සේයා සහ කවිඳුලාගේ කර මතින්
අපරාධ පාලනය කරන්නට යාමේ උන්මාදය!
සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධියත්, ඉන් හට ගත් තත්ත්වයත් පසුබිම්කර ගෙන, ‘සේයා ඝාතනය, ජන විරෝධය සහ විකෘති කළ ප‍්‍රවෘත්ති’ යනුවෙන් 2015 සැප්තැම්බර් 24 වැනි දා ද ලිපියක් පළ කළෙමි. මේ එහි දෙවැනි පියවරයි.
(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)
පස් හැවිරිදි ‘සේයා සදෙව්මි’ දැරිය, දූෂණයකර, මරා දැමීමේ සිද්ධියෙන් හට ගත් සමාජ කෝපය සහ කම්පනය තවමත් ඉතා තියුණුව ඇවිළ යනු පෙනෙයි. දැරිය ඝාතන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු බව කියන, ගම්පහ, බදුවතුගොඩ දී අත්අඩංගුවට පත් ‘කොණ්ඩයා’ නමැත්තා කෙරෙහි ද දැන් පැන නැගී ඇත්තේ උග‍්‍ර ජන විරෝධයකි. ඔහු රැගෙන එතැයි කියා ඉකුත් 25 වැනි දා (2015/09/25), දහසකට අධික පිරිසක් සේයාගේ නිවස අසලට රැස්ව සිටියහ. ඔවුන් පාලනය කිරීම සඳහා පොලීසියට මහත් ආයාසයක් දරන්නට විණැයි මාධ්‍ය වාර්තාකර තිබිණි. නිල වෛද්‍ය පරීක්ෂණ සඳහා ‘කොණ්ඩයා’ මීගමුව මහ රෝහලට ගෙන ගිය අවස්ථාවේ දී ද, මහ පිරිස් පැමිණ නො සන්සුන් තත්ත්වයක් ඇති කළහ. එහි දී සැකකරු ගෙන ගිය පොලිස් රථයට ද ප‍්‍රහාර එල්ල විය. සේයාගේ මිනීමරුවන් වහාම එල්ලා මරන්නැයි කියමින් කරන උද්ඝෝෂණ ද තවමත් පැවැත්වෙයි. හට ගත් සමාජ කැළඹීම කොතෙක් දුර-දිග ගොස් ඇති ද යත්, ‘එල්ලූම් ගස’ යළි ක‍්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කෙරෙන ජන රැල්ලක් ද දැන් නිර්මාණයවී තිබේ.
සිකුරාදා (25 වැනි දා) සේයාගේ නිවස අසලට රැස්වූ පිරිස්, මහත් තර්ජනාත්මකව පොලීසියෙන් ඉල්ලා සිටියේ කුමක් ද?, ‘ප‍්‍රශ්නය විසඳා ගැනීම සඳහා ‘කොණ්ඩයා’ තමන්ට භාර දෙන්නැයි’ කියා ය! එදිනම මීගමුව මහ රෝහලට රැස් වූ පිරිස් ද එයම ඉල්ලා සිටියහ.

කවිදු දරුවා |
මෙය අහඹුවක් නොවේ. රිය අනතුරකින් මිනිසුන් මියගිය විට ඔවුහු බස් රථ හෝ අනෙකුත් වාහන ගිනි තබති. රියදුරා හසු වුව හොත් කෲර ලෙස පහර දෙති. ආවේගශීලීව අපරාධකරුවන්ගේ නිවෙස්වලට ද ගිනි ලති. සැකකාර පුද්ගලයන් හසු වුව හොත් ඔවුන්ට ද මාරාන්තිකව පහර දෙති. පාරට බැස උද්ඝෝෂණය කරති. සේයාගේ මරණයෙන් කම්පිතව සිටි මිනිසුන්ට, තවත් ගින්දරක් ඇවිලූණි. සැප්තැම්බර් 25 වැනි දා (2015), අතුරුගිරිය, පනාගොඩ, කපුරුගොඩ ප‍්‍රදේශයේ ගල් වැඩ පොළක දී දස හැවිරිදි පිරිමි දරුවෙක් කපා කොටා මරා දමා තිබිය දී හමු වීම, ඒ සිද්ධියයි. ඔහු නමින් ‘කවිඳු දේවේන්ද්‍ර කපුරුගේ’ ය. හෙතෙම පහ වසරේ පාසැල් ශිෂ්‍යයෙකි. පොලීසිය සිද්ධියේ සැකකරු බියගම ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගත්තේ ය. ඒ සමගම, 26 වැනි දා සවස 300කට අධික පිරිසක් අතුරුගිරිය පොලීසිය ඉදිිපිටට පැමිණ සැකකරු ඉල්ලා උද්ඝෝෂණය කරන්නට වූහ. පොලීසිය මහජන කෝපය පාලනයකර ගත්තේ මහත් අසීරුවෙනි. යම් කෲරතර අපරාධයක් හට ගත් සෑම අවස්ථාවකම පාහේ ඇතැම් පිරිස් මෙබඳු ප‍්‍රචණ්ඩ හැසිරීම් දක්වන්නෝ ය. වසර කිහිපයක අපරාධ සිද්ධීන් දෙස බලන විට, එවන් කතා පුවත් සෑහෙන සංඛ්‍යාවක් අහුලා ගැනීමට පුළුවන. එය දැන් ‘සමාජ සිරිතක්’ හෙවත් ‘සමාජ චර්යාවක්’ බවට පත්ව තිබේ!
ප‍්‍රශ්නය වන්නේ, ඇතැම් මිනිසුන්ගේ මෙවන් හැසිරීම් නිවැරදි ද? යන්නයි. එයින් රටේ අපරාධ ක‍්‍රියාවලිය පාලනය වන්නේ ද? යන්නයි. යහපත් මානව සමාජයක් තුළ, ඒ ප‍්‍රශ්න සියල්ලටම ලැබෙන පිළිතුර ‘නැත’ යන්නයි! ‘එල්ලූම් ගස’ ක‍්‍රියාත්මකවූ කාලයේත් ‘මිනීමැරුම්’ ගැන අසන්නට ලැබිණි. අපරාධකරුවන් කෙරෙහි ඇතැමුන් ප‍්‍රචණ්ඩව හැසිරුණ ද, එවන් රැල්ලක් පැවතිය ද, අපරාධවල අඩුවක් නැත. පොලිස් සංඛ්‍යාලේඛන අනුව, 2011 වසරේ ලංකාවේ හට ගත් මිනීමැරුම් ඇතුළු සමස්ත අපරාධ සංඛ්‍යාව 54,367කි. ඉන් 1870ක්, ලිංගික අපරාධ ය. 376ක් ළමා අපයෝජන ය. 2014 වසරේ සමස්ත අපරාධ සංඛ්‍යාව 50,962කි. ඉන් 2069ක්, ලිංගික අපරාධ ය. 377ක් ළමා අපයෝජන ය. මෙහි තේරුම, සෑම වසරකම අපේ රටේ සැලකිය යුතු සංඛ්‍යාවක් අපරාධ කෙරෙන බව ය. ඉදින් මහජන කෝපය උත්සන්නකර ගැනීමෙන් අපරාධ පාලනය නො වන බව පිළි ගත යුතු වේ.
‘එල්ලූම් ගසට’ යන්නට මරණ දඬුවම් දෙන්නේ, ‘අපරාධකරුට’ දෙන දඬුවමක් වශයෙන්ම නොවේ. ඉන් සමස්ත ජන සමාජයම අපරාධවලින් මුදා ගැනීමේ පණිවුඩයක් දෙනු පිණිස ය. එසේ වුව ද, මරණ දඬුවමින් සමස්ත අපරාධ ක‍්‍රියාවලියම පාලනය වන්නේ නැත. මරණ දඬුවම ක‍්‍රියාත්මක වන රටවල ද දරුණු අපරාධ වන බව අසන්නට ලැබේ. එය ඇත්තටම අපරාධ පාලනය කිරීමේ එක් කුඩා ක‍්‍රියාදාමයක් පමණි. එබැවින් මරණ දඬුවම යළි අවශ්‍යය යයි හඬ නැගීම, සමාජය අපරාධවලින් මුදා ගැනීම කෙරෙහි එතරම් බල නො පානු ඇත්තේ ය! අනෙක් අතට, පසුගිය ආණ්ඩුව පැවති සමයේ බොහොමයක් අපරාධකරුවෝ ‘ආයුධ හෝ බෝම්බ පෙන්වන්නට’ යාමේ දී පොලිස් වෙඩි පහරට ගොදුරුව මියගියහ. එහෙත් අපරාධ සිද්ධීන්වල කැපී පෙනෙන අඩුවක් ඇති වූයේ නැත.

සමාජ කෝපයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන්
අපරාධ පාලනය කළ හැකි ද?
මෙයින් වටහා ගත යුතු කාරණය වන්නේ, එල්ලූම් ගස හෝ වෙන යම් ක‍්‍රියාමාර්ගයකින් අපරාධකරුවන් මරා දැමීම සහ ඔවුන් කෙරෙහි ‘සමාජ කෝපය’ හෝ ‘සමාජ ප‍්‍රචණ්ඩත්වය’ මුදා හැරීම තේරුමක් නැති දෙයක් බවයි. ඉන් අපරාධ පාලනය නොවේ. ස්වභාවය අතිශයින්ම කෲරතර වූ අපරාධ පවා තනි තනි සිද්ධීන් ය. ‘සේයා’ සහ ‘කවිඳු’ යන දරුවන්ගේ ඝාතනම ඊට නිදසුන් වෙයි. ඒවා එකකට එකක් සම්බන්ධ ද නැත. එසේ නම් අපරාධ පාලනය කිරීම පිණිස කුමක් කළ යුතු ද? ඇත්තටම කළ යුත්තේ, දැනටමත් පවත්නා නීති ක්‍රියාවලිය එලෙසම පවත්වා ගෙන යන අතර, මිනිසුන් අපරාධවලට යොමු වීම වැළැක් වීමේ සමාජ පසුබිමක් නිර්මාණය කිරීමයි. එවැන්නක් ඇරඹිය යුත්තේ ආණ්ඩුවේ මෙහෙය වීමෙනි. එය පිළිපැදීම සහ පවත්වා ගෙන යාම පැවරෙන්නේ මහජනයාට ය. මනුෂ්‍යයන් පෞද්ගලිකව තම තමන්ගේ ‘විනය’ පවත්වා ගෙන යන්නේ නම්, මුළු සමාජයම විනයවත් නො වන්නේ ද? කළ යුත්තේ අපරාධකරුවන් බිහි වන්නේ ඇයි ද? යන්න විමසා බලා, ඊට පිළියම් යෙදීමයි. එසේ නැතිව, අපරාධ පාලනය නීති, උසාවි, සිර ගෙවල් හෝ සමාජ ප‍්‍රචණ්ඩත්වය තුළින්ම පමණක් කළ හැකි යයි සිතීම මුලාවකි.
මනුෂ්‍යයන් අපරාධ කිරීම සඳහා පෙළඹෙන්නේ මන් ද? යන කාරණය, මානව සමාජය පිළිබඳ අතිශය ගැඹුරු දෙයකි. එය මනෝ විද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක කාරණයක් ද වෙයි. අපරාධ විද්‍යාවේ ද ඒ ගැන බොහෝ කරුණු ඉගැන් වෙයි. ඇත්තටම, කහවත්ත කොටකෙතන දී වූයේ කුමක් ද?, දැන් දැන් පැතිර යන ළමා දූෂණ සහ ඝාතනවලට හේතුව කුමක් ද? ආදී කාරණා සම්බන්ධයෙන් පිළිතුරක් ගොනු කළ යුත්තේ, සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව හවුල්කර ගනිමිනි. 1977 වසරේ ඇතිවූ ආණ්ඩු පෙරළියත් සමගින් රට විවෘත ආර්ථික ක‍්‍රියාවලියකට යොමු කෙරිණි. ඉන් පසුව සමාජ අවශ්‍යතා ද පුළුල් විය. ආර්ථික ක‍්‍රියාදාමයෙහි ද පෙරළියක් ඇති විය. එය අපරාධවලට බලපෑවේ ද? අපට රටක් හැටියට මෙබඳු තත්ත්වයන් ගැන හරියාකාර විග‍්‍රහයක් නැත. වැඩි දෙනෙක් සිතා සිටින්නේ, කුමන ආකාරයකට හෝ අපරාධකරුවන් ඝාතනයකර දැමීම මගින් අපරාධ පාලනය වෙතියි කියා ය!
මෙය ගැඹුරු කතිකාවකි. සේයා හෝ කවිඳු, පෞද්ගලිකව ඔවුන්ගේ මව්පියන්ට අයිති බව ඇත්ත ය. එහෙත් ඔවුන් රටේ දරුවන් වෙති. ඒ අර්ථයෙන් ගත් කල, රටේ දරු පරපුර රැක බලා ගැනීමේ වගකීමක් සමස්ත ජන සමාජයටම තිබේ. එය පාරේ දී, බසයේ දී, පාසැලේ දී, නගරයේ දී, පාළු මාවතේ දී හෝ තමන්ගේම නිවසේ දී වීමට පුළුවන. දරු පරපුරේ රැකවරණය, වැඩිහිටියන්ගේ දෑස් මානයෙහි රැඳී තිබිය යුතු නොවේ ද? අපරාධ සිද්ධියක දී එවන් පුළුල් කතිකාවක් හට ගන්නවා වෙනුවට, අද රට පුරා පැතිර යමින් තිබෙනුයේ ‘අපරාධකරු තමන්ට ඉල්ලන’ ප‍්‍රචණ්ඩ ජන රැල්ලකි! දරුවන් හෝ මිනිස් සම්පත පමණක් නොවේ. මුළු රටේම සම්පත් රැක බලා ගැනීමේ ‘සමාජ යුතුකමක්’ සෑම පුරවැසියෙකුටම තිබේ. එහෙත් මිනිසුන් නිතරම සිතන්නේ, සියල්ල ‘ආණ්ඩුවෙන් කළ යුතුය’ යනුවෙනි!
කෲරතර අපරාධ සම්බන්ධයෙන් පැතිර යන ‘සමාජ ප‍්‍රචණ්ඩත්වය’ ද දැඩි ලෙස පාලනය විය යුතු ප‍්‍රවණතාවයකි. එවැන්නක් හට ගැනීමේ මූලික හේතුව වන්නේ, නීතිය, පොලීසියේ විමර්ශන ක‍්‍රියාවලිය හෝ අධිකරණ ක‍්‍රියාවලිය අරභයා පැවති මහජන විශ්වාසය බිඳ වැටීම විය හැකි ය. ‘සමාජ ප‍්‍රචණ්ඩත්වයට’ පිදුරු දමන ජනමාධ්‍ය ක‍්‍රියාවලිය ද විය හැකි ය. දැන් කළ යුත්තේ බිඳ වැටුණු මහජන විශ්වාසයක් වේ නම්, එය යළි ගොඩ නැගීමයි.
ගෙවී ගිය වසර ගණනාවක් තුළ, නීතිය සහ එය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන විවිධ ගැටළු ඇති විය. එම ක්ෂේත‍්‍රයට දේශපාලනය සහ මුදල් බලය රිංගා ගැනීම ගැන චෝදනා එල්ල විය. මුදලට ගන්නා නීතියේ බලය විසින්, අපරාධකරුවන් මුදා ගත හැකි යයි ‘මතයක්’ ඇති විය. එය නරක තත්ත්වයකි. පොලිස් සංඛ්‍යාලේඛන අනුව, 2014 වසරේ හට ගත් සමස්ත අපරාධ සංඛ්‍යාව 50,962කි. ඉන් 11,505ක්ම ‘සැකකරු නො දන්නා’ සිද්ධීන් ය. එසේම 50,962ක් වූ සමස්ත අපරාධ සංඛ්‍යාවෙන්, එම වසර තුළ දී විසඳා-නිරවුල්කර ඇත්තේ අපරාධ සිද්ධීන් 16,343ක් පමණි! පොලිස් විමර්ශන ක‍්‍රියාවලිය කොතෙක් ‘දිළිඳු’ ද යන්න, මේ ඉලක්කම්වලින් පැහැදිලි වේ. තත්ත්වය මෙසේ නම්, කෲරතර අපරාධවලට එරෙහිව (එසේ කිරීමෙන් ඵලක් නැතිව වුව ද) සමාජ ප‍්‍රචණ්ඩත්වයක් ඇති වීම ගැන දොසක් කියන්නටත් නුපුළුවන! දැන් කළ යුත්තේ ‘නීතිය’ සහ එය ‘ක‍්‍රියාත්මක කෙරෙන ආකාරය’ කෙරෙහි, පුළුල් මහජන විශ්වාසයක් යළි ගොඩ නගා ගැනීමයි.
එය නිසැකවම ඉක්මණින් කරන්නට පුළුවන් දෙයක් නම් නොවේ. කාලයත් සමග ගමන්කර, නීතිය සහ යුක්තිය සාධාරණව පසිඳලන බව ක‍්‍රියාවෙන්ම ඔප්පු කිරීමෙන් ඉටුකර ගත යුතු ඉලක්කයකි. මෙහි දී ජනමාධ්‍යයට ද සමාජ යුතුකමක් තිබේ. ‘පිටු ඉඩකඩ’, ‘ගුවන් කාලය’ හෝ ‘සයිබර් අවකාශය’ මොනවා හෝ දහ ජරාවකින් පුරවනු වෙනුවට, ‘සත්‍යය’ සහ ‘මාධ්‍ය සදාචාරය’ මුල්කර ගත් ප‍්‍රවෘත්ති වාර්තාකරණයක යෙදීමයි. එසේම, අපරාධ වාර්තාකරණයෙහි යෙදෙන මාධ්‍යවේදීන්, ‘අපරාධ විද්‍යාව’, ‘මානව හිමිකම්’ සහ ‘සමාජ විද්‍යාව’ සම්බන්ධයෙන් යම් පරිචයක් අත්කර ගෙන වැඩට බැසීමයි.
(ඡායාරූප අන්තර්ජාලයෙනි)
2015/09/27.

No comments:
Post a Comment