Total Pageviews

Saturday, October 8, 2016

කුට්ටාපිටිය ගමට හිමිකාරයා වූ එකැස් සෙන්පතියා-තුන්වැනි වැනි කොටස



තුන්වැනි වැනි කොටස
කුට්ටාපිටිය ගමට හිමිකාරයා වූ එකැස් සෙන්පතියා


සපරගමු සමන් දේවාල බිමේ
සිමොන් පිඤ්ඤෝ කවු ද?


(සීගිරියේ, ජයන්ත විජේරත්න හේරත්-
විශ‍්‍රාමලත් පුරාවිද්‍යා නිලධාරි)

 
ඉපැරණි කාලතුවක්කුව

නිගමනය
           
ඇස්.ජී.පෙරේරා පියතුමන් විසින් ෆර්නා ඕ ද ක්විරෝස්ගේ වාර්තාවන් අනුව ඉදිරිපත්කර ඇති කතා පුවතට අනුව මෙහි සිටින පෘතුගීසි යුධ භටයා සිමාවෝ පින්හාවෝ බවටත් බිම වැටී සිටින පුද්ගලයා යාපනයේ සිටි ඒකරාජසේකරම් පෙරියපුල්ලේ නැමති යුව රජුගේ පුත‍්‍රයෙක් වන හෙන්දරමානසිංහම් බව කියති.
         
එම ප‍්‍රවෘත්තියට අනුව අපට පැහැදිලිවන්නේ ඉහත කතා පුවතෙහි සඳහන් කරුණට අදාලව ඉහත කැටයම සහිත සෙල් ලිපිය සකස්කර ඇති බවයි.
         
එමෙන්ම පසුව සඳහන්කර ඇති පරිදි සයිමන් පිඤ්ඤෝ විසින් පුවිරාජ පණ්ඩාරම් මරා දැමූ අවස්ථාව ද අමතක කළ නොහැකි ය. මේ අවස්ථා දෙකෙන් කුමන අවස්ථාව නිරූපණය කළත් පැහැදිලිවන එක් කාරණයක් නම් මෙය යාපනයට අදාළ සිදුවීමක් බව නිවැරදිය යනුයි. එම සෙල්ලිපියේ JAFANAPATAO යනුවෙන් සඳහන්කර තිබීමෙන් එය වඩාත් පැහැදිලි වේ.
        
 ඉහත කරුණු අනුව පැහැදිලිවන්නේ, පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල ස්වාමීන් වහන්සේ ඉදිරිපත්කර ඇති පරිදි සමන් දේවාලයේ නිලමක්කාරයකු වූ වැටී සිටින පුද්ගලයා රත්නැක රාල හෝ, තවත් අය විසින් කියන අන්තෝනියෝ බරෙත්තු හෙවත් කුරුවිටරාළ නොවන බවයි.

එහෙත් මෙතනදී පැන නැඟුන ගැටලූව වූයේ යාපනයේ වූ සිදුවීමක් අළලා සකස්කරන ලද අභිලේඛනයක් කුමන කරුණක් අරබයා රත්නපුර මහ සමන් දේවාල භූමියේ ස්ථාපිත කළාද යන වගයි. එයට පිළිතුර පොල් ඊ. පීරිස් මහතාගේ Sinhala and the Patiriots කෘතියෙහි සඳහන්ව ඇතැයි විශ්වාස කරමි.

කවුද මේ සිමොන් පිඤ්ඤෝ
         
          ලංකාවේ පෘතුගීසි පාලනය ගැන කතා කිරීමේදී, සිමොන් පිඤ්ඤෝ අමතක කළ නොහැකි චරිතයක් ලෙස හැදින්විය හැකි ය. මේ නම සයිමන් පිඤ්ඤෝ, සිමන් පිඤ්ඤෝ, වශයෙන් උච්ඡාරණය කරත්දී තවත් අයකු මෙම නම සිමාවෝ පින්හාවෝ වශයෙන් ද සිමන් පින්යං වශයෙන්ද උච්ඡාරණය කරති. උක්ත අභිලේඛනයෙහි ඔහුගේ නම සඳහන්ව ඇත්තේ SIMEN-PINHAO වශයෙන් ය.       
         
Conquista Temporal e Espiritual de Ceylao (by Father Fernao de Queiroz – 1687 )   නම් ග‍්‍රන්‍ථය උපුටා දක්වමින් ඇස්.ජී.පෙරේරා පියතුමන් මෙසේ සඳහන් කරති.
'පුන්හෙටෙහි ජම්ම ලාභය ලැබූ ඔහු ටාගුෂ් හා ෂෙරෂි නදී ආශ‍්‍රයෙන් වැඩුණේ හැඩිදැඩි වූද, මහත් ශක්තියෙන් යුක්ත වූද ශරීරයක් ඔහුට ඇත්තේය. මේ වකවානුව (1602) වනවිට ඔහුගේ වයස අවුරුදු සතළිසක් විය. ඔහුගේ වටකුරු මුහුණ මාලිගාවේ නිලධාරියකුගේවාට වඩා සෙබළකුගේ වක්ත‍්‍රයක් මෙන් රළු ස්වභාවයක් උද්වහනය කරයි. පහරක් වැදීමෙන් තුවාලවූ ඔහුගේ ඇසක් අන්ධය. දික් නැහැයකින් හෙබි ඔහුගේ නිකටේ රැවුල දුඹුරු පැහැයට හුරු ය.

උඩු රැවුල කොටය පහළට නැවී ගොසිනි. ඉතා වෙහෙස මහන්සි වී ක‍්‍රියා කිරීමේ ශක්තියක් ඇති ඔහු නිදා ගන්නේ ස්වල්ප වේලාවක් පමණි. ඔහුගේ ධෛර්යයත් එඩිතරභාවයත් කොතරම් අනභිභවනීයදයත් අවි බලයෙන් කළ නොහැකි කිසිවක් ඇතැයි ඔහු නොසැලකී ය. එමෙන්ම ඇත්ත වශයෙන් කියතොත් සෑමවිටකම වාසනාව ඔහුගේ පැත්තෙහි විය. සාමයෙහි ද මෙන්ම සංග‍්‍රමයෙහිදී ද තමන්ට උදව් වූ වන්ට ත්‍යාගශීලි ලෙස ඔහු ලංකාවේ සටන් උපක‍්‍රම පිළිබඳ විශේෂාංගයක් වූ හෙයින් සැඟවී සටන් කිරීමට මහත් කැමැත්තක් දැක්වීය. ස්වල්පයක් පමණක් කතා කළ ඔහු බොහෝ සෙයින් ක‍්‍රියා කළේ මහඟු ප‍්‍රතිඵල ද ලබා ගත්තේ ය. විනෝදයෙහි එතරම් නොයෙදු හෙතෙම කිපුණු විට භයංකාර පුද්ගලයකි. ඒ සියල්ලටමත් වඩා කාමභෝගි දූෂණ ක‍්‍රියාවලින් වෙන් වූ ඔහු ඉතා හොඳ ක‍්‍රිස්තුභක්තිකයෙක් විය.

සාමාන්‍ය සෙබළුන් මෙන් නොව සිම්වෝ පින්හාවෝ වූ කලී හොඳ උසස් පවුලකට අයත් වූවෙකි. ඔහුගේ පියා වූ කලී ස්වකීය බූදලයේ ආදායමෙන් ජීවත්වුන නෛට් වරයෙකි. එපමණකුත් නොව පෘතුගාලයේ උසස් පවුල් හා නෑ සබඳකම් ඇත්තෙක් ද විය. එහෙත් තරුණයකු වශයෙන් මුරණ්ඩු ඔහු අසිපතකින් කොටා නඟරයේ කෙනෙකුගේ මුහුණ කැපීමේ වරදට අප‍්‍රිකාවට පිටුවහල් කරනු ලැබී ය. එහි සිරකරනු ලැබූ හෙතෙම සිරගෙයි යකඩ කූරු හෝ දැව දඬු නොකඩා බිත්තියත් වහලවත් දොරවත් නොකඩා එහි සොරෙන්ම බේරී පලා ගියේය. ඔහුගේ පියා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් නිසා රජතුමා ඔහුට සමාව දුන්නේ ය.

ෆර්නා ඕ ද ක්විරෝස්ගේ වාර්තාවක් අනුව ඇස්.ජී.පෙරේරා පියතුමන් එසේ කියත්දී ලංකා ඉතිහාසයට අනුව සිමොන් පිඤ්ඤෝ තවදුරටත් සොයා බැලීම වැදගත් ය.

පළමු වැනි විමලධර්ම රජතුමා ක‍්‍රි:: 1603 වසරේ පෘතුගීසින් සමඟ කළ සටනේදී සිය පාර්ශවය වෙනුවෙන්  කපිතාන් සිමොන් පිඤ්ඤෝ දායකත්වය ලබාදී ඇත. එමෙන්ම රජතුමා ඔහු සිය පාර්ශවයට හරවා ගැනීමට කටයුතු කළත් එය අසාර්ථක වෑයමක් විය. විමලධර්මසූරිය රජතුමාට අභියෝගයක් වුන මෙම පෘතුගීසි කපිතාන්වරයා කෝට්ටේ ධර්මපාල රජතුමාගේ ගජ මිතුරකු ද විය. එපමණක් ද නොව ඔහු ධර්මපාල රජතුමාගේ යුධ හමුදාවේ සේනාධිපතිවරයා ද විය. ඒ අනුව ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ යුධ හමුදාවක සේනා විධායක ලෙස උසස් ම නිලයක් දැරූ එකම පෘතුගීසි ජාතිකයා වශයෙන් සලකන්නේ සයිමන් පිඤ්ඤෝ ය.

සයිමන් පිඤ්ඤෝ විවාහ වුනේ ද රාජ උරුමයට ඥාතිත්ත්‍වයක් තිබුණ සිංහල කුල කාන්තාවක වන සීතාවක රාජසිංහ රජතුමාගේ අනුප‍්‍රාප්තිකයකු වූ නිකපිටිය බණ්ඩාර හෙවත් දොන් පිලිප්ගේ සොහොයුරියක වූ දෝන මරියා පෙරේරා සමඟ ය. තවත් සමහරු කියන්නේ දෝන මරියා, රාජසිංහ රජුගේ දියණියක බවයි. කෙසේ වුව ද ක‍්‍රි:: 1605 දී සයිමන් පිඤ්ඤෝ සබරගමු දිසාවනිය භාර දිසාවේ තනතුරෙන් පිදුම් ලැබූ අතර පැල්මඩුල්ලේ කුට්ටාපිටිය ගම ඔහුගේ භුක්තිය පිණිස දෙන ලද ගම්වරයකි.

කි‍්‍ර:: 1609 වසරේ දී සයිමන් පිඤ්ඤෝ මිය ගොස් ඇති අතර 1614 දී කුඹුරු අමුණු 160කින් සමන්විත වූ මෙම ගම්වරය ලූවිස් කබ‍්‍රාල් ඩි ෆරියා නැමති මුදලිවරයාට අයත් වූ බවත් පසුකාලීනව කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා විසින් කුට්ටාපිටිය ගම සිරීපාදස්ථානයට පූජා කළ බවත් ඓතිහාසික තොරතුරුවල සඳහන් වේ.

ෆර්නා ඕ ද ක්විරෝස්ගේ වාර්තාවට අනුව, සිමන් පිඤ්ඤෝගේ හැඩ රුව විලාසිතාව, අභිලේඛනයේ සඳහන් ආකාරයටම ගැලපෙන බව නම් සැබෑ ය.
 (සමාප්තයි)
(ජයන්ත විජේරත්න හේරත්)

wdY%s; .%J: iy ,sms
1.   01-iuka fjfyr iy inr.uq uy iuka foajd,h - l%sIaK úfÊnKavdr iy chka; úfÊr;ak fyar;a ^wcs;a m%skag¾ia" .xf.dvú, - 2003 &
2.       02-imr.uq o¾Yk - rdclSh mKaä; lsrswe,af,a [dKúu, ysñ' ^ tï'ã'.=Kfiak iud.u'& 1967
3.      03-imr.uqfõ merKs ,shú,s - rdclSh mKaä; lsrswe,af,a [dKúu, ysñ' ^ cskd,xldr uqøKd,h'& 1942 
4.       04-uydjxYh - YS% iqux., iy ngqjka;=vdfõ YS% foajrlaÅ; m`ä;=udf.a ixialrKh  ^ wcs;a m%skag¾ia - kqf.af.dv' &
5.      05-r;akmqrh" wE; ishji iy ;j;a l;d - tÉ'tï'chka; úfÊr;ak' ^ iriú m%ldYlfhda - kqf.af.dv & - 2013
6.                 06-uyd iuka foajd,fha wmQ¾j .,a mqjrejla - weia'cS'fmf¾rd ^ weia'fÊ& msh;=ud ^ 1948'11'07 $14 is¿ñK - Ydia;S%h iy ft;sydisl w;sf¾l &
7.                 07^ 01 & mrx.s n,fldgqjla jQ iuka fjfyr" ^ 02 &  ,xldfõ os.u .fÕa fmryer" ^ 03 & wNdjhg .sh os.a f.hs kegqu -  chka; úfÊr;ak fyar;a' ^ rkaosj brsÞ ix.%yh $ iuk< jreK w;sf¾lh - 2011'09'11 brsÞ &
8.                   08-imr.uq uy iuka foajd,h yd iuka foúfhda - Ydia;%m;s ;eô,shk wrshOïu ysñ' ^ iaj¾K ióCId - me,auvq,a, .kalkao uOH uyd úoHd,hfha iaj¾K chka;s w;sf¾lh $ 1996 &
9.  10-Ribeiro’s History of Ceilão – P.E.Pieris Deraniyagala samarasinghe Sriwardhana  ( Chapter K – pg: 112 )( The Colombo Apothecaries co;ltd – 1909 )
10.      11-uOH ld,Sk isxy, l,d - wdkkao l=udriajdñ ^ mrsj¾;l - tÉ'tï'fidaur;ak - cd;sl fl!;=ld.dr fomd¾;fïka;=j - 1994 &

1 comment: