(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
නවීන රසායනික ගොවිතැනෙහි ‘වස විස’ යයි කියන්නේ ‘බැර ලෝහවලට’ ය. කෘෂිකාර්මික පසෙහි ද ඒවා යම් ප‍්‍රමාණයක් අන්තර්ගත ය. එයින් ඇතැම් බැර ලෝහ සංඝටකයක් ශාක පෝෂක වශයෙන් ද ක‍්‍රියා කරයි. එහෙත් බැර ලෝහ වර්ග වැඩි වැඩියෙන් පසට සහ ජලයට එකතු වන්නේ රසායනික පොහොර සහ නවීන කෘෂි රසායන මගිනි. රසායනික පොහොර සහ නවීන කෘෂි රසායන දීර්ඝ කාලයක් තිස්සේ පසට යෙදීම, පසෙහි පෝෂක තත්ත්වයන්ට නො ගැලපෙන තරම් (අධික ලෙස) භාවිතා කිරීම යන කාරණා නිසා බැර ලෝහ වැඩි වැඩියෙන් පසට සහ ජලයට එකතු වෙයි.
වර්තමානයේ මාරාන්තික කෘෂිකාර්මික වකුගඩු රෝගය වාර්තා වන්නේ, දීර්ඝ කාලයක් තිස්සේ රසායනික ගොවිතැනට නිරාවරණය වුණු වියලි කලාපීය පෙදෙස්වල ය.
රසායනික ගොවිතැනේ දී පසට එක් වන බැර ලෝහ වර්ග කිහිපයක්
01-ආසනික් (As)
02-කැඞ්මියම් (Cd)
03-ඊයම් (Pb)
04-ක්රෝමියම් (Cr)
05-රසදිය (Hg)
06-නිකල් (Ni)
07-සින්ක් (Zn)
08-තඹ (Cu)
09-මැංගනීස් (Mn)
පසට සහ ජලයට එකතුවන මෙවන් බැර ලෝහ, විෂකාරකයන් ය. ඒවා බව භෝග (අස්වැන්න) සහ ජලය ඔස්සේ මිනිස් ශරීරයට ඇතුළු වෙයි. එයින් ශරීරයේ අභ්‍යන්කතර ක‍්‍රියාකාරිත්වයට හානි පමුණුවයි. ලෙඩ දුක් ඇති කරයි.
රසායනික පොහොරවල ප‍්‍රමිති
බැර ලෝහවල තිබෙන විෂකාරක ස්වභාවය නිසා, ලොව සෑම රටක ම පාහේ රසායනික පොහොරවලට යම් යම් ප‍්‍රමිති පනවා තිබේ. ලංකාවේ ප‍්‍රමිති, එනම් ලංකාවට රසායනික පොහොර ගෙන්වීමේ දී තිබිය යුතු පිරිවිතරයන් (PPM අගය) මෙසේ ය.
යූරියා පොහොර
01-ආසනික් -දශම-1
02-කැඞ්මියම් -දශම-1
03-ඊයම් -දශම-1
04-ක්රෝමියම්-3
05-රසදිය -දශම-1
ටී. එස්. පී. පොහොර
01-ආසනික් -25
02-කැඞ්මියම් -3
03-ඊයම් -30
04-ක්රෝමියම් -50
05-රසදිය -1
එම්. ඕ. පී. පොහොර
01-ආසනික් -දශම-3
02-කැඞ්මියම් -දශම-2
03-ඊයම්-දශම-2
04-ක්රෝමියම් -10
05-රසදිය -දශම-2
ඇමෝනියම් සල්පේට්
01-ආසනික් -දශම-5
02-කැඞ්මියම් -දශම-1
03-ඊයම් -දශම-1
04-ක්රෝමියම් -3
05-රසදිය -දශම-1
කීසරයිට් පොහොර
01-ආසනික්- දශම-3
02-කැඞ්මියම් -දශම-3
03-ඊයම්-දශම-2
04-ක්රෝමියම්-3
05-රසදිය -දශම-1
(‘PPM’ අගය යනු කිලෝග‍්‍රෑම් එකක ඇති මිලිග‍්‍රෑම් ගණනයි. මූලාශ‍්‍රය-ජාතික පොහොර ලේකම් කාර්යාලය)
යම් පොහොර වර්ගයක ඇති බැර ලෝහ ප‍්‍රමාණය, මෙයට වඩා වැඩි නම්, ඒවා ලංකාවට ආනයනය කිරීමට අවසර නො ලැබේ.
ගැටලූවක්!
ලංකාවට, රසායනික පොහොර වැඩි වශයෙන් ම ගෙන්වන්නේ චීනය සහ ඉන්දියාව යන රටවලිනි. එහෙත් බෙල්ජියම, නෙදර්ලන්තය, පින්ලන්තය වැනි රටවල නිපදවන රසායනික පොහොර ප‍්‍රමිතියෙන් වඩා උසස් බව පිළිගැනීමයි. ඒවා මිලෙන් ද වැඩි ය.
යම් පොහොර තොගයක් බැර ලෝහ සම්බන්ධයෙන් නිසි ප‍්‍රමිතියට නැති නම් රටට භාර නො ගැනීම, බව රජයේ නීතියයි. එය එදා පටන් ම නිවැරදිව සිදු වුවා නම්, ලංකාවේ වියලි කලාපීය කෘෂිකාර්මික පසෙහි සහ ජලයෙහි මේ තරම් බැර ලෝහ සාන්ද්රණයක් හට ගත්තේ කෙසේ ද? යන්න ගැටලූවකි!
නීති රීති කොතෙක් තිබුණ ද, ඉකුත් කාලයෙහි ‘ප‍්‍රමිතියට නැති’ රසායනික පොහොර ටොන් ගණන් රටට ඇතුළුවී ඇති බව පැහැදිලි ය. තතු දන්නා අය පවසන අන්දමට, එය සිදු වන්නේ ‘ප‍්‍රථම සාම්පලය’ අසමත් වීමෙන් පසුව, ‘දෙවැනි සාම්පලය’ සමත් වීමේ ප‍්‍රාතිහාර්්‍යයෙනි! ඔවුන් පවසන අන්දමට, ප‍්‍රථම සාම්පලය අසමත් වුණු පොහොර තොගයක්, ආපසු හරවා යැවූ අවස්ථා හමු නො වන තරම්ය!
රසායනික පොහොර භාවිතය
ගොවීන්ගේ පොහොර භාවිතය ද මහත් විපරීත එකකි. හැමවිටක ම ඔවුහු නිර්දේශිත ප‍්‍රමාණයන් ඉක්මවා අධික ලෙස පොහොර යොදති. ඔවුන් වැඩි දෙනෙක් පොහොර දමන්නේ ද, තම වගා භූමියෙහි ඇති පෝෂක ඌණතාවයන් මොනවා දැයි හ`දුනා ගැනීමකින් තොරව ය. අධික ලෙස පොහොර දැමීමෙන් අස්වනු වැඩි වන බව ඔවුන්ගේ අදහසයි. එහෙත් එයින් සිදු වන්නේ පසෙහි විෂකාරක ප‍්‍රමාණය ඉහළ යාම ය. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එළවළු වගා භූමිය වර්තමානයේ පොස්පරස් අධිකතාවයෙන් පෙළෙන බව, 2018 ඔක්තෝම්බර් මාසය අග හරියේ දී අසන්නට ලැබිණි!
(මතු සම්බන්ධයි)
2018/11/14
No comments:
Post a Comment