Total Pageviews

Friday, November 9, 2018

‘වස විස නැති ගොවිතැනේ’ පම්පෝරිය


 පට්ටපල් බොරුවක් වුණු  
වස විස නැති ගොවිතැනේ පම්පෝරිය






(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
වස විස නැති ගොවිතැන් රැල්ලඔස්සේ ගොඩ නැගුණු වස නො මුසු ආහාර බුදීමේ ප‍්‍රවණතාවය, දැන් මහත් විපරීත ගමනක ඇදී යනු පෙනෙයි. වස විස නැති ආහාර භෝග නිපදවීමේ ක‍්‍රියාවලිය සල්ලි උල්පතක්බවට හරවා ගත් යම් යම් පිරිස් විසින්එය කූට ජාවාරමක්බවට පත්කර ගෙන තිබීම, ඊට හේතුවයි!

ඔවුන් ගෙන් ඇතැමෙක් ප‍්‍රමිතියෙන් තොර කාබනික පොහොරනිපදවා අලෙවි කරති. ගෙවතු වවන අය ඒවා මිලට ගෙන වස විස නැති ආහාර භෝගනිපදවති. තවත් පිරිසක්, හොර රහසේ රසායනික පොහොර සහ වල් නාශක ආදිය දමා නිපදවන දේශීය පාරම්පරික සහල්, ‘කාබනික නිෂ්පාදනයන ලේබලයෙන් අලෙවි කරති! කරුමයවී තිබෙන්නේ, මේවා ගැන සොයන්නට බලන්නට කෙනෙක් හෝ නිසි ක‍්‍රමවේදයක් නැතිකම ය!

ඔහු, දේශීය පාරම්පරික වී වර්ග වස විසෙන් තොරව වගා කිරීම සම්බන්ධයෙන් නම් දැරූ ගොවි මහතෙකි. ඒ පළාතේ ආණ්ඩුවේ ආයතනවල පවා වැඩිපුර ම විකිණෙන්නේ ඔහු නිපදවන සහල් ය. , ‘කාබනික සහල්යන ලේබලයෙනි. එහෙත් ඇත්ත කතාව කාබනික මනොවේ!

මේ කුඹුරුවල ඉතින් වතුර බැලා වල් මර්දනේ කරන්න බෑ. නිතරම වතුර ගලනවා. අනෙක, මේවා මඩ කුඹුරු. වීඩර් ගහන්නත් අමාරුයි. මම ඉතින් වපුරලා විසි එක දවසෙන් වල් නාශකයක්නම් ගහනවා. එහෙම නො කර මේ වගේ විශාල වගාවක් නඩත්තු කරන්න අමාරුයි’, ඔහු පවසන්නේ බොහොම සැහැල්ලූවෙනි.

ඒ අතරතුර, ඔහු අක්කර දහයක පමණ තම කාබනික වී වගාවන්හා කොම්පෝස්ට් හෝ වෙන යම් කාබනික පොහොරක් සපයා ගන්නා ආකාරය හෙළි නො කිරීමට ද  පරිස්සම් වෙයි!

මං වපුරන්නෙ නම් හරක් කටු පෝර දාලයි’, හෙතෙම පොහොර ගැන කීවේ එපමණකි.

සුවඳැල්, මඩතවාලූ, කළු හී නැටි ආදී දේශීය පාරම්පරික වී වර්ග මහා පරිමාණයෙන් වගා කරන මේ ගොවි මහතා, ලියුම්කරුට මුණ ගැසුණේ දකුණු පළාතේ ගංගාශ‍්‍රිත ගම්මානයක දී ය. හොර රහසේ යූරියාටිකක් දැමීමත්, වල් මර්දනය සහා  රසායනික වල් නාශකයක් දැමීමත් වස විස නැති කාබනික ගොවිතැනක්නොවේ! එහෙත් ඔහු කල්පනා කරන්නේ එය එතරම් ගැටලූවක් නො වේයයනුවෙනි.

පසුගිය කාලයේ රජයේ දායකත්වයෙන් ද නිර්මාණය කෙරුණු වස විස නැති ගොවිතැන් රැල්ල’, ජන මනසට කිඳා බැස්සේ බොහොම වේගයෙනි. එයින් වස විස නුමුසු  ආහාර නිපදවීම මෙන්ම, වස විසෙන් තොර දේහීය පාරම්පරික සහල්, එළවළු සහ පලතුරු ආදී ආහාර වර්ග පාරිභෝජනය කිරීම සම්බන්ධයෙන් ද විශාල උනන්දුවක් ඇති විය. වස විස යොදා නිපදවන ආහාර ඔස්සේ දියවැඩියාව, පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග ආදී වශයෙන් බෝ නො වන රෝග කන්දරාවක්  වැළෙන බව හෙළිදරව් වීම ද, ඊට හේතුවක් වූයේ ය. එයින් වස විස නැති ආහාර සහා වෙළෙපොළෙහි විශාල ඉල්ලූමක් ද නිර්මාණය විය. එය සපුරාලීම පිණිස, ‘වස විස යොදා නැතයන ලේබලයෙන් විවිධ ආහාර නිෂ්පාදන වෙළෙපොළට පැමිණුනි. විවිධ කාබනික පොහොර වර්ග ද වෙළෙපොළට ආවේ ය. ඒවාට ලොකු අලෙවියක් ද ලැබිණි. කෙසේ වෙතත්, ඉන් බොහොමයක් නිසි ප‍්‍රමිතියකට නැති බව දැන් මහජනයාට වැටහී යමින් තිබේ!

වස විස නැති ආහාර පාරිභෝජනය කරන්නට කැමති අය අතර, වර්තමානයේ බොහෙවින්  ජනප‍්‍රියව ඇත්තේ දේශීය පාරම්පරික සහල් වර්ග සහ එළවළු, කොල පලා ආදියයි. ඒවා යහමින්  වගා කිරීමේ දී හොර රහසේ රසායනික පොහොර (විශේෂයෙන් යූරියා) සහ කෘෂි රසායන යෙදීම දැන් වසංගතයක් බවට පත්වී තිබේ. එසේම, ගෙවතු ආහාර භෝග සහ ගෘහස්ථ වගා කටයුතු වෙනුවෙන් වෙළෙපොළේ විකිණෙන කාබනික පොහොරවර්ග බොහොමයක් ද නිසි ප‍්‍රමිතියට නැති බව දැන් දැන් හෙළි වෙමින් යයි. අවසානයේ සිදු වන්නේ මේවාට රැවටෙන මහජනතාවට අවාසනාවන්ත ලෙස ලෙඩ දුක් වැළ ගන්නට සිදු වීමයි!

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්්‍යාංශයෙන් ලැබෙන තොරතුරු අනුව, ලංකාවේ කාබනික ආහාරහා එස්. එල්. එස්. 1324’ නම් ප‍්‍රමිතියක් හඳුන්වා දී තිබේ. එය හඳුන්වා දී ඇත්තේ කාබනිකයයි ලේබල් කෙරෙන ආහාරවල කාබනිකභාවය සහතික කිරීම පිණිස ය. මෙය වැඩිපුර ම ක‍්‍රියාත්මක වන්නේ කාබනිකව නිපදවූආහාර වර්ග අපනයනය කිරීමේ දී ය. එහි දී ඒවා කාබනික නිෂ්පාදනබවට පිළිගත් ආයතනයකින් සහතික කරවා ගත යුතු වේ.

මෙයට අමතරව, කාබනිකව නිපදවූ ආහාර භෝග සම්බන්ධයෙන් ලංකා කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය, ‘ලංකා කාබනික සහතිකකරණ සේවාව (ශ‍්‍රීසර්ට්)යන රාජ්‍ය නො වන සංවිධාන ද කටයුතු කරයි. ඔවුන් කරන්නේ ප‍්‍රමිතිගත නිෂ්පාදන සහා දිරි ගන්වා, එයට මග පෙන්වීම ය. එසේම, නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් පරිදි ඔවුන්ගේ භාණ්ඩවල කාබනිකභාවය පරීක්ෂාකර සහතික කිරීම ය. එය මුදල් ගෙවා ලබා ගත යුතු සේවාවකි.




එහෙත් කාබනික පොහොරසම්බන්ධයෙන් යම් ප‍්‍රමිතියක් හඳුන්වා දී ඇති බවක් දැන ගන්නට නැත. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ලියුම්කරු හා ප‍්‍රකාශ කළ අන්දමට, රසායනික පොහොර ආනයනය කිරීමේ දී නම් දැඩි ප‍්‍රමිතිකරණ වැඩ පිළිවෙලක් (පිරිවිතර) ක‍්‍රියාත්මක වේ. එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් තවම එවන් ප‍්‍රමිතියක් සකසා නැත!

වස විසෙන් තොර දේශීය පාරම්පරික සහල් වර්ග, එළවළු, පලතුරු ඇතුළු ආහාරවල ප‍්‍රමිති  සම්බන්ධයෙන් රට ඇතුළේ ඇත්තේ අතිශයින් ම නො පැහැදිලි, ව්‍යාකූල  තත්ත්වයකි. කාබනික ආහාර සහා ප‍්‍රමිති කාර්්‍යාංශයේ එස්. එල්. එස්. 1324’ නම් ප‍්‍රමිතියක් ඇතත්, එය දේශීය වෙළෙපොළ සහා බල පවත්වන බවක් දැක ගන්නට නැත. විවෘත වෙළෙපොළේ විකිණෙන කාබනිකහෝ වස විසෙන් තොරයයි ලේබල් කෙරුණු ආහාර ද්‍රව්‍ය බොහොමයක, ඒවා කාබනික හෝ වස විසෙන් තොරයයි කියැවෙන පිළිගත් සහතික කිරීමක් ද දක්නට නැත. ඒවායෙහි ඇත්තේ නිෂ්පාදකයා කරන යම් සහනක් පමණි. එසේම, විවෘත වෙළෙපොළෙහි  කාබනික හෝ වස විසෙන් තොරයයි විකිණෙන ආහාර, ඇත්තට ම වස විසෙන් තොර දැයි අහඹු ලෙස හෝ පරීක්ෂා කිරීමේ රාජ්‍ය ක‍්‍රියාවලියක් ද නැත.

වස විසෙන් තොර ආහාර වගා කරන ගොවීන්ගේ පැත්තෙන් බලන කල, ඔවුන්ගේ නිෂ්පාදනවල කාබනිකභාවය සහතිකකර ගැනීමට ඇති ක‍්‍රමවේදය ද අතිශයින් ම දුරස්ථ ය. එසේම එය, අධික මුදලක් ද වැයවෙන කටයුත්තකි. ලංකා කාබනික සහතිකකරණ සේවාව (ශ‍්‍රීසර්ට්)නම් රාජ්‍ය නො වන සංවිධානයේ ප‍්‍රකාශකයෙක් සහන් කළ අන්දමට, යම් ආහාර භෝගයක කාබනිකභාවය සහතික කිරීමේ දී කරුණු ගණනාවක් සලකා බලයි. වගා භූමියේ ස්වභාවය, එහි පස, වගා කටයුතු කෙරෙන ක‍්‍රමවේදය, භාවිත කරන පොහොර වර්ග මෙන්ම අස්වැන්න සාම්පල් ද එහි දී පරීක්ෂා කෙරේ. ඉන් ඇතැම් කොටස් රසායනාගාර පරීක්ෂාවන් ය. එවන් පරීක්ෂණයක් සහා සාමාන්‍යයෙන් රුපියල් හැට දහසක් පමණ වැය වේ. ගොවීන් කණ්ඩායමකට නම් රුපියල් ලක්ෂයක් පමණ වැය වෙයි. එය යම් කාලයක් ගතවන ක‍්‍රියාදාමයකි. එයට පසු නිරීක්ෂණ ද ඇතුළත් ය. නැතිනම්, පෞද්ගලිකව මුදල් ගෙවා කාර්මික තාක්ෂණ ආයතනයෙන් හෝ පෞද්ගලික ආයතනවලින් සාම්පල් පරීක්ෂණ කරවා ගත යුතු ය.

වෙළෙපොළේ විකිණෙන වස විස නැති ආහාර භෝගවල කාබනිකභාවයපරීක්ෂා කෙරෙන ක‍්‍රමවේදයක් නැත. එබැවින් ගොවීන් වැඩි දෙනෙකුට කාබනික ප‍්‍රමිතිආදිය ගැන දැනීමක් ද නැත. එසේම තම නිෂ්පාදනවල කාබනිකභාවය ගැන සහතිකකර ගැනීමේ ක‍්‍රම පිළිවෙත් ඇති බව ද වැඩි දෙනෙකු නො දනිති. ඇත්තට ම, ඔවුන්ට එතරම් මුදලක් වැය කිරීමට ද හැකියාවක් නැත. ඇතැමෙක් වස විස නැති ආහාර භෝග නිපදවන්නේ ද විවෘත වෙළෙපොළෙන් මිල දී ගන්නා කාබනික පොහොර භාවිතාවෙනි! ඒවා කුමන තත්ත්වයන් දරන්නේ  ද? යන්න ගැන සහතිකයක් නැත. නාගරික කසලවලින් කොම්පෝස්ට් පොහොර නිපදවීම ජනප‍්‍රිය ක‍්‍රමයකි. එහෙත් ඒවායෙහි ඉතාමත් අහිතකර මට්ටමින් බැර ලෝහ අඩංගු බව හෙළිවී තිබේ. එවන් පොහොර භාවිතාවෙන් නිපදවන බව භෝග කාබනික ද? යන්න ගැටලූවකි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකට ගොවි නායකයෙකු වන රාජාංගණයේ ටෙරන්ස් ද සිල්වා මහතා අවධාරණය කළේ, යහමින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් දේශීය පාරම්පරික වී වර්ග වවන  ඇතැම් අය හොරෙන් රසායනික පොහොර ආදිය භාවිතා කරන බවයි. ඔවුන්ට එහි ආදීනව කොතෙක් වටහා දුන්න ද, පලක් නො වුණු බවයි

 මේ වැඩෙන් වෙන්නේ ඇත්තට ම කාබනිකව වගා කරන ගොවියාගේ නිෂ්පාදන ගැනත් තියෙන විශ්වාසය නැතිව යනවා’, ටෙරන්ස් කියන්නේ ය.

මෙහෙත් ඔය වැඬේ කරන ගොවීන් ටික දෙනෙක් ඉන්නවා. ඒ අය ළඟින්ම ඉන් උපදේශන සේවා පවත්වන්න පුළුවන් නම්, එයාලා කෘෂි රසායනවලින් මුදා ගන්න පුළුවන්, අපි මේ කරන්නේ, අවුරුදු පණහක් විතර තිස්සේ රසායනික ගොවිතැනෙන් විනාශ වුණු පොළොවක් පුනරුත්ථාපනය කරන එකයි. ඒක කළාට පස්සේ පසේ සරුකම එනවා. ඒක වෙන කල් ගොවීන්ට උපදේශක සේවා තියෙන්න  ඕනෑ’, එසේ කියන්නේ, පොළොන්නරුව කවුඩුල්ලේ එම්. කේ. ජයතිස්ස ගොවි නායකයා ය.

ආණ්ඩුවේ වස විස නැති ගොවිතැන් රැල්ල මෙහෙය වූයේ, ජනාධිපතිවරයා යටතේ පැවති  උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයයි. එනම් සෙමා ආයතනයයි’. ඔවුන් වස විස නැති ගොවිතැන ව්‍යාප්ත කරන්නට උත්සාහ කළා මිස, නිෂ්පාදනවලට අලෙවියක්  සහ ඒවායෙහි ප‍්‍රමිති පිළිබ ලොකු අවධානයක් යොමු කළේ නැත. වස විසෙන් තොර කාබනික ආහාර භෝග සහා ප‍්‍රමිති හඳුන්වා දීම මෙන් ම, ඒවා ක‍්‍රියාත්මකකර, නියාමනය  කිරීමේ යාන්ත‍්‍රණයක් හැදීමට ද ඔවුන්ට හැකි වූයේ නැත. එසේමකාබනික පොහොර සහා ප‍්‍රමිතියක් හඳුන්වා දීමට ද නො හැකි විය. ග‍්‍රාමීය ප‍්‍රදේශ මට්ටමින් කාබනික පොහොරනිපදවන්නන් බිහි කරන්නට ද සෙමා ආයතනයටනො හැකි විණි. එයින් අසාධාරණය සිදු වූයේ විවෘත වෙළෙපොළෙන් වස විස නැති ආහාර භෝග මිල දී ගන්නා පාරිභෝගිකයන්ට ය. කාබනික පොහොර පැකැට්ටු මිල දී ගන්නා පාරිභෝගිකයන්ට ය. ඔවුන්ට සිදුව ඇත්තේ, වස විස අතින් ප‍්‍රමිතියකට නැති ආහාර භෝග පාරිභෝජනය කරන්නට ය. ප‍්‍රමිතියක් නැති කාබනික පොහොර පැකට්, සිය ගොවි බිම්වලට එක්කර ගන්නට ය!

මෙයින් තේරුම්ගත යුතුව ඇත්තේ, නිසි ප‍්‍රමිතිකරණයක් ද, නිසි නියාමනයක් ද නැතිකමින්, ආණ්ඩුවේ වස-විස නැති ආහාර නිපදවීමේ වැඩ පිළිවෙල දැන් අයාලේ යමින් තිබෙන බවයි! එය කූට ජාවාරම්කරුවන්ගේ ග‍්‍රහණයට හසු වෙමින් යන බවයි!

(පින්තූර අන්තර්ජාලයෙනි)

(මෙම ලිපිය 2018 නොවැ- 11 රිවිර පුවත්පතෙහි  පළවිය)




4 comments:

  1. //වස විස යොදා නිපදවන ආහාර ඔස්සේ දියවැඩියාව, පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග ආදී වශයෙන් බෝ නො වන රෝග කන්දරාවක් වැළෙඳන බව හෙළිදරව් වීම ද, ඊට හේතුවක් වූයේ ය.//

    මේ වස විස යනු මොනවාද? උදාහරණයකට යුරියා නිසි ලෙස යෙදු බෝගයක් හා නොදු බෝගයක් අතර ඇති වෙනස්කම් මොනවාද?
    පදනම් විරහිත මෝඩ අදහස් ජනයා අතර බෙදාහරින ඔබ වැනි අයත් කුට ජාවාරම් වල කොටස් කරුවන්ම තමා. :(

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන්නේ පදනම් විරහිත මෝඩ අදහස් නං මේ හාදයා ගෙන් ගේම ඉල්ලන්නේ නැතුව මොකක්ද පදනම මොකක්ද මෝඩකම කියල ලිව්වනං ඉවරනේ.

      Delete
    2. Why don't you visit his blog Kalum, you could read it yourself.

      Delete
    3. විශේෂ
      වස විස නැති ගොවිතැන් රැල්ලේ පම්පෝරිය (රිවිර ලිපිය) නමින් වලස්පති අඩවියෙහි පළ කෙරුණු ලිපියට, රයිගම්, කැලුම් රියෙන්සි යාපා සහ 1975 dammy යන සහෘදයින් විසින් කොමෙන්ටු දමා තිබේ. එය ඉතාමත් අගය කරමි. එයට ස්තුති කරමි.
      ඔවුන් ඉදිරිපත් කරන කාරණා සඳහා මට ඇත්තේ ඉතා දිගු පැහැදිලි කිරිමකි. මා ජාවාරම්කරුවෙකු හෝ පදනම් විරහිත කාරණා ලියන කෙනෙකු ද නොවේ. මාධ්‍යකරුවෙකු වන මම වර්ෂ 1991 පමණ සිට ලංකාවේ ගොවීන් සමග වැඩ කරන කෙනෙක්මි. මම මේ පැහැදිලි කිරීම සකස් කරන්නේ ඒ අත්දැකීම් අනුසාරයෙනි.
      මෙවන් සටහන් පෙළක් ලිවීමට මා පෙළඹවූ රයිගම්, කැලුම් රියෙන්සි යාපා සහ 1975 dammy යන සහෘදයින්ට ප්‍රණාමය පුද කරමි.
      මගේ පැහැදිලි කිරීම්, ‘මහ පොළොව සුවපත් කරවන ගොවිතැනක්
      වස විසෙන් තොර ගොවිතැන, සත්‍යය සහ මිථ්‍යාව-01/02/03/04’ වශයෙන් වලස්පති අඩවියේ සහ මසුරන් බත් බ්ලොගයෙහි පළවේ.

      walaspathi.blogspot.com
      masuranbath.blogspot.com

      Delete