හුදී ජන සහෘදයින් වෙනුවෙන් සිංහලෙන් පළ කෙරෙන, ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරගේ සඟරාමය අන්තර්ජාල කතිකාව-krishnawijebandara@gmail.com (වස-විස නැති දේශීය ගොවිතැනක් සඳහා-masuranbath.blogspot.com පිවිසෙන්න.)
Total Pageviews
140718
Tuesday, March 8, 2016
‘කොරන්ඩම් පවුලේ කුමාරයා’ දොරට වැඩුම
‘කොරන්ඩම් පවුලේ කුමාරයා’ දොරට වැඩුම
ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් රචනා කළ දස වැනි ග‍්‍රන්ථය වූ ‘කොරන්ඩම් පවුලේ කුමාරයා’, මාර්තු 06 වැනි ඉරිදා රත්නපුරේ දී දොරට වැඩියා. නිල් මැණික්වල විත්ති සහ මැණික් භාවිතයේ තොරතුරු එම ග‍්‍රන්ථයේ තේමාවයි.
පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. ඒ. විජේතුංග, දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම සහ සමුපකාර ඇමති නීතිඥ යූ. ජී. ඞී. ආරියතිලක, සබරගමු පළාත් සභාවේ අධ්‍යාපන හා සංස්කෘතික ඇමති නීතිඥ භාණු මුනිප‍්‍රිය ඇතුළු ආරාධිත අමුත්තන් සහ සහෘදයන් රැසක් ඊට සහභාගි වුණා.
කෘතියෙහි කර්තෘ ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර සහ ප‍්‍රකාශක කපිල චම්පක අතුරලියගම යන මහත්වරු, නව ග‍්‍රන්ථය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතාට පිළිගැන්වූ අයුරු ඉහළ ඡායාරූපයෙන් දැක්වෙනවා.
‘කොරන්ඩම් පවුලේ කුමාරයා’ ග්‍රන්ථය, රත්නපුර ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පරිශ්‍රයේ පිහිටි ‘මිණිපුර මිණි මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ දී මිල දී ගැනීමට පුළුවන.
(පින්තූර-ප‍්‍රෑන්ක්)
Subscribe to:
Post Comments (Atom)
රත්නපුරයේ අනන්‍යතාවය.......... ජයවේවා.
ReplyDeleteප්‍රතිචාරයට ස්තුතියි.
ReplyDelete