Total Pageviews

Sunday, March 15, 2020

ලන්ඩන් නුවරින් පැමිණ ගිං ගඟ පහළ නිම්නය එළිය කළ වින්ටර්වරු-01



පිලගොඩ සුද්දාගේ අකලංක පේ‍්‍රමය
 
පිලගොඩ මන්දිරය

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
(පින්තූර-දිමුතු නවීන්ද්‍ර සහ සමන් සී. ලියනගේ)

නිදන්න, අප නැවත හමුවන තුරු සුවසේ නිදන්න’ (Rest Rest, Until We Meet Again)



මේ හැඟුම්බර වැකිය සටහන් කර ඇත්තේ ගාල්ලේ, බද්දේගම, පිලගොඩ වත්ත ආශ‍්‍රිතව ඇති පැරණි සොහොන් කොතක ය. එය ඉදිකර ඇත්තේ වර්ෂ 1919 ජනවාරි 16 වැනි දා  අකාලයේ වියෝවූ දොරක විතානගේ හින්නිහාමි (39)’ නම් කාන්තාවක් සිහි වීම පිණිස ය. වැකියේ සටහන්කරු . ඩබ්ලිව්. වින්ටර්’ (A. W. Winter) බව ද එහි දැක්වේ. සොහොන් කොතෙහි HER SUN IS  GONE DOWN WHILE  IT IS YET DAYයනුවෙන් තවත් ආදරණීය සටහනක් ලියා තිබේ!



 
හින්නිහාමිගේ සොහොන
පිලගොඩ වත්තේ කම්හල් භූමියට යාබදව පිහිටි මේ සොහොන් කොත, දහනම වැනි සියවසේ මුල් භාගයේ දිග හැරුණු ආදර අන්දරයකනිහ සංකේතයකි. අන්දරයේ පේ‍්‍රමවන්තයා, බි‍්‍රතාන්‍ය සම්භවයක් සහිත ඇල්ප‍්‍රඞ් රොස්මලී කොක් වින්ටර්හෙවත් ඇලී වින්ටර්. පේ‍්‍රමවන්තිය දොරක විතානගේ හින්නිහාමි. පෙම්වතා, බද්දේගම සුප‍්‍රකට ජොර්ජ් වින්ටර් පවුලේමුණුපුරු වින්ටරයෙකි. පෙම්වතිය, ගාල්ලේ ගිංතොට ප‍්‍රදේශයේ රූමතියකි. ඇයට ම ආවේණික වුණු කටහ නිසා හින්නිහාමි ගිරවිනමින් ද ප‍්‍රකටව සිටියා ය. ඔවුන්ගේ ආදර කතාව ඔස්සේ ලංකාවේ බි‍්‍රතාන්‍ය පාලන සමයේ ගාලූ විත්ති සම්භාරයක් දිග හැර ගන්නට පුළුවන!


ඇගේ ජීවිතයේ හිරු බැස ගියා

ඇල්ප‍්‍රඞ් විලියම් රොස්මලී කොක් වින්ටර්, වර්ෂ 1864 දී බද්දේගම උනන්විටියේ දී උපන්නේ ය. හෙතෙම, ජොර්ජ් වින්ටර්ගේ මුණුපුරා ය. ඔහු 1897 දී, ගිංතොට ලී මෝලේ  (වර්තමානයේ ගිංතොට ප්ලයිවුඞ් කම්හල) කළමනාකරු වශයෙන් පත් කෙරිණි. ඔහු ඇලී වින්ටර්’, ‘ඇලී මහත්තයාසහ . ඩබ්ලිව්. වින්ටර්යන නම්වලින් ද හැඳින්විණි. ජෝර්ජ් වින්ටර්ගේ මී මිණිපිරියක වන ඇනී විලියම්ස්විශ්වාස කරන අන්දමට, එවකට ගිංතොට ලී මෝලේ හිමිකරු වූයේ ගාල්ලේ චේස් පී. හේලි’ (ලංකාවේ හේලීස් සමාගමේ ආරම්භකයා) නම් ව්‍යාපාරිකයා ය. ඔහු වින්ටර් පවුල සමග පැවති සම්බන්ධතා  හේතුවෙන් ඇල්ප‍්‍රඞ් විලියම් රොස්මලී කොක් වින්ටර් ලී මෝලේ කළමනාකරු වශයෙන් පත් කරන්නට ඇත. ඇය පවසන අන්දමට, එකල උඩුගම වත්තේඅයිතිකරුවා වුයේ ද චේස් පී හේලි ය.

දැනට බි‍්‍රතාන්‍යයේ ජීවත් වන ඇනී වින්ටර් විලියම්ස්මේ කාරණය කතාබහට ලක් කරන්නේ, ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදන කර්මාන්ත ඉතිහාසය ගැන තොරතුරු ඇතුළත් www.historyofceylontea.comවෙබ් අඩවියෙහි බද්දේගම සම්බන්ධයෙන් පළ වුණු පෝස්ටුවකට එවන ලද පිළිතුරු කොමෙන්ටුවක් ඔස්සේ ය. ලියුම්කරුට එය ඇස ගැටුණේ 2020 වසරේ ජනවාරි 23 වැනි දා ය. එහි සහන් වන අන්දමට, ඇගේ සීයා පිලගොඩ වත්ත ආරම්භ කළ . ඩබ්ලිව්. වින්ටර්හෙවත් ඇලී වින්ටර්’, ‘ජෝර්ජ් වින්ටර්ගේ මුණුපුරෙකි. ඇනී විලියම්ස්ගේ පියා වන්නේ නෝමන් ඞී. වින්ටර් හෙවත් නෝමන් ඩග්මර් වින්ටර් ය. ඔහු ජෝර්ජ් වින්ටර්ගේ අට වැනි පුත‍්‍රයා වූ ඇල්ප‍්‍රඞ් ඔක්ටේවියස් වින්ටර්ගේ බාල පුතා වන, එඞ්මන්ඞ් වින්ටර්ගේ පුත‍්‍රයා ය. බද්දේගම උපන් එඞ්මන්ඞ් වින්ටර්, වැවිලිකරුවෙකු වශයෙන් මහනුවර, ගලගෙදරට සංක‍්‍රමණය වූවෙකි. ඒ අනුව ඇලී වින්ටර්, ඇනී වින්ටර් විලියම්ස්ගේ සීයා ය.



ඇලී වින්ටර් (. ඩබ්ලිව්. වින්ටර්), එහි දී ලී මෝලේ සේවිකාවක වූ දොරක විතානගේ ජොහානා අල්ලියස් හින්නිහාමිනම් කාන්තාවක් සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තේ ය. එකල ඔහු ප‍්‍රකටව සිටියේ ඇලී වින්ටර්සහ ඇලී මහත්තයායනුවෙනි. ඇනී වින්ටර් විලියම්ස් සිය කොමෙන්ටුවේ කියන හැටියට, හින්නිහාමි, ගිංතොට ලී මෝලේ සිංහල කළමනාකරුගේ දියණියයි. සිංහල කළමනාකරු ඇය සිංහල සිරිත් අනුව. ඩබ්ලිව්. වින්ටර්ට විවාහකර දී තිබේ. ඒ දෑවැද්දක් ද සමග ය. එහෙත් වින්ටර්ලා ගැන සහන් වෙනත් කිසිදු මූලාශ‍්‍රයක ඔහු හින්නිහාමි විවාහකර ගත් බවක් දැක්වෙන්නේ නැත. වින්ටර්වරු කිතුණුවන් ය. සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුල්වල අය බොහොම දෙනෙක් එකල විවාහ සහ මරණ ලියාපදිංචිකර ඇත්තේ ඔවුන්ගේ පුරෝගාමිත්වයෙන් ගොඩ නැගූ බද්දේගම ක‍්‍රිස්තුදේව දේවස්ථානයේ ය. එහෙත් ඇලී වින්ටර් සහ හින්නිහාමි අතර විවාහය කිතුණු දෙව් මැදුරක දී සිදු වුණු බවට තොරතුරු මූලාශ‍්‍රවල සහන් නො වේ. ඇලීසහ ඇය අතර පැවති සම්බන්ධය අන්තර්ජාලයේ විවිධ මූලාශ‍්‍රවල දැක්වෙන්නේ Common law spouseයනුවෙනි. හින්නිහාමි උපන්නේ 1880 වසරේ ගිංතොට  දී ය.



ලියුම්කරු  2020 ජනවාරියේ ඊමේල් පණිවුඩයක්මගින් ඇනී වින්ටර් විලියම්ස් අමතා මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. ජනවාරි 24 සහ 25 යන දිනවල එයට පිළිතුරු එවමින් ඇය සහන් කළේ, තම සීයා වන ඇලී වින්ටර් ලංකාවේ පොදු සිරිත අනුව හින්නිහාමි සමග විවාහවී සිටි බවයි. එය වින්ටර් පවුලේ අය සහ බද්දේගම සැවොම පිළිගෙන තිබුණු කාරණයක් බව ද ඇය කියයි. ඇය පවසන විස්තර අනුව, ඇලී වින්ටර් හින්නිහාමි විවාහකර ගෙන ඇත්තේ 1897 වර්ෂයේ දී ය. මූලාශ‍්‍රගත තොරතුරු ගලප්පන විටහින්නිහාමි හා විවාහ වන අවස්ථාවේ ඇලී වින්ටර්ට වයස අවුරුදු 33කි. හින්නිහාමිට වයස අවුරුදු 17කි.
 
ඇලී වින්ටර්
ඇනී වින්ටර් විලියම්ස් සිය ඊමේල් පණිවුඩවලින් පැහැදිලි කරන ආකාරයට, ගිංතොට ලී මෝලේ සිංහල කළමනාකරු මුල දී සිය දියණිය (ජුවානා) ඇලී වින්ටර්ට විවාහකර දීමට කැමැත්ත පළකර නැත. ඊට හේතුව ඇලී වින්ටර් වරින්වර විදෙස් ගමන්වල නිරත වීමයි. කෙසේ වෙතත්, පසුව ඔහු විවාහයට කැමැත්ත පළකර ඇත. ඇනී මේ කතාව පවසන්නේ පිලගොඩ වත්ත අවට විසූ ඉඩම් හිමි ගම්වැසියෙකු ගෙන් ලැබුණු තොරතුරක් යයි සහන් කරමිනි.

ඇනී විලියම්ස් වින්ටර් පැහැදිලි කරන අන්දමට ඇලී වින්ටර් හෙවත් ඇගේ සීයා, හින්නිහාමිගේ පාර්ශවයෙන් තමන්ට දෑවැද්දක් ලැබුණු බව සිය අන්තිම කැමති පත‍්‍රයේ ද සහන්කර ඇත.


(Dorakawitharne was not keen to let his daughter Juana 'marry' my grandfather so I was told by a local family whose plantation was close to Pillagoda Valley., as  he used to travel abroad quite a bit!!
  He finally gave permission and gave her a DOWRY so they were 'married; according to  local Custom with the permission of her family /Father. Dowries are only given when a daughter gets wed according to local custom. There is proof of this in Alfred's Will where he refers to Juana's money(your Mother's money)
ඇය පවසන අන්දමට, දැවැද්ද වශයෙන් ලැබුණු මුදල ගැන ද එහි දක්වා තිබේ!

හින්නිහාමිගේ රූසපුවත්, කතා විලාශයත් නිසා ගිංතොට සහ උක්වත්ත ප‍්‍රදේශයේ  ගම්මු ඇයට නම් පට බැන්දේ ගිරවියනුවෙනි. ඇලී වින්ටර්, හින්නිහාමිට සිය පණ මෙන් ආදරය කළේ ය. ඇලී වින්ටර් පිලගොඩ මන්දිරයට පැමිණෙන්නේ 1902 දී ය. ඉන් පසුව 1904 දී හින්නිහාමිද සමග එහි පදිංචි විය. ඇය අලංකාර පිලගොඩ මන්දිරයෙහි රැජන වූවා ය.
බි‍්‍රතාන්‍යයේ රාජකීය බකිංහැම් මාළිගයේආකෘතියට නිර්මාණයකර ඇති පිලගොඩ මන්දිරය, ගලින් නිම කළ එකකි. එහි උඩු මහලේ ජනෙල් පේලි 18ක් ඇති අතර, ඒ සියල්ල පිත්තලින් නිම කළ එක් ලීවරයකින් අරින්නට-වසන්නට පුළුවන. උඩු මහලේ ජනෙල්වලින් පිලගොඩ වත්ත මැනවින් පෙනේ. පැරැුන්නන් පවසන අන්දමට, මන්දිරයේ පිවිසුම් දොර පොල් ලී කාප්ප සහිතව ඉදිකර තිබිණි. ඇලී වින්ටර්, වරෙක බද්දේගම සනිසයිඞ් වන්දිරයේ වෙසෙමින් ද, පිලගොඩට යමින් එමින් ද වත්තේ කටයුතු මෙහෙය වූයේ ය.

ඇලී මහත්තයා, එංගලන්ත සම්භවයක් සහිත කීර්තිමත් ව්‍යාපාරික පවුලකින් පැවත එන්නෙකි. එවන් තැනැත්තෙක් හින්නිහාමි වැනි ගමේ තරුණියක සමග පේ‍්‍රම සම්බන්ධයක් පැවැත්වීම දැඩි විවේචනයට ද ලක් විය. එහෙත් ඇලී වින්ටර්ට ඒවා ගණනක් නො වී ය. විවාහකර නො ගත්ත ද, ඔහු හින්නිහාමිට පණ මෙන් ආදරය කළේ ය.

හින්නිහාමි මිය ගියේ අකාලයේ ය. එනම් වයස අවුරුදු 39 දී ය. මරණය සිදුව ඇත්තේ 1919 වසරේ ගාල්ලේ මහමෝදර රෝහලේ දී ය. ඇනී වින්ටර් විලියම්ස් එවූ ඊමේල් හසුන්වල දැක්වෙන අන්දමට, ඇගේ මරණයට හේතුව හෘද්‍යාබාධයකි. ඇලී වින්ටර් හින්නිහාමිට කොතෙක් පේ‍්‍රම කළා ද යන්න හෙළිදරව් වූයේ ඇගේ මරණයත් සමගිනි. ඔහු ඇගේ පණ සුන් සිරුර පිලගොඩ මන්දිරයට රැුගෙන ආවේ මුළු බද්දේගම ම විශ්මයට පත් කරවමිනි. ඇය මිහිදන් කෙරුණේ ද පිලගොඩ මන්දිරයට පෙනෙන මානයේ පිහිටි වින්ටර් පවුලේ සොහොන් බිමේ ය. තාප්පයකින් වට කළ භූමියක ඉදි කළ සොහොන් ගැබක ය. එහි ආදරණීය, හැඟුම්බර සටහනක් කොට වන්නට ද ඔහු අමතක කළේ නැත. සොහොන් පුවරුවල එන සටහන් අනුව, ඒවා ඉදිකර ඇත්තේ කොළඹ . එෆ්. රේමන්ඞ්අවමංගල සමාගමයි.

බද්දේගමින් බිහිවුණු සුප‍්‍රකට ලේඛකයෙකු වන ජයතිස්ස තෙන්නකෝන් වරක් කතුවරයා සමග අපූරු කතාවක් කීවේ ය.

හින්නිහාමි ඒ කාලේ රන් පවුම්වලට ආසයිලූ. එයා රන් පවුම් එකතු කරලා තියෙනවා. හින්නිහාමි මැරුණාට පස්සේ ඇලී වින්ටර් ඒවා ලොකු බෝතල් දෙකක දමලා මළ සිරුරට යට කරලා සොහොන් ගැබේ තැන්පත් කළා ලූ. එදා පටන් පිලගොඩ වත්ත රජයට පවරා ගන්නා තෙක් ඔය සොහොන් ගැබ මුර කරන්න කෙනෙක් යොදවලා තියෙනවා. පස්සේ 1971 කැරැල්ල කාලෙ දි කවුරුහරි සොහොන් ගැබ කඩලා තිබුණු බව කියැවෙනවා’, ඔහු පැවසුවේ ය.

කෙසේ වෙතත් හින්නිහාමි පිළිබව ඇලී වින්ටර් තුළ පැවති පේ‍්‍රමය මිය නො ගිය බව මේ කතාවලින් පෙනේ. පිලගොඩ මන්දිරයේ සිට ඇගේ සොහොන දෙස බලමින් ඔහු රහසින් වැළපෙන්නට ඇත.

ඇතැම් මූලාශ‍්‍රයක සහන් වන ආකාරයට, ඇලී-හින්නිහාමි දෙපලට දරුවන් ද සිටි බව ඇනී වින්ටර් විලියම්ස් කියයි. හින්නිහාමිගේ මරණයෙන් පසුව, ඇගේ සීයා (ඇලී වින්ටර්) සිය දරුවන් කැටුව ඉන්දියාවේ නිල්ගිරි හිල්ප‍්‍රදේශයට පදිංචියට ගිය බව ද ඇය සහන් කරයි.

වින්ටර්වරු සම්බන්ධයෙන් තොරතුරු දැක්වෙන අන්තර්ජාල මූලාශ‍්‍රවල, ඇලී වින්ටර් සහ හින්නිහාමිට දරුවන් සිටි බවක් කෙලින් ම කියැවෙන්නේ නැත. ඇතැම් මූලාශ‍්‍රයක ඔවුන්ගේ දරුවන් යයි දක්වා ඇත්තේ, ගලගෙදරට ගිය එඞ්මන්ඞ් වින්ටර් සහ පහළ ගෙදර කිරිමැණිකා දෙපලගේ දරුවන්ගේ නම් ය!

සෙල්ලක්කාර පිලගොඩ සුද්දා
බද්දේගම සහ පිලගොඩ ප‍්‍රදේශයේ පැරණි කතා පුවත්වලට අනුව, ගම්වාසීන් ඇලී වින්ටර් හඳුන්වා ඇත්තේ ඇලී මහත්තයාහෝ පිලගොඩ සුද්දායන නම්වලිනි. ඔවුන්ට අනුව ඇලී මහත්තයා සෙල්ලක්කාරයෙකි. හින්නිහාමිට අමතරව ඔහුට තවත් හාදකම් තිබුණු බව කියැවේ. ඇතැම් මූලාශ‍්‍රවල ඔහුට ඇසිලින්නමින් තවත් පේ‍්‍රමවන්තියක් සිටි බව ද කියැවේ!

වින්ටර්ලා ගැන තොරතුරු සහන් sri Lankan Burgher Family Genealogy වෙබ් අඩවියට අනුව, ඇය ඇසිලින් හෙට්ටිආරච්චි. ඇය ද Common law spouseබිරියකි. ඇසිලින්ට අමතරව, ඇලී වින්ටර්ට තවත් බිරියක් සිටි බවත්, ඇගේ නම අප‍්‍රකට බවත් එහි දැක්වේ. ශීලා බැසිල් හොර්නර්ඇලී වින්ටර් එංගලන්තයේ දී කාර බැ ගෙන ලංකාවට කැන්දා ගෙන පැමිණි බිරියයි. ඒ අනුව ඇලී මහත්තයාට බිරින්දන් සිවු දෙනෙක් සිටි බව පිළි ගන්නට සිදු වේ! මේ විවාහයන් කුමන කාලයේ සිදු වූවා ද යන්න ගැන තොරතුරු නැත.

(මතු සම්බන්ධයි)
 (මෙම ලිපිය-2020/02/16-සති අග අරුණ පුවත්පතේ පළවිය)

No comments:

Post a Comment