Total Pageviews

Saturday, March 25, 2017

අන්තර්ජාලයේ ‘මහා මැණික් වීදියට’ දුවන රත්නපුරේ අලූත් මැණික්කාරයෝ



දෙමුවාවත පාර ඔස්සේ

අන්තර්ජාලයේ මහා මැණික් වීදියටදුවන
රත්නපුරේ අලූත් මැණික්කාරයෝ

(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
එය හරිම අපූරු ආරංචියකි.

එයින් කියැවෙන හැටියට නම්, අපූරු තරුණ පිරිස සිටින්නේ දෙමුවාවත පාරනමැති, රත්නපුරයේ සුප‍්‍රකට මැණික් වෙළෙඳ වීදිය ආශ‍්‍රිතව ය.


ඔවුහු තමන් හමුවට ගෙන එන මැණික් ගල් ඉතා හොඳින් පරීක්ෂා කරති. ඉන් පසුව ඒවායෙහි ඡායාරූප ගනිති. ගලෙහි බර, වර්ණ සංකලනය (කලර් කෝඩ් එක), වර්තනය ආදී රත්න විද්‍යාත්මක විස්තරද සොයා බලති. මැණික් ගල ගැන අලංකාර වීඩියෝ ඩොකියුමන්ටි‍්‍රයක්ද සකසති. ඉක්බිති ඒ සියල්ල අන්තර්ජාලයට මුසු කරති. තමන් හමුවට ගෙන එන මැණික් ගල් සඳහා, අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගැනුම්කරුවෙකු සොයා ගන්නට උත්සාහ කිරීම, ඔවුන්ගේ පරමාර්ථයයි! හැබැයි මේ කටයුත්තට තවම එතරම් ප‍්‍රසිද්ධියක් නැත!


රත්නපුරයේ තරුණ මැණික්කාරයන් අතරින් යම් පිරිසක් දැන් අන්තර්ජාලය ඔස්සේ ද සිය වෙළෙඳාම් මෙහෙයවා ගන්නට පෙළඹී සිටින  බව ඉන් පෙනී යයි. කළු ගඟ ඉහළ නිම්නයේ මැණික් කර්මාන්ත හා වෙළෙඳ ලෝකයට, එය අලූත් ප‍්‍රවණතාවයකි. දෙවුවාවත පාරේ සිටින තරුණ මැණික්කාරයන් පිරිස, ‘අන්තර්ජාල මැණික් හුවමාරුකරුවන්යයි හඳුන්වා දෙන්නට ද පිළිවන!


දැන් ඉතින් ඉන්ටර්නෙට් එකයි, ඊමේල් ඇඩ‍්‍රස් එකයි නැතුවම බෑ’, නව පරම්පරාවට අයත් රත්නපුරයේ මැණික් වෙළෙන්දන් පවසන්නේ සිනාමුසුව ය.


මෙය අලූත් ප‍්‍රවණතාවයකි. එයින් පෙනී යන්නේ, මෙතෙක් රත්නපුරයේ පැවති සම්ප‍්‍රදායික මැණික් වෙළෙන්දාගේ භූමිකාවදැන් වෙනස් වෙමින් යන බව ය!


කළු ග ඉහළ නිම්නයේ පිහිටි රත්නපුරය’, අනාදිමත් කාලයක් මුළුල්ලේ ලොව පුරා ඉමහත් ප‍්‍රසිද්ධියට පත් නගරයකි. එය ප‍්‍රකට වූයේ රත්නපුරයේ මහ පොළොවෙන් නිල් කැට’, ‘රතු කැට’, ‘වෛරෝඩි’, ‘ආර්නූල්සහ පුෂ්පරාගආදී වටිනා මැණික් මතුවන නිසා ය. කළු ග ඉහළ නිම්නය කවදත් මැණික් සම්පත සම්බන්ධයෙන් බොහොම ප‍්‍රසිද්ධ ය. එය ලංකා භූමියේ යශෝ කීර්තිය සමග ද බැඳී පවතින්නකි.


රත්නපුරය, මහ පොළොව ඇතුළේ රිංගා මැණිික් ගල් සොයන පතල්කරුවන් මෙන්ම, මැණික් මිල දී ගන්නා නොයෙක් තරාතිරම්වල වෙළෙන්දන් බහුතරයක් සිටින, ප‍්‍රකටතම නගරයයි. මැණික් ජන වහරට අනුව, මැණික් සොයන්නන් පතල්කාරයන්. වෙළෙන්දන් මැණිික් මුදලාලිලාහෝ මැණික්කාරයන්. මැණික් ගල් කපා ඔප දමා, අලංකාරකර දෙන පිරිස් කැපුම්කාරයන්හෙවත් කටර්ස්ලා. මෙම තුන් පාර්ශවයෙන් සජ්ජිතව පණ ගැහෙන රත්නපුරය, මැණික් සම්පතෙහි අසිරිය ඇස්පනාපිටම දිස්වන පුරවරයකි.


කෙසේ වෙතත්, වර්තමාන රත්නපුරය උග‍්‍ර මැණික් හියකින් පෙළෙන නගරයකි. පතල් කැපීම සහා මැණික් ඉල්ලම් සහිත ඉඩම් සීමිත වීම, දරන්නට වන අධික වියදම සහ පතල් කැපීම සහා දැඩි නීති රීති පැනවී තිබීම ආදී කාරණා නිසා දැන් මැණික් ලැබෙන්නේ අඩුවෙනි. එබැවින් අද කළු ග ඉහළ නිම්නයේ වෙළෙපොළට එන මැණික් ගල් සංඛ්‍යාවපහත වැටි තිබේ. බිස්නස් අඩුයියන්න අද රත්නපුරයේ මැසිවිල්ලයි.


මැණික් ගල් හි තත්ත්වයක් පැවතිය ද, මැණික් වෙළෙ ක්ෂේත‍්‍රයට එන තරුණ පිරිස් අන්තර්ජාලයඔස්සේ වෙළෙඳාම් කරන්නට පෙළඹීම අපූර්ව කාරණයකි!


මැණික් මතුවන අඩවියේ ජන වහරට අනුව, මැණික් ගල් හඳුන්වන්නේ සන්නම් පොඞ්ඩ, ‘ගල’, ‘ගල් කෑල්ලහෝ ගල් ලොට් එකයනුවෙනි. මේ වචන පවා අද අන්තර්ජාලයසමග ගැලැප්පී ඇති අයුරු පෙනෙන්නේ ය.


සමහර විට මගේ ල තියෙන ගල් කෑල්ල ගන්න කැමති කෙනෙක් ලෝකෙ කොහේ හරි ඉන්න පුළුවන්!


රත්නපුර, දෙමුවාවත පාරේ අන්තර්ජාල මැණික් හුවමාරුකරුවන්මුණ ගැසීමට යන පතල්කරුවෙකු හෝ වීදි මැණික් වෙළෙන්දෙකු, මහත් බලාපොරොත්තු සහගතව එසේ කියන්නට ද ඉඩ තිබේ!


ලංකාවේ මැණික් ගල් මිල දී ගන්නට කැමති උදවිය ලොව කොතැනත් සිටින්නට පුළුවන. ඔවුන්ට හරියනගල් අපේ ළඟ තිබෙන්නට ද පුළුවන. එහෙත් ගැටලූව වන්නේ, ලොව කොතැනක හෝ සිටින ඒ ගැණුම්කරුවාසොයා ගැනීමයි. දැන් දෙමුවාවත පාරේ දී කෙරෙන්නේ ඔහු සොයා ගැනීමේ අන්තර්ජාල සම්බන්ධීකරණයයි.


රත්නපුරයේ දෙමුවාවත පාරයනු සීවලී ක‍්‍රීඩංගණයඅසලින්, කළු ගඟ පැත්තට දිවෙන කුඩා මාර්ගයකි. එහි කෙළවර ඇති කම්බි පාලමෙන්-ගෙඟන්  එගොඩ වූ විට මුද්දුවදෙසට යා හැකි ය. දශක කිහිපයකට ඉහත නම් දෙමුවාවත පාර අරක් ගෙන සිටියේ කටර්ස්ලාහෙවත් මැණික් සැට්ටර ශිිල්පීන්. අද මෙන් නවීන යන්ත‍්‍ර නො තිබුණු ඒ කාලයේ, ඔවුන් මැණික් කැපුවේ සම්ප‍්‍රදායික හණපෝරු පට්ටලයෙනි’. ඔවුන්ගේ වහරින් මැණික් කැපීම විස්තර කෙරුණේ, ‘ගල් වැඩ කරනවායනුවෙනි. පසුකාලීනව දෙමුවාවත පාර, ‘මැණික් වෙළෙඳ වීදියක්බවට රූපාන්තරණය විය.


දෙමුවාවත පාර’, කළු ගඟ ඉහළ නිම්නයට අයත් මැණික් වෙළෙඳ ලෝකයේ බොහොම ප‍්‍රසිද්ධ ය. රත්නපුර විවෘත මැණික් වීදියේ දී හොඳ මිලක්නො වැටුණු ගලක් ගැන අසන ඇතැම් මැණික්කාරයෙකු, ‘ඇයි දෙමුවාවත පාරට දැම්මේ නැද්ද?’ කියා විමසන්නේ පුරුද්දට මෙනි.


ඒ විමසීමෙන්ම එහි වර්තමාන මැණික්කාරකමමෙන්ම, ‘ඉහළ මිලක් සඳහාවන යශෝකීර්තිය ද පිළිබිඹු වේ! දැන් එහි මැණික් කඩ  ඕනෑ තරම්ය. ඒ මදිවාට, ‘අන්තර්ජාලයේ මහා මැණිික් වෙළෙඳ වීදියටතරුණ ඇක්සස් එකකුත්’ (ප‍්‍රවේශ මාර්ගයක්) දෙමුවාවත පාර ඔස්සේ වැටී තිබෙන්නේ ය!


එක් අතකින් බලන විට, දෙමුවාවත පාර ඔස්සේ අන්තර්ජාලයේ මහා මැණික් වෙළෙඳ වීදියට ඇක්සස් එකක්විවෘත වීම අමුත්තක් ද නොවේ. රත්නපුරය ශත වර්ෂ ගණනක් මුළුල්ලේම ජාත්‍යන්තර මැණික් වෙළෙ ලෝකයසමග ගනුදෙණු පවත්වා තිබීම ඊට හේතුවයි. රත්නද්වීපයන නාමය මෙන්ම රත්නපුරයයන නාමය ද බිහිවූයේ එයිනි.


ඉතිහාස තොරතුරුවල කියැවෙන හැටියට, ක‍්‍රිස්තු පූර්ව 04 වැනි සියවසේ පටන්, එනම් අදින් වසර 2400කට ඉහත පවා, ‘රෝමසහ ග‍්‍රීකවෙළෙන්දන් ලංකාවෙන් මුතු-මැණික් මිලට ගෙන තිබේ. මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීරයන් පවසා ඇති අන්දමට, එකල ලංකාවේ මැණික් ලෝකයට අලෙවි කෙරී ඇත්තේ, ඉන්දියානු වෙළෙන්දන් මගිනි. පසුකාලීනව එම කටයුත්ත අරාබියානු වෙළෙන්දන් අතට පත්වූ බව ප‍්‍රකට ය.


එකල ද ලංකාවේ නිල් මැණික්ලොව පුරා ප‍්‍රසිද්ධ ය. පැරණිි ග‍්‍රීක බසින් සැෆිරෝස්යනු නිල් මැණික් ය. ඔවුන්ට අනුව ලංකාවයනු තමන්ට සැෆිරෝස්ලැබෙන රටයි. නිල් මැණික්’ (බ්ලූ සැෆයාර්) හඳුන්වන සැෆයාර්යන වචනය නිර්මාණයවී ඇතැයි කියන්නේ, ග‍්‍රීක සැෆිරෝස්යන්න බිඳීමෙනි. රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන් සිය ග‍්‍රන්ථවල පෙන්වා දෙන ආකාරයට, ‘සපරගමුවයන වචනය ද ග‍්‍රීක සැෆිරෝස්යන්නෙන් බිඳී ආවකි!


වර්තමානයේ රත්නපුර නගරයපිහිටියේ කළු ගඟ අසබඩ ඇති කුඩා කඳු ගැටයක් ආශ‍්‍රිතව ය. එහි ඇරඹුම, මෑත ලංකාවට විදේශීය ආක‍්‍රමණ එල්ලවූ 15 වැනි ශත වර්ෂය තෙක් දිවෙයි. එකල රත්නපුරයට පැමිණි පෘතුගීසීහු මුලින්ම සමන් වෙහෙර සහ මහ සමන් දේවාලයවනසා යුද කවුරක් ඉදි කළහ. ඉන් පසුව ලන්දේසි පාලන සමයේ දී රත්නපුර බලකොටුවහෙවත් වර්තමාන නගරයබිහි කෙරිණි. වැඩි ප‍්‍රසිද්ධියක් නැතත්, පැරණි රත්නපුර කොටුවනගර මධ්‍යයෙහි කුඩා කඳු ගැටය ආශ‍්‍රිතව අදත් දකින්නට ලැබේ.


ඊට පෙර රත්නපුර නගරයකොතැනක පිහිටියේ ද? යන්න මහත් කුතුහලය දනවන කාරණයකි. හිටපු පුරාවිද්‍යා නිලධාරිවරයෙකු සහ ප‍්‍රවීණ ලේඛකයෙකු වන ජයන්ත විජේරත්න හේරත් මහතා පවසන අන්දමට, ‘පැරණි රත්නපුරය’, එනම් සිංහල රජ සමයේ රත්නපුරයපිහිටා තිබී ඇත්තේ, වර්තමාන බටුගෙදරයි. එකල එහි තානායමක්, ‘වලව්කීපයක් ද පැවතිණි.  

වර්තමාන රත්නපුර නගරයට හූවක දුරින් පිහිටි බටුගෙදර ද කළු ගඟ අසබඩ භූමියකිි. ඉන්දියානු වෙළෙන්දන් අතින් ඉපැරණි ග‍්‍රීසියට සහ රෝමයට නිල් මැණිික් යැවෙන්නට ඇත්තේ බටුගෙදරඔස්සේ විය හැකි ය! නගරයවර්තමාන භූමි භාගයට සංක‍්‍රමණය වූයේ විදේශ ආක‍්‍රමණ ද සමගිනි.



අන්තර්ජාලයේ මහා මැණික් වෙළෙඳ වීදියට වැටුණු තරුණ ඇක්සස් එකදෙමුවාවාත පාර ඔස්සේ විවෘතව ඇති බව කලින් සඳහන් කළෙමු. එසේ වුව ද, පෘතුගීසි, ලන්දේසි සහ බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී රත්නපුරයලෝකයට ගැට ගැසූ ඇක්සස් එකවැටී තිබුණේ් කළු ගඟ ඔස්සේ ය. එකල කළුතර, කොළඹ හෝ සමීප මුහුදුබඩ නගර දක්වා ප‍්‍රවාහන කටයුතු සිදු වූයේ පාරු’, ‘හම්බන්සහ ඔරු අඟුල්ආදී ජල යාත‍්‍රාවලිනි.


රත්නපුරයේ පැරණි පාරු තොටුපොළතිබී ඇත්තේ, වර්තමාන ජෝති සිනමාහලආශ‍්‍රිතව කළු ගඟ ඉවුරේ ය. එකල රත්නපුරය ඔස්සේ පිටතට ගමන් කළ උදවිය එයින් නැගී ගියහ. එකල එය නිසැකවම මැණික් තොටුපොළක්වන්නට ඇත! දැන් නම් එතැන පැරණි පාරු තොටුපොළකසලකුණක් හෝ දැක ගන්නට නැත්තේ ය.


යටත් විජිත පාලන සමයේ ලෝක මට්ටමේ මහාර්ඝ මැණික් ගනුදෙණු ද, රාජකීයයන්, ප‍්‍රභූවරුන්, සිටුවරුන් සහ මහේශාක්‍ය විදේශිකයන්ගේ ගමන් බිමන් ද සම්බන්ධීකරණය වන්නට ඇත්තේ රත්නපුර පාරු තොටුපොළෙනි’. වර්තමානයේ රත්නපුරයට අධිගෘහිත පාලකකාරකාදීන් එබඳු තොටුපොළක් ගැන දන්නා බවක්  පෙනෙන්නට ද නැත. එතැන කදිම සංචාරක තිප්පොලක්බවට පත් කළ හැකි බවක් ඔවුන් කවදා වටහා ගනු ඇතැයි ද සිතන්නටවත් නුපුළුවන!.



කොයිහැටි වෙතත්, පැරණි පාරු තොටුපොළෙන් නික්මුණු තරුණ (පොෂ්) පහේ කොල්ලෙක්, අතීත සියවස් කිහිපයක් අතරින් හුදෙකලාව ඇවිද, බණ්ඩාරනායක මාවත ඔස්සේ දුවමින්, සීවලී පිට්ටනිය තරණයකර, දෙමුවාවත පාර ඔස්සේ අන්තර්ජාල මැණික් වීිදියට ගොඩ වන වර්තමාන දර්ශනය නම් බෙහෙවින් ආශ්වාදජනක ය!

(රත්නපුරයේ මුෂාන් හාරීම් මහතාට ස්තුතියි.)



2017/03/21.


No comments:

Post a Comment