Total Pageviews

Wednesday, March 7, 2018

රටට-සමාජයට ‘මළ ඇණයක්’ වෙමින් යන ‘ෆේස් බුක්’ සහ ‘සමාජ මාධ්‍ය ජාලා’



(නැවත පළ කිරිමකි)

ටට-සමාජයට මළ ඇණයක්වෙමින් යන

ෆේස් බුක්සහ සමාජ මාධ්‍ය ජාලා



(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වර්තමානයේ ජනප‍්‍රිය කට වහරේඑන හැටියට,  මළ ඇණයක් වෙනවායයි කියන්නේ, යම්කිසි දෙයක් මළ කරදරයක්වෙනවාය යන අර්ථයට ය. අන්තර්ජාලය ඔස්සේ එන ඇතැම් සමාජ මාධ්‍ය ජාලාද රටට මළ ඇණයක්වෙමින් යන ආකාරය දැන් දැන් පෙනෙන්නට තිබේ. අන්තර්ජාලයට අරක්ගත් යම් යම් නො මේරූ තක්කඩි පුද්ගලයන් එකසිය ගාණටසන්නිවේදනයෙහි යෙදෙන්නේ, ‘ඉමක් කොණක් නැතිව. එසේත් නැතිනම් මෙලෝ සිහියක් නැතිව. ඒවා පරිශීලනය කරන අය ද මෙලෝ සිහියක් නැතිවඔවුන් දෙන තොරතුරු විශ්වාස කරන්නට පෙළඹී සිටිති. දැන් එයින් ජන සමාජය පුරා අර්බුදයක් හට ගෙන ඇති බව පෙනී යයි! ඊට වැඩිපුරම වගකිව යුතු වන්නේ, ‘ෆේස් බුක්නමින් ප‍්‍රචලිත සමාජ මාධ්‍ය ජාලය, ‘මෙලෝ සිහියක් නැතිවභාවිත කරන පුද්ගලයන් සහ කෙසේ හෝ අටවා ගත් වෙබ් අඩවි කෑලිඔස්සේ පිස්සු කෙළින පුද්ගලයන් ය.

අන්තර්ජාලයේ එන ෆේස් බුක්ආදී සමාජ මාධ්‍ය ජාලා යනු සදාචාරාත්මක ලෙස භාවිතා කළ යුතු කිසියම් නවීන සන්නිවේදන මෙවලමකි. එය භාවිතා කරන සෑම කෙනෙක්ම සන්නිවේදකයෙක් බවට පත්වීම, එහි ඇති සුවිශේෂත්වයයි. එය ඉතා පරිස්සමින් භාවිත කළ යුතු වරප‍්‍රසාදයක් ද වෙයි.  එහෙත් එයින් පේ‍්‍රම කරන්නටගිය ලංකාවේ සමහරු මුල දී සිය දිවි නසා ගත්හ. තවත් සමහරු කාමාතුරයන්ට බිලි වූහ. වංචා ආදියට ගොදුරු වූහ. ෆේස් බුක් බීච් පාටිවලටගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිය සේසතම පුද කළහ. ප‍්‍රවණතාවයෙහි අලූත්ම රැල්ල, මිනිසුන් සිහිනෙන්වත් නො සිතන ආකාරයේ අසත්‍ය කාරණා (පට්ට කෙප්ප?) එළියට දමා, මුළු සමාජයම බියට සහ සන්ත‍්‍රාසයට පත්කර, අන්දමන්දකර දැමීමේ ක‍්‍රියාවලියයි. එය අමුතුම තාලේ අන්තවාදී සන්නිවේදන පිළිවෙතකි! එයින් රට තුළ මහත් කලබැගෑනි හටගනියි!
මෙයට හොඳම උදාහරණය එළඹෙන්නේ ඉකුත් (2017) ජූලි මාසයේ මුල් සතියේ ය. රාත‍්‍රී කාලයට නිවෙස්වලට එන කිසියම් පිරිසක්, රුධිර පරීක්ෂාවක් මුවාවෙන්, ‘එච්. අයි. වී.හෙවත් ඒඞ්ස් වෛරසයපතුරුවන බවත් ෆේස් බුක්ආදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කියැවිණි. ආරංචිය රට පුරා වේගයෙන් පැතිර යන්නට විය. බොහෝ දෙනෙකු එය විශ්වාස කළේ මෙලෝ විචාරයක් නැතිව ය.

අන්තර්ජාලය, ජංගම දුරකතන ඇමතුම් හෝ  කෙටි පණිවුඩ ඔස්සේ ආරංචිය ලැබුණු ගමන් එය පරම සත්‍යයක් බව ඇදහූහ. ඉක්බිති තම තමන්ට හැකි හැකි පමණින් ආරංචිය බෙදා-හදා ගත්හ. ඒ තම හිතවත් අයට කරන උදව්වක් වශයෙනි. ඔවුන් කටයුතු කළේ පැරණිි කතාවක එන, ‘බෙලි ගෙඩියක් වැටීමේ ශබ්දය අසා බියවූ හාවාගේදිවිල්ල සිහිපත් කරවමිනි. ආරංචිය ලැබුණු කිසිවෙක්, කවදා, කුමන ස්ථානයක දී එවන් ලේ ගැනීමක්සිදු වූයේ ද? කියා නො විමසූහ. කවුද  ඕක කිව්වේ?’ යයි විමසූ විට ලැබුණු පිළිතුර වූයේ ෆේස්බුක් එකේ තිබුණායන්නයි! ඔහොම දෙයක් වෙලා තියෙන්නේ කොහේ ද?’ කියා විමසූ විට ද නිසි උත්තරයක් නො වීය. සියල්ල ෆේස්බුක්හෝ වෙනත් අන්තර්ජාල අඩවියක් පිට දමා, ‘ඒවායෙහි තිබුණු බවඋජාරුවෙන් පැවසූහ!

මෙයින් මරු පහරක් වැදුණේ ලංකාවේ බරවා මර්දන ව්‍යාපාරයට ය. සාමාන්‍යයෙන් බරවා රෝග පරීක්ෂාව පිණිස රුධිර සාම්පල් රැුස්කරන්නේ රාත‍්‍රී කාලයේ ය. රෝග වාහක පරපෝෂිතයා රාත‍්‍රී කාලයෙහි රුධිරයට එක්වීම ඊට හේතුවයි. රධිර සාම්පල් ගැනීමට එන්නේ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. අන්තිමේ දී මහජනයා ඔවුන්ට රුධිර සාම්පල් දෙන්නට ද බිය වූහ. එයින් බරවා රෝග මර්දන ක‍්‍රියාවලියේ යම් කොටසක් බිඳ වැටුණි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට, මේ සම්බනධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නට ද සිදු විය! අන්තර්ජාල කට්ටියගේ සන්නිවේදනය දුරදිග ගිය තරම!

කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයයන්න අපේ පැරණි කියමනකි. එහෙත් අන්තර්ජාලය ඇතුළු නවීන සන්නිවේදන විධික‍්‍රම ඔස්සේ එන තොරතුරු, කිසිදු සිහි බුද්ධියකින් තොරව, මෙලෝ විචාරයකින් තොරව භාර ගැනීම වර්තමාන ජන සමාජයේ වැඩි දෙනෙකුගේ සිරිතයි. ඔවුහු ඒවා කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව විශ්වාස කරන්නට පෙළඹී සිටිති. අන්තර්ජාලය ඇතුළු නවීන සන්නිවේදන ක‍්‍රම පැතිර යාමත් සමගම මේ තත්ත්වයන් වර්ධනයවූ බවක් පෙනී යයි. ෆේස්බුක්හෝ වෙනත් නවීන සන්නිවේදන ක‍්‍රම ඔස්සේ ඇත්තමෙන්ම පට්ට කෙප්පද පැතිරෙන්නට ඉඩ ඇති බව වැඩි දෙනෙකු නො දනිති. ඔවුන් ඒවා තදින් විශ්වාස කරන්නේ එබැවිනි.

ජුනි මාසයේ මුල් සතියේ කරළියට නැගුණු ප්ලාස්ටික් සහල්පිළිබඳ සිද්ධිය ද එවැන්නකි. රාජගිරිය ප‍්‍රදේශයේ කාන්තාවක් ෆේස්බුක්ඔස්සේ කරන හෙළිදරව්වක් මගින් ප්ලාස්ටික් සහල්ආන්දෝලනය පැන නැගුණි. ඒවා ආණ්ඩුවේ ස.තො.. මගින් අලෙවි කරන බව ද කියැවිණි. අවසන ආනයනික සහල් පිළිබඳ පරීක්ෂණ පවත්වන්නට ද, ‘ප්ලාස්ටික් බව කියනසහල් තොගයක් අලෙවියෙන් ඉවත් කරගන්නට ද ආණ්ඩුවට සිදු විය. සිය කීර්ති නාමයට හානි කළැයි, දැන් ස.තො.. ද නීති ක‍්‍රියාමාර්ග ගන්නට සැරසෙමින් සිටියි. කෙසේ වෙතත්, තවම ප්ලාස්ටික් සහලක් නම් රටේ කොතැනකින් හෝ සොයා ගෙන නැත!

ප්ලාස්ටික් සහල් තොගයක් අල්ලා ගත්තේ යයි මීට මාසයකට පමණ ඉහත වාර්තා වූයේ නයිජීරියාවෙනි. එහෙත් ඒ ගැන තවම වැඩිමනත් විස්තරයක් අනාවරණයවී නැත. ලංකාවේ ද ප්ලාස්ටික් සහල් විකුණතියි ආරංචි පැතිරුණේ එයින් පසුව ය. සහල්හෝ වෙන යම් ආහාර ස්වරූපයකින් තිබුණේ හෝ වේවා, ප්ලාස්ටික් නම් මනුෂ්‍ය ආමාශයේ දිරවන්නට බැරි බව සරල කාරණයකි. ඒවා කෑ අයට උදරාබාධ නො වැළඳුණේ මන් ද? යන්න, මෙහිදී විමසිය යුතු කාරණයයි.

මෙබඳු දෙයක් හමුවූයේ නම් සන්නිවේදකයන් වෙතින් සිදුවිය යුත්තේ කුමක් ද?. මුලින්ම කළ යුත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සියලූ විස්තර සොයා ගැනීමයි. එම සහල් ආනයනය කළේ කුමන රටකින් ද?, එයට රජයේ අවසරය ලැබී තිබේ ද?,  මිනිස් පරිභෝජනයට සුදුසු යයි යම් බලධාරියෙක් අනුමතකර තිබේ ද සහ එබඳු සහල් කොපමණ තොගයක් ආනයනයකර ඇති ද? යන කාරණා එහි දී විමසිය යුතුව තිබේ. ඉන් පසුව කළ යුත්තේ, විෂයට සම්බන්ධ විද්වත් ප‍්‍රාමාණිිකයන්ගේ  අදහස් ද සහිතව, බලධාරීන්ට පැමිණිලි කළා දැයි ද සොයමින්, පුවත මුදා හැරීමයි. බලධාරීන් ඒ ගැන කුමක් කරන්නේ ද? යන්න ගැනත් සොයා බැලීමයි. එහෙත් බොහොමයක් අන්තර්ජාල මාධ්‍ය වෙතින් දැන් සිදු වන්නේ කිසිදු සෙවිල්ලක් බැලිල්ලක් නො කරමින් තොරතුරු මුදා හැරීමයි. මහජනයා ද සියල්ල සත්‍යයයි සිතා, ඒවා එක පයින් වැළඳ ගන්නට සූදානම් ය!

ඉකුත් අප‍්‍රියෙල් මාසයේ මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳ වෙනස් කාරණයක් ද මතු විය. එය ග‍්‍රැපික් නිර්මාණිත ඡායාරූපයකි. මීතොටමුල්ල කුණු කන්දේ ඡායාරූපයක්, අනුරාධපුරයේ ජේතවන දාගැබට සවි කිරීමෙන් එය නිපදවාතිබිණි. ඉන් පෙනී යන්නේ  දාගැබට කුණු පුරවා ඇති ආකාරයකි. මෙම පින්තූරය එක්තරා නවක නිළියක විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ බෙදාහැරිය බව ද කියැවිණි. ඉන් මහත් ආන්දෝලනයක් හට ගත්තේ ය. ලෝකය පිළිගත් මාධ්‍ය කලාවේදී මනුෂ්‍යයන්ගේ ආගමික කාරණා හෝ සංකේත විකෘති නො කෙරේ. එය පිළිගත් ආචාරධර්මයකි. අන්තර්ජාල සන්නිවේදකයන් බොහොම දෙනෙකුට එබඳු කාරණා වැදගත් නැති සෙයකි. ඇතැම් වෙබ් අඩවි කෑලිවල එය ඉතා හොඳ කොලාජ්නිර්මාණයක් යයි කිසිදු හිරිකිතයකින් තොරව පවසා තිබිණි.


අන්තර්ජාලයේ පෙනී සිටින සමහර ෆේස්බුක්සන්නිවේදකයන්, හැසිරෙන්නේ මහත් උදාරම් ලීලාවෙන්, වීරත්වයෙන් මෙන්ම චණ්ඩින් පරිද්දෙනි. වර්ෂ 2016 මාර්තුවේ දී මුහුදු රාජාලියෙකු පණපිටින් අල්ලා, උගේ තටු කපා, දස වද දී තිබෙනු, ඔවුන් විසින්ම ෆේස්බුකියෙහිපළකර තිබිණි. එයින් ඔවුන්ගේ ම්ලේච්ඡු ගති සොබාවගැන මුළු රටම දැන ගත්හ. පසුව ෆේස්බුකියෙහිසිටි වැදගත් මිනිසුන්ගේ උත්සාහය නිසා සිද්ධියට වගකිව යුත්තන් ගාල්ලේ, හබරාදූව පොලීසියට කොටු විය. 2016 ජූලි මාසයේ දී නකල්ස් වනයේ දඩයමේ ගිය පිරිසක් තමන්ගේ කියුම්-කෙරුම් ෆේස්බුකියෙහිසන්නිවේදනය කළහ. එයින්ම ඔවුන් පොලීසියට කොටු වූහ. මෑතක දී එක්තරා  ෆේස්බුක්ජාලයක පිරිසක් ශ‍්‍රීපාද අඩවියේ ඇඩම්ස්පීක්නාම පුවරුවලට කළුතෙල් ගැසූ බව ද ආරංචි විය. ශ‍්‍රීපාද අඩවියට සමීප පෞද්ගලික ස්ථානයක සංචාරක හෝටලයක් හෝ පල්ලියක් තනන්නට යාමේ සිද්ධියක් අරභයා 2016 වසරේ ඔක්තෝබර් මාසයේ පමණ යම් ආන්දෝලනයක් ඇති විය. ඒ ගැන විවේචන එල්ල වූයේ එක්තරා ජංගම දුරකතන සේවා සමාගමකට ය. එහි දී ෆේස්බුකියෙහිඇතැමුන්, ඔවුන් නිකුත් කළ සිම් කාඞ්පත්කඩා විසි කිරීමේ ව්‍යාපාරයක් ද ඇරඹූහ!
  

නව ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පිළිබඳ පින්තූරයක් ද පසුගිය දිනවල ෆේස්බුකියෙහිපට්ටා ගැසුණි. ගංවතුර ආධාර වශයෙන් දුන් කෙසෙල් ගෙඩි පාර්සලයක, ඇමතිවරයාගේ නම සහ ප‍්‍රචාරක පාඨයක් සහිත ලේබලයක් අලවා ඇති ආකාරය එහි දක්නට විය. ඇමතිවරයා මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ, තමන් කිසිදු තැනක ලේබල් සහිත ආධාර පැකට් නො බෙදූ බවයි. එය තම දේශපාලන විරුද්ධවාදීන්ගේ ක‍්‍රියාවක් බව ද ඔහු පවසා තිබිණි. ගංවතුර ගලද්දී සහ ජුනි 08-09 යන දිනවල එතැයි කියූ සුනාමියක් ගැන ද අන්තර්ජාලයේ බියජනක පුවත් පැතිරිණි.

මේවායින් පෙනෙන්නේ කුමක් ද? අන්තර්ජාලයේ හැසිරෙන (ෆේස්බුක්ඇතුළු) බොහොමයක් සන්නිවේදකයන්, ‘මෙලෝ විචාරයක් නැතිව’, වගකීම් විරහිතව වැඩ කරන බවයි. යම් ආරංචියක සත්‍යකුමක් දැයි සොයන්නේ නැතිව ඒවා පුවත් වශයෙන්බෙදාහදා ගන්නා බවයි.  එසේම  අන්තර්ජාල සන්නිවේදන මෙවලම් මඩ දේශපාලනය හෝ වෙන යම් ඕනෑම කූට අරමුණක් පිණිස භාවිත කරන්නට ද හැකි බවයි.

ගාල්ලේ නීතිඥ තුෂාර ද සිල්වා මහතා, ලංකාවේ ප‍්‍රකාශන නීතිය සහ අන්තර්ජාල නීති සම්බන්ධයෙන් දැනුමැත්තෙකි.  ඔහු පවසන අන්දමට, අදහස් ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අතීතයේ තිබුණු බලවත්ම මෙවලම මුද්‍රණ යන්ත‍්‍රයයි. ඒවා හිමි උදවිය විවිධ දෑ මුද්‍රණය කරමින් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පුළුල් බල අධිකාරිත්වයක් ගොඩ නගා ගත්හ. දැන් ඒ බලය අන්තර්ජාලයට මාරු වෙමින් තිබේ. තුෂාර කියන හැටියට, මෙය හැම කෙනෙකුටම මුද්‍රණ යන්ත‍්‍රයක් ලැබුණාක් වැනි තත්ත්වයකි!

2016 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන අන්දමට, 2007 වසරේ දී ලංකාවේ අන්තර්ජාල ග‍්‍රාහකයන්ගේ සංඛ්‍යාව, 2,02,348කි. 2016 වසරේ එය, 49,20,554ක් දක්වා අධි වේගයෙන් ඉහළ ගොස් තිබේ. ඒ සමගම, අන්තර්ජාල සන්නිවේදකයන්ගේ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ ගොස් ඇති බව පිළිගැනීමට සිදු වේ. මින් බහුතරයක් දෙනාට මාධ්‍යහෝ සන්නිවේදනයගැන නිසි අවබෝධයක් නැත. ආචාරධර්මයක් ඇත්තේම නැති තරම් ය. ඔවුන් විචාරශීලී බවක් ද නො පෙනෙයි. අන්තර්ජාල සන්නිවේදකයන් බොහොම දෙනෙකුට ඇත්තේ තාක්ෂණ හරඹය පිළිබඳ දැනීම පමණි. ඔවුන්ට ප‍්‍රවෘත්තිකරණ කලාවසම්බන්ධයෙන් මෙලෝ රහක්, මෙලෝ පරිචයක් නැති තරම් ය.

පත්තරයක්, රූපවාහිනී චැනලයක්, ගුවන්විදුලි නාලිකාවක් හෝ වගකීම් සහගත වෙබ් සහ බ්ලොග් අඩවිවලට සැගවී සිටින්නට පුළුවන්කමක් නැත. ඔවුන් සැගවී සිටින්නේ ද නැත. ඒ අය ප‍්‍රවෘත්ති මුදා හරින්නේ ද ප‍්‍රවෘත්තිකරණ කාලවේමූලධර්මයන් ගුරුකොට ගනිමිනි. ඔවුන් සම්බන්ධයෙන් නෛතික නියාමනයන් ද තිබේ.  
එහෙත් කරුමය වන්නේ, අන්තර්ජාලයේ පැතිරෙන රස්තියාදුකාරසහ අවිචාරවත්සන්නිවේදන ක‍්‍රියාවලියයි.  එහි සිටින තක්කඩි සන්නිවේදකයන්ට,  ඕනෑම තොරතුරක් වේගයෙන් මුදා හැර, සැඟවී සිටින්නට ද පුළුවන!

ඔවුන්ට රටේ පවත්නා නීති-රීති හෝ  සදාචාර ප‍්‍රමිති ආදිය අදාළ නැත. කොටින්ම, මුදා හැරෙන තොරතුර ඇත්තක් ද, නැත්තක් ද යන්න පවා අදාළ නැත! ඒවා ගැන සොයන-බලන කෙනෙක් ද නැත! එබඳු අවිචාරවත් තොරතුරු ගැන වග කියන්නට කෙනෙක් ද නැත. ඉතින් හෙට දවසේ දී සෑම අන්තර්ජාල සම්බන්ධයක් ඔස්සේම, එනම් කලබැගෑනි 49,20,554ක්වුව හට ගැනීමට ඉඩ තිබේ!

(කාටුන් අන්තර්ජාලයෙනි)


2017/06/07.





1 comment:

  1. ෆේස් බුක් සන්තෑසිය​

    https://transyl2014.blogspot.ca/2015/01/blog-post_7.html

    ReplyDelete