Total Pageviews

Thursday, October 27, 2016

ඉන්දියන් සාගර රණබිම-03

ඉන්දියන් සාගර රණබිම-03
ඉන්දීය රජය, තමිල්නාඩු ප‍්‍රාන්තයේ, කන්‍යකුමාරි ප‍්‍රදේශයේ, ‘කොලචෙල්’ නමින් නව වරායක් ඉදි කරන්නට යාම,  දැන් නාවික වෙළෙඳ ක්ෂේත‍්‍රයේ  දැඩි  කතාබහකට හේතුවී තිබේ. යෝජිත වරාය ‘කොළඹ’ තරම් විශාල එකක් බව කියැවේ.  ‘කොලචෙල් වරාය’ ඉදි වන්නේ, කිලෝමීටර් 7500ක් දිගැති ඔවුන්ගේ  වෙරළ තීරය ‘ආර්ථික කලාපයක්’ වශයෙන් සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් අනුව ය.   ‘සාගරමාලා ව්‍යාපෘතිය’ නම් එය ඉන්දීය ජන මාධ්‍යවල ද අවධානය දිනා ගෙන ඇත. ඉන් ලංකාවට ඇතිවිය හැකි ආර්ථික අභියෝගයන් මෙම ලිපි පෙළින් සාකච්ඡා කෙරේ.

සාගරමාලා ව්‍යාපෘතිය
ප‍්‍රධාන වෙළෙඳ නැව් මාර්ගයේ යස ඉසුරින් ඉන්දීය වරාය ජාලය පුරවා ගැනීමේ වෑයම, එක් අතකට ඉන්දියන් සාගරයේ රණබිමට එළඹි ‘සීතල යුද්ධයක්’ බඳු ය! තම රට නැව් මාර්ගයෙන් ඈතක පිහිටියත්, ඉන්දියාව වැඩේ අත්හරින්නට සූදානම් නැත. ඔවුන් ඒ සඳහා සකස් කළ අලූත්ම සැලසුම, ‘සාගරමාලා’ ^SAGARAMALA& නාවික ව්‍යාපෘතියයි. කිලෝමීටර් 7500ක් දිගැති එ රට වෙරළ තීරය, ‘නවීන ආර්ථික කලාපයක්’ බවට ^Coastal Economic Region& පත්කර, ඉන්දීය වරාය ජාලය තවදුරටත් නවීකරණය කිරීම එහි අරමුණයි. ඒ යටතේ ඉන්දීය වෙරළාසන්න ප‍්‍රාන්ත හයකට අයත් ප‍්‍රධාන වරාය 06ක්, ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කෙරේ.

ඒ සමගම, තමිල්නාඩු ප‍්‍රාන්තයේ, කන්‍යාකුමාරි තුඩුව අසල පිහිටි ‘කොලචෙල්’ ^Colachel& නමැති පැරණි වරාය, වසරකට කන්ටේනර් මිලියන 1.6ක් දක්වා මෙහෙයවිය හැකි ලෙස අලූතින් ඉදි කෙරේ. එහි යෝජිත වරාය ගැඹුර මීටර් 20කි.  ප‍්‍රධාන වෙළෙඳ නැව් ගමන් මාර්ගයට ඇති දුර නාවික සැතපුම් 04කි. කොලචෙල් නව වරාය ඉදි කරන්නට යන වියදම, ඉන්දීය රුපියල් කෝටි 27,500ක් බවට ඇස්තමේන්තුකර ඇත. zEconomic TimesZ පුවත් අඩවියට අනුව, 2016 ජූලි මාසයේ දී නව වරාය ව්‍යාපෘතියට ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය හිමිවී තිබේ.

‘සාගරමාලා’ ව්‍යාපාතිය මුලින්ම යෝජනාකර ඇත්තේ, 2003 වසරේ ය. එවකට ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධූරය හෙබැවූ අතල් බිහාරි වජ්පායි මහතා විසින් එය ඉදිරිපත් කළ බව, ඉන්දීය මූලාශ‍්‍රවල සඳහන් වේ. එරට වර්තමාන අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින්, දැන් එය කර ගසා ගෙන යන අයුරු, ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි.

මෙය ඇත්තටම, ප‍්‍රධාන වෙළෙඳ නැව් මාර්ගය තම දෙපා මුලට ගෙන්වා ගැනීමට ඉන්දියාව දරන උත්සාහයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය ඉන්දියන් සාගර රණබිම අරභයා දැනටමත් පවතින සීතල යුද්ධය තවදුරටත් තීව්ර කරනු ඇතැයි කල්පනා කළ හැකි ය.

ප‍්‍රති නැව්ගත කිරීම්වලට ඇතිවන බලපෑම්
දකුණු ආසියානු කලාපයේ නිෂ්පාදන කර්මාන්ත වැඩිම රට ඉන්දියාව ය. ඒ නිසා, එහි කන්ටේනර් සහ අනෙකුත් නැව් බඩු ප‍්‍රවාහන පරිමාව ද ඉතා ඉහළ ය. zIndiastatZ වෙබ් අඩවියේ එන තොරතුරු අනුව, 2014-2015 කාලය තුළ ඉන්දීය වරාය ජාලයෙන් මෙහෙයවූ සමස්ත කන්ටේනර් සංඛ්‍යාව මිලියන 7.96කි. ඉන් බහුතරයක්ම ලෝකයට යැවෙන්නේ, අනුන්ගේ රටවල වරාය ඔස්සේ ය.

ඒ සඳහා අතිරේකව දරන්නට වන අධික වියදම (කලින් කී පරිදි වසරකට ඩොලර් මිලියන 230ක් පමණ), තම රටට ඉතිරිකර ගැනීම, ‘සාගරමාලා’ ව්‍යාපෘතියෙහි එක් ආර්ථික අරමුණකි.  එහෙත් ඔවුන්ගේ ‘අධික වියදම’ වර්තමානයෙහි කොළඹ, සිංගප්පූරුව, කිලෑන්ග්, සලාලා ආදී යාබද වරායවලට ඉතා සරුසාර රට සල්ලි උල්පතකි. එම වරාය සමූහය  ආදායම් උපයන්නේ ඉන්දීය කන්ටේනර් ප‍්‍රති නැව්ගත කිරීමෙන් උපදින මුදල ද එක්කර ගැනීමෙනි. එබඳු වරාය අතර කොළඹ, සිගප්පූරුව සහ කිලෑන්ග් ප‍්‍රධාන ය. ඒ අර්ථයෙන් ගත් කල, සාගරමාලා ව්‍යාපෘතියෙන් කෙරෙන සංවර්ධන කටයුත්ත, කලාපීය වරායවල ප‍්‍රති නැව්ගත කිරීම් ආදායම් කෙරෙහි බලපෑමට ඉඩ තිබේ.
ලංකාවේ කොළඹ වරායට ද, එහි බලපෑම් එල්ල වීමට ඇති හැකියාව බැහැර කළ නො හැකි ය. දැනටමත් කොළඹින් කෙරෙන ප‍්‍රති නැව්ගත කිරීම් සමූහයෙන් තුනෙන් එකක් පමණ ඉන්දීය කන්ටේනර් ය! යම් හෙයකින් එය අහිමි වුව හොත්, කොළඹ වරායේ ආදායම දැඩි අභියෝගයට ලක්වනු නිසැක ය.


අනෙක, ලංකාවට නුදුරින් ඉදි කරන්නට යෝජිත නව ‘කොලචෙල් වරාය’ මීටර් 20ක් ගැඹුරු එකකි. මතු දවසේ දී ප‍්‍රධාන මාර්ගයේ යන නෞකා යම් ප‍්‍රමාණයක් එහි ඇදී යාමට ද ඉඩ තිබේ. එය ද කොළඹ වරායට ආර්ථික බලපෑමක් එල්ල විය හැකි කාරණයකි. එහි අභිමානය අභියෝගයට ලක්වන කාරණයකි.

කොයි හැටි වෙතත්, ඉන්දීය ‘සාගරමාලා ව්‍යාපෘතිය’, ඉන්දියන් සාගර කලාපයේ (ඉන්දියන් සාගර රණබිමේ) නාවික ප‍්‍රවාහන ක‍්‍රියාවලිය ප‍්‍රබල අභියෝගයකට තල්ලූකර දමන බව පැහැදිලි ය. ඉන් වැඩිම ආර්ථික බලපෑම් එල්ලවිය හැක්කේ කොළඹ සහ සිංගප්පූරුවේ වරායවලට ය.

මේ අතර, කොළඹ පැවති ජාත්‍යන්තර සාගර සමුළුව උපුටා දක්වමින්, ඉංග‍්‍රීසි වෙබ් මාධ්‍ය කිහිපයක් (2016/10/19 දින) පළකර තිබුණේ,  ලංකාවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා,  ඉන්දීය සාගරමාලා ව්‍යාපෘතියට කැමතිව සිටින බවයි.  zeconomynextZ" zThe Business TimesZ සහ zColombo pageZ යන වෙබ් අඩවි පුවත පළකර තිබුණේ,
zSri Lanka embraces india’s Sagaramala to use para diplomacy to link southern states:PM යනුවෙනි.

‘සාගරමාලා’, ඉන්දීය ව්‍යාපෘතියකි. එය කෙරෙන්නේ ඔවුන්ගේ රටේ ය. අන් කිසිවෙකුට ඊට බලපෑම් කළ නො හැකි ය. කෙසේ වුවත් ඉන් ඉන්දියන් සාගර කලාපයේ රටවලට ඇති විය හැකි බලපෑම් ගැන තක්සේරුවක සිටීම වැදගත් වේ.

මේ වන විට ඉන්දියාවේ ‘අග‍්‍රා’ නුවර සිට, ලංකාවේ තලේමන්නාරම හරහා මාතර දක්වා නව අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට ද යෝජනා කෙරී තිබේ. එය ‘එස්කැප් සංවිධානයේ’ මහා ව්‍යාපෘතියක කොටසකි. මේවා වඩා විචාරාත්මකව සලකා බැලිය යුතු කාරණා ය.

ඉන්දියන් සාගර රණබිම දෙස ඇමරිකාව ද, චීනය ද ඇස ගසා ගෙන සිටිති. චීනය  හම්බන්තොට වරාය ඉදි කරන්නට සහාය වූයේ නිකම්ම නොවේ. ඉන්දියන් සාගරයේ බල ප‍්‍රාප්තිය තහවුරුකර ගැනීම වෙනුවෙනි.

එකල ඉන්දියාව, හම්බන්තොටට චීන සම්ප‍්‍රාප්තිය ගැන සැකයෙන් පසු විය. අලූත් වරාය විවෘත කළ විගස එහි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ශාඛාවක් ද විවෘත කළේ එබැවිනි!

ඇමරිකාව වර්ෂ 2009 දෙසැම්බරයේ දී, එහි සෙනේට් මණ්ඩලයට
zSri Lanka recharting U.S. Strategy after the WarZ නම් වාර්තාවක් ඉදිරිපත්කර තිබිණි. යුද්ධය අවසන් කිරීමෙන් පසුව ලංකාව චීනයට සමීප වෙමින් තිබෙන බැවින්, ඇමරිකාව එය යළි දිනාගත යුතුව ඇතැයි ඉන් කියැවිණි. (සෙනේට් වාර්තාව අන්තර්ජාලයෙන් කියවිය හැකිය. 2015 ජනවාරියේ දී ලංකාවේ සිදු වූයේ ඔවුන් කියන දිනා ගැනීම ද? යන්න විමසිය යුත්තකි.)


ඉන්දීය, චීන සහ ඇමරිකානු උනන්දු වීම් අන් කිසිවක් නිසා නොවේ. ඉන්දියන් සාගර රණබිමෙහි බල ප‍්‍රාප්තිය අරභයා ය. එහි රළ ගසන ඩොලර් උල්පත්වල රසය පිණිස ය. දිනකට මහා නෞකා 250ක් පමණ යාත‍්‍රා කරන සමුද්‍ර කලාපයක් යනු, කොහෙත්ම සෙල්ලමක් නොවේ!
සමාප්තයි.
පසු සටහන
ආරියශීල වික‍්‍රමනායක මහතා ලංකාවේ ප‍්‍රකට නැව් හිමියෙකි. ‘සාගරමාලා ව්‍යාපෘතිය’ සහ යෝජිත නව ‘කොලචෙල් වරාය’ ඉදි වීම නිසා ලංකාවට ආර්ථික බලපෑම් ඇතිවේ ද? යන ප‍්‍රශ්නය ගැන ඔහු මෙසේ කීය.
‘අපි මොකටද මේ අනුන්ගේ දේවල් ගැන කලබල වෙන්නේ ? ඔය මොනවා හැදුවත් ඉන්දියාව ගලවලා නැව් මාර්ගේට ගේන්න බෑ. ඉතින් නැව් එහේ යන එකක් නෑ. දැන් අපට කරන්න තියෙන්නේ, කොළඹයි හම්බන්තොටයි වරාය දෙක තවදුරටත් වැඩි දියුණුකර ගන්නයි’
(පින්තූර අන්තර්ජාලයෙනි.)
2016.10.28.
0000000000000000000000000000000000
මූලාශ‍්‍ර-
01-ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව-2015
02-World Shipping Council නිල වෙබ් අඩවියේ දත්ත
03 - www.unescap.org වෙබ් අඩවිය
04-චතුදිශ රුසිරු දුටුවෙම්-ගොඩපවත් පටුන් මනොරමෙ (සූරිය ප‍්‍රකාශන)
05-ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ නිල වෙබ් අඩවිය
06-Indian Ports Association නිල වෙබ් අඩවිය
07- joc.com වෙබ් අඩවිය










1 comment:

  1. නියමයි. බොහෝම ස්තූතියි තොරතුරු වලට.

    ReplyDelete