Total Pageviews

Wednesday, December 7, 2016

‘සපරගම ශ‍්‍රද්ධාදීපනී’ සිරිපා වන්දනා චාරිකාව


‘සපරගම ශ‍්‍රද්ධාදීපනී’ 
සිරිපා වන්දනා චාරිකාව 
දෙසැම්බර් 12 වැනි දා
 
‘සපරගම ශ‍්‍රද්ධාදීපනී’ නමින් නව ආරක සය මාසික බෞද්ධ පින්කම් වැඩසටහනක්, ලබන දෙසැම්බරයේ සිට ආරම්භ කිරීමට, රත්නපුර ‘මිණිදන පදනම’ මගින් කටයුතු යොදා තිබේ.
 

රත්නපුර ප‍්‍රදේශය මුල්කර ගෙන ක‍්‍රියාත්මක කෙරෙන නව වැඩසටහනට, පැරණි සිරිත් අනුව, වැඩිහිටියන් 50 දෙනෙකු සහභාගි වන  ශ‍්‍රීපාද වන්දනා චාරිකාවක්, ලබන වෙසක් සමය දක්වා පොහොය දින හයක් පුරාවට කෙරෙන පෙහෙවස් සමාදන් වීමේ පින්කම් මාලාවක් සහ චීවර පූජාවක් සහිත දානමය පින්කමක් ද ඇතුළත් වේ. එය ‘සපරගම ශ‍්‍රද්ධාදීපනී සද්ධර්ම සංචරණ වැඩසටහන’ යනුවෙන් නම්කර ඇත.
 

එයට උදව් කිරීම පිණිස රත්නපුරයේ බෞද්ධ පවුල් 50ක පිරිසක් ‘කැපකරුවන්’ වශයෙන් ඉදිරිපත්ව සිටිති. ශ‍්‍රීපාද වන්දනා ගමනේ පටන්, පෙහෙවස් සමාදන්වීම් සහ වෙසක් පොහොයත් සමග පවත්වන දානමය පින්කම ආදිය සඳහා බරපැන දරමින් වන්දනාකරුවන් 50 දෙනාට ඇප උපස්ථාන කිරීමට ඔවුන් එකඟව සිටිති.
 

‘සපරගම ශ‍්‍රද්ධාදීපනී සද්ධර්ම සංචරණ වැඩසටහන’ ක‍්‍රියාත්මක වන්නේ, රත්නපුර, සපරගමු මහ සමන් දේවාලය අසල පිහිටි ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානය මුල්කර ගනිමින්, එහි විහාරාධිපති, පූජ්‍ය කරවිට උපනන්ද නාහිමියන්ගේ මගපෙන්වීම පරිදි ය.
 

සමාජයෙන් ගිලිහී යමින් තිබෙන පැරණි බෞද්ධ වන්දනා සිරිත් සුරැුකීම සහ පින් රැුස්කර ගැනීමට ශක්තියක් නැති අයට ඒ සඳහා උපකාරී වීමේ අරමුණින් යුතුව නව වැඩසටහන පැවැත්වෙන බව, රත්නපුර මිණිදන පදනමේ සභාපති සහ ‘මිණිපුර මිණි මියුසියම්’ මැණික් කෞතුකාගාරයේ අධිපති, සාමවිනිසුරු කපිල චම්පක අතුරලියගම මහතා පවසයි.
 

නව වැඩසටහනේ සමාරම්භක කටයුත්ත, පැරණි සිරිත් අනුව, සියලූ ඇප උපස්ථාන සහිතව කෙරෙන ශ‍්‍රීපාද වන්දනා චාරිකාවකි. ඒ සඳහා වැඩිහිටියන් 50 දෙනෙකු සහභාගි වන අතර, ශ‍්‍රීපාද වන්දනා සමය ඇරඹෙන දෙසැම්බර් 13 වැනිදා අලූයම ඔවුන් සිරිපා මළුවට ළඟා වීමට නියමිත ය.
 

සිරිපා වන්දනා චාරිකාව ආරම්භ වන්නේ, දෙසැම්බර් 12 වැනි දා රත්නපුර මහ සමන් දේවාල පරිශ‍්‍රයෙනි. ඔවුන් ගමනට පිටත් වන්නේ, එදින පෙරවරුවේ සමන් දේවාලයට පැමිණෙන ඉපැරණි ‘සමන් දෙව්රුව’ වැඩමකර වීමේ සම්ප‍්‍රදායික පෙරහැර පසුපසින්, ප‍්‍රථම ‘ශී‍්‍රපාද වන්දනා නඩය’ වශයෙනි.
 

සිරිපා ව`දින්නට යන එම පිරිසට රක්ෂණ ආවරණයක් ද හිමිවේ. 
ඔවුන්ගේ ගමනෙහි බරපැන, කැපකාර පවුල් 50ක් විසින් ද, මිණිදන පදනම මගින් ද දරන බව, කපිල චම්පක අතුරලියගම මහතා පැවසී ය.
ඉපැරණි සිරිත් අනුව සිරිපා වන්දනා ගමන සිදු වෙතියි ද ඔහු සඳහන් කළේ ය.

2016/11/25.