Total Pageviews

Tuesday, November 13, 2018

මහ පොළොව සුවපත් කරවන ගොවිතැනක් වස විසෙන් තොර ගොවිතැන, සත්‍යය සහ මිථ්‍යාව-01

වස විසෙන් තොර ගොවිතැන, සත්යය සහ මිථ්යාව-01





විශේෂ
වස විස නැති ගොවිතැන් රැල්ලේ පම්පෝරිය (රිවිර ලිපිය) නමින් වලස්පති අඩවියෙහි පළ කෙරුණු ලිපියට, රයිගම්, කැලුම් රියෙන්සි යාපා සහ 1975 dammy යන සහෘදයින් විසින් කොමෙන්ටු දමා තිබේ. එය ඉතාමත් අගය කරමි. එවන් සංවාද අවශ්‍ය වේ.

ඔවුන් ඉදිරිපත් කරන කාරණා සඳහා මට ඇත්තේ ඉතා දිගු පැහැදිලි කිරිමකි. මා ජාවාරම්කරුවෙකු හෝ පදනම් විරහිත කාරණා ලියන කෙනෙකු ද නොවේ. මාධ්‍යකරුවෙකු වන මම වර්ෂ 1991 පමණ සිට ලංකාවේ ගොවීන් සමග වැඩ කරන කෙනෙක්මි. මම මේ පැහැදිලි කිරීම සකස් කරන්නේ ඒ අත්දැකීම් අනුසාරයෙනි. එය යමෙකුට අධ්‍යාපනික වේ යයි ද කල්පනා කරමි.

මෙවන් සටහන් පෙළක් ලිවීමට මා පෙළඹවූ රයිගම්, කැලුම් රියෙන්සි යාපා සහ 1975 dammy යන සහෘදයින්ට ප්‍රණාමය පුද කරමි.

මගේ පැහැදිලි කිරීම්,මහ පොළොව සුවපත් කරවන ගොවිතැනක්
වස විසෙන් තොර ගොවිතැන, සත්්‍යය සහ මිථ්යාව-01/02/03/04 වශයෙන් වලස්පති අඩවියේ සහ මසුරන් බත් (masuranbath.blogspot.com) බ්ලොගයෙහි පළවේ.
000000000000000000000000000000000000000000


 


 (රිෂ්ණ විජේබණ්ඩාර)
ලංකාව යළි වස විස රහිත පාරිසරික ගොවිතැනකට’ (එනම් පරිසර හිතකාමී ගොවිතැනකට) යොමු විය යුතු , යන්න වර්තමානයේ හට ගෙන ඇති ඉතා වැදගත් කතිකාවතකි. අප යළි වස විසෙන් තොර දේශීය පාරම්පරික සහලට, බතට, එළවළුවට සහ අල වර්ග ආදියට  මෙන්ම කොල පලාවලට යොමු විය යුතු බව එම කතිකාවෙන් අවධාරණය කෙරේ.

අප එසේ කළ යුත්තේ යුත්තේ මන් ? යන්න, වර්තමානයේ බොහෝ දෙනෙක් විමසන රශ්නයකි. එයට යම් රමාණවත් පිළිතුරක් සැපයීම, මෙම සටහනෙහි අරමුණයි. දැනටත් රට පුරා වගා කරන නව වැඩි දියුණු කළ වී වර්ගවලබත සහ අනෙකුත් භෝගවල ආහාර, ලංකාවාසීන්ගේ කුසගින්න නිවන්නට තරම් පොහොසත් බව ඇත්ත . එහෙත්  ඒවා වළ ජනී ජනයෝ, දැන් කලක පටන් ලෙඩට දුකට වැටී සිටින්නෝ . ඉන් බොහොමයක් මාරාන්තික .

පස තේරුම් ගැනීම
වස විස නැති පාරිසරික ගොවිතැනක්හෙවත් මනුෂ්යයන්ට සහ සතා සීපාවාට හිතකර කෘෂිකර්මාන්තයක්ගැන කතා පුවත ආරම්භ කළ යුත්තේ, මහ පොළොව හෙවත් පෘථිවි කබොලේ ඉහළම ස්තරයවූ පසපිළිබ නිවැරදිව තේරුම් ගැනීමෙනි. පස යනු, දීර්ඝ කාලයක් මුළුල්ලේ  ඓන්ද්රීය ද්‍රව්’ (දිරායන ද්රව්) දිරාපත් වීමෙන් සහ පාෂාණ ජීර්ණය (පාෂාණ දිරාපත් වීම) ඔස්සේ එකතුවන ශේෂයන් මිශ වීමෙන් නිර්මාණය වන රපංචයකි. එය ලොව ගොඩබිම් තලයේ ශාක සහ සත්ත්වයින්ගේ පැවැත්ම තීන්දු කරන මහා සාධකය වේ.   

පස’, භූමියේ ස්වභාවය අනුව,  දළ වශයෙන් සෙන්ටිමීටර් තුනේ සිට මීටර් තුනක් හෝ ඊටත් වඩා ඝනකම . එය, ඓන්ද්රීය ද්රව්යය, හියුමස්, ජලය, වාතය, ඛනිජ හා ලවණ මෙන්ම,  පාංශු ජීවීන් ගෙන් සමන්විත . පස යනු සොබා දහමේ විශ්මිත නිර්මාණයකි. එය එහැමපිටින් , පණ ගැහෙන ජීව පද්ධතියකි. එනම්, ඉතාමත් සජීවී, පණ ගැහෙන, නිරන්තරව ජීවත් වන, ජීවයෙන් පිරුණු මහා ජීව පද්ධතියකි. ගහකොල, මනුෂ්යයන් මෙන්ම  සතා සීපාවා ඇතුළු සකලවිධ ජීව රාණීන්ගේ පැවැත්ම `දා පවතින්නේ පස තුළ තිබෙන ජීව ගුණය මත පදනම් වෙමිනි.

පසට ආවේණික සශරීකභාවය
ලොව සියලූම ගොඩබිම් ශාක වර්ග හැදී වැඩෙන්නේ පසෙහි ඇති සාරය හෙවත් පෝෂණය උකහා ගැනීමෙනි. පසපසට ආවේණික සශරීකභාවයකින් සමන්විත . එය,  කාලානුරූපව තමන් විසින් , තම සරුසාරභාවය උපද්දවා ගැනීමේවිශ්මකර්ම යාන්තරණයකින්සමන්විත . එය සුවිශේෂ කාරණයකි. මෙම ජීව ගුණය ඔස්සේ, පසෙන් උපදින ශාක සම්පත මගින් මනුෂ්යයන් ඇතුළු සකලවිධ ජීව රාණීන්ට නිර්ලෝභීව ආහාර සපයන්නේ !

ආහාර භෝග
මනුෂ්යයන්ගේ ආහාර අවශ්යතාවය පිණිස, සංවිධානාත්මකව වගා කරන ශාක රභේදවලට අපි ආහාර භෝගයයි කියන්නෙමු. ඒවා, වී ඇතුළු ධාන් වර්ග, අල වර්ග, පලතුරු සහ විවිධ ගෙඩි වර්ග, එළවළු සහ කොල පලා ආදී වශයෙන් ඉතා විශාල පරාසයක පැතිර පවතී. මේවාට කෘෂිකාර්මික ආහාර භෝගයයි ව්යවහාර කරති. ගව, එළු සහ කුකුළු ආදි සත්ත්ව පාලනය මීට ඇතුළත් .

මේවාට අමතරව, ‘ආහාර නො වනකෘෂිකාර්මික භෝග තිබේ. ඒවා වගා කරන්නේ ආර්ථික-වාණිජ පරමාර්ථ වෙනුවෙනි. රබර්, පැ`ගිරි, යුකැලිප්ටස්, මල් වර්ග සහ විසිතුරු පැල වර්ග මීට නිදසුන් . කෙසේ වෙතත් ආහාර භෝගවලට විශාල ඉල්ලූමක් ඇති බැවින්, ඇතැමෙක් ආර්ථික පරමාර්ථ පිණිස ඒවා වගා කරන්නට පෙළඹී සිටිති.

එසේම, ‘සංවිධානාත්මකව වගා නො කරන ආහාර භෝගයන්  තිබේ. ඒවා ස්වාභාවික පරිසරයෙහි වැවෙන අතර, අනාදිමත් කාලයක් තිස්සේ මිනිස් ආහාරයට එක්කර ගැනෙයි. ඇතැම් අල වර්ග, පලා වර්ග, පලතුරු සහ හතු වර්ග ආදිය මීට නිදසුන් .

කෙසේ වෙතත් අප මෙහිදී සාකච්ඡා කරන්නේ පවුලේ ආහාරය හෝ ආර්ථිකමය කටයුත්තක් වශයෙන් ආහාර භෝග වගා කිරීමේ ක්ෂේතරය සම්බන්ධයෙනි.

පැරණි ගොවිතැන
 වර්ෂ 1505, එනම් ආකරමණික යුරෝපීය ජාතීන් ලංකාවට එන්නට පෙර රී ලංකාවේ පැවතියේ සොබාදහම හා බැඳුණු බොහොම නිස්කාන්සු ගොවිතැනකි. එකල වී වගාවට ඇරුණු කුඹුරු’, එළවළු සහ අනෙකුත් කටුසර භෝග වගාව හා භාවිත කරන හේන්සහ කොස්, දෙල්, අඹ, කෙසෙල් ආදී බහු වාර්ෂික මිශ භෝගවලින් සමන්විත  ගොඩ ඉඩම් හෝ ගෙවතු ඒවා අතර විය. එකල විසුවන් තම ආහාරයට අවශ් ධාන් (වී, කුරක්කන්, තල, මෙනේරි, ඉරි`ගු සහ අමු ආදී) ටික , එළවළු සහ අල වර්ග , කොල පලා වර්ග , කිරි සහ මස් මාංශ ආදී ආහාර වර්ග තම කෘෂිකාර්මික භූමියෙන් උපදවා ගත්හ. සහලින්උපදින බතඔවුන්ගේ රධාන ආහාරය විය.
බතෙහි මහිම

වී වගාවෙන් නිපැයෙන සහලින් උපදින බත’, අනාදිමත් කාලයක් මුළුල්ලේ රී ලාංකිකයන් ඇතුළුව ආසියාතිකයන්ගේ රධාන  ආහාරයයි. පෝෂණය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ දෛනික ප්රෝටීන අවශ්යතාවයෙන් සියයට 40ක් , කැලරි අවශ්යතාවයෙන් සියයට 46ක් සැපයෙන්නේ එයිනි. රටට අවශ් බතසැපයීම, ලංකාවේ අතීත  රජවරුන්ගේ සමයෙහි පටන්ම අපේ කෘෂිකර්මාන්තයෙහි රධාන කාර්යභාරය වූයේ .

ආචාර්ය සිරාන් දැරණියගල සූරීන් වර්ෂ 1969 දී අනුරාධපුරයේ ඇතුළුපුරයේ කළ පුරාවිද්යා කැනීම් අනුව, ලංකාවේ වී ගොවිතැන අදින් වසර 2900ක් පමණ පැරණි බව හෙළි විණි. පර්යේෂණයෙන් අනාවරණය වුණු ඉතා වැදගත් කාරණයක් වූයේ, ඉන්දු ආර්්යයන්ගේ  ලංකා සංකරමණයයි. එසේම අනුරාධපුරයේ වැසියන් මුල් වරට යකඩ සහ යකඩ නගුලභාවිතකර වී ගොවිතැන් කළ බවට සාධක ලැබීමයි. ඔවුන් හා එළ හරකුන් යොදා ගත් බවත් එයින් හෙළි විය. අනෙක් කාරණය වන්නේ, ඇතුළු පුරයේ වැසියන් එකල මැටි `දුන් භාවිත කළ බවයි. ගොවිතැනින් ඉපැයූ ශෂ්යය මැටි ඳුන්වල උයා-පිහා කෑ බව ඉන් පෙන්නුම් කෙරෙන්නේ .

රටට ලැබෙන වර්ෂා රටාව මත පදනම්ව, ‘යලසහ මහවශයෙන් කන්න’ (වී වගා කෙරෙන වකවානු) දෙකක දී වී වගා කිරීම ලාංකේය ගොවීන්ගේ සිරිතයි. හා ඔවුන්ට දේශීය පාරම්පරික වී වර්ග සම්භාරයක්ම තිබිණි. වගා බිමෙහි භූ විෂමතාව’, ‘පූදින කාලය’, ‘පෝෂණීය අගයසහ ඖෂධීය ගුණයආදී කාරණා සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ වී වර්ග මහත් විවිධත්වයක්දැරී ! එය වසර දහස් ගණනක් මුළුල්ලේ රටට නිරෝගී සම්පත , කාය ශක්තිය , සෞභාග්යය රැගෙන ආවේ .
(මතු සම්බන්ධයි)
2018/11/14.

No comments:

Post a Comment