කවිට්ටිකන්දේ ඉසිවර වෙදකම
නටන උණුවතුර මාත්තුවෙන් ඇට පෑහීම?
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
බැස යන්නට අරඅඳින හැන්දෑ හිරු එළිය, වත්ත පහළ කෙසෙල් රුප්පාව යට වැතිර සිටියේ ය. ඉන් මැවුණු ඇතැම් දිගු සෙවනැලි, ‘වලව්වට’ එන දඟරාකාර පියගැට පෙළෙහි ද වැටී තිබුණේ ය. වෙල් යාය ඉස්මත්තෙහි වූ කුඩා කඳු ගැටයක මුදුනෙහි ඉදි කෙරුණු වලව්ව, ඒ ප‍්‍රදේශයේ පැවති එකම ප‍්‍රභූ ගෘහයයි. කඳු ගැටයට ප‍්‍රත්‍යන්තයෙන් පිහිටි ගංගොඩේ පමණක් පොල් අතු සෙවිලි කොට, මැටි වරිච්චියෙන් හැදූ ගම්වාසීන්ගේ නිවෙස් කිහිපයක් තිබුණේ ය. ඒවායෙහි විසූ ඇතැමෙක් වලව්වට දාසකම් කළෝ, අතීතයේ පැවති උඩරට වැඩවසම් පාලන ක‍්‍රමයේ නටබුන්, 1970 දශකයේ මුල් භාගයට ද ශේෂ කරමිනි. වලව්ව, ප‍්‍රත්‍යන්ත සතර දිග් භාගයෙහි ‘එගොඩ වලව්ව’ නමින් ප‍්‍රකට වූයේ ය.
සාමාන්‍යයෙන් ඉර බසින යාමයට තරමක පාළු ස්වභාවයක් දිස් වුව ද, එදා ගැහැණු-පිරිමි කිහිප දෙනෙකුම වලව්වට පැමිණ සිටියෝ ය. ඔවුහු ප‍්‍රත්‍යන්ත අතවැසියන් වූහ. වලව්වේ ඉදිරිපසින් පිහිටි, දිගු ඉස්තෝප්පුවේ වට පියගැට පෙළ මත වාඩි වී, බුලත් සපමින්, ඕපාදූප කියවමින්, ඔවුහු කල් මැරූහ.
එගොඩ වලව්ව, සුවිසල් ගෘහයකි. එය, බොරදම් කැපූ දැව කණු පන්තියක් සහිත දිගු ඉස්තෝප්පුවක් සහ හරස් කොරිඩෝවකින් ද, ඉන් ඔබ්බට විසල් සාලයක් සහිත කාමර ගණනාවකින් ද, මුළුතැන් ගෙයක් වශයෙන් භාවිතවූ දික් ගෙයකින් ද, සමන්විත වූයේ ය. වහලයට සවිකර තිබුණේ ‘සිංහල උළු’ ය. හරස් කොරිඩෝවේ ඉස්තෝප්පුව පැත්තට බරව තැබූ පැරණි පන්නයේ හාන්සි පුටුවක, වයස්ගත පෙනුමැති කාන්තාවක් දිගෑදී උන්නා ය. පුටුව අසල වූ පඩික්කමට කෙල ගසමින්, අතවැසි මිනිසුන් ගෙන් යම් යම් දේවල් විමසමින් පසුවූ ඇය, වලව්වේ ගෘහපතිනියයි.
හීන් නිලමේ නමින් ප‍්‍රකටව සිටි ඇගේ සැමියා මිය ගොසිනි. එබැවින් අට දෙනෛකු ගෙන් යුත් දරු කැරැුල්ලක බර තනිවම උහුලන්නට ඇයට සිදුවී තිබිණි. කළු ගඟ මායිමේ පටන් බොහෝ ඈතට විහිදුණු කෙත් යායන් සහ රබර් වගා ඉඩම් බොහෝවක් ද, ප‍්‍රත්‍යන්ත ගම්වල පවා නින්දගම් ඉඩම් ද, වලව්ව සන්තකයෙහි විය. එබැවින් ඔවුන්ට අග-හිඟයක් නො වී ය. ගෘහපතිනිය ගම්මුන් ගෙන් ඇමතුම් ලැබුවේ, ‘වලව්වේ මහත්තයා’ හෝ ‘වලව් මහත්තයා’ යන ගෞරව පදයෙනි. වලව්වේ දරුවෝ, ‘මැණිකෙලා’ හෝ ‘අප්පොලා’ වූහ. ඒ හැන්දෑවේ අප්පොලා දෙතුන් දෙනෙක් කොරිඩෝවේ කොනක ඇති ලොවි බංකුවල වාඩිවී කතා බහේ යෙදී උන්හ.
‘කෝ මේ වෙද උන්දෑ තාම නෑ නොවැ’, වරින්වර පැමිණ තමන් ගෙන් යම් යම් දෑ විමසන දූවරුන් අමතමින් වියපත් ගෘහපතිනිය තෙපළුවා ය.
වලව්වේ සැවොම බලා සිටිනුයේ, ‘කවිට්ටිකන්දේ වෙද උන්දෑ’ එහි එන තුරු ය. ‘කවිට්ටිකන්දේ වෙද මහත්තයා’ නමින් ප‍්‍රකටව සිටින හෙතෙම, ආණ්ඩුවේ ලියාපදිංචි වෙදනෙක් නොවේ. එහෙත් සිය පරපුරෙන් පැවත එන වෙද හෙදකම් නිසා කැඩුම්-බිඳුම් වෙදකමට නම් දරා සිටියේ ය. ළඟපාත රබර් යායක දර බිඳින්නට ගිය වලව්වේ බාල දියණියක ඇද වැටී අතක් බිඳී යාම, වෙද උන්දෑ වලව්වට කැඳ වන්නට හේතුව ය. ‘වලව් මහත්තයාට’ දරුවන් අට දෙනෙකි. ඉන් සිවු දෙනෙක්ම දියණිවරු ය. අත බිඳී ගොස් ඇත්තේ බාල මද්දුමීගේ ය.
හැන්දෑව වලව්වට එබිකම් කරන මොහොතේ දී වෙද උන්දෑ වලව්වට පැමිණියේ, ‘කම්මල් නයිදේ’ හමු වන්නට ගිය නිසා ටිකක් පරක්කු වුණා’ යයි වලව් මහත්තයාට කියමිනි. එවේලේ හුනස්නෙන් නැගී සිටි ඕ, ‘වෙද උන්දෑ වාඩි වුණා නම්’ යයි කියමින් ඔහු පිළි ගත්තේ මහත් ගෞරවයෙනි.
වෙද උන්දෑ කෙසඟ, එහෙත් තරමක් උස් කයක් ඇත්තෙකි. සරමකින් සැරසී, උඩු කයට සාළුවක් දමා ගෙන සිටි ඔහු කෙරෙන් පළ වූයේ ගාම්භීර පෙනුමකි. උන්දෑ පුටුවකට බර දුන් පසුව ඔහු සමග පැමිණි අතවැසියා, ඉස්තෝප්පුවේ පිය ගැටයක් මත බයාදු ලෙස ඇන බා ගත්තේ ය. හෙතෙම මැදි වියේ පසු වන්නෙකි.
වලව්වේ අතවැසියෝ, වෙද උන්දෑට තේ පැනින් සහ බුලත් විටෙන් සංග‍්‍රහ කළෝ ය. ඒ අතර තුර වලව් මහත්තයා ඔහු ගෙන් විමසුවේ කවිට්ටිකන්ද ප‍්‍රදේශයේ ඇති වලව්වට අයත් ඉඩකඩම් ගැන ය. කිරිඇල්ලේ, ගලතුරේ, කම්බි පාලමෙන් එහා කවිට්ටිකන්ද ප‍්‍රදේශයේ වලව්වට අයත් රබර් ඉඩම් සහ කුඹුරු කැබලි කිහිපයක්ම තිබේ. වලව්ව වෙනුවෙන් ඒවා බලා-කියා ගන්නේ ද වෙද උන්දෑ ය.
‘අර පෑනිසාට මේ පාර තොටුපලේ කුඹුර දෙන්ඩ එපා. ඒකා කුඹුරු පාළු කරනවා’, වලව් මහත්තයා කියයි.
‘එහෙමයි, මං ඒක වෙන හොඳ ගොයියෙකුට දෙඤ්ඤං’, වෙද උන්දෑ ගරුසරු ඇතිව පිළිතුරු දෙයි!
ඊලඟ මොහොතේ බාල මද්දුමී වෙද උන්දෑ හමුවට පමුණුවනු ලැබුවා ය. ඇගේ සුරතෙහි මැණික් කටුවත් වැලමිටත් අතර කොටස තරමක් ඉදිමී තිබිණි. වෙද උන්දෑ අත පරීක්ෂා කරන විට ඇය කෙඳිරි ගෑවා ය. ‘වලව් මහත්තයා, අපි මේකට මැල්ලූමක් බැඳලා තෙල් ටිකක් ගාමු’, පරීක්ෂාවෙන් අනතුරුව ඔහු ගෘහපතිනියට පැවසුවේ ය.
‘අත් ඇටේ බිදිල ද?’, ඇය විමසුවේ නළලත රැළි නංවා ගනිමිනි.
‘හ්ම්, එහෙම වෙන්ටෑ’, වෙද උන්දෑ පිළිතුරු දුන්නේ වැඩි ගණනකට නැතිව ය.
වලව්වෙන් සැපයුණු ඇක්සයිස් පොතක පිටුවක් ඉරාගත් වෙද උන්දෑ, පැන්සල් කෙටියක් ගෙන බේත් සීට්ටුවක් ලිව්වේ ය. මැල්ලූම හදන්නට අවශ්‍ය කරන කැලෑ බේත් ජාතිවල නම් එහි විය. ‘මිදුලෙන් ලිපක් බැඳලා වතුර කේතලයක් නටවා ගන්න ඕනෑ. කැකුළු හාල් හුණ්ඩුවක බත් උයා ගන්ඩ ලෑස්තිකර ගන්ඩත් ඕනෑ’, වෙද උන්දෑ කීය.
අතවැසියන් ගෙන් පිරිසක් බේත් සීට්ටුවත් රැුගෙන කැලෑ බේත් සොයන්නට දිවූහ. අප්පොලා සමග එක්වුණු තවත් කීප දෙනෙක් වලව් කොරිඩෝවෙහි මාගලක් එලා, වංගෙඩියක් සහ මෝල් ගසක් එහි තැබූහ. ගල් කැට තුනක් මිදුලේ තියා ලිපක් බැඳ, වතුර කේතලයක් සූදානම් කළහ. වලව් කුස්සිය ඇතුළේ හාල් හුණ්ඩුවක කැකුළු හාල් බත පිසින්නට සූදානම් කෙරිණි.
කැලෑ බේත් සොයන්නට ගිය පිරිස ඉක්මණින්ම ආපසු පැමිණියහ. බේත් කෙටීම ඇරඹිණි. සැවොම වටවී බලා සිටියහ. වලව් මහත්තයා ද සියල්ල දැක බලා ගත්තේ පුටුවේ දිගෑදී ගෙන ය.
කෙටී ගෙන එන බේත් තලපය අතට ගෙන පරීක්ෂා කළ වෙද උන්දෑ, සිය අතවැසියාට යම් සංඥාවක් කළේ ය. එකෙණෙහි ඔහු සිය ඔලොගුවෙන් ගත් කිසියම් පොට්ටනියක්, හාම්පුතා අත තැබී ය. පොට්ටනිය කොලපත් ඇසුරුමකි. එය සෙමෙන් දිග හැරිය වෙද උන්දෑ, එහි වූ බේත් තලපයක් වැනි යමක් වංගෙඩියට හැලූවේ ය.
‘ඕක තමයි රහස් අවුසදේ’, බේත් කෙටුම නරඹමින් සිටි සමහරු හොරෙන් කතා වූහ.
කෙටූ බේත් මැල්ලූම කබලේ දමා මලවා ගැනීමෙන් පසුව, බාල මද්දුමී මිදුලේ තැබූ පුටුවක වාඩි කෙරිණි. ඇගේ සහායට වැඩුමල් දියණිවරුන් දෙදෙනෙක් ද පැමිණියහ.
‘කැකුළු හාල් බත ලිපේ තියන්ඩ’ වෙද උන්දෑ අණ දුන්නේ ය. ඉක්බිති ඔහු ඇගේ අත තෙල් ගා පිරිමැද, තැවූ කෙසෙල් කොලය මත බේත් මැල්ලූම් එලා, උණ ලී පතුරු තබා, බැන්දේ ය. අත තදට බඳිද්දී ඇයට වේදනාවෙන් කෑ ගැසුණි. ‘අපි ටිකක් වෙලා ඉඳිමු’, වෙද උන්දෑ කීවේ ය.
‘කෑ නො ගහා ඉඳින්!’ වලව් මහත්තයා පුටුවේ දිගෑදී ගෙනම දියණියට තරවටු කළේ ය.
දැන් වතුර කේතලය නැටවෙමින් තිබේ. කැකුළු සහලේ බත කුස්සි ලිපේ ඉදෙමින් පවතියි. ‘මට වතුර පනිට්ටුවකුත් ඕනෑ, බත ඉදෙනකොට මට කියන්ඩ’, වෙද උන්දෑ ඉල්ලී ය. ඒ අතර ඔහු තවත් කෙසෙල් කොලයක් තවා, සකස්කර ගත්තේ ය. බුලත් විටක් ඒදුවේ ය.
ටික වේලාවකින් ‘අන්න බත ඉදෙනවා’ යයි කුස්සියෙන් පණිවුඩය ආවේ ය. ඒ ඇසූ වෙද උන් දෑ, බාල මද්දුමීගේ අතේ බෙහෙත් බැඳි කොටස කෙසෙල් කොලයෙන් ආවරණය කළේ ය. අත දිගහැර අල්ලනු ලැබිණි. ඉන් පසුව ඔහු ලිපෙහි නටමින් තිබුණු වතුර කේතලය ගෙන, යටින් බේසමක් තබා, බොහොම පරිස්සමින් අතට වැක්කෙරුවේ ය! නටන වතුර, අතේ බෙහෙත් බැඳි කොටසින් පිටතට නො හරින්නට ඔහු පරිස්සම් විය. කේතලයෙන් වෑහෙන නටන උණු වතුර, බාල මද්දුමීගේ අත බැඳි බේත් පට්ටය දොවා ගෙන යටින් වූ බේසමට වැටිණි. සුළු තිගැස්මක් මිස ඇයට වේදනාවක් ඇති වූ බවක් නො පෙනුණි. වෙද උන්දෑ කේතලය අවසන් වන තුරුම තරුණියගේ අත තෙමා හැරියේ ය. වට වූ පිරිස තුෂ්ණිම්භූතවී බලා උන්හ.
ඉක්බිති වෙද උන්දෑ බොහොම පරිස්සමින් අත බැඳි මැල්ලූම ලිහා දැමුවේ ය. ඇගේ අතෙහි එක දිය බුබුළකුදු නො වී ය!
‘ඇටේ පෑහිලා වෙන්ටෑ’, පුදුමය ඉවසා ගත නුහුණු කවුදෝ කී ය. වෙද උන්දෑ තරුණිය දෙස බලා සිටියේ තෘප්තිමත් හැඟීමෙනි. ටික වේලාවකට පෙර වේදනාවෙන් ඇඹරුණු තැනැත්තිය වෙනුවට දැන් සිටින්නේ සිනාමුසුව සිටින්නියකි!
‘බාල මැණිකේ, අර වතුර පණිට්ටුව ඔය අතින් උස්සලා අරන් මිදුල වටේ යන්ඩ!’ ඔහු අණ දුන්නේ ය.
ඇය කලින් බිඳී තිබුණු, එහෙත් තවමත් ඉදිමුම් පහව නො ගිය අතින් වතුර පණිට්ටුව ගෙන මිදුලෙහි සක්මන් කළා ය.
‘රිදෙනවා ද?’, වෙද උන්දෑ ඇසී ය. හිස දෙපසට වැනූ තරුණිය ‘නැතැයි’ පිළිතුරු දුන්නී ය.
‘මේ තෙල් ඩිංග දවස් හතක් ගාන්න. තෙමුවාට කමක් නෑ, ඔය බෙහෙත් මැල්ලූම් ටික පෑගෙන්නෙ නැති තැනකට දාන්න’, වෙද උන්දෑ කීවේ, වෙදකම හමාර කරමිනි.
වලව්වේ මහත්තයා, නැගිට පැමිණ බුලත් කොලයක එතූ පඬුරක් මහත් කෘතවේදීව වෙද උන්දෑට පිරිනැමුවා ය. බාල මද්දුමී පැමිණ ඔහුට දණ ගසා වැන්දා ය.
ඉක්බිති කවිට්ටිකන්දේ වෙද උන්දෑ සිය අතවැසියා ද සමගින්, ආපසු යන්නට ගියේ ය.
(සත්‍ය සිද්ධියකි. නම් පමණක් මනංකල්පිතයි)
2014/01/05.
නටන උණුවතුර මාත්තුවෙන් ඇට පෑහීම?
කම්බි පාලමක් |

ගස්ලබ්බත් අහල තියෙනවා ඔය වගේ වෙදකම්.ඒවගේම මේ දින වලදී අත්දකිමිනුත් ඉන්නවා.ඉසිවරුන් වැනි වෙදදුරන් ඉන්නවා. නමුත් මේ බවත් කියන්නම ඕනෙ.නිසි අවධානයකින්,දැණුමකින් තොරව කරන වෙදකම් වලින් භයානක ප්‍රතිඵල අත්වෙන්නටත් හැකියාව තියෙනවා. හොඳින් හොයල බලලාම ප්‍රතිකාර ලැබීම වටී.
ReplyDeleteඔබ තාත්විකව ලියා තිබෙනවා.
ජයවේවා..!!
ඔහොම කෙනෙක් හොයාගන්න බැරිද ලබ්බෝ අපිට
Deleteදැනට කොරන එකත් නැගල යන සීන් එකක් තියෙන්නෙ.වැඩේ කියන්නෙ එකක් ඉවරවෙන්න කලින් තව එකක් සෙට් වෙන එකනෙ.. හෙමින් සැරේ විස්තරේ කියන්නම්කො..
Deleteඔබේ රචනය අගෙයි ක්‍රිෂ්ණා.........
ReplyDeleteරටේ තිබ්බ්බ මේ වගේ වෙදකම් අභාවයට ගිය එක අපේ අවාසනාව.. අනුග්‍රහයක් නොලැබීම සහ ගුරු මුෂ්ටිය නිසා වටිනා දේවල් කාටවත්ම උරුම වෙන්නේ නැතුව පොළොවට පස් උනා..එක හරිම අපරාදයක්..
ReplyDeleteගස් ලබ්බ,අටම්පහුර,කුරුටුගෑගීපවුර,අම්බලන්ගොඩ කථා-ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තුතියි. කිරිඇල්ල, ගලතුරේ, කවිට්ටිකන්ද ගම නම් තවම තියෙනවා. වෙදකම නම් අභාවයට ගිහින්.
ReplyDelete