Total Pageviews

Sunday, November 3, 2013

ඉදල්ගස්හින්නේ සිහිල් නිම්නය


සිහිල් නිම්නය


     බදුළු මාර්ගයේ හමුවන ඉදල්ගස්හින්න, කටුසු පිටක් (දු සිහින් ක(දු නාරටියක් මත පිහිටි කුඩා දුම්රිය පොළකි. රටේ මධ්‍යම ක(දුකරයේ ප්‍රතාපවත් ඌව බෑවුමෙහි වූ එය, වැඩි කලබලයක් නැති තැනකි. නිරන්තරවම මීදුමින් වැසුණු පරිසරයකට උරුමකම් කියන ඉදල්ගස්හින්න දුම්රිය පොළට කවදත් තිබුණේ, සීතලෙන් ගල් වූවාක් බ(දු පෙනුමකි. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1615 ක් උසින් පිහිටියේ ය.

     ඉදල්ගස්හින්න දුම්රිය පොළ අපූර්ව දර්ශන තලයක් ද වෙයි. කොළඹින් බදුළු යන කෙනෙකුට එහි දකුණින් සුප්‍රකට වලවේ ගංගා නිම්නය ඇස ගැටෙයි. වම් පසින්, සුවිසල් ජල බස්නාවකට හිමිකම් කියන මහවැලි නිම්නයයි. ශ්‍රී පාද හෙවත් සමනල අඩවිය යනුවෙන් බුහුමන් ලබන, හෙක්ටයාර් 23,280 කින් (අක්කර 55,300) හෙබි මහා වර්ෂා වනාන්තරයෙහි කෙළවරින් වූ ක(දු  නාරටියක් මත ඉදල්ගස්හින්න පිහිටා ඇත්තේ ය.

     නිතරම මීදුමින් ගැවසුණු, සීතලෙන් ගල් ගැසුණු ඉදල්ගස්හින්න බෙහෙවින් සිහිල් ය. එහෙත් දකුණින් දිස්වන වලවේ ගංගා නිම්නයට ඇත්තේ වියලි කලාපීය දේශගුණයකි. වම් පසින් දිස් වන මහවැලි ගංගා නිම්නයේ ඉහළ කොටස්, තෙත් කලාපීය දේශගුණයෙන් යුක්ත ය. කොළඹ කොටුවෙන් එන රාත්‍රී තැපැල් දුම්රිය ඉදල්ගස්හින්නට සේන්දු වන්නේ අලුයම් යාමයේ ය. එවිට දුම්රිය පොළ, හදිසියේ පණ ලැබුවාක් මෙන් දිස් වෙයි. රටේ මධ්‍යම ක(දුකරය හැල්මේ නැගීම, දුම්රියකට වුව තෙහෙට්ටුවකි.  එයින් රත්වුණු දුම්රිය ඇන්ජිමේ උණුසුමින්, සීතලෙන් ගල්වී තිබුණු කුසීත නින්ද සීතල හැර පියා බියෙන් පලා ගියාක් වැන්න!

     බදුළු දුම්රිය මාර්ගයේ හැටන් නගරයෙන් ඔබ්බට කෙහොමත් හමු වන්නේ, සීතලෙන් ගල් ගැසුණු දුම්රිය පොළවල් ය. ඒවා හැම එකක්ම පිහිටියේ මුහුදු මට්ටමේ සිට මීටර් 1600 කට වඩා උසිනි. සමනල අඩවිය වැසි වනාන්තරය අද්දරිනි. නානුඔය, අඹේවෙල, පට්ටිපොළ, ඕහිය, ඉන් කිහිපයකි. එළඹෙන සීතලය හමාර වන්නේ, ඉදල්ගස්හින්නෙන් පහළ හපුතලේ සහ බණ්ඩාරවෙල යන නගරවලිනි. හැටන් නගරයෙන් දුම්රියෙහි නැගී, බණ්ඩාරවෙල දක්වා යන අලුයම් මගියෙකුට, කුසීත සීතලක ද දැවටී සුවදායක මිහිරක් ද ලැබිය හැක්කේ ය! (2013/11/04)

No comments:

Post a Comment