Total Pageviews

Sunday, November 3, 2013

මහාතිත්ථයේ අලුත් කතිකාව



 මුහුදින් උපන් පුරවරය


   පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට ශ්‍රී ලංකාවේ මන්නාරම් භූමියේ පිහිටි මහාතිත්ථය වූ කලී, ක්‍රිස්තු පූර්ව 02 වැනි සියවසෙන් පසුව එළැඹි සියවස් ගණනක් මුළුල්ලේම දකුණු ආසියාවේ පැවති විශාලතම ජාත්‍යන්තර වෙළෙ වරායයි. එබැවින් එහි පැවති හැඩතල නිසැකවම ලාංකේය ඉතිහාසයේ සුවිසල් පැතිකඩක් නිරූපනය කරන්නේ ය. මහාතිත්ථ ජාත්‍යන්තර වරාය පමණක් නොව, ඒ නමින් ප්‍රකටව පැවති මහා නගරය ද තවමත් පොළොවේ වැළලුණු ගමන් ය. ලංකාව සිය මානව ඉතිහාසයේ මුල් වරට, ලෝකය හමුවට ගමන් කළේ මහාතිත්ථය ඔස්සේ ය. ඉදින් සංකේතාත්මකව, මහාතිත්ථ භූමියේ සිට ලංකාව සහ ලෝකය ගැන කතිකා කිරීම වඩාත් චමත්කාර වෙයි!


     ශ්‍රී ලංකාවේ පෞරාණික මහාතිත්ථජාත්‍යන්තර වරාය සම්බන්ධයෙන් ලියැවුණු වටිනා පර්යේෂණ ග්‍රන්ථයක්, ඉකුත් අගෝස්තු මාසයේ ජර්මනියේ දී නිකුත් විණි. එය නම්කර තිබුණේ, zMANTAI City by the SeaZ යනුවෙනි. මහාචාර්ය ජෝන් කාස්වෙල්, ආචාර්යසිරාන් දැරණියගල සහ ඇලන් ග්‍රහැම් යන විද්වතුන් තිදෙන කෘතියෙහි කතුවරුන් වූහ. පැරණි මහාතිත්ථය පිහිටියේ, සුප්‍රකට මල්වතු ඔය මුහුදට වැටෙන මන්නාරමේ මෝය ආශ්‍රිතව ය. එය වර්ෂ 1980-1984 කාලයේ දී පුරාවිද්‍යා කැණීම්වලට ලක් විය. එහෙත් උතුරේ යුද්ධය පැතිරීම නිසා 1984 වසරේ දී හදිසියේම කැනීම් නතරකර දමන්නට සිදු විය. zMANTAI City by the SeaZ ඒ ඇසුරින් ලියැවුණු එකම ග්‍රන්ථයවන අතර, එය ප්‍රකාශයට පත් වූයේ ද කැණීම් ව්‍යාපෘතියෙන් වසර 29 කට පසුව ය.

     අන්තර්ජාලයේ දැක්වෙන අන්දමට, නව පර්යේෂණ ග්‍රන්ථයෙහි මිල යුරෝ 65 කි. එහි රුව-ගුණ කොතෙක් ද යන්න වෙනම කතිකාවකි. එසේ වුවත්, ඉපැරණි මහාතිත්ථය පිළිබ(දව යළි කතා කරන්නට ඉන් කදිම ඉඩක් විවර වෙයි.

     පුරාවිද්‍යාඥයන් පවසන අන්දමට, ලංකාවේ මහාතිත්ථය වූ කලී, ක්‍රිස්තු පූර්ව 02 වැනි සියවසෙන් පසුව එළැඹි සියවස් ගණනක් මුළුල්ලේම, දකුණු ආසියාවේ පැවති විශාලතම ජාත්‍යන්තර වෙළෙ(ද වරායයි. එබැවින් එහි පැවති හැඩතල නිසැකවම ලාංකේය ඉතිහාසයේ සුවිසල් පැතිකඩක් නිරූපනය කරන්නේ ය. 1980-1984 පර්යේෂණ කැණීම ද යුද්ධය නිසා බි(ද වැටුණි. ඉදින් මහාතිත්ථයේ පුරාවිද්‍යාත්මක සාධක රැසක්, ඉපැරණි මහාතිත්ථ මහ‍ා නගරය ද සමග, තවමත් පොළොව යට වැළලුණු ගමන් ය! මහාතිත්ථය පිළිබ(දව යළිත් කතා කළ යුත්තේ එබැවිනි.

No comments:

Post a Comment