Total Pageviews

Monday, September 16, 2019

වත්තල ප‍්‍රාදේශීය සභාව රජයේ රෝහල් දණ ගස්වයි!




වත්තල ප‍්‍රාදේශීය සභාව

බස්නාහිර, මධ්‍යම සහ දකුණ යන පළාත්වල රජයේ රෝහල් දණ ගස්වයි!

සායනික අපද්‍රව්‍ය දහනයට තහංචියක්

අසරණ වුණු රෝහල් පාලකයන් ආදාහනාගාරවලපිහිට ඉල්ලයි!


කරාපිටිය සායනික අපද්‍රව්‍ය




(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(පින්තූර-යූ. එම්. තිලකරත්න/රවීන්ද්‍ර චන්ද්‍රලාල්/අරුණ තිලකරත්න)

ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් වත්තල ප‍්‍රාදේශීය සභාව’, මේ දිනවල මහත් බලසම්පන්න ආයතනයකි. ඊට හේතුව වන්නේ ඔවුන් ගත් තීරණයක් නිසා දැන් බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල් සියල්ල වසා දමන්නට සිදු වීමේ අවදානමක්  උද්ගත වීමයි!


බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල් සියල්ලේ ම සායනික අපද්‍රව්‍යපුළුස්සා දැමීම කෙරෙන්නේ වත්තල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් කෙරවලපිටිය ප‍්‍රදේශයේ තැනවුණු අධිතාප දාහකයකය. එහි හිමිකරුවා සිසිලි ප්‍රොජෙක්ට්ස්නම් පෞද්ගලික සමාගමකි. ඔවුන්ට එම කටයුත්ත පැවරී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවල අවසරයෙනි. වත්තල ප‍්‍රාදේශීය සභාව සැප්තැම්බර් 12 වැනි දා උන්හිටි ගමන් ඔවුන්ගේ වෙළෙ බලපත‍්‍රයඅවලංගු කළේ ය. එයින් පසුව බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල්වල සායනික අපද්‍රව්‍යරැස්කර පුළුස්සන කටයුත්තට තහංචි වැටිණි. එහි බලපෑම කොතෙක් ද යත්, මේ වන විට සායනික අපද්‍රව්‍යටොන් සියයක් පමණ රෝහල් පරිශ‍්‍රවල ගොඩ ගැසී තිබේ!


මේ තත්ත්වය ගැන අදහස් දක්වමින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණේ, ‘මෙහෙම ගියොත් රෝහල් වසා දමන්න සිදු වේවියනුවෙනි!


සායනික අපද්‍රව්‍ය බැහැර කරන්නට නො හැකි වීමේ ප‍්‍රශ්නයට මුහුණ දී සිටින ප‍්‍රකට රෝහල් අතර, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල මහ රෝහල, මහනුවර මහ රෝහල, කරාපිටියේ ශික්ෂණ රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් ගණනාවක් ම වෙයි. මින්, කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් දැනට, සායනික අපද්‍රව්‍ය පිරවූ කන්ටේනර් හතක් රවා තිබෙන බව, රෝහල් සංවර්ධන කමිටුවේ සභාපති පාලිත අමරවර්ධන මහතා සහන් කළේ ය. ඒවා ර`දවා තිබෙන භූමිය අසලින් වැටුණු බොම්බෙ කාසල් ඇළ මාර්ගයගලා බසින්නේ කරාපිටියේ අතිශයින්ම ජනාකීර්ණ පෙදෙස් ඔස්සේ ය.



දැන් කන්ටේනර්  පිරිලා. ඉතින් දිනපතා එකතු වන අපද්‍රව්‍ය ඇසුරුම් (කහපාට බෑග්) රවා තබන්නේත් එතැනමයි. මේ දවස්වල වහින වැසි නිසා ඒවා සේදී ඇළට ගලා යාමේ අවදානමකුත් තියෙනවා’, ඔහු කියන්නේ ය.


සායනික අපද්‍රව්‍ය’  යයි කියන්නේ, වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතුවල දී ඉවත් කෙරෙන ලේ තැවරුණු රෙදි, ගෝස්, ශල්‍යාගාරවලින් ඉවත් කරන යම් යම් ද්‍රව්‍ය, පාවිච්චි කළ එන්නත් සිරින්ජර්, ඉවත දමන අත්වැසුම් ආදී දේවල් ය. නොයෙකුත් රෝග කාරක පවා මුසු වුණු සායනික අපද්‍රව්‍ය,  ‘සාමාන්‍ය කසලමෙන් විවෘත පරිසරයට බැහැර කරන්නට හෝ වළලා දමන්නට නො හැකි ය. ඒවායින් විෂ බීජ පැතිරීමේ අවදානම, ද අධික ය. එබැවින් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 1200-3000ක පමණ තාපයකට හසුකර පුළුස්සා විනාශ කිරීම, ජාත්‍යන්තර සම්ප‍්‍රදායයි.


කලක් තිස්සේ ම, මේ කටයුත්ත පැවරී තිබුණේ සිසිලි ප්‍රොජෙක්ට්ස්නම් පෞද්ගලික සමාගමකට ය. ඔවුන් මුලින් ම ඒවා පුළුස්සනු ලැබුවේ, කොළඹ මුල්ලේරියාව ප‍්‍රදේශයේ සවිකර තිබුණු දාහකයක ය. එහෙත් මහජන විරෝධතා හේතුවෙන් එය ඉවත්කර ගන්නට සිදු විය. ඉන් පසුව ඔවුහු රජයේ අනුමැතිය ද සහිතව සිය දාහක සංකීර්ණයවත්තල කෙරවලපිටියේ ඉදි කළහ. එයින් එක් දාහකයක වැඩ නිම කළ ඔවුහු තමන් එක් රැස් කරන සායනික අපද්‍රව්‍ය එහි ගෙන ගොස් පුළුස්සා දැමූහ.


වත්තල ප‍්‍රාදේශීය සභාව සැප්තැම්බර් 12 වැනි දා  අපේ වෙළෙ බලපත‍්‍රය අවලංගු කළා. ඒ අය මේ  ගැන අපිත් එක්ක කතා කළේ වත් නෑ. අපි තමයි බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල්වල සායනික අපද්‍රව්‍යපුළුස්සන කටයුත්ත කළේ. දැන් අපට ඒක කරන්න අවසරයක් නෑ. ඉතින් රෝහල්වල සායනික අපද්‍රව්‍ය ගොඩ ගැහෙනවා. ඒක බොහොම නරක තත්ත්වයක්. ඒත් මේ තත්ත්වය නිසා අපට කරන්න දෙයක් නෑ’, ‘අරුණකළ විමසුමක දී සිසිලි ප්‍රොජෙක්ට්ස්ආයතනයේ ප‍්‍රකාශකයෙක් කියා සිටියේ ය.


ඔවුන් කියන හැටියට, දැනට ලංකාවේ පිළිකා රෝහල්වල සායනික අපද්‍රව්‍ය ආරක්ෂා සහිතව පිළිස්සීමේ හැකියාව ඇත්තේ තම ආයතනයට පමණ ය. දැන් උද්ගතව ඇති තත්ත්වය නිසා ඒවා ද ගොඩ ගැසෙමින් තිබේ!


සිසිලි ප්‍රොජෙක්ට්ස්ආයතනය සහන් කරන අන්දමට, මුල්ලේරියාවේ දාහකය ඉවත්කර ගන්නට සිදු වීමෙන් පසුව ඔවුන්ට සිදු වූයේ මහත් අකරතැබ්බයකි. ඒ, සායනික අපද්‍රව්‍ය පුළුස්සන්නට තැනක් නැති වීමයි. ඉන් පසුව ඔවුහු රජයේ අනුමැතිය ඇතිව, කෙරවලපිටියේ ජන ශූන්‍ය භූමියක දාහක සංකීර්ණයක් ඉදි කරන්නට සැලසුම් කළහ. එය ඉදි කෙරෙන තුරු, රෝහල් පරිශ‍්‍ර තුළ රැඳවූ කන්ටේනර්වලට සායනික අපද්‍රව්‍ය රැස් කරන්නට පටන් ගත්හ.


සිසිලි ප්‍රොජෙක්ට්ස්ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය සහ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය සහිතව කෙරවලපිටියේ තැනූ අධිතාප දාහක සංකීර්ණය, දාහක දෙකකකින් සමන්විත ය. සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක වන විට, එයින් දිනකට සායනික අපද්‍රව්‍ය ටොන් 15ක් පමණ දහනය කළ හැකි ය. ඉන් එකක් ඉක්මණින් වැඩ නිම කෙරුණු අතර, තමන්ට  පැවරුණු රෝහල්වල දෛනිකව එකතු වන සායනික අපද්‍රව්‍ය එහි ගෙන ගොස් පිළිස්සීම කර ගෙන ගියහ. දෙවැනි දාහකයේ වැඩ නිම වුණු පසුව, කන්ටේනර්වල අසුරා ඇති අපද්‍රව්‍ය තොග එහි ගෙන ගොස් දහනය කිරීම ඔවුන්ගේ සැලසුම විය. වත්තල ප‍්‍රාදේශීය සභාව, කෙරවලපිටිය ප‍්‍රදේශයේ දාහකයක්පවත්වා ගෙන යාමට සිසිලි ප්‍රොජෙක්ට්ස්ආයතනයට දී තිබුණු අවසරය අවලංගු කළේ මේ අතරවාරයේ ය!


කාරණය සම්බන්ධයෙන් විමසීමේ දී වත්තල ප‍්‍රාදේශීය සභාව පැත්තෙන් කියැවෙන්නේ, ‘දාහකය ඉදි කරලා තියෙන්නේ අවසරය දීපු තැන නෙමෙයි. ඒක නිසා මේක නීත්‍යානුකූල නෑ. ඒක නිසා තමයි අපි බලපත‍්‍රය අවලංගු කළේයනුවෙනි.


සායනික අපද්‍රව්‍ය ආරක්ෂා සහිතව විනාශ නො කළ හොත් ඇතිවිය හැකි නරක තත්ත්වයන් ගැන දන්නා උදවිය කියන්නේ, වත්තල ප‍්‍රාදේශීය සභාව බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල මහජනයා සහ රෝහල් පද්ධතියේ යහ පැවැත්ම ප‍්‍රාණ ඇපයටගෙන ඇති බවයි!


මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සහා, ‘දිනපතා අරුණඊයේ (16) පෙරවරුවේ අවස්ථා ගණනාවක ම වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අමතන්නට උත්සාහ කළේ ය. එහෙත් ඔහු සම්බන්ධකර ගත නො හැකි විය.


සායනික අපද්‍රව්‍ය ගොඩ ගැසීමේ ප‍්‍රශ්නය වඩාත් බරපතල එකක් බවට පත්ව ඇත්තේ මේ දිනවල ඇද හැලෙන වර්ෂාව නිසා ය. ඒවා වැසි ජලයට මුසුව, ජල මාර්ගවලට ද එක් වුව හොත් ඇතිවිය හැකි තත්ත්වය අතිශයින් ම බරපතල ය. කොළඹ ජාතික රෝහලේ එකතු වුණු සායනික අපද්‍රව්‍ය තොග අසුරා ඇති කන්ටේනර් රවා ඇත්තේ ද රෝහල් ගොඩනැගිලිවලට ආසන්නයෙනි!


කරාපිටිය ශික්ෂණ රෝහලට බයෝ ගෑස් ව්‍යාපෘතියක් හඳුන්වා දුන් චතුර වැලිවිටිය මහතා, කසල කළමණාකරණ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් ලැබූ පරිසරවේදියෙකි. ඔහු කියන්නේ, රජය මගින් හෝ වේවා, පෞද්ගලික අංශය මගින්  හෝ වේවා, පළාත් මට්ටමින් දාහක දාහක ඉදි කිරීම, මේ ප‍්‍රශ්නයට ඇති විසඳුම බවයි.


සායනික අපද්‍රව්‍ය ඉවත්කර ගන්නට නො හැකි වීම නිසා බරපතල ම අපහසුතාවයට මුහුණ දී සිටින්නේ බස්නාහිර, දකුණ සහ මධ්‍යම යන පළාත්වල රජයේ රෝහල්වල පාලකයන් ය. ඔවුන්ට, ඔවුන්ගේ රාජකාරි වපසරිය තුළ මේ වෙනුවෙන් කළ හැකි දෙයක් ද නැත. එහෙත් රෝහල්වලට හෝ අවට පරිසරයට විෂ බීජ පැතිරීමේ අවදානම කළමනාකරණයකර ගත යුත්තේ ඔවුන් ය!


අරුණපුවත්පතට ලැබුණු අතිශයින් ම විශ්වාසදායක තොරතුරු අනුව, ප‍්‍රශ්නයෙන් අසරණ වුණු ඇතැම් රෝහල් පාලකයන්, සුසාන භූමිවල පිහිටුවා ඇති ආදාහනාගාරවලපිහිට පතන්නට සාකච්ඡාකර ඇති බව ද සැල වෙමින් තිබේ!

(මෙම ලිපිය 2019/09/17 දිනපතා අරුණ පුවත්පතේ පළවිය)






1 comment:

  1. Sad state of affairs, result of gay (napunsaka) govt who is fighting for own survival rather than nation building.

    ReplyDelete