Total Pageviews

Sunday, November 3, 2013

ගාලු කතිකාව-01



ගාලු කතිකාව-01
ගල් ලෑල්ලේ අකල් වියෝව



    පෞරාණික වෙළෙ(ද නාවික අසිරියට අමතරව, ගාලු ජන සමාජය තවත් අභිමානවත් පුණ්‍ය මහිමයන්ට ද උරුමකම් කියන්නේ ය. ලාංකේය ජන සන්නිවේදනය පිළිබද මහා ධාරාවේ සුවිසල් විද්වත් පැතිකඩක් ද ඒ අතර තිබෙනු පෙනෙයි.

     සන්නිවේදන ක්‍රියාවලිය අරභයා ගාල්ලට ඇත්තේ පෞරාණික උරුමයකි. සරල ආකෘතියක් ඔස්සේ එයට ගැඹුරු මාදිලියක ප්‍රවෘත්ති මුහුණුවරක් එක් කළ ප්‍රත්‍යන්ත ජන සන්නිවේදන ක්‍රියාදාමයක්, මීට ටික කලකට ඉහත ගාලු බස් නැවතුම්පොළේ දී දකින්නට ලැබිණි. එහි පසු අන්තයෙහි පවත්වා ගෙන ගිය එය, ගාල්ලේ ගල් ලෑල්ල යනුවෙන් නාමකරණය කෙරුණු නවමාදිලියේ බිත්ති පුවත්පතක් විය. ගාලු ජන සමාජ ළයමඩලෙහි උපදින සංවේදී කම්පනයන්, ගාම්භීර ප්‍රවෘත්ති ආකෘතියක් ඔස්සේ සහෘදයන්ට එ-සැණින් මුදා හැරීම එහි සන්නිවේදන තේමාව විය.

     “ගල් ලෑල්ල වූ කලී, අක්ෂර ලිවීමේ ශිල්ප කලාවේ  පැරණි, ප්‍රාථමික මෙවලමකි. ගාලු බස් නැවතුම්පොළේ බිත්ති පත්තරය, ගාල්ලේ ගල් ලෑල්ල යනුවෙන් නාමකරණයකර තිබීමෙන්, එය ප්‍රාදේශීය විකල්ප ජන සන්නිවේදන ක්‍රියාදාමයක් බව සිය සහෘදයන්ට ඒත්තු ගන්වා තිබුණේ ය. එසේම, ගල් ලෑල්ල යන වදනෙහිම කිසියම් ප්‍රාථමික බවක් ද දැනෙයි. චීන කොරටුව පාරේ සුපුරුදු කලබලය අතර සැ(ගවුණු නා(දුනන කාර්යාල අගුවක, දුප්පත් කොම්පියුටරයකින් එයට ප්‍රවෘත්ති ලියැවිණි. උඩු මහල් සහිත, යාබද වෙළෙ(ද මන්දිරවල වැජඹුණු මහේශාක්‍ය ඩිජිටල් වර්ණ රසායනාගාරවලින් ඡායාරූප මුද්‍රණය කෙරිණි. ගාලු ජන සමාජ ළය මඩල ප්‍රකම්පනය වන ඕනෑම මොහොතක, චීන කොරටුව පාරේ සුපුරුදු කලබලය අතරින් මතුවන නා(දුනන මාධ්‍ය සහෘදයෙකු අතින් එහි අලුත් ප්‍රවෘත්ති පළ කෙරිණි.

     2006 වසරේ ඔක්තෝබර් මස 18 වැනි දා පෙරවරුවේ, ගාලු නගරය භීතියෙන් ඇළලී ගියේ ය. ඒ, ගාල්ලේ ශ්‍රී ලංකා දක්ෂිණ නාවික හමුදා ක(දවුරට කොටි ත්‍රස්තවාදීන් විසින් බිහිසුණු ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි. ගාලු වැසියෝ මර බියෙන් අන්දමන්ද වූහ. නගරය පුරා මහත් කලබැගෑනියක් ඇති විය. ගාලු වරායට කොටිගහන බව මිස ඇත්තටම සිදු වන්නේ කුමක් ද යන්න, වැඩි දෙනෙකු දැන සිටියේ නැත. ආරක්ෂක අංශවල අය, කිසිවෙකුට ගාලු වරායත්, නාවික හමුදා ක(දවුරත් පැත්ත පළාතකටවත් යන්නට නො දුන්නෝ ය.

     “ගාල්ලේ ගල් ලෑල්ල අතිශයින්ම වගකීම් සහගතව සිද්ධිය සන්නිවේදනය කරන්නට පේවී උන්නේ ය. හරියටම එදින සවස 3.00 වන විට, කොටි ප්‍රහාරය ගැන ඡායාරූප ද සහිත සවිස්තර වාර්තාවක් ගාලු ගල් ලෑල්ලෙහි පළ කෙරුණේ ය. අතිශයෝක්ති සහිත කට කතා හැරුණු විට,  ඇත්තටම සිදු වන්නේ කුමක් දැයි වටහාගත නො හැකිව සිටි මිනිස්සු, බස් නැවතුම්පොළේ පසු අන්තයට රොක් වී ඇත්ත දැන ගත්හ. සවිස්තර වාර්තාව පළකර තිබුණේ, ගාලු අහස අ(දුරු වූ පැය යනුවෙන් කුහුලින් පිරුණු සිරස්තලය ද සමගිනි.

     “ගාල්ලේ ගල් ලෑල්ල නමැති සන්නිවේදන සහෘදයා දැන් එතැන නැත. ගාලු බස් නැවතුම්පොළ නවීන, දර්ශනීය ගොඩනැගිල්ලකට ගෙවැදීමත් සමගම එය අතුරුදන්ව ගිය සෙයකි! එබැවින්, ගාල්ලේ ගල් ලෑල්ල මෙවර ගාලු කතිකාවට සහෘද නිමිත්ත වන්නේ ය.

     ජන සන්නිවේදනය අරභයා, ගාල්ලට ඇත්තේ පාරම්පරික ලේ උරුමයකි. චීන සෙන්පති, අද්මිරාල් චෙං හේ (Zheng He) වර්ෂ 1411 දී, චීන, දෙමළ සහ පර්සියන් යන භාෂා ත්‍රිත්වයෙන් ලියැවුණු ශිලා ලිපියක් ගාල්ලේ පිහිටු වන්නේ ය. ගාල්ලෙන් බිහි වූ ප්‍රථම පුවත්පත් කතුවරයා ලෙස ඉතිහාසයෙහි ලියැවී සිටින්නේ, බටුවන්තුඩාවේ ප(ඩි තුමා ය. වසර 18 ක් තිස්සේ ගාලු බද්දේගම පදිංචිව සිටි ජෝර්ජ් වින්ටර්, 1834 වසරේ දී කොළඹින් පළ කෙරුණු ලංකාවේ ප්‍රථම ස්වාධීන ඉංග්‍රීසි පුවත්පත වූ කලම්බු ඔබ්සවර් පත්‍රයේ ආරම්භක කතුවරයා ය. වර්ෂ 1860 දී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත වන ලංකාලෝකය ගාල්ලෙන් පළ කෙරිණි. පසුකාලීනව, ඉන්ඩියා ටුඩේ(ගරාවේ කතුවරයා වූ ද, ඉන්දීය නිදහස් සටනේ අදෘෂ්‍යමාන ක්‍රියාකාරිකයෙකු වූ ද, ජිනදාස විජේතුංගයන් වර්ෂ 1902 ගාල්ලේ ඌරල දී උපන්නේ ය. ජාත්‍යන්තර ලේඛකයෙකු වූ හෙතෙම, 1935  වසරේ    ලන්ඩනයේ දී ලියා පළ කළ Grass for my feet (මා පයට තණ නිල්ල) කෘතිය, ලොව පුරා අවධානය දිනා ගත්තේය. දිනමිණ කතුකම ද හෙබැවූ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්, ගාල්ලේ කොග්ගලින් බිහිවූවෙකි. රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මෙන්ම, ලක්බිම හිටපු කර්තෘ කිත්සිරි නිමල්ශාන්තයන් ද බිහි වූයේ ගාල්ලට සමීප, හබරාදූවේ කෝදාගොඩිනි. විද්‍යුත් මාධ්‍යකරුවන් රැසක් ද ගාලු ජනසමාජයෙන් බිහි වූවෝ  ය. වෙනෙකක් තබා, රට පුරා නිවෙස්වල බිත්තියෙහි ඇලවෙන ඈපා පංචාංග ලිතෙහි නිර්මාතෘ ඈපා අප්පුහාමි මහතා ද ගාල්ලෙන් බිහි වූවෙකි.

     2006 වසරේ  පෙබරවාරියේ දී ගාල්ලේ ගල් ලෑල්ල බිත්ති පත්තරය බිහි වන්නේ, ජන සන්නිවේදනයේ ඉහත කී ගාම්භීර මහා ධාරාව පසුබිමින් ලෙන්ගතුව පය තබා ගනිමිනි. එහි ප්‍රකාශකයා, ගල් ලෑල්ල මහජන සන්නිවේදන ජාලය යි. ගල් ලෑල්  සංස්කරණය කෙරෙන්නේ, ගාල්ලෙන් බිහි වී ජාතික තලයට එසවුණු සමන් සී. ලියනගේ නම් ප්‍රවීණ මාධ්‍යවේදියා අතිනි. නීතිඥ තුෂාර ද සිල්වා සහ දයානි දිස්නා, හර්ෂණී ප්‍රියංගා, කාංචනා දිසානායක යන සහෘදයන් ඔහුට සහාය වන්නෝ ය. රත්න ශ්‍රී විජේසිංහ, සෙනරත් ගොන්සල්කෝරාල යන කිවිවරු ද, ගාලු මහ නගර සභාව ද ඔවුන්ට දිරි දෙති. ජාතික පුවත්පත්වල සේවය කරන පුණ්‍යදාස දම්මුල්ල, සජීව විජේවීර, ලලිත් චාමින්ද, එඩිවින් මණ්ඩලවත්ත, සහ සරත් ආනන්ද ඇතුළු ගාලු මාධ්‍යවේදීහු එක මස්සකුදු නො ගෙන ගල් ලෑල්ලට පුවත් සපයන්නෝ ය. වීදුරු තිරයක් සහිත මංජුසා පුවරුවකින් සමන්විත ගල් ලෑල්ල, එල්ලා තිබුණේ ගාලු බස් නැවතුම්පොළේ බද්දේගම මගී අංගනය අසල බිත්තියේ ය.

     ගල් ලෑල්ලේ විශේෂතා ද කිහිපයකි. එය පිටපත් දහස් ගණනින් අලෙවි වන මාධ්‍යයක් ද නොවේ. බිත්ති පුවරුවක් වන එය, කියවිය හැක්කේ ද ගාලු බස් නැවතුම්පොළට එන අයට පමණි. ගල් ලෑල්ලේ පළ වන්නේ ආකර්ෂණීය ගාලු ප්‍රවෘත්ති මිස, ජාතික තලයේ ප්‍රවෘත්ති ද නො වේ. අනෙක, ජාතික තලයේ මාධ්‍ය භූමිකාවක නිරත වූ කෙනෙකු, උපන් ගමේ බිත්ති පත්තරයක් හසුරුවන්නට පැමිණීම ද විරල අත්දැකීමකි. එහි පළ වන්නේ, මහා ධාරාවේ මාධ්‍යයෙහි ඉඩක් නො ලැබෙන, එහෙත් ගාල්ලට සංවේදී වන, ගාලු තලයේ ප්‍රවෘත්ති කතා ය. පත්තර ගණනාවක්, රේඩියෝ සහ ටී. වී. චැනල ගණනාවක්, ප්‍රවෘත්ති වෙබ් අඩවි කන්දරාවක් සහ කෙටි පණිවිඩ දුරකතන පුවත් ජාල රාශියක් ද, රටේ තිබිය දී ගාල්ලේ මිනිස්සු ගල් ලෑල්ල ද කියැවූහ! එය විශේෂ කාරණයකි. ඇතැම් දිනයක ගල් ලෑල්ලේ පළවන පුවතක් මූලාශ්‍ර කොට ගෙන, ජාතික පුවත්පත්වලට සාරවත් ප්‍රවෘත්ති සැපයුණු අවස්ථාවන් ද විය.

     2006 වසරේ දෙසැම්බරයේ දී ගාල්ලට නුදුරු බද්දේගම බස් නැවතුම්පොළේ දෙවැනි බද්දේගම ගල් ලෑල්ල විවෘත කෙරිණි. ඒ, තම වෙළෙ(දසැලේ පත්තරවල ප්‍රවෘත්ති කෑලි ප්‍රදර්ශනය කළ වවුලුගල මුදලාලි අතිනි. 2007 වසරේ ප්‍රවීණ මාධ්‍යවේදී හේමචන්ද්‍ර නානායක්කාර මහතා අතින්, ව(දුරඹ බස් නැවතුම්පොළේ දී (දුරඹ ගල් ලෑල්ල විවෘත කෙරිණි. ඒවා නම් අදත් ඉතා හොන් පවත්වා ගෙන යයි. එහෙත් ගාලු බස් නැවතුම්පොළ නවීන පන්නයේ දැකුම්කළු ගොඩනැගිල්ලකට පිවිසීමෙන් පසුව ගාල්ලේ ගල් ලෑල්ල අකලට වියෝ වී ගියේ ය! අද ගාල්ලේ ගල් ලෑල්ලක් දකින්නට නැත. එය හදිසියේම අතුරුදන් වූවාක් මෙනි!

     ගාල්ලේ මිනිස්සු ගල්ලෑල්  කියවූයේ නිකම්ම නොවෙති. රටේ පත්තර, රේඩියෝ, ටී. වී, වෙබ් අඩවි, දුරකතන පුවත් ජාල ආදී මාධ්‍ය කන්දරාවක්ම තිබිය දී ය. (මෙම ලියුම්කරු ද ගාලු ගල් ලෑල්ලේ සතිඅන්ත පාඨකයෙකි) ඒ මන්ද?, ගල් ලෑල්ලේ කුමක් හෝ ප්‍රවෘත්තිමය ආකර්ෂණයක්, සංවේදීකමක් තිබුණු නිසා ය. එබ(දු ප්‍රවෘත්ති සගයෙක්, ගාලු ජන සමාජයෙන් ඈත්කර දැමීම, මහත්ඵල, මහානිසංස, ගෙනෙන පුණ්‍යකර්මයක් නොවන බව, ගාලු බස් නැවතුම්පොළ, ගාලු මහ නගර සභාව සහ ගල් ලෑල්ල මහජන සන්නිවේදන ජාලයේ සහෘද සුධීහු දැන ගනිත්වා! (2013/11/04)

    
    

No comments:

Post a Comment