Total Pageviews

Wednesday, December 4, 2013

කෑගල්ල විවාහයට
ජනප‍්‍රියම දිස්ත‍්‍රික්කයයි
`



ශ‍්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයන්, සීග‍්‍රයෙන් තම උපන් ගම් බිම් අත්හැර යමින් සිටින නිසා, රටේ මුළු ජනගහණයෙන් 5/1 ක පමණ පිරිසක් රට ඇතුළේම ‘සංක‍්‍රමණිකයන්’ බවට පත්ව සිටිතියි, ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ලංකාවේ ජනගහණයෙන් සියයට 18.1 ක පිරිසක් හෙවත් පුද්ගලයන් 36,61,419 ක් සංක‍්‍රමණිකයන් වී ඇතැයි සොයා ගෙන තිබේ. සංක‍්‍රමණික තත්ත්වයට බලපා ඇති ලොකුම හේතුව, වන්නේ උපන් බිමෙන් පිටතට කෙරෙන විවාහයයි. ඊට අමතරව, රැුකියාව, යුද්ධය නිසා අවතැන් වීම, විදේශගත වීම  සහ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පදිංචිය මාරුවීම ඇතුළු කාරණා ගණනාවක් ද ඊට බලපා ඇත.

රට වැසියන්, රට ඇතුළේම සංක‍්‍රමණිකයන් වීම අරභයා තොරතුරු හෙළි වී ඇත්තේ, 2011 වසරේ පැවති ජන සංගණනයේ තොරතුරු අළලා 2012 ඔක්තෝබර් මාසයේ ඔවුන් නිකුත් කළ වාර්තාවක ය. එහි සහන් වන අන්දමට, යම් පුද්ගලයෙකු කවදා හෝ තමන් උපන් දිස්ත‍්‍රික්කයෙන් පිටත, වෙනත් දිස්ත‍්‍රික්කයක හෝ වෙනත් රටක, නො කඩවා මාස 06 කට වැඩි කාලයක් පදිංචිව සිට ඇත්නම්, ඔහු සංක‍්‍රමණික පුද්ගලයෙකි. සංගණන අවස්ථාවේ දී එබඳු පුද්ගලයන් සංඛ්‍යාව රටේ සමස්ත ජනගහණයෙන් සියයට 18.1 ක් විය.

සංක‍්‍රමණය වූ සමස්ත ජන සංඛ්‍යාවෙන් බහුතරයක් තම උපන් ගම්බිම් අත්හැර දමා ඇත්තේ, විවාහය, රැකියාව සහ පවුලේ සාමාජිකයෙකුගේ අවශ්‍යතාවයක් හේතුවෙනි. මින්, විවාහය නිසා සංක‍්‍රමණය වූ පිරිස සියයට 29.2 කි. රැකියාව නිසා සංක‍්‍රමණය වූ පිරිස සියයට 19.4 කි. පවුලේ සාමාජිකයෙකුගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් සංක‍්‍රමණය වූ පිරිස සියයට 18.0 කි. යුද්ධයෙන් අවතැන්ව සිට නැවත පදිංචි වීම නිසා සියයට 10.1 ක් ද, අධ්‍යාපන කටයුතු නිසා සියයට 5.1 ක් ද, යුද්ධයෙන් අවතැන් වීම නිසා සියයට 3.3 ක් ද, සංවර්ධන ව්‍යාපෘති නිසා සියයට 2.5 ක් ද සංක‍්‍රමණයට හසුව සිටියහ.

සංඛ්‍යා ලේඛණ ඔස්සේ පැවසෙන්නේ, සංක‍්‍රමණය වීම්වලින් බහුතරයකට හේතුව විවාහය බවයි. එය සියයට 29.2 කි. ඉන් පෙනී යන්නේ, උපන් ගමින් පිටතට කෙරෙන විවාහ අධික වී ඇති බවයි. උපන් ගමේ කොල්ලන් හෝ කෙල්ලන්ට වඩා, පිටස්තර ප‍්‍රදේශවල කොලූ-කෙල්ලන්  විවාහය ස`දහා වඩාත් ආකර්ෂණීය වී ඇති බව, ඉන් ගම්‍ය වේ!

විවාහය නිසා සංක‍්‍රමණය වූවන් ගෙන් වැඩිම පිරිසක් වෙසෙනුයේ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ය. එය සියයට 50.4 කි. ඊළඟට පිළිවෙළින්, මාතර (සියයට 48.2), හම්බන්තොට (සියයට 46.6), මාතලේ (සියයට 44.1) යන දිස්ත‍්‍රික්කවල ද විවාහය නිසා සංක‍්‍රමණය වූ වැඩිම පිරිසක් වෙසෙති. මෙයින් පෙනෙන්නේ, උපන් බිමෙන් පිටත විවාහය පිළිබඳ කාරණයේ දී කෑගල්ල, මාතර, හම්බන්තොට, මාතලේ, ගාල්ල යන දිස්ත‍්‍රික්ක, රට වැසියන්ට වැඩි ආකර්ෂණයක් දී ඇති බවයි. ඒ අතින් බලන කල, කොළඹ හෝ ගම්පහ යන බස්නාහිර පළාතේ පිහිටි ආර්ථික මර්මස්ථාන දිස්ත‍්‍රික්ක, විවාහය සම්බන්ධයෙන් එතරම් ආකර්ෂණීය නැත්තේ ය! මෙහි දී ‘කේතලෙන් මල්ලක්’ යන කාරණයට ද හිමිව ඇත්තේ සිවු වැනි තැන යි. විවාහය සම්බන්ධයෙන් දකුණු පළාතට ද ලොකු ඉල්ලූමක් තිබෙන බව පෙනේ.

විවාහය හැරෙන විට, සංක‍්‍රමණය සඳහා බලපෑ අනෙක් ප‍්‍රබලම කාරණය වන්නේ, රැකියාව පිණිස උපන් බිමෙන් පිටතට යන්නට සිදු වීමයි. ඒ අනුව, රැකියාව නිසා සංක‍්‍රමණය වූ වැඩිම පිරිසක් පදිංචිව සිටින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ය. එය සියයට 40.5 කි. ඊළඟට වැඩිම ගම්පහ දිස්ත‍්‍රික්කයේ ය. එය සියයට 29.3 කි. ඉන් පසුව වැඩි මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ය. එය සියයට 22.1 කි.

රැකියාව නිසා මිනිසුන් කොළඹට සහ ගම්පහට සංක‍්‍රමණය වීමෙන් පෙනෙන යථාර්ථය අතිශයින්ම කටුක ය. එහි තේරුම, මුළු රටේම රැකියා අවස්ථා සහ රැකියා ජනනය වීම්, කොළඹ සහ ගම්පහ යන සුපිරි දිස්ත‍්‍රික්කවලට පමණක් කේන්ද්‍රගත වී ඇති බව නො වේ ද? අනෙක, මුළු රටේම ශ‍්‍රම බලකායෙන් අඩක් පමණ කොළඹට-ගම්පහට පැමිණ වැඩ කරන බව ද ඉන් පෙනී යයි.

විවාහය සහ රැුකියාව නිසා උපන් ගම හැර යන්නට සිදු වීම, එක් අතකට සමාජ ඛේදාන්තයකි. ඉන් පාරම්පරික ගම, සිය මහළු මව්-පියවරුන් ද, හුදෙකලා මහ ගෙවල් ද සමග පාළුවට යයි. ඒ සමගම ගමෙන් උපන් සංස්කෘතික රටාවන් ද වියෝවී යයි. වඩාත් බරපතලම කාරණය එය නො වේ. විවාහය සහ රැකියාව පිණිස මහජනයාට රට ඇතුළේම, සීමිත ප‍්‍රදේශ කිහිපයකට සංක‍්‍රමණය වන්නට සිදු වීමෙන්, මුළු ලංකාවම සංවර්ධන ආරවුලකින් පෙළෙන බව පිළිබිඹු වීමයි. සංවර්ධනයේ ප‍්‍රතිලාභ රට පුරා සමබරව බෙදී ගොස් නැති බවයි!

දිස්ත‍්‍රික්ක කිහිපයක
විවාහය නිසා සංක‍්‍රමණය වූ ජන ප‍්‍රතිශතය



කෑගල්ල  -  50.4
මාතර    48.2
හම්බන්තොට    46.6
මාතලේ     44.1
ගාල්ල    43.6
රත්නපුර    43.1
කුරුණෑගල    42.0
බදුල්ල    41.7
මහනුවර    38.3
කළුතර    37.1
ගම්පහ    26.3
කොළඹ    22.4
යාපනය    2.8
මුලතිව්    0.9
කිළිනොච්චි    0.3
   

2013/11/03.

No comments:

Post a Comment