Total Pageviews

Sunday, June 11, 2017

කළු ගඟට ඉඩ දී බියෙන් බලා හිඳීම!



බත් පැකට් සහ වියලි ආහාර 
පාර්සල්වලින් සැනසීම සහ



කවුරුත් මුනිවත රකින රත්නපුරයේ සැබෑ ගැටලූව

 

 

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)

නිරිත දිග වැහි මෝසමේ එල්ලී ගෙන, හදිසියේ මෙන් කඩා වැදුණු ගංවතුර නම් දැන් බැස ගොසිනි. එහෙත් ‘කළු ග` නිම්නයෙන් අසන්නට ලැබෙන ආරංචි නම් තවම යහපත් නැත. එහි වෙසෙන සමස්ත ජන සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂ 23කට පමණ ආසන්න වේ.  ඉන් පුද්ගලයන් දහස් ගණනක පිරිසක් මෙවර (2017) මැයි මාසයේ ගංවතුර හා නායයාම් ආපදාවේ දී මහත් පීඩාවට පත් වූවෝ ය. ආපදාව උත්සන්න වීමට බලපෑ කාරණා  කීපයකි. ඉන් එකක් නම් නිසි ‘පෙර සූදානමක්’ නැතිකමයි. අනෙක, අනවරත මිනිස් ක‍්‍රියාකාරකම් මගින් සොබාදහම කෝපාවිෂ්ඨකර වීමයි. මිනිසුන්ගේ නො සැලකිල්ල තවත් හේතුවකි. කළු ග`ග නිම්නයේ ‘උපන් ගෙයි ගතිය’ ඊළ`ග කාරණයයි!

ඉතින් කළු ``ග නිම්නයෙහි නිරිත දිග වස්සානය ගැන කතිකාව, තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව හැෙ`ගයි. ඉකුත් සතියෙහි අපි කළු ග`ග නිම්නයෙහි පැරණි ‘ගංවතුර සංස්කෘතිය’ සහ වැසි විපතට අරභයා ‘පෙර සූදානමක් නැතිකම’ ගැන කතා කළෙමු. මෙවර කතිකා කෙරෙන්නේ, ස්වාභාවික විපත් පැත්තෙන් ගත් කල, වර්තමානයේ කළු ග`ග නිම්නය මුහුණ දෙන අතිශය බරපතල අනතුරුදායක තත්ත්වයක් ගැනයි! අවදානමක් ගැනයි! එය වෙනෙකක් නොව, බිහිසුණු ‘නායයාම්’ ය. ඒ සම්බන්ධයෙන් දැන ගැනීමට නම් කළු ගෙ`ග් ‘පාරිසරික හැඩතල’ කෙබ`දු දැයි අධ්‍යනය කළ යුතු වෙයි.

ඉකුත් සතියෙහි ද සටහන් කළා සේ, කළු ග`ග ඇරඹෙන්නේ ශ‍්‍රීපාද වන අඩවියේ ඉ`දිකටුපාන-දියබෙත්ම ඉසව්වෙනි. එය අයත් වන්නේ, ‘ලංකාවේ අධි වර්ෂාපතන’ කලාපයට ය. එනම්, වාර්ෂිකව මිලිමීටර් 4000-5000ත් අතර (ඇතැම් විට වසරක මිලිමීටර් 6000ක පමණ) ඉහළම වර්ෂාපතනයක් ලැබෙන මධ්‍යම ක`දුකරයේ නිරිත දිග බෑවුම් පෙදෙසට ය. ගංගාවේ ජල පෝෂණ රටාව ද සුවිසල්  එකකි. ශ‍්‍රීපාද වන අඩවියේ ඇති ‘වැසි වනාන්තර’ ද ඇතුළුව. එය වර්ග කිලෝමීටර් 2720ක පමණ අති විශාල  ‘ජල පෝෂක ප‍්‍රදේශයකට’ හිමිකම් කියයි.

සමනල හෙවත් ශ‍්‍රීපාද වන පෙත, ‘ඉහළ ක`දුකර’ සහ ‘උප ක`දුකර’ වනාන්තර පද්ධතිවලින් ද, `දු ශිඛර, හෙල්, ජලාශ‍්‍රිත භූමි සහ ජල මාර්ග ආදී ලක්ෂණවලින් සමන්විත ය. එයට ‘නිරිත දිග’ සහ ‘ඊසාන දිග’ යන මෝසම් වකවානු දෙකෙහිදීම වැසි ලැබේ. මින් වැඩිම වර්ෂාවක් ලැබෙන්නේ මැයි, ජූනි සහ ජූලි යන මාසවල එන නිරිත දිග මෝසමෙනි. ඊට සාපේක්ෂව, ඊසාන දිග මෝසමෙන් (දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි) එන වර්ෂාව අඩු ය. කොයි හැටි වෙතත්, ශ‍්‍රීපාද අඩවිය යනු ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන සංවේදී පාරිසරික කලාපයකි. කළු ග`ග එයින් උපත ලැබීම ද අපූරු ය!

එපමණක් ද නොවේ. ‘ග`ග ගමන’ ද පුළුල් ය! ගංගාව කිලෝමීටර් 129ක් දුර ගෙවා ගෙන, කළුතර මෝයෙන් මුහුදට බසින්නේ, සිය පෝෂක ප‍්‍රදේශයෙන් ලැබෙන සෑම දිය බි`දුවක්ම උකහා ගනිමිනි. ගමනේ දී රත්නපුර සහ කළුතර යන දිස්ත‍්‍රික්ක දෙකටම මනා ජල පෝෂණයක් ද සැලසෙයි. ඒ අතරතුර ප‍්‍රධාන පෙළේ අතු ගංගා 12ක පෝෂණය ද එයට ලැබේ. කළු ග`ග, වාර්ෂිකව ඝන මීටර් මිලියන 8183ක පමණ ජලස්කන්ධයක් මුහුදට රැගෙන යයි. ඒ අතින් බැලූව හොත්, ‘කළු ග`ග’ ලංකාවේ දෙවැනි විශාලතම ගංගාවයි. (පළවැනි තැන ගන්නා මහවැලි ග` වාර්ෂිකව මුහුදට ගෙන යන ජලස්කන්ධය ඝන මීටර් මිලියන 11,016ක් පමණ වේ.) එහෙත් අනාදිමත් කාලයක් මුළුල්ලේ නිරන්තරවම කළු ග`ග උතුරා යයි. එයින් බිහිසුණු ගංවතුර ඇති වේ. මෑතක පටන් නායයාම් ද හට ගනී. එයට බලපාන හේතු ද කිහිපයකි.



සමනල ගිර අයත් වන අපේ මධ්‍යම ක`දුකරය, දිවයිනේ උස් ක`දු මුදුන් කිහිපයකටම හිමිකම් කියයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පිහිටි පිදුරුතලාගල (මුහුදු මට්ටමේ සිට මීටර්-2524), ලංකාවේ උසම ක`දු මුදුනයි. ඊළ`ගට, කිරිගල්පොත්ත (මීටර්-2395) ද, තුන්වෙනුව, තොටුපොල කන්ද (මීටර්-2357) ද, සිව්වෙනුව, කුඩගල කන්ද (මීටර්-2320) ද වේ. සමනල කන්ද හෙවත් සිරිපා ගිර, උස් ක`දු මුදුන් අතරින් පස් වැනි තැන හිමිකර ගනියි. එහි උස මීටර්-2243කි. ඒ අනුව බලන විට, කළු ග`ග ද මුහුදු මට්ටමේ සිට මීටර් 2243කට ආසන්න උසකින් ඇරඹෙන බව පිළිගත හැකි ය.

එතැන් සිට කළු ග`ග ගලා බසින්නේ දැඩි බෑවුමක ය. එය කිසියම් තැනිතලාවකට පිවිසෙන්නේ රත්නපුර නගරයෙනි. කළු ග`ග ඉහළ නිම්නයට අයත් රත්නපුර නගරය පිහිටා ඇත්තේ, මුහුදු මට්ටමේ සිට මීටර් 21ක් පමණ උසිනි. එහි තේරුම, කළු ග`ග සිය ‘ග`ග ගමන’ මුල් අදියරේදීම මුහුදු මට්ටමේ සිට මීටර් 2222ක පමණ ඉතා සීඝ‍්‍ර බැස්මකට හසුවන බවයි. මෙය හරියට  ‘ගසකින් බසින්නාක්’ බ`දු තත්ත්වයකි. එබැවින් ගංගාවේ මුල් කොටසේ ගමන දැඩි වේගවත් විලාශයක් ගනියි. වේගයෙන් පහළට ඇදුණු ජල ක`, එක්වරම පතිත වන්නේ ‘මල්වල’ නම් ප‍්‍රත්‍යන්ත නගරයෙන් පහළ රත්නපුර නිම්නයට ය!

රත්නපුර නිම්නයේ දී, එනම් මල්වලින් පහළ ප‍්‍රදේශයේ දී,  රත්ග`ග, බඹරබොටුව ග`ග, දෙනවක ග`ග, වේ ග`ග, හංගමු ග`ග, කුරු ග`ග සහ ගලතුරු ග`ග යන අතු ගංගා ද කළු ග`ගට එක් වේ. මින්  ‘වේ ග`ග’ සහ ‘හංගමු ග`ඟ’ කළු ග`ගට එක් වන්නේ රත්නපුර නගරය සමීපයේ දී ය. එබැවින් ගංගාව රත්නපුර නගරය සමීපයෙන් ගමන් කරන විට අති විශාල ජලස්කන්ධයක් හිමිකර ගනියි. නිරිත දිග මෝසම් වස්සානය ඇතුළු තද වැසි කාලයන්හි දී, එය නිරතුරුවම රත්නපුර නිම්නයේ පහත් බිම්වලට ‘ගංවතුර’ ඇති කරයි!

ගංවතුර උත්සන්න වීමට බලපාන තවත් ගැටලූවක් තිබේ. එය කළු ගෙ`ග් ‘උපන් ගෙයි’ ප‍්‍රශ්නයකි. සමනල කන්දෙන් එන ගංගාව, එහි ප‍්‍රථම තැනිතලාවට පතිත වන්නේ රත්නපුරයෙනි. රත්නපුරය, මුහුදු මට්ටමේ සිට මීටර් 21ක් පමණ උසින් පිහිටි නගරයකි. ගංගාව මුහුදට වැටෙන කළුතර නගරයේ උස, මුහුදු මට්ටමේ සිට මීටර් 5.79කි. ඒ අනුව බලන විට, කළු ගෙ`ග් රත්නපුරයත්, කළුතරත් අතර උස ප‍්‍රමාණයේ වෙනස මීටර් 15ක් පමණ වේ! මෙම උස ප‍්‍රමාණය,  කළු ග`ග තරම් සුවිසල් ජලස්කන්ධයක් වේගයෙන් මුහුදට ඇද ගෙන යාමට තරම් ‘බෑවුමක්’ නිර්මාණය කරන්නේ නැති තරම් ය! අනෙක රත්නපුරයෙන් පහළට ගංගාව ද`ගරාකාර ය. වංගු සහිත ය. ඉතින් කළු ග`ග, ඔතෑනි, කම්මැලි, ගමනින් යුතුව මුහුදට ගලා බසින්නේ, සමස්ත නිම්නයටම ගංවතුර බිය ඇති කරවමිනි!

කළු ග`ග නිම්නයේ ගංවතුර ඉතිහාසය ද බොහොම ප‍්‍රකට එකකි. වර්ෂ 1857, 1872, 1893 (ජූනි-08), 1913 (ඔක්තෝබර්-04), 1947, 1957, 1969, 1978, 1982, සහ 2003 (මැයි) යන වර්ෂවල ද කළු ග`ග නිම්නයට දරුණු ගංවතුර එළඹී තිබේ. මෙවර (2017) මැයි මාසයේ අග භාගයේ දී කඩා වැදුණේ 2003 වර්ෂයෙන් පසුව එළඹුණු විශාලතම ගංවතුර තත්ත්වයයි.

රත්නපුර නගරය ආශ‍්‍රිතව, කළු ග`ගට සමීපව, `ග දෙපස පිහිටි කුඩා ක`දු නාය ගොස්, හදිසියේ ග`ග අවහිර වීමේ අවදානමක් ද ඇතැයි අපි ඉකුත් සතියේ හෙළි කළෙමු. එබ`දු අවදානමක් පෙන්වන්නේ, රත්නපුර, පර්ගියුෂන් විද්‍යාලය පිහිටි කන්දේ ග`ග දක්වා බෑවුම් ප‍්‍රදේශය, රත්නපුර, මහ රෝහල් කන්දේ ග`ග දක්වා ‘ගල්කඩුව’ බෑවුම් ප‍්‍රදේශය, සමගිපුරය සහ මුවගංකන්ද යන ප‍්‍රදේශයන් ය.  මේවාට අමතරව, රත්නපුරයෙන් පහළ හොලීපිටිය සහ ඇල්ලගාව පාලම ආශ‍්‍රිතව ද අනතුරුදායක කුඩා ක`දු දැකිය හැකි ය.  යම් හෙයකින් ඒවා නාය ගිය හොත් කළු ග`ගට අති විශාල පස් සහ මඩ සම්භාරයක් ඇදී අවුත් ගංගාව අවහිර වනු නිසැක ය. එසේම, කිරිඇල්ලේ හාන්දුකන්ද, කොඩිතුවක්කන්ද සහ නරි කන්ද යන ප‍්‍රදේශ ද අනතුරුදායක බවට දැනටමත් ප‍්‍රකාශවී තිබේ. යම් හෙයකින් ඒවා ද නාය ගිය හොත්, අති විශාල පස් සහ මඩ සම්භාරයක් කළු ග`ගට සේදී එනු ඇත. එය ද ගංගාව අවහිර වන්නට හේතු වනු ඇත්තේ ය. එවැන්නක් සිදු වුව හොත් ඇති විය හැක්කේ බිහිසුණු තත්ත්වයකි. එයින් අති විශාල ජීවිත හානියක් සිදු වනු ඇත. කළු ග`ග ඉහළ නිම්නයේ එක්තරා ජන වහරකට අනුව, ගංගාව අවහිර වුව හොත්, ඉතිරී යන ජල ක`ද අවිස්සාවේල්ලෙන් සීතාවක ග`ගට එක්වී, කැලණි ග`ගට බසින තෙක් උතුරා හැලෙනු ඇත!

රටේ පාලකකාරකාදීන් හෝ රත්නපුර නිම්නයට අධිගෘහිත විවිධ පක්ෂවලට අයත් විවිධ තරාතිරමේ දේශපාලන ප‍්‍රජාව, එවන් අවදානමක් ගැන සබුද්ධික දැයි ලියුම්කරු දන්නේ නැත. ආපදාවේ දී ‘බත් පැකට්’, ‘වතුර බෝතල්’ හෝ ‘වියලි ආහාර පාර්සල්’ බෙදීමේ ‘මහාර්ඝ සත්කාරය’ හැර, ඔවුන් එවන් තිරසාර ක‍්‍රියාමාර්ගයකට පිවිස සිටින බවක් හෝ නො පෙනේ.  ‘බත් පැකට්’ ‘වතුර බෝතල්’ සහ ‘වන්දි මුදල්වලින්’ සැනහෙනවා හැර, තිරසාර විස`දුමක් ඉල්ලමින් මහජනතාව ද පාලකකාරකාදීන්ට බලපෑම් කරනු නො පෙනෙයි!

රත්නපුර නිම්නයේ දේශපාලනඥයන් වැඩි දෙනෙක්, එක්කෝ මැණික් පතල් කර්මාන්තයේ (මැණික් ගැරීමේ හෝ මැණික් වෙළෙ`දාමේ) යෙදී සිටින්නෝ ය. නැතිනම් යම් යම් හේතූන් මත මැණික් ව්‍යාපාරිකයන්ට අනුග‍්‍රහය දක්වන්නෝ ය. එහෙත් ආසියාවේ හො`දම ‘ජාත්‍යන්තර මැණික් වෙළෙ`දපොළ’, රත්නපුරයට ‘කඩා ගන්නට’ ඔවුන්ට නො හැකි විය. එබැවින් තායිලන්තය සිය  ‘බැංකොක්’ අගනුවරට එය කඩා ගත්හ! කොටින්ම, ‘රත්නපුරය’ වර්තමානයේ ලංකාවේ හො`දම මැණික් නගරය යයි කියැවෙන්නේ නිකම් පරණ පුරුද්දට ය. දැන් එහි වැඩිපුරම ඇත්තේ, රෙදි සාප්පු, සෙල්පෝන් කඩ, සහ සිල්ලර බඩු කඩ ය.
වර්තමාන රත්නපුරයේ ‘ජාත්‍යන්තර මැණික් වෙළෙ`ද සංකීර්ණයක්’ හෝ මැණික් කැපුම් හල්, ආභරණ නිපැයුම් හල්, මැණික් ප‍්‍රදර්ශනාගාර හෝ (පෞද්ගලික කෞතුකාගාර දෙක තුනක් හැරෙන්නට) ජාත්‍යන්තර මට්ටමේ මැණික් කෞතුකාගාර ද නැත. රත්නපුරයට එන විදෙස් සංචාරකයන්ට නරඹන්නට ද දෙයක් සකස්කර නැත. මහා පරිමාණ සංචාරක හෝටල් ද නැත. රත්නපුර නිම්නයේ දේශපාලනඥයන්ට, එය අඩුවක් බව වැටහෙන බවක්  පෙනෙන්නට ද නැත!

අඩු තරමින් ජාත්‍යන්තර මැණික් නගරයක් හෝ රත්නපුරයට බිහිකර ගන්නට අසමත්වූ රත්නපුර නිම්නයේ දේශපාලන ප‍්‍රජාව, ‘කළු ග`ග’ හික්මවීම ස`දහා සබුද්ධික වේ යයි සිතීම පවා උගහට ය! මහජනයාට ද ඒ ගැන වගේ වගක් නැත. ග`ග පහළ නිම්නයට අයත් කළුතර දිස්ත‍්‍රික්කයෙන් හෝ එවන් හ`ඩක් නැගෙන බවක් දැක ගන්නට නැත!

‘සමගි පෙරමුණු’ ආණ්ඩුවක් පැවති වර්ෂ 1970 දශකයේ දී කළු ග`ග හම්බන්තොටට හැරවීමේ ප‍්‍රයත්නයක් රත්නපුරයෙන් කරළියට නැගුණි. එයට මුල් වූයේ එවකට රත්නපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාව සිටි, නන්ද එල්ලාවල මහතා ය. එහෙත් වැඩ පිළිවෙල ඇණ හිටියේ ය. කළු ග`ග, හම්බන්තොටට හරවන්නට නම් අති විශාල වියදමක් දරන්නට සිදුවන බවත්, රටට විදේශ විනිමය ලැබෙන තේ වගා ඉඩම් ද ඇතුළුව, සංවර්ධිත ජනාවාස භූමි රාශියක් එයට කැප කරන්නට සිදුවන බවත්, පසුව ප‍්‍රකාශ කෙරිණි. ඒ අනුව, කළු ග`ග හම්බන්තොටට හැරවීම ‘පාඩු සහගත’ බව කියැවිණි. අවසන ‘කළු ග`ඟ සංවර්ධන ව්‍යාපාරය’ හමස් පෙට්ටියට ගියේ ය!

කළු ග`ග, රත්නපුරයට වඩා උසින් ඉහළ, ‘මල්වල’ ප‍්‍රදේශයේ තැනවෙන ජලාශයකට සිර කොට, එහි දියවර රුහුණට ගෙන යාමේ යෝජනාවක් ද පසු කාලයේ කතාබහට ලක් විය. චීනයේ ආධාර ඇතිව, ගංගාව මතුපිට ජල විදුලිබලාගාර ඉදි කිරීමේ යෝජනාවක් ද චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමයේ ඉදිරිපත්ව තිබිණි. ගංවතුර විපත ඉවසා සිටියා මිස එකක්වත් ක‍්‍රියාත්මක නුවූයේ ය.

ගෙවී යමින් තිබෙනුයේ ‘බත් පැකට්’, ‘වියලි ආහාර’ සහ ‘වන්දි ආධාර’ පිළිබ`ද ඝෝෂාවට හසුවුණු කාලයයි. ඒ නිසා දෝ, දැනුදු කළු ග`ග මෙල්ල කිරීමේ තිරසාර වැඩ පිළිවෙලක් ගැන කතාබහක් පවා ඇසෙන්නේ නැත!
(පින්තූර අන්තර්ජාලයෙනි.)
(මෙම ලිපිය 2017/06/11 දින ඉරිදා ලක්බිම පත‍්‍රයේ පළවිය.)
2017/06/11.



No comments:

Post a Comment