ලංකාව ගැන වෙනස් කතා ටිකක්-01
(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)
ලොව පැරණිම කෙසෙල් ගොවියෝ
ප‍්‍රණීත පලතුරක් සහ ආහාරයක් ද වන කෙසෙල්, අතීතයේ පටන්ම මනුෂ්‍යයන් අතර ජනප‍්‍රියව තිබුණේ ය. එය තෙත් කලාපීය දේශගුණයක් ඇති රටවල වැවෙන ශාකයකි. ලංකාවේ වැසියෝ ඒවා ‘රඹකැන්’ යනුවෙන් ද හැඳින් වූහ. බුලත්සිංහල, ‘පාහියන් ලෙනෙහි’ 2012 වසරේ කෙරුණු ප‍්‍රාග් ඓතිහාසික මානව විද්‍යා පර්යේෂණ ඔස්සේ, කෙසෙල් පිළිබඳ නව ජාත්‍යන්තර වාර්තාවකට හිමිකම් කියන්නට ශ‍්‍රී ලංකාවට ඉඩ ලැබිණි. පැරණිකම අතින් ලොව දෙවැනි කෙසෙල් ගොවියන් ලංකාවෙන් හමුවීම, නව ජාත්‍යන්තර වාර්තාවයි.
පාහියන්ගල |
‘වගා කරන ලද’ හෙවත් ‘ගෘහස්ථීකරණයවූ’ කෙසෙල් පිළිබඳ ලොව පැරණිම වාර්තාවට හිමිකම් කියන්නේ, පැපුවා නිව්ගිනියාවයි. එ රට විසූ මනුෂ්‍යයන් අදින් වසර 6490-7000කට ඉහත (ක‍්‍රි. පූ. 4490-5000) කෙසෙල් වගාකර ඇති බව, 2003 වසරේ හෙළිදරව් විය.
පැරණිකම අතින් ලොව දෙවැනි කෙසෙල් ගොවියන් පිළිබඳ අභිමානවත් ලංකා වාර්තාව මුණ ගැසෙන්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ, මහාචාර්ය රත්නසිරි පේ‍්‍රමතිලක මහතාට ය. පාහියන් ලෙනෙහි පස් සාම්පලවල ඇති කෙසෙල් පරාග හඳුනා ගන්නා ඔහු, අදින් වසර 6044-6245කට පමණ ඉහත දී (ක‍්‍රි. පූ. 4044-4245) එහි වැසියන් කෙසෙල් වගාකර ඇති බව සොයා ගන්නේ ය.
වසර දහස් ගණනක් මුළුල්ලේ ක‍්‍රමිකව ගොඩ නැගෙන, අපේ ගොවිකමේ අභිමානවත් යටගියාව කොතරම් අසිරිමත් ද?
වසර දහස් ගණනක් මුළුල්ලේ ක‍්‍රමිකව ගොඩ නැගෙන, අපේ ගොවිකමේ අභිමානවත් යටගියාව කොතරම් අසිරිමත් ද?
බන්දුල පෙතියාට පණ පිඹීම
ඇල, දොළ, දිය කඳුරු සහ ගංගා ආදියෙහි හමුවන මිරිදිය මස්සු, සොබාදහම ඔපවත් කරන හැඩකාරයෝ ය. සාමාන්‍යයෙන් ගත් කල, ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 74ක් පමණ සිටිති. උන් ගෙන් විශේෂ 33ක් පමණ අපට ආවේණික මසුන් ය. වර්ණවත් ආඩම්බරකාරයන් වන උන්ට, විදෙස් ජෛව සම්පත් හොරුන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලූමකි.
‘බන්දුල පෙතියා’ (Puntius bandula) නමින් ප‍්‍රකට අපේ මිරිදිය මස්සා ද, එවන් වර්ණවත් ආඩම්බරකාරයෙකි. ඌ මුලින්ම සොයා ගන්නේ 1990 දී ය. ඒ, මත්ස්‍ය විශේෂඥයෙකු වන රංජිත් බන්දුල මහතා විසිනි. එවකට මුළු ලංකාවෙන්ම සහ මුළු ලෝකයෙන්ම, උන්ගේ එකම වාසස්ථානය වාර්තා වූයේ, කෑගල්ලේ, ගුරුගොඩ ඔය ඉහත්තාවේ හපුගොඩ ආශ‍්‍රිතව පිහිටි, එක්තරා ඇල මාර්ගයකින් පමණි. බන්දුල පෙතියා මුළු ලොවින්ම වඳවී යන බව දත් රංජිත් බන්දුල මහතා, 2003 වසරේ දී උන් අභිජනනය කිරීමට ප‍්‍රයත්න දැරී ය. එයට ශ‍්‍රී ලංකා රේගුවේ, ජෛවවිවිධත්ව ඒකකයේ සහාය ලැබිණි. පසු කාලීනව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරසිංහ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක් විය.
ඇල, දොළ, දිය කඳුරු සහ ගංගා ආදියෙහි හමුවන මිරිදිය මස්සු, සොබාදහම ඔපවත් කරන හැඩකාරයෝ ය. සාමාන්‍යයෙන් ගත් කල, ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ 74ක් පමණ සිටිති. උන් ගෙන් විශේෂ 33ක් පමණ අපට ආවේණික මසුන් ය. වර්ණවත් ආඩම්බරකාරයන් වන උන්ට, විදෙස් ජෛව සම්පත් හොරුන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලූමකි.
‘බන්දුල පෙතියා’ (Puntius bandula) නමින් ප‍්‍රකට අපේ මිරිදිය මස්සා ද, එවන් වර්ණවත් ආඩම්බරකාරයෙකි. ඌ මුලින්ම සොයා ගන්නේ 1990 දී ය. ඒ, මත්ස්‍ය විශේෂඥයෙකු වන රංජිත් බන්දුල මහතා විසිනි. එවකට මුළු ලංකාවෙන්ම සහ මුළු ලෝකයෙන්ම, උන්ගේ එකම වාසස්ථානය වාර්තා වූයේ, කෑගල්ලේ, ගුරුගොඩ ඔය ඉහත්තාවේ හපුගොඩ ආශ‍්‍රිතව පිහිටි, එක්තරා ඇල මාර්ගයකින් පමණි. බන්දුල පෙතියා මුළු ලොවින්ම වඳවී යන බව දත් රංජිත් බන්දුල මහතා, 2003 වසරේ දී උන් අභිජනනය කිරීමට ප‍්‍රයත්න දැරී ය. එයට ශ‍්‍රී ලංකා රේගුවේ, ජෛවවිවිධත්ව ඒකකයේ සහාය ලැබිණි. පසු කාලීනව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දේවක වීරසිංහ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක් විය.
බන්දුල පෙතියා සුරකින වෑයම පටන් ගනිද්දී, හපුගොඩ ඇලෙන් වාර්තා වූයේ මසුන් 150ක් තරම් සුළු සංඛ්‍යාවකි. සුරකින්නන්ගේ උත්සාහයට පින් සිදු වන්නට, අද එය මසුන් 1500ක් දක්වා ඉහළ නැග තිබේ. 2014 වසරේ බන්දුල පෙතියා පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක් ද හපුගොඩ දී විවෘත කෙරිණි.
ලාංකේය ජෛවවිවිධත්වය සරසමින් සිට, වඳවී යන්නට ගිය හැඩකාර මස්සෙක්, රැක ගන්නට සොබාදහම සමග ගත් වර්ණවත් වෑයම ප‍්‍රශංසනීය නො වේ ද?
ගොඩවායේ උරුමය හම්බන්තොටින් මතු වීම
හම්බන්තොට, ‘මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය’ වූ කලී, ඉපැරණි ‘ගොඩවාය’ වරායේ වර්තමානික සම්ප‍්‍රාප්තිය යයි තහවුරු කෙරෙන කරුණු දැන් දැන් ඉස්මතු වෙමින් තිබේ.
හම්බන්තොට, ‘මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය’ වූ කලී, ඉපැරණි ‘ගොඩවාය’ වරායේ වර්තමානික සම්ප‍්‍රාප්තිය යයි තහවුරු කෙරෙන කරුණු දැන් දැන් ඉස්මතු වෙමින් තිබේ.
2014 සැප්තැම්බර් 30වැනි දා, ගොඩවායට නුදුරු බඳගිරියෙන් ඉපැරණි රෝම හෝ වෙනත් විදෙස් කාසි තොගයක් මතු වීම, ඉන් එක් සිද්ධියකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ ගවේෂණයේ දි හමුවූ සමස්ත කාසි තොගය 2000කි. ජූලි මාසයේ, කිරින්ද සිතුල්පව්වෙන් ද විදෙස් කාසි හමු විය.
පැරණි ගොඩවාය වරාය පිහිටි ස්ථානය |
වංශකතා අනුව ද, පුරාවිද්‍යාත්මක සාධක අනුව ද, විදෙස් සබ`දතා අතින් ‘රුහුණට’ හෙවත්, ‘මාගම රාජධානියට’ හිමි වන්නේ අද්වීතිය තැනකි. එය ගොඩ නැගෙන්නේ ‘ගොඩවාය’ සහ පැරණි ‘කිරින්ද’ මුල්කර ගත් ජාත්‍යන්තර වෙළෙ`ද වරාය ක‍්‍රියාවලියෙනි. ඉතිහාස කතා පුවත් අනුව නම්, මාගම රාජධානිය බිහි වන්නේ අදින් වසර 2300කට ඉහත (ක‍්‍රි. පූ. 307* දී ය. ඒ, අනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජුගේ බාල සොහොයුරු වූ ‘මහානාඟ කුමාරයා’ හදිසියේම රුහුණට පලා ඒමේ සිදධියෙනි. ඔහු පලා එන්නේ, අග බිසවගේ කුමන්ත‍්‍රණයකින් ඇතිවිය හැකි ජිවිත අනතුරක් හෙළි වීම නිසා ය. රුහුණට පැමිණි කුමරා, ‘මහාගාමය’ හෙවත් ‘මාගම රාජධානිය’ පිහිටුවා ගන්නේ ය. කුමරුගේ මහාගාමය, වත්මන් ‘තිස්සමහාරාමය’ බව, හෙන්රි පාකර්ගේ පටන් මෑතක් දක්වා කෙරුණු පුරාවිද්‍යා පර්යේෂණ මගින් තහවුරු විය. ‘තිස්සමහාරාමය’ යනු එක් පැත්තකින්, කිරිඳි ඔය මෝයෙන් ද, අනෙක් පැත්තෙන්, වලවේ ගඟේ මෝයෙන් ද, අතරමැදිවූ භූමියකි. එකල කිරි`දි ඔය මෝයෙහි ද (කිරින්ද), වලවේ ගඟ මෝයෙහි (ගොඩවාය) ද, වරායන් තිබිණි. ඒවා ඔස්සේ විදෙස් වෙළෙඳ සබඳතා පැවතියේ ය. ‘කාවා ව්‍යාපෘතිය’ මගින්, අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිස්සමහාරාමයේ කළ කැණීම්වල දී හමුවූ විදෙස් පුරාවස්තු සමූහය, කාරණය සනාථ කරන්නේ ය.
පැරණි ගොඩවාය වරාය පිහිටියේ, වර්තමාන හම්බන්තොට ජාත්‍යන්තර වරායට කිලෝමීටර් 06ක් පමණ දුරින්, අම්බලන්තොට දෙසට වන්නට ය. එනම්, සුප‍්‍රකට ගෝඨපබ්බතාරාම බෞද්ධ විහාරස්ථානය අසල, වලවේ ගඟ පැරණි මෝය ආශි‍්‍රත මුහුදේ ය. එනම්, ලොව නැගෙනහිර-බටහිර නෞකා මාර්ගයට සමීපයෙනි. අතීත රජවරු වරායේ අදායම් පන්සලට පිදූ බවට සෙල් ලිපි පවා, ගෝඨපබ්බතාරාම විහාරස්ථානයෙහි තිබේ. පුරාවිද්‍යා සොයා ගැනීම් අනුව, වරායට අයත් වෙළෙඳ මධ්‍යස්ථානය තිබී ඇත්තේ, වලවේ ගඟේ රට ඇතුළට වන්නට පිහිටි ‘රිදියගම’ ය. ගොඩවාය අවට පෙදෙස්වලින් විදේශීය කාසි හා භාණ්ඩ රාශියක් ද සොයා ගෙන තිබේ.
තිස්සමහාරාම කැණීම් |
ඒවාට අමතරව, 2003 සහ 2008 යන වර්ෂවල පටන් මෑතක් දක්වා, ගොඩවාය මුහුදේ කෙරුණු පර්යේෂණ මගින් තවත් වැදගත් පුරාවස්තුවක් ගැන හෙළිදරව් විය. පර්යේෂණ මෙහෙයවනු ලැබුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත්, ගාල්ලේ පිහිටි ‘සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය’ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. එය ගොඩවායට කිලෝමීටර් 3.5ක් දුරින් මුහුදේ ගිලී ඇති, ඉපැරණි ‘දැවමය නැවක’ නටබුන් සමූහයකි. පර්යේෂණයේ දී සොයා ගැනුණේ, විදෙස් කාසි, මැටි බඳුන් කොටස් සහ ශෛලමය මෙවලම් ආදී පුරාවස්තු රාශියක්ම එහි ඇති බවයි. ඒවා තිබෙනුයේ අඩි 110ක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ ය. දැවමය නෞකාව අදින් වසර 2200ක් පමණ පැරණි බව, කාලනිර්ණ පර්යේෂණවලින් අනාවරණය විය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසා ඇති අන්දමට, එය මෙතෙක් ඉන්දියන් සාගරයෙන් හමුවූ පැරණිම නෞකාවයි! ඒ ගැන පර්යේෂණ තවමත් කෙරී ගෙන යයි.
හෙළිදරව් වන්නේ කිමෙක් ද? ඉපැරණි ගොඩවාය වරාය ඔස්සේ ගොඩ නැගුණු විදෙස් වෙළෙඳාමෙහි අසිරිය නො වේ ද?
අලූතින් හැදූ, හම්බන්තොට, ‘මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය’ ඒ අසිරිය නිර්ලෝභීව භුක්ති විඳින බව, 2014 වසර තුළ නෞකා 474ක් එහි පැමිණීමෙන්ම පෙනී යන්නේ ය.
පරුමක නවික කොළඹ ඩොක්යාඩ් සමාගම
අතීත ලාංකිකයෝ, ‘නාවික ශිල්පය’ අතින් ද ලබා සිටියේ ඉහළම දියුණුවකි. එය, ඔවුන් ප‍්‍රගුණ කළ වාරි කර්මාන්ත, ඉදි කිරීම් සහ මූර්ති කලාව යන ක්ෂේත‍්‍රවල ශිල්ප දැනුම තරම්ම ඉහළ දියුණුවක් විය. මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සූරීහු, සිය ‘රජරට ශිෂ්ඨාචාරය සහ නිරිතදිග රාජධානි’ නම් මාහැඟි කෘතියේ ද මේ කාරණය හුවා දක්වා තිබේ.
ඉතිහාසයෙහි කියැවෙන අන්දමට, ලංකිකයන්ගේ නැව් තැනීම් පිළිබඳ මුල්ම කතා පුවත් අසන්නට ලැබෙන්නේ, වට්ටගාමිණී රජු දවස හටගත් (ක‍්‍රි.ව. 100) බැමිණිටියා සාය අවස්ථාවේ ය. දිවි ගලවා ගැනීම පිණිස ඉන්දියාවට පලා යන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ පහසුව පිණිස, එකල දඹකොළ පටුන (කන්කසන්තුරේ අසල-සම්බිලිතුරේ) වරායෙහි නැව් තැනූ බව කියැවේ. ඒවා තට්ටු තුනකින් යුක්ත නෞකා ය. ලාංකේය ජන සමාජය නෞකා ශිල්පය අරභයා දැනීම් ඇතිකර ගෙන තිබුණේ ක‍්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම ය. පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ, ‘දූවේගල’ ශිලා ලිපියෙහි කොටා ඇති රුවල් නැවක රූපය ද, පුත්තලම දිස්ත‍්‍රික්කයේ ‘පරමාකන්ද’ සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මාලිගාතැන්න යන බ‍්‍රාහ්මී ශිලා ලිපිවල එන ‘පරුමක නවික’ පදය ද, එයට නිදසුන් සපයයි. පසුකාලීනව, එනම් ක‍්‍රි. ව. 11වැනි සියවසේ දී, මැද පෙරදිග රටවල් ලංකාවෙන් නැව් සාදවා ගත් බව, විදෙස් මූලාශ‍්‍රවල දැක් වෙයි. මැද පෙරදිග රටවල ඇති පාෂාණ විශේෂයකින් තැනූ ඉපැරණි ‘ගල් නැංගූරමක්’, ගාල්ල, සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය ගාලූ බොක්කෙහි කළ ගවේෂණයකින් සොයා ගෙන තිබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ‘කාවා ව්‍යාපෘතිය’, 1992 වසරේ පටන් තිස්සමහාරාම ප‍්‍රදේශයේ පවත්වා ගෙන එන කැණීම් පර්යේෂණ වැඩසටහනකි. ඒ යටතේ ‘අකුරුගොඩ’ කළ කැණීම්වලින් රුවල් නැවක සිතුවමක් කෙටූ මැටි බඳුන් කැබැල්ලක් හමු විය. ඒවා ද මේ කාරණාවලට සාක්ෂියකි. එකල අපේ රජවරුන්ට ද ‘නැව් හමුදා’ තිබිණි. ගාල්ලේ, දොඩන්දූවේ පැවති ඉපැරණි ‘උඩුගල්පිටිය වරායේ’ ද නැව් තැනූ බවට ප‍්‍රබල සාක්ෂි අදත් තිබේ.
අලුතින් හැදූ නැව |
බ‍්‍රාහ්මී ශිලා ලිපිවල එන ‘පරුමක නවික’ යන පදය, ‘නෞකා ශිල්පයෙහි ප‍්‍රමුඛයා’ යනුවෙන් ද සරලව අරුත්ගැන්විය හැකි ය. ඒ අනුව වත්මන් ලංකාවෙහි, ‘පරුමක නවිකයා’, රාජ්‍ය ව්‍යවසායක් වන ‘කොළඹ නැව් තටාකාංගන සමාගම (කලම්බු ඩොක්යාඩ් කම්පැණි) යි’. ඔවුහු සිය මුතුන්මිත්තන් ගෙන් දායාද වූ ඉපැරණි සාගරීය උරුමය, අපේ කාලයට සුරකිමින් නැව් තනන්නෝ ය.
කොළඹ වරායෙහි පිහිටි, ‘කොළඹ නැව් තටාකාංගන සමාගම’ බිහි වූයේ 1975 වසරේ දී ය. තමන් වෙත ගෙන එන නෞකා අලූත්වැඩියාකර දීම, එයට පැවරුණු කාර්්‍යභාරය විය. පසුකාලීනව ඔවුහු නැව් තැනීමට පෙළඹුණු අතර, විදෙස් ඇණවුම් පිණිස නැව් රැුසක් තැනවිණි. 2014 වසරේ මැද භාගය ඉක්මවන විට ඔවුන් තැනූ නැව් සංඛ්‍යාව, 288කි.
ඔවුන් තැනූ අලූත්ම නැව මීටර් 99ක් දිග ය. මීටර් 17ක් පළල ය. මගීන් 400කට පහසුකම් සහිතව ගමන් කළ හැකි ය. එය ඇණවුම් කළේ ඉන්දීය සමාගමකි. නැවේ නාමය ‘එම්. වී. කොරල්’ ය. 2014 වසරේ ඔක්තෝබරය වන විට නෞකාව, සිය හිමිකරුවා පැමිණෙන තුරු කොළඹ වරාය ජල තලයේ රැඳී සිටියේ, අතීතයේ සිට පැවත එන නාවික උරුමයේ ලාංකේය ලකුණ විදහා පාමිනි.
(පින්තූර-ප්‍රෑන්ක්/මුෂාන්/අන්තර්ජාලය)
(මතු සම්බන්ධයි)
2015/08/14.
(මතු සම්බන්ධයි)
2015/08/14.
බන්දුල පෙතියා මුල් වරට වර්තා වන්නේ විසිතුරු මසුන්ලෙස අපනයනය කිරීමට වනාන්තර වලින් අල්ලා ගන්නලද බුලත් හපයන් එකතුකල අවස්තාවකය.රොඩ්නි ජොන්කල්ස් ට මෙම මත්සයා රන්ජිත් බන්දුල විසින් දී ඇත. රන්ජිත් බන්දුල යනු විසිතුරුමසුන් එකතුකරන්නෙකි . 1991 දී මත්ස්ය විසේසඥයන්වන රොහන් පෙතියාගොඩ හා කොට්ටෙලෙටට් විසින් නව මත්ස්ය විශේශයක් ලෙස හදුන්වාදෙනු ලැබීය.
ReplyDelete