ඕස්ටේ්රලියාවේ සිට කොග්ගලට කෙරුණු
‘නො නවතින’ (NON STOP) පියාසැරිය!
(ක්රිෂ්ණ විජේබණ්ඩාර)
(ඡායාරූප- ‘Qantas Empire Airways’ ගුවන් සමාගමේ වෙබ් අඩවියෙනි)
එය බොහොම පැහැපත් උදේ වරුවකි. කුඩා ගුවන් යානය පියාසැරියට සූදානම්ව, ධාවන පථය ඔස්සේ ගමන් ඇරඹුවේ බොහොම සෙමිනි. ඊළඟට එහි වේගය ක්‍රමයෙන් වැඩි වන බව පෙනුණි.
මාතර පාර අයිනේ පෙළගැසී සිටි කුඩා ළමෝ, නෙත් අයා ගෙන බලා සිටියහ. ස්වල්ප මොහොතකින් එය ගුවනට පැන, ඈත අහසේ ඉගිල ගියේ ය. ළමෝ ප්‍රීතියෙන් උඩ පැන්නහ!
මෙම දර්ශනය දිග හැරුණේ, ඉකුත් (2018 වසරේ) මාර්තු 11 වැනි දා කොග්ගල ගුවන් තොටුපොළ අසල මහ පාරේ දී ය. ලියුම්කරුට නම් එය අපූරු දර්ශනයකි. එහෙත් හබරාදූව සහ කොග්ගල වාසීන්ට නම් බොහොම හුරුපුරුදු එකකි! කොග්ගල ගුවන් පථය එහැමපිටින්ම පාහේ කොළඹ-මාතර මහා මාර්ගයට දර්ශනය වීම, ඊට හේතුවයි.
වර්තමානයේ අභ්යන්තර ගුවන් තොටුපොළක් ලෙස හැකිලී ගිය ද, දෙවැනි ලෝක යුද්ධ සමයේ (වර්ෂ 1939-1945) දී කොග්ගල ජාත්යන්තර ගුවන් තොටුපොළක් විය. එකල කොග්ගල ඔස්සේ වැටුණු ගුවන් මාර්ගය ලොව ගුවන් ගමන් ඉතිහාසයේ වාර්තා තැබූ ‘ජාත්යන්තර ගුවන් මාර්ගයකි’. එකල එහි යශෝකීර්තිය හිමිකර ගෙන සිටියේ ද ‘කැටලිනාවුන්’ ය! කොටින් ම කොග්ගල සහ කැටලිනාවුන් අතර පැවති ‘පේ‍්‍රමය’ මහත් කුතුහලය දනවයි.
ලොව බටහිර දිග, එනම් එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාව ආදී රටවල් සම්බන්ධයෙන් කෙසේ වුව ද, දෙවැනි ලෝක යුද්ධ සමය යනු ඉන්දියන් සාගරය ආශ්රිත රටවලට නම් මහත් භීතිදායක වකවානුවක් විය. බිය ඇතිකර තිබුණේ ජපාන රාජකීය නාවික හා ගුවන් හමුදාවේ ප්‍රහාර මගිනි. 1941 වසරේ දෙසැම්බර් මස 07 වැනි දා, ‘පර්ල් වරායට’ ගුවනින් බෝම්බ හෙලා විනාශ කළ ජපන් සෙන්පති ‘චයිචි නගුමෝගේ’ හමුදා බලඇණි, ඉන්දියන් සාගරය පුරාවට පතුරුවාහැර තිබුණු යුද භීතිය ඉමහත් ය.
යුද්ධයේ උණුසුම තදින් පැවතිය ද ලෝකයේ බටහිරත් නැගෙනහිරත් අතර සම්බන්ධතා රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් විය. එය යුද සහ වාණිජ කටයුතු සඳහා වැදගත් යයි සැලකිණි. ඒ අනුව, ඕස්ටේ්රලියාවේ ‘සිඞ්නි’ සහ එංගලන්තයේ ‘ලන්ඩන්’ යන අගනගර අතර ගුවන් ප්‍රවාහන කටයුතු ආරම්භ කරන්නට යෙදුණි. මේ සඳහා දෙ රටෙහිම පාලක-නායකකාරකාදීන් ගෙන් අනුමැතිය ද හිමි විණි. මෙහි දී ගුවන් යානා පියාසර කළ යුත්තේ ඉන්දියන් සාගරයට ඉහළ ගුවන් තලය ඔස්සේ ය. යුද ගැටුම් පැවතුණු නිසා, එය මහත් අවදානම් සහ බියජනක කටයුත්තක් වූයේ ය.
1941 වසරේ දෙසැම්බරයේ දී ජපන් රාජකීය හමුදා, මලයානු අර්ධද්වීප පෙදෙස් අල්ලා ගෙන තිබුණු අතර 1942 වසරේ පෙබරවාරියේ දී ඔවුහු සිංගප්පූරුව අල්ලා ගෙන තිබිණි. ජපන් හමුදාවෝ අප්‍රියෙල් මාසයේ 05 වැනි දා ලංකාවේ කොළඹට ද, 09 වැනි දා ත්‍රිකුණාමලයට ද ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කළහ. ප්‍රහාර නිසා ඉන්දියන් සාගරයේ භීතිය දෙගුණ තෙගුණවී තිබිණි. ජපන් හමුදාවේ ප්‍රහාරයකින් කුමන මොහොතක ගුවන කැළඹේ ද? යන්න ගැන දන්නා කෙනෙක් නො වීය. කොටින්ම, එය ඉන්දියන් සාගරය ආශ්රිත රටවල් ‘ජපනාට’ බියෙන් ගත කළ කටුක වකවානුවක් විය!
ඕස්ටේ්රලියාව ‘කැන්ගරුවන්ගේ’ රටයි. එහි සිට, එනම් ඈත පෙරදිග සිට යුරෝපය (බි්රතාන්යය) දක්වා විහිදෙන ගුවන් ප්‍රවාහන මාර්ගය ප්‍රකට වූයේ ද, ‘කැන්ගරු මාර්ගය’ (Kangeroo Route) යන නමිනි. කැන්ගරු මාර්ගයේ දීර්ඝ වාණිජ ගුවන් ගමන් ඇරඹුණේ වර්ෂ 1935 දී ය. ඒ, සඳහා පුරෝගාමී වූයේ එ රට ප්රමුඛ පෙළේ ගුවන් සමාගමක් වන ‘ක්වන්ටාස්’ (Qantas Empire Airways) සමාගමයි. ගුවන් ගමන් සිදු වූයේ, ඕස්ටේ්රලියාවේ ‘බි්රස්බේන්’ සහ බි්රතාන්යයේ ‘ලන්ඩන්’ අගනුවර (හීත්රෝ ජාත්යන්තර ගුවන් තොටුපොළ) අතර ය. ප්‍රථම ගුවන් ගමන 1935 වසරේ අප්‍රියෙල් මස 13 වැනි දා සිදු විණි.
ලෝකයේ දෙ කෙළවරක මහද්වීප දෙකක් යා කෙරෙන නව ගුවන් සේවය, එකල තරමක් අමුතු ගමනක් සේ සැලකිණි. ගමනට ගතවන කාලය දින 12කි! ගමන් දුර කිලෝ මීටර් 20,526කි. බි්රස්බේන් නුවරින් පටන් ගෙන ඩර්වින්, ඉන්දුනිසියාව, සිංගප්පූරුව, රැන්ගුන්, කරච්චි, බැග්ඩෑඞ් සහ ක්‍රීට් යන නගර ඔස්සේ ලන්ඩන් නුවරට පිවිසීම, එහි ගමන් මාර්ගය වූයේ ය. සිංගප්පූරුව, ඉන්ධන ආදිය ලබා ගන්නා අතරමැදි නැවතුමක් වූයේ ය. බි්රස්බේන්-ලන්ඩන් ගුවන් ගමනට, ප්‍රංශයේ ‘පැරිස්’ සහ ඉතාලියේ ‘බි්රන්ඩිසි’ යන නගර අතර දුම්රියෙන් යා යුතු කොටසක් ද විය!
‘ක්වන්ටාස් සමාගම’, බි්රස්බේන්-ලන්ඩන් ගුවන් ගමනට යොදා ගත්තේ එන්ජින් හතරක් සහිත ‘ඞී. හැව්ලන්ඞ්-86’ (de Havilland-86) වර්ගයේ ගුවන් යානා ය. ඒවායෙහි මගීන් 30කට පමණ ගමන් කළ හැකි ය. ගමනට ගතවෙන දින 12ක කාලය තුළ, යානය අතරමැදි නැවතුම්පොළවල් 31ක ගොඩ බස්වනු ලැබී ය. මගීන් ප්‍රවාහනයට අමතරව, රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩ සහ අනෙකුත් ලියුම් (තැපැල්) ගෙන යාම, රාජ්‍ය නිලධාරීන් ප්‍රවාහනය ආදී කාරණා එයට පැවරී තිබිණි. ගමනේ බි්රතාන්ය අන්තයේ දී එ රට ‘zImperial Airways’ ගුවන් සමාගම ‘ක්වන්ටාස්ලාට’ සහාය දුන්නේ ය.
සියල්ල යහපත්ව සිදු වුව ද, යුද්ධයට පැටලී සිටි ජපාන රාජකීය හමුදා පිළිබ`ද භීතිය නම් පහව නො ගියේ ය. බි්රස්බේන් සහ ලන්ඩන් අතර පියාසර කරන ගුවන් යානා පවා කුමන මොහොතක හෝ ජපන් හමුදාවල ප්‍රහාරයකට ලක් වීමේ අවදානමක් දැනුණි. ඔවුන්ට සිය ගුවන් ගමන් අඛණ්ඩව පවත්වා ගෙන යාම ද ගැටලූවක් බවට පත් විය. සිංගප්පූරුව අහිමි වීම බරපතල ගැටලූවක් විය.
වර්ෂ 1943 දී පමණ බි්රතාන්යයේ ගුවන් කටයුතු අමාත්යංශය සහ බි්රතාන්ය ගුවන් සේවය (British
overseas airways corporation) එක්ව ක්වන්ටාස් සමාගම සමග සාකච්ඡුාවක් ඇතිකර ගත්හ. ඒ අනුව, ඕස්ටේ්රලියාව සහ බි්රතාන්ය අතර කෙරෙන ගුවන් ගමන් වඩාත් ආරක්ෂාකාරී සැලසුමක් යටතේ දිගට ම පවත්වා ගෙන යාමට එකඟතාවක් ඇතිකර ගැනුණි.
නව එකඟතාව අනුව, ක්වන්ටාස් සමාගම ඕස්ටේ්රලියාව සහ ලන්ඩනය අතර අලූතින් ගුවන් සේවාවක් ආරම්භ කළ යුතු විය. ගමන අදියර දෙකකි. එය ඇරඹෙන්නේ ඕස්ටේ්රලියාවේ ‘පර්ත්’ නුවරිනි. ඉන් පසුව එම යානා, ශ්‍රී ලංකාවේ (Ceylon) ‘කොග්ගල රාජකීය ගුවන් තොටුපොළ’ ඔස්සේ පකිස්තානයේ කරච්චි ගුවන් තොටුපොළ දක්වා ගමන් ගනී. ගමනේ දෙවැනි අදියර, කරච්චි නුවර සිට ලන්ඩනයට ය. එය මෙහෙය වන්නේ බි්රතාන්යයේ ‘ඉම්පීරියල්’ (Imperial Airways) ගුවන් සමාගමයි. මෙහි දී ‘කොග්ගල’ තෝරා ගැනුණේ සිංගප්පූරුව වෙනුවට ය. එනම්, ගමන මුල් අදියරේ ‘අතරමැදි නැවතුම’ වශයෙනි.
නව ගුවන් සේවාවේ ප්‍රථම අදියර සඳහා ‘ක්වන්ටාස් සමාගම’ ඇරයුම් කළේ ‘කැටලිනාවුන්ට’ ය! එනම් ‘පියාඹන බෝට්ටු’ නමින් ප්‍රචලිත ‘කැටලිනා’ වර්ගයේ ගුවන් යානාවලට ය. ඒවා ගොඩබිම් ගුවන් පථයකට මෙන් ම, ජලතලයකට ද බැස්විය හැකි යානා විශේෂයකි. එබැවින් යම් හදිසියක දී ආරක්ෂා සහිතව මුහුදට වුව බැස්විය හැකි වීම, නව ගුවන් ගමන සඳහා ‘කැටලිනාවුන්ට’ ඇරයුම් ලැබීම කෙරෙහි බලපෑ හේතුව විය!
අනෙක මෙය ඉන්දියන් සාගරීය අහස ඔස්සේ කෙරෙන ගුවන් ගමනකි. ඉන්දියන් සාගරය යනු ජපනුන්ගේ ප්‍රහාර පිළිබඳ භීතිය උපරිමයෙන් පැතිරුණු ඉසව්වකි. එබැවින් කැටලිනාවුන්ට සිදු වුයේ, බොහොම රහසින් මෙන් ම බොහොම පරිස්සම් සහගතව පියාසර කරන්නට ය.
‘ක්වන්ටාස්’ යනු වර්ෂ 1920 දී ඕස්ටේ්රලියාවේ, ‘බි්රස්බේන් නුවර’ මුල්කර ගනිමින් ආරම්භ කෙරුණු අත්දැකීම් බහුල ගුවන් සමාගමකි. එකල එය ඕස්ටේ්රලියාවේ විශාලතම ජාත්යන්තර ගුවන් සමාගම ද විය. ‘ක්වන්ටාස්ලාට’ කැටලිනාවුන් සමග ඇඟෑලිකම් පැවතියේ 1938 වර්ෂයේ සිට ය. ඒ, ඔවුන් තම රටේ බි්රස්බේන් නුවර සිට සිංගප්පූරුව හරහා ලන්ඩනයට අරඹා තිබූ ගුවන් ගමනට ‘කැටලිනාවුන්’ යොදා ගැනීමත් සමගිනි. ගමනේ සිංගප්පූරුව දක්වා කොටස පියාසර කිරීම සඳහා 1938 සිට ‘කැටලිනාවුන්’ භාවිත කෙරිණි. එහි ගමන් දුර කිලෝ මීටර් 6150ක් පමණ විය. ක්වන්ටාස් සමාගම, ඇමරිකාවට අයත් කැලිපෝනියාවේ,
‘සන්තියාගෝ’ (San Diego) වෙරළබඩට කෙරුණු ගුවන් ගමන් සඳහා ද යොදා ගත්තේ කැටලිනාවුන් ය. ඒ සඳහා එකල කැටලිනා යානා 19ක් යොදවා තිබුණු බව ක්වන්ටාස් සමාගමේ වෙබ් අඩවියෙහි දැක්වේ.
ක්වන්ටාස් නියමුවන්ට දීර්ඝ ගුවන් සම්බන්ධයෙන් තිබුණු මේ අත්දැකීම්, පර්ත්, කොග්ගල හරහා කරච්චි දක්වා ‘නො නවතින පියාසැරියකට’ මහෝපකාරී වූවාට සැක නැත.
(මතු සම්බන්ධයි)
ඉරිදා රිවිර පත්ෙය් පළවිය)
නියමයි
ReplyDelete