අවුරුදු දෙකක් විතර මරදානේ ස්ටේෂමේත් වැඩ කළා. ඒ කාලේ ඩියුටි ඉවර වෙලා හවසට ලක්බිමට එනවා. නිවුස් ලියනවා. පස්සේ ඔහු පිළිකා රෝගයකින් මියෑදුණා!

ටික දවසක් යනකොට නිලූක කදුරුගමුව ප‍්‍රවෘත්ති කර්තෘ හැටියට පත් කෙරුණා. එයා හරි අපූරු කෙනෙක්. කැලණිය විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා හැදෑරූ උගතෙක්. ගම් පළාත බණ්ඩාරවෙල. නිලූක ඉතින් නිවුස් කෑල්ලේ කට්ටිය එක්ක කදිමට සෙට් වුණා.

එයා ඉතින් දවල්ට නිවුස් ටික යවලා එහෙම ප‍්‍රීලාන්ස් ඩෙස්ක් එකට ගිහින් වාඩි වෙනවා. ප්‍රොවින්ෂියල් එඩිෂන් එකට’ (පසුවදා පිට පළාත් මුද්‍රණයට) නිවුස් යැව්වාට පස්සේ පොඩි විවේකයක් එනවා නේ. නිලූකට හොඳට සින්දු කියන්න පුළුවන්. මෙන්න ටික වෙලාවක් යනකොට කට්ටිය ටිකක් හෙමින් සින්දු කියනවා. ලක්බිමේ ප‍්‍රීලාන්ස් ඩෙස්ක් එකේ කොටසක් සින්දු සමාජයක්බවට පත් වෙනවා. නිලූක දෝස්ති, සංගම්, අභිමාන් වගේ හින්දි චිත‍්‍රපටවල සින්දු කියනවා. එයාට හින්දි කතා කරන්න-ලියන්නත් පුළුවන්!
(මතු සම්බන්ධයි)

No comments:

Post a Comment